ආධුනිකයෙක්, පොතක් ලියා පළකරන්නේ කෙසේද? ( දෙවන කොටස

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,986
    11,722
    113
    ආධුනිකයෙක්, පොතක් ලියා පළකරන්නේ කෙසේද? (දෙවන කොටස)

    Part 1

    කලින් ලිපියෙන් ලේසියෙන් පොතක් ලියන හැටි එහෙන් මෙහෙන් කියලා දුන්නනේ. දැන් කියලා දෙන්න හදන්නේ ඔයා ලියපු ඒ පොත පළකරගන්න හැටි.

    පොත් ප්‍රකාශකයෝ කොහෙද ඉන්නේ?

    ඔන්න හරි. ඔබ ළඟ දැන් ලස්සනට පිළිවෙලට ලියපු හිතට අල්ලන කතාවක අත් පිටපතක් තියනවා. ඔය අත්පිටපත ලස්සන පොතක් බවට හරවන්න අදහසකුත් හිතේ තියනවා. හැබැයි පොත් ප්‍රකාශකයෙක් ඉන්න තැනක්වත් එහෙම ප්‍රකාශන ආයතනයක වැඩකරන කෙනෙක්වත් පෞද්ගලිකව අඳුරන්නෙත් නැහැ. දැන් ඔබත්, අවුරුදු කිහිපයකට කලින් හිටිය මම වගේ. මම හිටියෙත් එහෙමයි.

    ලංකාව පුරාම එක එක විදිහේ පොත් ප්‍රකාශකයෝ සෑහෙන ගාණක් ඉන්නවා. Google එකේ search කළාම ගෙවල් පැත්තෙම ඉන්න ප්‍රකාශකයෙක් වුණත් හොයාගන්න අමාරු නැහැ. හැබැයි පොත් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් නමක් දිනාගත්ත පොත් ප්‍රකාශකයොත් ලංකාවේ ඉන්නවනේ. අපටත් ඕන කරන්නේ රස්තියාදු නොවී දවස අන්තිමට වැඩේ වෙන්නනේ. ඒ නිසා හොඳට හිතලා තමන්ගේ පොත්ප්‍රකාශකයව තෝරාගන්න ඕන. කොළඹ මරදාන කියන්නේ පිළිගත් පොත්ප්‍රකශකයෝ සෑහෙන ප්‍රමාණයක් ඉන්න ප්‍රදේශයක්. කෝච්චියෙන් බැහැලා බොරැල්ල පැත්තට යද්දි පළවෙනි කිලෝමීටරය ඇතුළත ප්‍රකාශකයෝ පහළොවක් ඉන්නවා. තව කිලෝමීටරයක් ගියොත් ඔය ගාණ විස්ස වෙනවා. Appointment ටික දාගෙන අත්පිටපත් තුන හතරකුත් මල්ලේ ඔබාගෙන මරදාන පැත්තේ ගියොත් එකම දවසේ වැඩේ කරගෙන එන්න පුළුවන්. ප්‍රකාශකයෝ කිහිපදෙනෙක්ට අත් පිටපත් බාර දෙන එකේ වාසිය තමයි, කාගෙන් හරි පිටපත approve වීමේ probability එක high වීම. ඔන්න ඒ වගේ ප්‍රකාශන ආයතන කිහිපයක් අදාළ දුරකතන අංක එක්ක පහළින් මම ඇමිණුවා.

    Appointment එකක් දාගන්නේ කොහොමද?

    මොන දේ කරන්නත් කලින් අඳුරගෙන ඉන්න ඕනනේ. මුල්ම පියවර තමයි අඳුරගන්න වෙලාවක් වෙන්කරගන්න එක. මේක කරන්න පුළුවන් පුංචි telephone කෝල් එකකින්, එහෙම නැත්තම් පිළිවෙලට ලියපු email එකකින්. ඔයාට කරන්න තියෙන්නේ ප්‍රකාශන ආයතනයේ සාමාන්‍ය නොම්මරයට කෝල් එකක් දීලා publishing managerට කතා කරන්න අවශ්‍යය බව කියන එක. ඊට පස්සේ ඔයා මෙහෙම අත්පිටපතක් ලියාතියෙන බවත් ඒක ඔවුන්ගේ ආයතනයෙන් පළ කරන්න කැමති බවත් එයාට කියන්න පුළුවන්. ඊටත් පස්සේ ලියපු අත්පිටපත ආයතනයට ගෙනත් බාර දෙන්න කැමති බවත් ඒකට සුදුසු වෙලාවකුත් එයාගෙන් ඉල්ලන්න පුළුවන්. අත් පිටපතක් බාර ගැනීම කියන්නේ ප්‍රකාශයට පත්කරන්නවෙන පොරන්දුවක් නොවන නිසා බොහෝ විට ඔයාගේ අත්පිටපත බාරගන්න එයාලා එකඟ වේවි. දැන් appointment එකක් එහෙම දාගෙන පළවෙනි step එක සම්පූර්ණ කරගෙන ඉන්නේ.

    අපි emails ගැන වුණත් underestimate කරන්න හොඳ නැහැ. අවුරුදු ගාණකින් ලංකාවට එන්න බැරිවුණත් සම්පූර්ණයෙන්ම emails මගින් ගනුදෙනු කරලා මට පොතක් පළකරගන්න පුළුවන් වුණා. ඒ නිසා email එකක් වුණත් වරදක් නැහැ.

    හමුව

    මේ ගැන ලොකුවට හිතන්න එපා. බොහෝවිට වෙන්නේ සාමාන්‍ය කතාබහක්. ආගිය තොරතුරු පෞද්ගලික විස්තර වගේ දේවල් කතාබහ කරලා පිටපත බාරදෙන්න පුළුවන්. එහෙන් මෙහෙන් පෙරලලා බලලා කතාව ගැන පොඩ්ඩක් ඔයාගෙන් අහගෙන, පිටපත බාර අරගෙන පසුව දැනුම් දෙන්නම් කියන එක තමයි එයාලගෙන් ලැබෙන්න පුළුවන් හොඳම උත්තරය.

    සමීක්ෂණ මණ්ඩලය

    සාමාන්‍යයෙන් පොතක් පළකරන්න කලින් ආයතනයේ සමීක්ෂණ මණ්ඩලයෙන් පොත කියවලා බලලා පොත ප්‍රකාශනයට සුදුසුද නැද්ද කියලා තීරණය කරනවා. ඒ වගේම පොත පළ කරන්න සුදුසුයි නම් සහ සිදුවිය යුතු පුංචි වෙනස්කම් ඔයාට දැනුම් දෙන්නෙත් මේ සමීක්ෂණ මණ්ඩලය හරහා. පොත පළකිරීම සම්බන්දයෙන් ආයතනයේ අවසන් තීරණය ඔබට මාස දෙක තුනකින් දැනගන්න පුළුවන් වේවි. සති කිහිපයකට සැරයක් කෝල් එකක් දීලා පොතේ තත්වය අහන එකෙන් මේ process එක ඉක්මන් වෙයි. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි!

    පොත approve වීම, නීත්‍යානුකූල සහ මූල්‍යමය පසුබිම

    පොත approve වුණා කියන්නෙම ලොකු දිනුමක්. මේකේ සරල තේරුම තමයි, පිළිගත් ආයතනයකින් ඔයාගේ පොත පළකරන්න කැමති වීම, අක්ෂර වින්‍යාස ව්‍යාකරණ සදොස් තැන් ඔවුන් විසින් නිදොස් කිරීම, ISBN number එක ගැනීම, පිටකවර නිර්මාණය, පොත මුද්‍රණය, පොත් බෙදා හැරීම, විකිණීම කියන සියළු කටයුතු සඳහා පොත් ප්‍රකාශන ආයතනයෙන් වියදම් දැරීම සහ අවසානයේ පොත් විකිණීමෙන් ලැබෙන ලාබයෙන් කොටසක් කතෘ භාගය විදිහට නීත්‍යානුකූලව ඔබට ලැබීම. කතෘ ප්‍රකාශනයන්ට සාපේක්ෂව කිව්වොත් නම් 'ඔයාට පාඩුවක් වෙන්නේ නැහැ'. අත්දෙක බැඳගෙන පැත්තකට වෙලා හිනා වෙවී ඉන්න තියෙන්නේ. ඔයාගේ වැඩ ටික එයාලා කරලා දෙයි..

    ඒ වගේම පොත approve වුණාම පොතේ තිබුණු වැරදි හදලා proofreading කියලා මුද්‍රණය කරපු පොඩි පිටපතක් ආයතනයෙන් දෙයි. වැරදි නැති වෙනකං සහ දෙපාර්ශවයම සතුටුවෙනකං proofreading document කිහිපයක් ඔබයි ආයතනයයි අතරේ හුවමාරු වේවි. ඔය අතරේ පෙරවදන, හැඳින්වීම, පසුකවරයේ කතාව (මේක බොහෝවිට ඔයා ගැන හොඳින් දන්න පිළිගත් කෙනෙක් ලියයි ), පිටකවරයට ඔබන්න ඔයාගේ ඡායාරූපයක් එහෙම ප්‍රකාශන ආයතනය ඉල්ලයි. ඔය අතරේදීම පොතේ මිල, මුද්‍රණය කරන පිටපත් ගණන වගේ දේවල් සම්බන්දයෙන් පොඩි නීත්‍යානුකූල ලියවිල්ලකටත් අත්සන් තියන්නත් වේවි.

    ඉවරයි

    පොත මුද්‍රණය කරලා ඉවර වුණාට පස්සේ පිටපත් දහයක් විතර නොමිලේ ඔයාට ලැබෙනවා. මේ වෙලාව තමයි සතුටුම වෙලාව. කොහෙදෝ වනාන්තරයක ලොකු රූස්සගහක් පාමුලට වෙලා මීදුම අස්සෙන් පෙරිලා ආපු ආදරය තුරුළුකරගෙන ඉන්න වෙලාවක ඔයාගේ හිතට ගලාගෙන ආපු ෆැන්ටසියක් අකුරුවෙලා සුවඳ හමන පොතක් විදිහට ඔයා ඉස්සරහට වඩින ඒ මොහොත සතුටින් සමරන්න ඕන. ඒක unique thrill එකක්. ඒක වෙන කොහෙන්වත් ගන්න බැහැ. ගන්නත් නැහැ.

    අතුරු කතා

    පොත්ප්‍රකාශකයෝ බහුතරයක් කැමති එයාලගේ වැඩ ප්‍රමාණය අඩුවෙනවට. ඉතිං අත්කුරෙන් ලියපු පිටපතක් වෙනුවට ටයිප් කරලා ප්‍රින්ට් කරපු පිටපතක් දෙන්න පුළුවන්නම් වටිනවා. ඒ එක්කම අඟවන්න ඕන සොෆ්ට් කොපියකුත් දෙන්න පුළුවන් බව. සාමාන්‍යයෙන් FM Abaya තමයි පිළිගත් font එක. වටිනාකම තවත් වැඩිවෙනවා Adobe Indesign වලින් කරලා දෙන්න පුළුවන්නම්. මේ හැමදෙයක්ම පොත්වල acceptance rate එක වැඩිකරගන්න තමයි ඉතිං.

    පොතක් පළකරන්න සාමාන්‍යයෙන් අවුරුද්දක් විතර යනවා. එක පිටපතක් බාර දුන්නට පස්සේ නිකං ඉන්නේ නැතුව තව පොතක් ලියන්න ගන්න පුළුවන්. පළවෙනි පොත එළියට එන දවස්වලට ඒ එක්කම දෙවෙනි පිටපත බාරදෙන්නත් පුළුවන්. කොහොමත් පළවෙනි පොත පළකරන එක තමයි අමාරු. ඔයාට හොඳ හැකියාවක් තියනවනම් සහ ඒ හැකියාව ප්‍රකාශන ආයතනය හඳුනාගත්තනම් පසුවට බාර දෙන පොත් approve කරගන්න ලොකු අපහසුවක් නැහැ.

    මට අනුවනම් පිටකවරය කියන දේ ඉතාම වැදගත්. මම පොතක් කියවන්න ගන්නේ පිටකවරය බලලා (හොඳ නැහැ තමයි ). පිටකවරය විසින් ඇතිකරන feeling එක තමයි මාව පොතක් කියවන්න පොළඹවන්නේ. මං වගේ අයත් ඉන්න නිසා පිටකවරය ගැන සැලකිලිමත් වෙන්න. ඔයාගේ ඔළුවේ තියන කතාව පිටකවරයෙන් සෘජුව හෝ වක්‍රව represent වෙනවද කියලා බලන්න. නැත්නම් පැකිලීමක් නැතුව කවරය වෙනස් කරන්න.

    සාමන්‍යයෙන් පොතේ විකිණුමෙන් ලාභාංශය ගෙවන්නේ අවුරුද්දකට සැරයක් වගේ. චෙක් එකක් විදිහට ගෙදරට ඒවි. පොත සම්පූර්ණයෙන්ම විකිණුනාට පස්සේ දෙවැනි මුද්‍රණයකට යන්නේ ඔබ සහ ප්‍රකාශන ආයතනයේ එකඟතාව මත.

    සාහිත්‍යය මාසය අවසන්වෙලා ප්‍රකාශකයෙක් මුණුගැහෙන එක හොඳයි. හේතුව ඊට කලින් එයාලා ගොඩක් busy. ඒ වගේම සාහිත්‍ය මාසය වෙනුවෙන් නිකුත්කරන පොත් sort out කරලත් ඉවරයි. ඒ නිසා ඊළඟ අවුරුද්දේ සාහිත්‍ය මාසයට එළිදක්වන්න හිතාගෙන මේ අවුරුද්ද අග වෙද්දී වැරදි එහෙම හදලා පොත ලැහැස්ති කරගන්න.

    ඔහොම තමයි පොතේ කතාව. ඉතිං එහෙනම් ලියපු පොත් ඉක්මනට පළකරන්න. අපටත් කියවන්න එළකිරිය ඇතුළේ share කරන්න.

    Good luck!

    ප්‍රකාශන ආයතන

    සරසවි (නුගේගොඩ ) +94 112 769 446

    ගොඩගේ (මරදාන ) +94112686925

    සාහිත (මරදාන ) +94115245477

    සුරස (මරදාන ) +94112682223

    සූරිය (මරදාන ) +94112693607

    දයාවංස ජයකොඩි ( මරදාන ) +94112695773

    රත්න (මරදාන ) +94112695868

    වාසනා (මරදාන ) +94773231759

    පහන් ( මරදාන ) +94115852714

    සදීපා (බොරැල්ල ) +94112686114

    සුසාර (බෝධිරාජ මාවත, කොළඹ ) +94112430721

    මල්පියලි ( දංකොටුව ) +94 312 258 444

    සන්ථව (ගම්පහ ) +94 77 352 7337

    එම්. ඩී ගුණසේන (කොළඹ )
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,167
    489
    113
    1. නවකතා , මල් කතා නෙමෙයි වෙනත් අධ්‍යාපනික පොතක් පල කරන්න කියලා ආයතන ගනනාවකට කොපිය ගිහින් දුන්නම වෙන කෙනෙක්ට නිර්මාණය හොරාට පල කරන්න චාන්ස් එකක් ලැබෙනවා නේද ? ඒක වලක්වා ගන්නේ කොහොමද ?
    2. වෙනත් භාෂාවකින් (English /Japanese) පොත පලකරනවා නම් International Publisher කෙනෙක් හොයාගන්න එක හොදයි නේද ? ඒක කරන්නේ කොහොමද ?
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    අයියෝ මාත් ඔය ඔක්කොම කරල ප්‍රින්ට් එකට නොදී තියන් ඉන්නව බන් තවම..මේ අවුරුද්දෙ අග වත් බලන්න ඕන..එක පාර ගොඩක් ප්‍රින්ට් කරන් නැත්තම් කතෘ ප්‍රකාෂනයක් ක්‍රන එක තමා හොඳ ඒත් පොත් 50වගෙ ගහන්නත් 50k වගේ යනව...ලාබ ගන්න නෙවේ ආසවටනේ කරන්නෙ .කොහොමත් දැන් කියවන අය අඩුයි.ආදුනිකයෙක් ලාබ ලබන තැනකට එන්න නම් ටික කාලයක් ඉන්න වෙනව.නිර්මාණය හොඳ නම් පත්තරේක,යූ ටියුබ් වල ,එෆ් බී වල වගේ විචාරයක් දෙකක් ගියොත් නිකම්ම මාකට් වෙනව.ඒත් මන් නම් හිතන්නෙ නිනිර්මාණකරුවෝ පොත් ලියන්නෙ ඒකේ තියෙන ආතල් එකට මිසක් ලාබ ගන්න නෙවේ..