ආදරයේවට්ටෝරුව

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ආදරයේවට්ටෝරුව

    ආදරයේ වට්ටෝරුව


    මෙන්න මෙහෙමයි අවශ්‍යය ද්‍රව්‍යය-
    -ආදරය ග්‍රෑම් 250 යි
    -මිරිකා ගත් දයාව කෝප්ප 3යි
    -බැගෑපත් කම තේ හැදි 2 යි
    -පරිත්‍යාග ගෙඩි 2යි
    -ඉවසීම තේ හැදි 3යි
    -කරුණාව මේස් හැදි 3යි
    -සිනහව මද පමනට
    -හොද හිත අවශ්‍යය පමනට



    සාදාගන්නා ආකාරය-
    1- පළමුව ආදරය හොදට සෝදා එහි ඇතිවෙන වෛරය, පළිගැනීම, ඊරිෂියාව වැනි දෑ ඉවත් කරන්න.
    2- සෝදාගත් එම ආදරය භාජනයකට දමා එයට ඉවසීම කරුණාව එකතු කරන්න.
    3- එයට පරිත්‍යාග ගෙඩි 2ක්ද සිහින්ව කපා, බැගෑපත් කම තේ හැදි දෙකක්ද එකතු කර, හොද හිත අවශ්‍ය පමනට දමා ලිප මත තබන්න.
    4- ටික වේලාවකට පසු හොදට මිරිකාගත් දයාව කෝප්ප දෙක එකතු කර හොදින් මිශ්‍ර කරන්න.
    5- දැන් ඊලගට සිනහව ටිකෙන් ටික දමා මද ගින්නේ පිස දමා ආපසු ලිපෙන් බා මේසයට යවන්න.

    හික්ස්zzzzz.... හදලා බලලා කියන්නකෝ. අවුලක් උනොත් කොමන්ට් පාරකුත් දානනකෝ.