පංච කාමයට ඇලුන අයට කාම තණ්හාව
ඒ කියන්නේ ඇසෙන් රූප තණ්හා, කනෙන් ශබ්ධ තණ්හා,...වගේ තණ්හා 6 ට තමයි කාම තණ්හා කියන්නේ
කාම අරමුණු යට කරලා ලෞකික ධ්‍යාන ලැබුවට ඔවුන්ගේ තණ්හාව නැති වෙලා නෑ.
හැබැයි ඇසෙන් කනෙන් නාසයෙන් හටගන්න තණ්හා 6 නෑ (කාම තණ්හා නෑ )
ඔවුන් ඇලිලා ඉන්නවා ධ්‍යාන සුවයට
ඒ තමයි භව තණ්හාව
ඒකයි කාම අරමුණු යට කරලා ලෞකික ධ්‍යාන වලට ඇලුණු අයට භව තණ්හා කියලා මීමුරේ හාමුදුරුවෝ කියන්නේ
ආත්ම දෘෂ්ඨිය
------------------
දෙසැටක් මිත්‍යාදිට්ඨි විස්තර කරන බ්‍රහ්මජාල සූත්‍රයේ 73-78වෙනි ජේද වල මේ තියෙන්නේ ආත්ම දෘෂ්ඨිය ගැන
https://thripitakaya.org/tipitakaya/Index/45?s=6
උච්ඡේද දෘෂ්ටිය
-----------------------
අනිච්චයි, දුක්ඛයි, අනාත්මයි කිය කියම අද බොහෝ බන වලට ඇහෙන්නේ උච්ඡේද දෘෂ්ටියයි. මෙතන තියෙන්නෙත් බත් පාං, කවුපි, මුං ඇට කාලා හැදුණු ආපෝ, තේජෝ, වායෝ, පඨවි ගොඩක්, පඹයගේ තියෙන්නෙත් ආපෝ, තේජෝ, වායෝ, පඨවි. මැරුනට පස්සේ ඔය මොකුත් නෑ සත්ත්වයෙක් නෑ, පුද්ගලයෙක් නෑ, ආත්මයක් නෑ.
අද කාලේ සක්කායදිට්ඨිය ගැන කතා කරන්නෙත් ආත්මයට දාලා. මමෙක් නෑ කියලා. අනිච්ච කතා කරන අයත් ගිහින් වැටෙනවා සක්කායදිට්ඨිය නැති කරන්න නම් මම නැති කරන්න ඕනේ කියලා.
අද බොහෝ දෙනෙක් ශාශ්වත දෘෂ්ඨියට වැටෙන්නේ නෑ බුදුන්වහන්සේ අනිච්ච දුක්ඛ "අනාත්ම" ගැන කිව්ව නිසා ආත්මයක් තියෙන්න විදිහක් නෑ කියලා. ශාශ්වත දෘෂ්ඨිය ටිකක් වත් හොඳයි මැරුනට පස්සේ කොහේ යයිද දන්නේ නැති නිසා පිනක් කරලා වත් දිව්‍යලෝකේ යනවා. ඒත් උච්ඡේද දෘෂ්ඨිය අති භයානකයි..
දෙසැටක් මිත්‍යාදිට්ඨි විස්තර කරන බ්‍රහ්මජාල සූත්‍රයේ 85-93 වෙනි ජේද වල මේ තියෙන්නේ උච්ඡේද දෘෂ්ටිය ගැන
https://thripitakaya.org/tipitakaya/Index/45?s=6
Thank you for the references.
"
ඔවුන් ඇලිලා ඉන්නවා ධ්‍යාන සුවයට
ඒ තමයි භව තණ්හාව"
Me idea ekata source eka mokakda?
"අද කාලේ සක්කායදිට්ඨිය ගැන කතා කරන්නෙත් ආත්මයට දාලා. මමෙක් නෑ කියලා. අනිච්ච කතා කරන අයත් ගිහින් වැටෙනවා සක්කායදිට්ඨිය නැති කරන්න නම් මම නැති කරන්න ඕනේ කියලා."
Sakkaya ditti kiyanne mokakda pitakayata anuwa?
