පෙරේදා දිනය (25.08.2020) තුලදි ආනවිලුන්දාව අභය භූමිය ඉස්සන් වගාව සඳහා ඩෝසර් කර විනාශ කර ඇති බව තහවුරු වු තොරතුරු ලැබේ. රැම්සාර් තෙත්බිමක් ලෙස නම්කර ඇති ආනවිලුන්දාව පක්ෂි පාරාදීසය මෙලෙස විනාශ කර තිබීම දේශිය වශයෙන් ක්‍රියාත්මක වු ප්‍රතිපත්ති කිහිපයක්ම අමු අමුවේ උල්ලංඝනය වීමක් මෙන්ම ජාත්‍යන්තර එකඟතා කිහිපයක්ද දැඩි ලෙස උල්ලංඝනය වීමක්ද වේ.
ආනවිලුන්දාව අභය භූමීය සුවිශේෂී වන්නෙ එකිනෙකට යාබදව පිහිටි එකිනෙකට වෙනස් පරිසර පද්ධති ත්‍රිත්වයක ඇති අන්තර් සබැඳියාව හේතුවෙනි. වෙරළ, ඊට යාබද කඩෝලාන පද්ධතිය සහ ඊට නුදුරින් ඇති මිරිදිය පොකුණු පද්ධතිය එකිනෙකට වෙනස් පාරිසරික පද්ධති ත්‍රිත්වයක් නිර්මාණය කරයි. මේ හේතුවෙන් ආනවිලුන්දාව ජලජ පක්ශීන්ගෙ පරාදීසයක් බවට පත්ව තිබේ. කඩොලාන පිළිබඳව ජාතික ප්‍රතිපත්තිය (National policy on mangroves) අනුව නැවත ප්රතිශ්ඨාපනය වෙමින් තිබු කඩෝලාන කලාපයක් මෙලෙස විනාශ කිරීමෙන් මෙතක් කල් ඒ සඳහා යොදවා තිබු දැඩි කැපකිරීම අවතක්සේරු කර ඇතිවාක් මෙන්ම තෙත් බිම් පිළිබඳව RAMSAR සම්මුතියත් , සංක්‍රමණික සත්ව විශේෂ පිළිබඳව BONN (CMS) එකඟතාවත් උල්ලංඝනය කිරීම සිදුකර ඇත.
තොරතුරු Don Supz
