රාජ්ය නායකයෙකුගෙන් අපේ රටේ හුඟ දෙනෙක් බලාපොරොත්තු වෙන්නෙ...
*.බෝල්පොයින්ට් පෑනකින් අත්සන් කිරීම
*.කහඉරේ වාහනය නතර කිරීම
*.කඩේටම ගොස් සපත්තු මිලදී ගැනීම
*. ලෙඩෙක් බලන්නට ගිය විට බිම ඉඳගැනීම
*.මිනී පෙට්ටි වලට කර ගැසීම
*.බයිසිකලයෙන් ගමන් කිරීම
*.පයින් ගමන් කිරීම.
වැනි රට පාලනය සම්බන්ධයෙන් කිසිදු වැදගැම්මකට නැති නලුවෙකුට වුව කල හැකි දේවල් ය.
රාජ්‍ය නායකයා වශයෙන් භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමට පියවර ගැනීම, මහජන ආරක්ෂාව තහවුරු කිරීම, යහපත් ආර්ථික කළමනාකරණය, රටේ නිෂ්පාදන ක්ෂේත්‍රය දියුණු කිරීම, නීතිය හා සාමය ක්‍රියාත්මක කරවීම, සැමට සම අවස්ථා ලබාදීම වැනි රාජ්‍ය පාලන ක්‍රියාමාර්ග කිසිවක් ඔවුන් බලාපොරොත්තු නොවේ... රාජ්‍ය නායකයා අවම වශයෙන් මේ කරුණු සම්බ්න්ධයෙන් අද රටේ සිදුවන්නේ මොනවාද යන්න හෝ දැනුවත්දැයි එම අමනයන්ට අදාලම නැත.
එවන් මානසික ලෙඩුන් පිරිසක් සමගින් අපරට තවමත් තුන්වන ලෝකයේ දියුණු වෙමින් පවතින කැටගරියේ හෝ තිබීම ගැන අප සතුටු විය යුතුය.
- සම්පත් සාගර