ආමි කොල්ලන්ගේ වැඩ
අවුරුදු තිහක යුද්ධයක් නිමා කරපු අප ඒ ගැන සතුටු වෙන්නෙ යුද්ධ කරලා මිනිස්සු මැරිච්ච නිසා නෙමෙයි. අවුරුදු තිහකට පස්සෙ හරි ඒ නරුම කාලය ගෙවිලා නිමවෙච්ච නිසා. දේශපාලකයොන්ගේ, ජාතිවාදියොන්ගේ පටු අදහස් එක්ක පටන්ගත්තු යුද්දෙ, ඒ අයගෙ පටු අදහස් එක්කම දිග්ගැහුනත් ඒක නැවතුනේ ඒ වෙනුවෙන් දිරිදුන් එක් පිරිසක් නිසා. ඒ අපි බියර් බීලා රෑට කාලා නිදාගන්නකොට අපිට බෝම්බ වදින්නෙ නැතිවෙන්න ඒ වෙනුවෙන් වතුර බිබී, මැරි මැරී සටන් කරපු මිනිස්සු කොට්ටාසයක් නිසායි. ඇතැමෙකුට ඔවුන් පඩියට තවත් එක රස්සාවක් කරපු පිරිසක් විදියට හඳුන්වන්නට පුළුවන් නරුමකමක් තිබුනත්, අපිට ඔවුන් අපි වෙනුවෙන්ම දිවි දුන් ලේ හෙලූ අද්විතීයයින් බව මේ මොහොතේත් ඉදිරියටත් අනිවා කියන බව නම් සිහිපත් කරන්න ඕනමයි. ඒ නිසා මේ කියන්න යන්නෙ අපේ ත්‍රිවිධ හමුදාව ත්‍රස්තයන් හමුවේ ලද විශිෂ්ට ජයග්‍රහණවලින් කිහිපයක්.
1. මාවිල්ආරු සටන
මාවිල්ආරු සටන් ඇරඹෙන්නේ 2006 වසරේ මැද භාගයේදීයි. කොටි ත්‍රස්තවාදය මෙරටින් තුරන් කරන්නට වූ ප්‍රධාන හැරවුම් ලක්ෂය ලෙස මාවිල්ආරු සටන දැක්විය හැක. මිනිසුන් බොහෝ පිරිසකගේ ජල අවශ්‍යතාවය අහුරාලමින් මාවිල්ආරු සොරොවුව වසා දමා, සටන් විරාම ගිවිසුම කඩකිරීම මෙම සටන ආරම්භයට මුල විය. එලෙස ඇරඹි මානුෂීය යුධ මෙහෙයුම කොටි ත්‍රස්තවාදයේ අවසානය තෙක් මෙම සටන මෙහෙයවීය. එවක යුද හමුදාපති ලුතිනන් ජනරාල් සරත් ෆොන්සේකා මහතා මරාගෙන මැරෙන කොටි ප්‍රහාරයට ප්‍රතිකාර ලබමින් සිටි අතර සටනේ වගකීම වැඩ බලන යුද හමුදාපති වූ මේජර් ජනරාල් නන්ද මල්ලවාරච්චි මහතාට පැවරිණි. 2006.07.20 දින ත්‍රස්තවාදීන් මාවිල්ආරු සොරොවුව වසා දැමීම නිසා ඇරඹි සටන 2006.08.08 දින නිමවා ජයග්‍රහණය කරන්නට ලාංකීය හමුදාවන් සමත් විය.
2. නාවුක හමුදා සහයෙන් ලද විසල් ජයග්‍රහණ
හමුදා සටන් අතරේ මිනිසුන්ට සැම විටම පාහේ නම කියැවෙන්නේ ප්‍රධාන වශයෙන් යුධ හමුදාවේ පමණකි. එසේම මිනිසුන්ට ඉහළ අහසේ නිතර දකින්නට ලැබෙන නිසාත්, සංදර්ශන ආදිය නිසාත් ගුවන් හමුදාව සම්බන්ධයෙන්ද නිරන්තර සිහිපත් වීමක් සිදු වෙයි. එහෙත් නාවික හමුදාවන්ගේ මැදිහත් වීම යුද්ධයට බලපෑවේ කෙලෙසින්ද යන්න පිළිබඳ නිශ්චිත චිත්‍රයක් ජනතාව අතර නොමැති වීම අර්බුදයකි. එනිසා යුධ, ගුවන්, නාවික ත්‍රිවිධ හමුදාවන්ම එක හා සමානව යුද්ධයට දැක්වූ මහිමය හෙළි කළ යුතුය.
ප්‍රහාර එල්ල කිරීම වෙනුවෙන් කොටින් එක් රැස් කර තිබූ පාවෙන අවි ගබඩා විනාශ කිරීම නාවික හමුදාවේ ප්‍රධානතම මෙහෙයුමක් විය. කොටින්ගේ ප්‍රධානතම මුහුදු කොටි කඳුවුරු වූ වෙඩිතල්තිව්, ඉලුප්පකඩවෙයි, වෙල්ලන්කුලම්, නච්චිකුඩා, වල්ලෙයිපාඩු වැනි මුහුදු කොටි කඳවුරු බිඳ දැමීම නාවික හමුදාවේ විශාල ජයග්‍රහණයකි. එලෙසින් වයඹ මුහුදු තීරය අල්ලා ගැනීමත් සමග, ඉන්දියාව දෙසින් ආ ආයුධ බෝට්ටු සහ මත්කුඩු ජාවාරම් අල්ලා ගැනීමට හැකියාව ලැබිණි. දෙවුන්දර සිට නාවික සැතපුම් 185ක් දකුණු ගැඹුරු මුහුදේ “කියොයි” නම් වූ එල්. ටී. ටී. ඊ නෞකාව විනාශ කිරීම, ජාත්‍යන්තර මුහුදු කලාපයේ ප්‍රහාර එල්ල කිරීමත් සමග වැඩි කතා බහකට ලක්විය. එය ජාත්‍යන්තර මුහුදු නීති අනුව යමින් සිදු කළ ප්‍රයත්නයක් විය. මන්යොෂී, කොයෙෂි හා ෂෙෂින් වැනි විශාල නෞකාද විනාශ කිරීම නාවුක හමුදාවේ තවත් විශාල ජයග්‍රහණයක් ලෙස දැක්විය හැක. වැලිසර නාවික නෞකා ආයතනයේ වේග ප‍්‍රහාරක කුඩා බෝට්ටු (ඇරෝ) නිෂ්පාදනයද එහි වැදගත් සංධිස්ථානයකි.
3. තමිල් සෙල්වම්ගේ අවසානය
2007 වසරේ නොවැම්බර් මස දෙවැනිදා කුරිරු එල්ටීටීඊ සංවිධානයේ නිතර සිනහා පිරි මුවින් සිටිනා චරිතයක අවසන් ගමන් යෑම සිදු විය. එල්ටීටීඊයේ මහා මොළකරුවෙකු වූ ‘සිනාසෙන නාගයා’ ලෙසින් ප්‍රකට තමිල් සෙල්වම් සහ තවත් නායකයින් පිරිසක් කිලිනොච්චියේ සැඟව සිටින බවට හමුදා බුද්ධි අංශයෙන් කළ සොයා ගැනීමත් සමග ගුවන් හමුදාව ක්‍රියාත්මක විය. උදෑසන 6ට නිශ්චිත ඉලක්කයට බෝම්බ හෙලා පැමිණ දෙපැයකට පසු කොටි වෙබ් අඩවිය හරහා තමිල් චෙල්වම්ගේ මරණය පිළිබඳ ආරංචිය ලැබිණි.
4. ගුවන් හමුදා වික්‍රම
බොහෝ පහසුවෙන් පැද යා හැකි යැයි දුටු සැනින් සිතුනද ඉතා අපහසු කාර්යයක් වන යුධ ගුවන් යානා හැසිරවීම සහ සතුරු මර්මස්ථාන ඉලක්ක කර නිශ්චිත ප්‍රහාරයන් සිදු කිරීම, යුද්ධයට උර දුන්නේ කෙලෙසින්ද යන්න සිහිපත් කිරීම වටී. වන්නි හා උතුර මුදා ගැනීමේ සටනේදී ඔවුන් අතින් සිදුවූ මෙහෙය වදනින් විස්තර කළ නොහේ. පාබල හමුදා වෙත විෂ දුම් සහිත ප්‍රහාරයක් එල්ල කරන්නට ත්‍රස්තවාදීන් සතුවූ මුලතිව් විශ්වමඩු ප‍්‍රදේශයේ විෂ අවි පර්යේෂණාගාරය විනාශ කරනු ලබන්නේ ගුවන් හමුදා ජෙට් බලකාය විසිනි. පාබල හමුදාවට දිගින් දිගටම ඉදිරියට යන්නට අවැසි ශක්තිය නිතැතින්ම සලසා දෙන්නට බාධක උගුල්ලා දමමින් උරදුන්නේ ගුවන් හමුදාවයි. සාමාන්‍ය වැසියන් මගහරිමින් නිශ්චිත ඉලක්ක බලා සිදු කෙරෙන මෙම ප්‍රහාර, ඉලක්කය නිසි ලෙස නොගතහොත් සිවිල් ජීවිත හානි වන, වැඩි වේලාවක් ඉලක්කය ගතහොත් තම ජීවිතයට හානි වන ආකාරයේ අසීරු කාර්යයන් විය.
5. තොප්පිගල මුදාගැනීම
මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලට මායිම්ව පිහිටා තිබෙන තොප්පියක හැඩයේ ගල් කුලක් වෙයි. 2007 අප්‍රේල් 25 වනදා සිට ජුලි 11 දක්වා මේජර් ජනරාල් පරාක්‍රම පන්නිපිටියගේ මූලිකත්වයෙන් සිදු කෙරුණු තොප්පිගල මුදාගැනීමේ මෙහෙයුම සාර්ථකව නිමවන්නේ කොටින්ට කිසිදා නොසිතූ පරාජයක් අත්කර දෙමින්. ඒ වෙනුවෙන් සහභාගි වූ 1200ක හමුදා සොල්දාදුවන් අතරින් දිවි පිදූ රණවිරුවන් සංඛ්‍යාව 48කි. සටනේදී විනාශ වූ කොටි ත්‍රස්තවාදීන් සංඛ්‍යාව 800ත් 1000ත් අතර සංඛ්‍යාවකි. පුරා වසර දහයක් පමණ සිය අණසක යටතේ තබාගත් කොටින්ගේ ප්‍රධාන කඳවුරු සංකීර්ණයක් වූ ආරක්ෂිත බංකර, මර උගුල්, වධකාගාර හා රෝහල් පිරි තොප්පිගල නැගෙනහිර මුදාගැනීමේ සටනේ සුවිශේෂීම සංධිස්ථානයයි. බෞද්ධ නටඹුන් පිරිවරාගත් තොප්පිගල මුදා ගැනීම කොටි ත්‍රස්තවාදීන් කිසිදා විශ්වාස නොකළ දෙයක් විය. ඒ එම භූමියේ සංග්‍රාම වෙනුවෙන් ඇති සම්පූර්ණ වාසිය ඒ වන විටත් එහි සිටි ත්‍රස්තවාදීන් අත්විඳිමින් සිටි නිසාවෙනි.
6. නන්දිකඩාල් සටන සහ ත්‍රස්තවාදයේ අවසානය
මේ සැවොම සිහිපත් කිරීමට කැමති ඉතිහාසයේ යුද කතාවයි. ඇතැමුන් කෙසේ කීවද යුද බියෙන් ඇලලෙමින් සිටි දෙමවුපියන් සැනසුම් සුසුම් හෙලූ දිනයයි. අභීත රණවිරුවන් දිවි පුදා රැක ගත් මවුබිම නියත වශයෙන්ම දෙකඩ නොවී බේරුනු දිනයයි. 2009 වසරේ මැයි 18 වැනිදා නන්දිකඩාල් කලපුව ආශ්‍රිතව පුදුමාතලන් හිදී අළුයම සිදුවුනු පහරදීම ත්‍රස්තයන්ට ඉතිරි කළේ එක් බලාපොරොත්තුවක් විතරයි. ඒ කළපුවට හෝ පැණ ජීවිතය බේරාගැනීමයි. අවදානම් ගණනාවක් සඳහා පිඹුරුපත් සකසා සිදු කෙරුනු එම ප්‍රහාරය උදෑසන 10ට පමණ අවසන් වුවත් නැවත දහවලේ ඇරඹෙනවා. පුදුමාතලන් හී කඩොල් කැලයේ සවස 6.30 දක්වා ඇවිළුණු එම සටනින් අනතුරුව භානු, ජෙයම් වැනි ප්‍රමුඛ නායකයන් මිය ගියද ප්‍රභාකරන් මිය ගොස් තිබුනේ නැහැ. පනස් තුන්වෙනි සේනාංකය යටතේ බලගැන්වුණු අටවෙනි කාර්ය සේනාංකය සිදු කළ මීලඟ සටනින් එයිට් මෑන් ටීම් යොදා කළ ප්‍රහාරයෙන් අනතුරුව ප්‍රභාකරන්ගේ සිරුර හමු වෙනවා. මිත්‍රවරුණි ඒ මොහොත අනිවා ආගම් ජාති බේධයකින් තොරව සාමයට සිතැති සැවොම ස්මරණය කළ යුතු මොහොතයි.
Issuwe : http://www.aniwa.lk