ආදරේ සුන්දරයි...!!!

cool_dodam

Active member
  • Oct 29, 2016
    254
    156
    43
    kella educatednam gewal wala environment eken wedak na neda. .

    dan kale kellek talk karanna kalin gedara photo ekakwath balala inda wenawane ban me katha ahaddi :angry:

    ow...machan..kella igenagena tiyenawa nam thamanta match wenawa nam anithwa adalama na...

    google street view.. :yes::cool::rofl:

    :lol::lol::lol::lol:

    tahike. yako owada prashna. uba kathawa iwara karapanko. passe puluwan unoth mage kathaawath mama kiyannam. goda danna puluwan dewal owa

    elz..umbage ekath dapanko...

    tharaha wenewa yalu wenenwa tharaha wenewa yaluwenewa...500 episodes later tharaha wenewa ..yaluwenewa..:lol:

    :(:(ohoma tamai mage storiya....baya wenna epa ..ikmanatama iwara karanawa:dull::dull::dull::dull:

    mokeda une..nawathunada?

    na machan..mam dannam

    gewal nam adalama na

    eth oya wage deyak terum ganna bari pissu mala honthu nam adaalama naa...

    :sorry::sorry::sorry::sorry:


    කෝ යකෝ ඉතුරු ටික:growl::growl::growl:

    heta aniwar dannam ban...ada wada arila awith wedding ekakatat giya...danui gedara awe...heta aniwar dannam ituru tika...

     

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    PART 09
    එදා අපේ ගෙදර එකම ගාල ගෝට්ටියක් වගේ...දෙන්නම දෙහි කපනවා මට ...වැඩියෙන්ම තාත්තා ...

    "උඹට පිස්සුද යකෝ ඒ කෙල්ලව බදින්න ....? දැක්කේ නැද්ද ගෙවල් වල හැටි ..අපේ නදයෙක්වත් එක්ක යන්න පුළුවන් ගෙවල්ද...?ඕක අදම නතර කරපන් ..මම හොයල දෙන්නම් ඔයිට වඩා හොද කෙල්ලෙක්..මෙච්චර දුක් මහන්සි වෙලා උඹට ඉගැන්න්වුවේ මේකටද ...? "

    "මොකක්ද තාත්තේ තියෙන වැරැද්ද..?"

    "තොගේ ඇස් පොට්ට වෙලාද ...දැක්කේ නැද්ද ගෙවල් වල හැටි ..කිසි පිළිවෙලක් නැහැ ....උඹට ඕක කර ගන්නම ඕනි නම් මම නැහැ කියල හිතා ගනින් .."

    එදා රෑම මම සඳමලිට කතා කලා ....

    ගොඩක් වෙලාවට සදමාලි ආදරේට මට කියන්නේ පැංචා කියලා ..

    "අඩන්න එපා නංගියෝ ....ඔයාලගේ අම්මල මොකද කියන්නේ ...?"

    "අම්මලත් දුකින් අනේ ...මොකක්ද පැන්චෝ අපිට මේ වුනේ ...?"

    "අනේ මන්ද , මමත් හීනෙකින්වත් හිතුවේ නැහැ මෙහෙම දෙයක් වේවි කියල...මටත් හිතාගන්න බැහැ මේ වෙච්ච දේ ...."

    "අනේ අපි මේක නතර කරමු ..."

    "ඔයා කලබල නැතුව ඉන්නකෝ ...තාත්තා ඔය කැගැහුවට ටික දවසක් යනකොට shape වෙයි ..එතකන් අපි ඉවසල ඉමුකො .."

    "කොච්චර කල් ඉවසන්නද අනේ...ඒත් තාත්තා අකමැති උනොත් අපි මොකද කරන්නේ .."

    "නැහැ ..නැහැ ..එහෙම වෙන්නේ නැහැ ..මම කොහොම හරි තාත්තව කැමති කර ගන්නම්කො .."

    "අනේ මන්ද පැන්චෝ ...."

    වැලහින්නක් වගේ අඩපු සදමාලිගේ හිත බොහොම අමාරුවෙන් හැදුවා ...

    ගෙදරින් විරුද්ද උනාට අපේ සම්බන්දෙ ගෙදරට හොරා දිගටම ගෙනිච්චා ..සදමලිගේ අම්මත් මේක නතර කරන්න කිවුවේ නැහැ ...අපිට උදවු කලා ....

    "පැන්චෝ ඔයා එනවද හෙට මාව බලන්න ...?"

    "ඔව්..ඔව්.ඉබි පැටියෝ ...මම එනවා ..."

    "අපි හෙට පන්සල් යමුද ...?"

    "හ්ම්ම් ..යමු ...ටික දවසකින් අපි ගියෙත් නැහැනේ මලක් පුජ කරන්නත් "

    "අපි යමු කැළණි පන්සලට ..අපි දෙන්නම ගිහින් බාරයක් වෙමු ..."

    "ඒක හොදයි ..අපි යමු එහෙනම්.."

    අපි දෙන්නම් කැළණි පන්සලට ගිහින් බාරයක් උනා මේක හරි යන්න කියලා ....පෝලිමේ ඉදලා බෝදියත් නැවුවා ....එතනම් තිබ්බ කැළණි ගගේ බෝට්ටු සවරියත් ගියා ....එන ගමන් අපි water world එකටත් ගියා ...ඇත්තටම් එදා පුදුම සුන්දර දවසක් ..පන්සල් ගිය නිසා වෙන්න ඇති හිතත් ගොඩක් සැහැල්ලුයි ....

    ඔය අතරේ මමත් කැම්පස් එකෙන් out වුණා ....ටික දවසකින් ජෝබකුත් සෙට් උනා ..ඊට පස්සේ වෙනද වගේ රැට පැය ගණන් කතා කලේ නැහැ ..ගෙදර එනකොට රෑ වෙන නිසා ඉක්මනට කලා සදමලිත් එක්ක පැය කාලක් වගේ කාල නිදා ගන්නවා ..සමහර දවස් වලට කතා කර කර ඉන්නකොටම මට නින්ද ගිහින්...එහෙම නැත්නම් නිදි මර ගාතේ කතාවට කිසිම අදාළ නැති දෙයක් කියවනවා ...ඕවටත් ඉතින් චුරු චුරුව ...

    "මොකක්ද අනේ ..ඉස්සර වගේ කතා කරන්නෙත් නැහැ ..පොඩ්ඩ වෙලාවයි කතා කරන්නේ .."

    "මමත් ආසයි කතා කරන්න ..ඒත් මම පාන්දර නැගිටින්න ඕනිනේ ...අනික වැඩ කරලා ඇවිත් මහන්සියි ..ඒකයි දන්නෙම නැත්වුව නින්ද යන්නේ ..."

    "ඔයට විතරයි මහන්සි ..මමත් lectures ඉවර වෙලා බෝඩිමට එනකොට කීය වෙනවද ..එතකොට මට මහන්සි නැද්ද .. "

    "lol ....ඔයා හරි දුරක් බස් එකේ එනවනේ ...කැම්පස් එක එහා පැත්තේ බෝඩිම ..පයින් යන දුර...lectures ගිහිල්ලට් නිදා ගන්නවා ඇතිනේ .."

    "අනේ මේ යනවා යන්න ....ඔයාට මගෙත් එක්ක තමයි කතා කරන්න වෙලාවක් නැත්තේ ..නින්ද යන්නේ ."

    දෛවයේ සරදමකට වගේ එයටත් වැඩි දවසක් නොගිහින් training යන්න වෙනවා companiyaka ...දැන් එයත් වැඩ කරලා ඇවිත් කාල ඉක්මනටම නිදා ගන්නවා ගොඩක් දවස් වලට ...එක අතකින් ඒක සහනයක් මට...දැන් දෙයියනේ කියල රැට නිදා ගන්න පුළුවන්නේ ...එහෙමත් දවසක තමයි කතා කරන්නේ ..හැබැයි මොන දේ තිබුනත් වීක් එන්ඩ් එකට අපි මීට් උනා ..

    "හලෝ ...සදමාලි ...කොහොමද training place එක ..."

    "වරදක් නම නැහැ...වැඩ නම් වැඩයි ..ගොඩක්...එපා වෙනවා .."

    "ඉතින් හොදයිනේ ....වැඩ වැඩි නම් ඉගෙන ගන්න දේවලුත් ගොඩක් ඇතිනේ ..ඔයටමනේ ඉස්සරහට ඕක වටින්නේ .."

    "ඔව්..එක නම් ඇත්ත තමයි ...ඒත් ඉතින් එපා වෙනවා .."

    "වැඩ කරලා ආපුවම හරි මහන්සි නේද රෑට .."

    "ඔව් පැන්චෝ ...කාපු ගමන් නින්ද යනවා මලා වගේ .."

    "ඇත්තද ..ඉස්සෙල්ල මගේ එක්ක මහා ලොකුවට කිවුවේ වැඩ කරලා අහාම මහන්සි නැහැ ..මට විතරයි මහන්සි කියල...මම කොචචර අමාරුවෙන් හරි විනාඩි 10-15 වත් කතා කරනවා ..මේ හොර ඉබි පැංචි කාපු ගමන් දොයි ....දැන් හරි ශෝක් නේද .."

    "හරි හරි අනේ ..මට තේරෙනවා මහන්සි තමයි ..ඔයාලා ඉතින් කොල්ලොනේ ...අපිට ඊට වඩා මහන්සි ..ඉතින් නින්ද යනවා නිකන්ම .."

    "හා ..ඇත්තද ...?"

    part 10
     
    Last edited:

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    පැන්චෝ, ඉබි පැන්චි :growl:

    Fv1v9eK.gif




     
    • Like
    Reactions: craabeysinghe

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    part 10
    training වෙච්ච එක තැනක කොල්ලෙක් පොඩි line පාරක් දාලා තිබුන සදමාලිට ..ඒ ඔක්කොම විස්තර සදමාලි මට කිවුවා ...හැබැයි ඒක එච්චරම දරුණු case එකක් උනේ නැහැ .....කාලය සෙමින් සෙමින් ගෙවිලා ගියා ...training period එකත් ඉවර උනා ...සදමාලි final year එකටත් ආවා ....මට පුළුවන් විදියට එයාගේ academic පැත්තට ෆුල් සප් එක දුන්න මම ......කැම්පස් out උනා එයත් ...වැඩි දවසක් යන්න කලින් එයටත් ජොබක් සෙට් වුණා ...ඔය අතරේ අපේ ගෙදර , specially තාත්තව කැමති කර ගන්න එක එක දේවල් කලා ..ඒ කිසි දේකින් වැඩක් උනෙත් නැහැ ....එතකොට ගෙදරටත් තේරිලා තිබුනේ මම හොරෙන් සදමාලිව ආශ්‍රය කරනවා කියලා ....දැන් සදාමලිටත් පඩියක් හම්බ වෙනවා ...මගේ පලවෙනි පඩියෙන් සදාමලිට ඇදුම් අරන් දුන්න වගේ සදමලිත් එයාගේ පලවෙනි පඩියෙන් මට ඇදුම් අරන් දුන්නා ...පොඩි පොඩි දේවල් වලටත් මගෙත් එක්ක වලි දාගත්තා සදමාලි ....ඕවගේ දේවල් නිසා ඔය කාලේ වෙනකොට මගෙත් හිත ටිකක් රිදිලා තිබුනේ ...වැඩියෙන්ම ප්‍රශ්න ආවේ අපේ තාත්තා සදමාලිට අකමැති වෙච්ච් එකට ...එයාලගේ අම්මත් නිතරම මගෙන් අහනවා දැන් මොකද තාත්තා කියන්නේ ..තාම එයාගේ හිත වෙනස් වෙලා නැද්ද කියල...
    දිගින් දිගටම අපේ තාත්තා සදමාලිට විරුද්ද උන නිසා ටික දවසක් යනකොට සදම්ලිට තත්තාව් වැඩිය රුස්සනේ නැතුව ගියා ....

    "තාමත් තාත්තා කැමති නැද්ද අනේ මට..?"

    "තාමත් කලින් වගේම තමයි අනේ ....කොච්චර කිවුවත් එයාගේ තීරණේ වෙනසක් නැහැනේ ...අපේ අම්මත් කොච්චරනම් කිවුවද ...ඒත් තාත්තා ඒවා සතේකට ගණන් ගන්නේ නැහැනේ ..."

    "දැන් තාත්තට ප්‍රශ්නේ අපිට සල්ලි නැති එකද...? ඔයාලා තරම් පොහොසත් නැති එකද...? මම මුලින් දන්නවා නම් ඔයාට කැමති වෙන්නෙවත් නැහැ "

    "නැහැ ..නැහැ ..එහෙම කියන්න එපා...මම කවදාවත් සල්ලි බලාගෙන කෙල්ලෝ හෙවුවේ නැහැ..ඔයාගේ ගති ගුණ වලට කැමති උන නිසයි ඔයාට කැමති උනේ ..."

    "ඒ උනාට ඔයාගේ තාත්තට ඕනි සල්ලි තියෙන කෙල්ලෙක්නේ ...හොද නැට්ටුක්කරියෙක් හම්බ උනා නම් තේරේවි තාත්තට මගේ අගේ .."

    "පොඩ්ඩක් ඉවසන්නකෝ ...මම කොහොම හරි කැමති කරව ගන්නම්කො ...."

    "කවදටද අනේ කැමති කර ගන්නේ ..ඔයා හැමදාම කියන්නේ ඔය කතාවනේ ..මට නම් අහල ඇති වෙලා ඕක...මම මරුනාහමද කැමති වෙන්නේ තාත්තා "

    "විකාර කියවන්නේ නැතුව ඉන්නකෝ ...පොඩ්ඩක් අපි ඉවසල ඉමු ...."

    "කවද වෙනකම් ඉවසන්නද ...ඔයාට මේක විකාරයක් වගේ පෙනනුනට මේක මගේ ජිවිතේ ගැන ප්‍රශ්නයක් ...."

    ඔය ප්‍රශ්නේ නිසා අපි නිතරම රණ්ඩු උනා ....ඔය අස්සේ අහක යන ප්‍රශ්නත් සදමාලි ලොකු කර ගත්ත ...

    "මාර වැඩක්නේ පැන්චෝ වෙලා තියෙන්නේ .."

    "ඇයි මොකක්ද වෙලා තියෙන්නේ ..?"

    "අර මම දවසක් ඔයාට කිවුවේ අක්ක කවුරු හරි එක්ක යාලු වෙලා වගේ කියලා .."

    "ඔව් ඉතින් ...ඔයා කලින් දවසක් කිවුවනේ "

    "එයා බැදපු මිනිහෙක්ලු අනේ ...."

    "අහ්හ් ....ඉතින් අක්ක ඒක දන්නේ නැතුවද එයාව ආශ්‍රය කරන්නේ ..අනික කොහොමද ඔයා දන්නේ එයා බැදපු කෙනෙක් කියලා .."

    "අපේ තාත්තගේ යාලුවෙක් තමයි කියල තියෙන්නේ විස්තරේ ..."

    "එහෙනම් ඉතින් අක්කට ඔය විස්ටරේ කිවුව නම් හරිනේ ..අක්ක පොඩි බබෙක් නෙවෙයිනේ ..."

    "වැඩක් නැනේ අනේ...එයා කියනවනේ කා එක්කවත් යාළු නැහැ කියලා ..."

    ටික දිනකින් අක්ක යාලු වෙලා ඉන්න කොල්ලගේ විස්තර සදමාලි තවට් හොයා ගන්නවා ...

    "අර කොල්ල වැඩ කරන්නේ අහවල් office එකේ "

    "කොහොමද සදමාලි ඔයා ඒක දන්නේ ...?"

    "කොහොම හරි හොයා ගත්තනේ මම ...දවසක් train එකේ යනකොටත් මම දැක්ක ඔය මිනිහව ..හෙන හොර මුණක් තිබ්බේ ..අපි ඒ මිනිහ වැඩ කරන office එකට ගිහින් බනිමු හොදට ...office එකේ අනිත් මිනිස්සුත් දන ගනිවිනේ මිනිහගේ කෙරුවාව ..."

    "පිස්සුද අනේ ඔයාට ...ලජ්ජා නැද්ද ගිහින් බනින්න office වල ...ඕනි නම් අපි ගිහින් කොල්ලව හම්බ වෙමු ...හම්බ වෙලා කතා කරමු මේ ප්‍රශ්නේ ගැන ...අනික ඇයි ඔයාට මෙච්චර අමාරුවක් අක්කගේ ප්‍රශ්නේ ගැන ...ඔයාලගේ තාත්තා ඉන්නවනේ..එයා මැදිහත් වෙලා විසදවී ..ඔයා ඇයි අනුන්ගේ ප්‍රශ්න ලොකු කරන් දගලන්නේ ..."


    "මොකක්ද අනුන්ගේ ප්‍රශ්න ....මේක අක්කගේ ප්‍රශ්නයක් ..ඔයාට කිසිම උවමනාවක් නැහැ අපේ පවුලේ ප්‍රශ්න හොයලා බලලා විසදන්න ...මම මෙහෙමවත් විස්තර හොයා ගත්තා ..ඔයා මොනවද කලේ...ඒ මිනිහගේ office එකට යන්න කතා කලහමවත් එන්න බැහැ .."

    "ඔයාලගේ අම්මයි තාත්තයි ඉන්දදී මොකටද ඔය ප්‍රශ්න වලට අත දාන්නේ ..."

    අනිතිමේදී අනුන්ගේ ප්‍රශ්න වලටත් මමයි සදමාලියි බොරුවට රණ්ඩු උනා ....රණ්ඩු වේවි අපේ ආදරේ ඉස්සරහට ගලාගෙන ගියා ...out වෙච්ච ගමන් හම්බ වෙච්ච first ජොබ් එක ආණ්ඩුවේ තැනක ...නිතරම කියපු එකක් තමයි එතැන් කරන්න වැඩ අඩුයි කියල ..salary එකත් ටිකක් අඩුයි ..ඔය වගේ ප්‍රශ්න නිසා ඒ අතරේ එයා private company වල ජොබ් වලට apply කලා ..අන්තිමට ගෙවල් ලගම company එකක් සෙට් උනා ...එතන salary එකත් හොදයි .ගෙදර ඉදන් 30 min වලින් යන්න පුළුවන් නිසා ඒකට කැමති වෙලා ආණ්ඩුවේ තැනින් අයින් උනා ...එතන අයට පාර්ටියක් දෙන්න ඕනි කියලා එතන සදමාලිට හිතවත්ම අයට පාර්ටියක් දුන්නා pizza hut එකේ ....එක එක ඒවාට සදමාලිට වියදම් වෙලා තිබුන නිසා ඒ පාර්ටිය දුන්නේ මගේ සල්ලි වලින් ....කොහොම හරි එදා 10000 ට කිට්ටු ගානකට මට තට්ටු උනා ...

    part 11
     
    Last edited:
    • Like
    Reactions: Sams.Ryo