ආමි එකේ සර්

surangakm

Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    ඔන්න A/L කාලේ අපේ සෙක්ෂන් එකේ හිටිය ටිකක් මරුමුස් සර් කෙනෙක්. මරුමුස් කියන්නේ කොල්ලොන්ට හිටි ගමන් කන පැලෙන්න ගහනවා. ඉතින් මේ නිසාම කොල්ලොත් සර් එක්ක තරමක මලක් තිබ්බ.


    දවසක් සර් පාඩම කරන ගමන් පන්තියේ පිටිපස්සේ හිටපු එකෙක්ගෙන් පොත ඉල්ලුව. පිටිපස්සේ ඉන්න උන් ඉතින් වැඩ කරනවා එහෙම ටිකක් අඩුය්නේ. මුත් ඉතින් හපුය්ය වගේ පින් මුණක් දා ගෙන සර් ට පොත ගෙනත් දුන්න. සර් පොත බලන ගමන් මුගෙන් දැන් විස්තර අහනවා.


    “තමුසේගේ ගෙවල් කොහෙද?…” අරකද මේකද ප්‍රශ්න ගොඩය්.


    මුත් ඉතින් අහිංසකය වගේ අහන ඒවාට උත්තර දෙනවා…


    ඔය විදියට සර් මුගෙන් අහනවා….


    “තමුසෙගෙ තාත්ත මොකද කරන්නේ?”


    “ආමි එකේ සර්”


    “ආමි එකී මොකද කරන්නේ?”


    “වෙඩි තියනවා සර්”…..


    ඊට පස්සේ වෙච්ච ටික ආයිත් කියන්න ඕන නැහැනේ.

    ඩෝන්…. ඩෝන්… ගාල අරුට කනේ පාරවල් දෙකක් වැදුන…


    හැබය් ඉතින් හිතල බැලුවම….

    ආමි එකේ කරන්නේ වෙඩි තියන එක තමා