ආයෙමත් ආදරෙන්

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
“ඔන්න ඕක තමයි සිද්ධිය...“


මම හවස ස්ටෑන්ඩ් එකේදි සමීරට දවල් සිද්ධ වුන දේවල් කිව්වා. එක අතකට මේකට සමීරගේ සහයෝගයත් අනිවාර්යයෙන් ඕන වෙනවා.ඒක නිසා කලින්ම මිනිහට කියලා තියන එක හොඳයි කියලා හිතුනා. මම සිද්ධිය කියලා ඉවර වෙනකොට සමීරයා මගේ දිහා බලන් හිටියේ පීක්වැල්ල පන්සලේ භූත ගුහාවට ඇතුල්වෙන තැන හිටගෙන හිටපු ගරා යකා වගේ වයින් වෙලා.

“ඈ බොල් පොල් හරකෝ...තොට ඔල්මොරොන්දන්ද ඔය වගේ අසමජ්ජාති ඔට්ටු දාන්නේ..බූරුවා පාරක් ගහලා දාහක් දෙදාහක් පරාදවෙන එක දුක නෑ..මේක යකෝ ලක්ෂෙක ඔට්ටුවක්“

සමීර කෑගහනවටත් වඩා නහයෙන් අඬනවා.මටත් වඩා සමීර බයවෙලා. මගේ හිතට බයක් දැනුනේ නැත්තේ කොහොමහරි මේ ඔට්ටුව දිනනවා කියන අදහස හිතේ තිබුණ නිසා.

“උඹ බයවෙන්න එපා මස්සිනා..“


මම සමීරයගේ පිටට තට්ටුවක් දාලා කිව්වා. සමීරයා ආයෙත් මූණ නොරොක් කරගෙන මගේ දිහා බැලුවා.

“බය...කෙහෙල්මල් බය...ඒක නෙවෙයි උඹ ගාව උගස් තියන්න ඉඩමක් හරි විකුණන්න මොකක්හරි වටින දෙයක් හරි තියද? නැත්නම් එකතු කරපු සල්ලි එහෙම?“

සමීර එහෙම ඇහුවම මම කල්පනා කරා මූ මොකාටද එන්නේ කියලා.

“ඒ මොකටද? උඹට සල්ලි හදිස්සියක්වත්ද?“

“සල්ලි හදිස්සිය මට නෙවෙයි බං තොට...දැන් ඉතින් ලක්ෂයක් දෙන්න විදියක් හොයපන්කෝ උඹ...ටින්කිරි ගාගන්නේ කනේ ඉඳන්“

සමීරයා නහයෙන් අඬන විදියට මට හිනාත් ගියා. මට හිනායන කොට මිනිහට තවත් යකා නගිනවා.

“උඹ බය නැතුව ඉඳපන් බං..මම මේ ගේම අනිවා දිනනවා..මේක එච්චර ලොකු චැලේන්ජ් එකක් නෙවෙයි..උත්සහ කලොත් ලේසියි“

“ඔව් ඔව්...ලේසියි තමයි..යකෝ අර කට කැඩිච්ච කරාටි කාරිවනම් ගුටියක් දෙකක් කාලා හරි දාගන්න පුළුවන් වෙයි..ඒත් බං අර ගහක් ගලක් වගේ කිසිම හැඟීමක් දැනීමක් නැතුව යන කෙල්ලෙක්ට ආදරේ කරලා ලංකරගන්නවා කියන එක ගලේ මල් හොයනවා වගේ වැඩක් බන්...ඇරත් උඹ දෙනියායේ එකා මාතරට බැහැලා මාතර කෙල්ලෙක් දාගන්නකං අර කොප්පරාවත්තේ අයියණ්ඩි ගැන් එකත් එක්ක නිකං ඉඳිවි කියලා හිතනවද“

සමීර මගේ ඉස්සරහා තියපු ලයිස්තුව වැරදිත් නෑ. ඒත් මට මේ වෙලාවේ පෙනුනේ අභියෝගය සහ ජිත්මිගේ ලස්සන මූණ විතරයි.

“ඇමරිකාව පාකිස්ථානෙට බැහැලා බින් ලාඩන් අල්ලගෙන යනකං පාකිස්ථානේ දන්නෙත් නෑ බං..ඒ වගේ තමයි මේකත්..උඹ බයිල නොගහ මේකට ටිකක් හෙල්ප් එකක් දීපන්“

“ඒක නෙවෙයි මේක මට කියපං“

බස් එකට නැගලා ටික දුරක් යද්දි සමීර මට කිව්වා.

“මොකක්ද?“
“මම දන්න විදියට උඹේ හිතේ ජිත්මි ගැන ආදරයක්වත්,කැමැත්තක්වත් තිබුණේ නෑ..එහෙම එකේ කොහොමද උඹ ජිත්මිට මාස තුනක් වගේ කාලෙකින් ලංවෙන්න හදන්නේ?“

ඇත්තටම ඒක මෙච්චර වෙලා මට නොදැනෙනු,නොතේරුනු දෙයක්. ජීවිතේ පලවෙනි වතාවටද කොහෙද සමීර වැදගත් තර්කයක් මතු කලා. ඇත්ත..ජිත්මිගේ ආඩම්බරකමට, පාඩුවේ ඉන්න ගතිගුණවලට කැමති වුණා වගේම බැන්නා වුනාට එයාට ආදරේ කරන්න හරි එයාව ලංකරගන්න හරි හිතක් මට තිබුණේ නෑ. ඒත් ජිත්මිට කෙනෙක් ලංවෙන්න හදනවා කියලා දැනගත්තම මොකක්දෝ කවදාවත් නැති ලෝබකමක් දැනුනා කියන එක විතරයි මම දන්නේ.

“ඒකනම් සෑහෙන්න බරපතල ප්‍රශ්නයක්..ඔහොම ටික දවසක් යද්දි ඒ ආදරෙත් ඇතිවෙන්න බැරි නෑ බං“

එහෙම කියලා මම බස් එකෙන් බැස්සා. ගෙදරට යනකං නෙවෙයි ගෙදරට ගිහිල්ලත් කල්පනා කලේ අද දවසේ වෙච්ච දේවල්.

පැනගෙන ඔට්ටු දැම්මට මොකද ටිකක් හිතට බයයිත් වගේ. ඒත් එහෙම පස්ස ගහන එක මාතර කොල්ලන්ගේ විදිය නෙවෙයි. හැමදෙයක්ම හොදින් වෙන්න කියලා හිතාගත්තා.

* * * * * * *


පහුවෙනිදා හවස ටිකක් කලින් ගෙදර ආවා. ඇවිත් රෙදි එහෙම හෝදලා දාලා මිදුලට වෙලා ටිකක් මහන්සි ඇරියා. පොඩ්ඩත් නිදාගෙන හිටපු නිසා ගෙදර තිබුණේ සාමකාමි වටපිටාවක්.

“මේ නිහඬ බව බිඳින්න තව මොනවාහරි කියන්න....“

ජිත්මිගේ කටහඬ අල්ලපු ගෙදර පැත්තෙන් ඇහුනා. හවස නාලා කොණ්ඩේ වනාදාගෙන රෙදි ගන්නවා වහීවි කියලා හිතාගෙන. නෙත්මිනම් පේර ගැටයක් හපනවා පඩියට වෙලා.

වැස්සක පාටක් නොතිබුණ නිසාද මන්දා ජිත්මි වැලෙන් රෙදි ගන්නේ හරි හුරතලේට. ඒක බලන් හිටියත් භාවනාවක් වගේ. ජිත්මි රෙදි ගන්න අතරේ මම ඒ පැත්ත බලන් ඉන්නවා දැකපු නෙත්මි සද්දයක් දාලා මට අතවැනුවා.

“මොකද නංගි දොලදුකද අමුගැට පට්ට ගහන්නේ?“
මම අහපු දේට ජිත්මිටත් බකස් ගාලා හිනා ගියා. ඒත් ඉක්මණටම හිනාව තදකරගත්තා. සාමාන්‍යයෙන් නෙත්මි ගැන දන්න කෙනෙක් මෙහෙම කට කැඩිච්ච කතාවක් නෙත්මිට කියන්නේ නැති එකේ මම කියපු කතාවට ජිත්මිටත් හිනා ගියා.

“දොලක් නම් පහල තියනවා...දුකක් නම් මට නෑ...ඇයි ඔයාට තියනවද?“

නෙත්මිත් ඉතින් කතාවෙන් පරදින්න කවදාවත් සූදානම් නෑ.

“මට නම් දුකක් නෑ නංගි..ඒත් අහසට දුක හිතිලද කොහෙද කඳුළු කඩාවැටෙන්න යන්නේ..ඒ කඳුළු වලට බයේ කුරුල්ලෝ රෑන් පිටින් පියාඹගෙන යනවා කූඩු වලට“

නෙත්මි මගේ දිහා බැලුවේ මේ යකාට මේ මොනවා වෙලාද කියලා කියන්න වගේ.

“මේ අයියේ...ඔයා අද මොකක්හරි පරණ සාහිත්‍ය පොතක්වත් කියෙව්වද? නැත්නම් රටකජු ගොට්ටක් කද්දි ඒකේ ගොට්ට ගහල තිබුණ පරණ ලිපියක්වත් කැවුනද?“

“ඔය එකක්වත් නෙවෙයි නංගි..වැස්සක මානයක් වත් නැතුව හුලං හමන හැටි මම කල්පනා කලා“

“මේ ඔයාටනම් අද මොනවම හරි වෙලා තියනවා“

මම සොඳුරු පද වපුරද්දි ජිත්මි ගෙට වැදිලා කාමරේ ජනේලෙත් වහගත්තා. මෙහෙම කෙල්ලෙක්. සියලුම සංවේදී සංකල්පයන් උපතේදීම එකතු කරන්න අමතක වෙලාද කොහෙද.

“මේ පොඩි නංගි...ඇත්තටම ඔයාලගේ අක්කට වයර් ෂෝට් එකක් තියද?“

“ ඒ මොකෝ එහෙම අහන්නේ...“

“නෑ ඉතින් නෝ කතා නෝ සිනා.. සදාකාලිකවම“

“හරි හරි ඕවා ගණන් ගන්න එපා...මම මේ එයාටත් එක්කම තමයි කතාකරන්නේ“

මට ඒකටනම් හිනාගිහින් කැස්සකුත් හැදුනා. කියන්න දෙයක් කල්පනා වුනේ නෑ.

“අපොයි ඔව්..අම්මපා ඔයාගේ කටනම් බ්රේක් නෑ තමයි...“

එතකොටම දොර ඇරගෙන එලියට ආවේ ජිත්මි. අතේ තේකක් තිබුණා. මගේ දිහා බැලුවා එක පාරක්, ආයෙත් නංගි දිහා බැලුවා

“නංගි අන්න අම්මා එන්න කිව්වා..තේ බොන්න“

“මගේ තේ එකත් අරගෙන ආවනම් නරක ඇති කුමාරිහාමි...මේ අයියේ මම යනවා හොඳේ...මෙයාගෙන ඕනනම් තේ ටිකක් ඉල්ලගෙන බොන්න..හැබැයි කුණු ලෝබි“

ඒ කියපු කතාවට මට හීන් දාඩිය දැම්මා මමයි ජිත්මියි දෙන්නම එකපාර නෙත්මි දිහා බැලුවා. ජිත්මි එහෙම බලලා ඊලඟට බැලුවේ මගේ දිහා. මම තේ උගුරක් දෙන්න පුළුවන්ද වගේ බැල්මක් දාලා හිනා වුනා. හපෝ දොර වහගෙන ආයෙත් ඇතුලට ගියා.
 
  • Like
Reactions: Chootiya92

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
සිකුරාදා හවස දෙනියායේ ගෙදර ගිහින් ගොඩක් දේවල් කරන්න වුණා. ගොඩක් කාලෙකින් ගෙදර පේන්ට් කරන්න බැරි වුණ නිසා ගෙදර කට්ටියත් එකතු කරගෙන දවස් දෙකේම කරේ ඒක තමයි. ඒ වැඩ අස්සේ මම දාගෙන තිබුණු මාරාන්තික ලක්ෂයේ ඔට්ටුවත් අමතක වෙලා තිබුණේ. සඳුදා උදේ දෙනියාය ස්ටෑන්ඩ් එකෙන් නැගලා හතරසිංහ බස් එකේ පිටබැද්දර හරිය පහුකරද්දි තමයි ආයෙමත් ඔට්ටුව ගැන හරියටම ඔලුවට ආවේ. කරන්න දෙයක් ඔලුවට එන්නෙත් නෑ. කවදා කාපු ටකරංද මන්දා මේවා. කවදාවත් හරියට ආදරේ කරපු එකක්ද. ඉස්කෝලේ යන කාලෙනම් අර යාළුවෝ ආදරේ කරද්දි නිකං ඉන්න බැරි කමට වගේ පන්තියෙම කෙල්ලෙක්ට ආදරේ කලාට ඒක මෙච්චරම අමාරු වැඩක් වුනේ නෑ. ඒත් මේ ජිත්මි කියන්නෙනම් කිසිම සෙන්සර් එකක් හයි කරපු නැති සර්කිට් එකක් වගේ. මොනදේ කලත් හරියට ට්‍රැක් එකට වැටෙන්නෙම් නෑ. ගහමරාගන්න වගේ හිටපු නෙත්මිත් අද බොහොම හොඳට කතා කරනවා. ඒ දෙන්නගේ අයියයි දෙමව්පියොත් වෙනසක් නැතුව කතා කරනවා ඒත් මේ කෙල්ලට මොන උෂ්ණයක් වැදිලද මං දන්නේ නෑ නෝ කතා නෝ සිනා.


එහෙම සාධාරණීකරණය කරලා හරියන්නෙත් නෑනේ. මාස තුනකින් මේ කෙල්ලගේ හිත මගේ පැත්තට නැමුණේ නැත්නම් රුපියල් ලක්ෂයක් සමග ආත්ම ගරුත්වයත් බල්ලට යනවා සහතිකයි. එහෙම වුණාම දිලූප ඇවිත් දාන බ ලු හිනාව මට මැවිලා පෙනුනා...නෑ නෑ...එහෙම වෙන්න දෙන්න බෑ. මොන ජාතියෙන් හරි දැන් මේක කරන්නම වෙනවා. ඇරත් මේ මගුලක් නිසා රුපියල් ලක්ෂයක් නැති වෙනවා කියන්නේ ජාතික අපරාධයක්නේ..සල්ලි කියන්නේ කජු ඇටද කොස් ඇටද..

ඔහොම එක එක විකාර කල්පනා කර කර ආවට හරියටම කරන්නේ මොකක්ද කියලා අදහසක් හිතට ආවෙම නෑ. මේකට සමීරගෙන් උපදෙස් අරගෙන වැඩ කරන එක හොදයි..ඒත් ඒ යකාගේ විකාර සැලසුම්වලට වැඩ කරලා මාතර වසන එකත් නැති වෙයිද කියලා බයක් නම් තියනවා. ඒත් ඒක ටිකක් හිතලා බලලා කරන්න ඕන වැඩක්. ඉස්සරහට එන මාස කීපය තීරණාත්මක මාස කීපයක් වෙන බව හිතට තදින්ම දැනුනා.

* * * * * * * * *

“ආ දිස්නක මහත්තයා...සුබ උදෑසනක් වේවා“

“ආ සමීර මහත්තයා එසේම වේවා“

“මොකද බං මේ මූණ..හරියට අස්සයා මැරිච්ච ජොකියා වගේ..ටිකක් හිනාවෙලා හිටපං බං..ඇයි උඹ 2012 ලෝක විනාසේ ගැනවත් හිතනවද?“

සමීරයා ඇවිත් බර බර ගහන්නේ මම මූඩ් එකක හිටපු නිසා වෙන්න ඕන. උදේ වැඩ පටන් ගන්නත් කලින් මම කල්පනා කලේ මොකක් දැන් කරන්න ඕන කියලා. මේක වෙලාවකට හරි මානසික වදයක් වෙලා.

“කෙහෙල්මල..ලෝක විනාසෙට අන්ත නවනිංගිරාවක් වෙන්නේ ඔට්ටුව පරාද වුනොත්...මම මේ ඒක ගැන හිතුවා බං“

“අම්මපා නේද...මටත් දැන් තමයි වැඩේ මතක් වුනේ...ඒක නෙවෙයි දැන් සතියක් විතර ගත වුනා නේද...කොහොමද උඹේ ප්‍රගතිය?“

මම ටිකක් කල්පනා කරලා බැලුවා. ඇත්තටම ප්‍රගතියක් නැතිම ගාණයි. සතියක් තිස්සේ කරපු දේකුත් නැතිම ගාණයි. ඒත් දන්න එකම දේ නම් ජිත්මි වත් ජිත්මිගේ හිතවත් දශමයකින්වත් වෙනස් වෙලා නෑ කියන එකයි.

“මට කියන්න සතුටුයි මචං සමීර...කිසිම ප්‍රගතියක් නෑ..නිලේ නිල්“

සමීර කින්ඩි හිනාවක් දාලා මිනිහගේ දේශනාව පටන් ගත්තා.

“අන්න ඉතින් උඹලා ඔහොම තමයි ලව් කරන්නේ...යකෝ ඔහොම ඉඳලා හරියන්නේ නෑ..උඹලා ඕවට ආධුනිකයි..දැනුම් තේරුම් තියන මිනිස්සුන්ගෙන් ඕවට උපදෙස් ගනින් අපි වගේ“

“අපොයි ඒ ගැනනම් කවර කතාද..හා කියපන් බලන්න“

සමීර උගුරේ රැල් බුරුල් කරලා මේසේ උඩින් වාඩිවුණේ මහාචාර්ය රෝල් එක ඇක්ට් කරන්න වගේ.

“මචං..අසල්වැසියාට ප්‍රේම කරන්න උත්සහ කිරීමේදී මෙහෙම කටයුතු කරලා බෑ..නිශ්චිත සැලැස්මකට..නිශ්චිත ක්‍රමවේදයකට සියලු කටයුතු මැනවින් සංවිධානය කරලා කරන්න ඕන..නැත්නම් වෙන්නේ වාසස්ථානත් අහිමිවීම“

“සිරාවටම මචං මගේ හිතේ තියන ලොකුම ප්‍රශ්නෙත් ඕක...අල්ලපු ගෙදර මිනිස්සු මාත් එක්ක හරි හොඳයි..ඉතින් මම මෙහෙම කේස් එකක් දාගෙන කියලා නිකං වත් චාටර් වුනොත් දෙනියායටම ගිහින් තේ වත්තක දලු කඩන එක සැපයි..ඇරත් නැන්ද වුනත් එච්චර තමයි“

මම කිව්වේ ඉස්සරහට වෙන දේවල් ගැන හොඳ පුරෝකථනයක් කරන ගමන්. ඒත් ජිත්මි කියන සාධකය අරගත්තම ලේසියෙන් වෙනස් කරන්න බැරි දෙයක් බව තීරණේ කරලයි මම තිබුනේ.

“මචං ඒක පරිස්සමින් කරන්න ඕන දෙයක්..ජිත්මි කියන්නේ මෙතනදි ඔට්ටුවට වුනත් දාගන්න වටින කෙල්ලෙක්..ඔහොම තද හිතක් තියන කෙල්ලෙක්ගෙන හිත ගත්තොත් ඉතින් ගත්තම තමයි“

සමීර එතනදිනම් හරියටම හරි. ජිත්මි ඒ වගේ කෙනෙක් තමයි. ඒත් මේ ප්‍රශ්නෙදි ආදරේ කියන කෝණය ඉක්මවලා මතක් වෙන්නේ අභියෝග කරපු එකයි. දිලූප මොන වගේ දෙයක් කරාවිද, දැන් කරනවද මට වඩා ඉක්මණට ජිත්මිට ලංවෙන්න. ලේසි පහසු නොවුණත් නිකං ඉන්න එකක් නෑ.

“මචං දිස්නක..උඹ මේ මාසේ ඇතුලත පුළුවන් තරම් ඒකිට ලංවෙයන්..මොන දේ කරලා හරි කියලා හරි...වචන වලට ඔය ඕනම ගලක් වෙඬරු පිඩක් කරන්න පුළුවන් කියනවනේ..ඒක නිසා උත්සහ කරපන්.. අර නාකි සුද්දෙක්ට අපේ සිංහල එකෙක් කියලා තියනවනේ Try and Try One day you can fly කියලා...උඹ එහෙමවත් කරලා බලපන්..ඉතුරු ටික පස්සේ කරමු“

සමීරයත් දන්න දේවල්.මට මිනිහා කියපු ඒවා තදටම හිතට වැදුණත් එක්ක.

“ Try and try one day also you can try වේවිද දන්නේ නෑ මචං“

මම කියපු එකට දෙන්නටම ඔෆීස් එක දෙක වෙන්න හිනා ගියා. අපි බඩවල් අල්ලගෙන හිනාවුනා ටිකක් වෙලා.

“ඒවා දන්නේ නෑ...කෝකටත් උඹ ඉස්සර වෙන තරමට හොදයි..අපායට ගියත් කලින්ම යන එක හොඳයි“


* * * * ** *

ඊට පහුවෙනිදා සමීර හිටියෙත් නෑ වැඩ ඇරිලා ගෙදර යන වෙලාවට. එදා ගොඩක් මහන්සි නිසා වැනි වැනි වගේ තමයි ස්ටෑන්ඩ් එකට ගියේ. ගාල්ලේ බස් එකක් තිබුණා ෂීට් ගාණට වගේ කට්ටිය. හිටගෙන හරි ඉක්මණට යන්න කියලා බස් එක ලඟට යනකොට ජිත්මි එනවා දැක්කා. සුදු පාට හැට්ටයකට ලස්සන දිග ස්කර්ට් එකක් ඇඳලා හරිම චාම් ලස්සනක් තිබුනේ. හැමදේම මොහොතකට අමතක වෙලත් ගියා.

ජිත්මි බස් එකට නැගලා වාඩි වෙන්න තැනක් බැලුවා. එක ෂීට් එකක් තිබුණා කවුරුත් නැති. ජිත්මි ඒකේ ජනේලේ පැත්තෙන් වාඩි වුනා. එයාගේ ලඟින් කෙනෙක්ට වාඩි වෙන්න ඉඩ තිබුනා. මෙන්න මේක තමයි වෙලාව..දෙයියෝ දුන්නා වගේ දෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන..ඉක්මණට බෑග් එකත් අරං බස් පොලිමේ වැට අතරින් බස් එක ලඟට ගියා..හිත මාර වේගෙකින් ගැහෙන්න පටන් ගත්තා. ලගින් වාඩි වුණාම ජිත්මි මොනවා කරාවිද කියලා හිතුනා..ඒත් කමක් නෑ කවදාවත් එහෙම ලගින් ගියපු නැති එකේ අද එහෙම ගියාම මොනවා හරි වේවිනේ.

මෙහෙම හිත හිත හදිස්සියෙන් බස් එකට නගින්න යද්දි කකුල පටලැවුනා පුට් බෝඩ් එකේදි. එකපාරටම අනිත් කකුල පාපුරුවේ තදින් වැදුනා. ලොකු වේදනාවක් දැනුනත් හිතේ තිබුණ අරමුණ නිසා ඒක එච්චර දැනුනේ නෑ..ආයෙත් ඉක්මණට බස් එකට නැගලා ජිත්මි ඉන්න ෂීට් එක දිහා බලද්දිම කොහේද ඉඳලා ආපු කෙට්ටු කොල්ලෙක් එතනින් වාඩි වුණා. මට මාර තරහක් හිතට ආවා...ෂික් කියලා කියවුනේ ඉබේටමයි. මම හිටපු තැන ෂීට් එකේ ඇන්ටි කෙනෙකුත් හැරිලා අමතු විදියට මම දිහා බැලුවේ හරියට එයාට ෂික් කිව්වා වගේ. මොනවා කරන්නද ඉතින් ලැබීමක් නැත්නම්. කකුල පැටලුන නිසා තමයි වෙලාවට එයා ලගට යන්න බැරිවුනේ. මම ජිත්මි හිටපු තැන පහු කරන් ඉස්සරහට ගිහින් බෑග් එක උඩ රැක් එකේ දැම්මා. දාලා ජිත්මිව පේන තැනකට වෙලා හිටියා. ටික ටික සෙනග වැඩිවුනා. ජිත්මි හිටියේ ජනේලෙනේ එහා බලාගෙන. එතන ජයසූරිය පිට්ටෙනියේ ක්‍රීඩාමණ්ඩපේ ලඟින් මාතර කොටුව හරි ලස්සනට පේනවා. හවස හයට විතර ඒ පැත්තේ තැඹිලි පාට අහසත් එක්ක කොටුව හරිම ලස්සනයි.ජිත්මි ඒ ලස්සන දිහා හරි ආසාවෙන් බලාගෙන හිටියා.

ඒත් එක්කම බස් එක පණ ගැන්වුවා. ජිත්මි මාව දැක්කේ නෑ මම හිතන්නේ පුරුදු විදියට ජනේලෙන් පිට බලන් හිටියා. ජිත්මි ලඟ හිටපු කොල්ලා ඒ වෙලාවේ ජංගම දුරකතන ඇමතුමකයි හිටියේ. බස් එක අද්දනකොටම සෙනග අතරින් ජිත්මි හිටපු තැනට ඩෙනිමකට රතුපාට ටී ෂර්ට් එකක ඇඳලා ඩෙනිම් කැප් එකක් දාපු කොල්ලෙක් ආවා. හොඳට දැකලා පුරුදු පෙනුමක්...දෙයියනේ මේ දිලූප නේද...එහෙනම් මේ යකාත් වැඩ පටන් අරගෙන..මගේ ඇඟට දාඩියත් දැම්මා කරගන්න දෙයක් නැති කමට. ජිත්මි හිටපු ෂීට් එක ගාව ඉන්නේ නැතුව මෙතනට ආපු එක ගැන මෝඩ වුනා.

තත්පර ගාණයි ගතවුනේ ජිත්මි ගාව හිටපු කොල්ලා නැගිටලා දිලූපට ෂීට් එක දුන්නා...දිලූප ඒ කොල්ලගේ පිටට තට්ටුවක් දැම්මු..ඒ කොල්ලා යන්නම් අයියේ කියලා දිලූපට ෂීට් එක දීලා බස් එකෙන් ඉක්මණට බැස්සා..එතකොට මේක දිලූපගේ ප්ලෑන් එකක්. .මට කරකියා ගන්න දෙයක් නැති වුනා. ජිත්මිත් හැරිලා බැලුවා තමන් ලඟින් වාඩිවුනේ කව්ද කියලා.ජිත්මිටත් කරකියාගන්න දෙයක් නැතුව වගේ මූණ වෙනස් වුනා. එයා හිටියෙත් හරි අපහසුතාවයකට පත්වෙලා වගේ..මට මොකුත් හිතාගන්න බැරුව ගියා. ජිත්මි මාව දැක්කේ නැතිවුනාට දිලූප මාව දැක්කා..ඒ දිලූප දිහා මම බලනකොටම..දිලූප මාව අඳුන ගත්තා..මට නෝන්ඩි හිනාවක් දාලා දිලූප ඇහැක් ගහලා තවත් ජිත්මිට ලංවුණා.

 
  • Like
Reactions: බින්දු

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    “ආ...මඩිහ හෝල්ට් එකේ බහින කට්ටිය ඉස්සරහට එන්න..මඩිහ බහින කට්ටිය ඉස්සරහට එන්න“

    angry-no.jpg
     

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    එදා බස් එකේදී උන දුක් සීන් එක නිසා දවස් ගාණක්ම ගෙවුනේ මැරිලා වගේ. ජිත්මි එක්ක යාළු වෙනවා කියලා අභියෝග බාරගත්තට මොකද සති දෙකකටත් ආසන්න කාලයක් ගෙවිලත් කරපු දෙයක් නෑ. සමීර කියනවා වගේ මේක මෙහෙම කරලා බෑ. මෙහෙම පස්ස ගහලා වැඩකරන තරමට දීලූපට ලකුණු වැටෙනවා වැඩියි. එදා දිලූප බස් එකේ ජිත්මි ලඟින් වාඩිවෙලා එක එක ඒවා කිය කිය යද්දි හිතට ලොකු අපහසුතාවක් දැනුනා. දිලූප කියපු දේවල් ජිත්මිත් අහන් හිටියද කොහේද..ඒත් එයා එක වචනයකින් වත් උත්තර දුන්නේ නෑ. හිතට තියන එකම සැනසුම ඒකයි. බස් එකෙන් බැහැලා යද්දි ගෙදර ලඟදි ජිත්මි එකම සැරයක් මම දිහා බැලුවා. ඒත් ඒ ඇස්වල තිබුණේ මොනවද කියලා හරියට හිතාගන්න බැරිවුණා. එකපාරටම කෙල්ලෙක්ගේ ඇස් කියවලා තේරුම්ගන්න අමාරුයි.

    අද ඔෆිස් එකේ උදේ වරුවේ එච්චර වැඩ තිබුණේ නෑ. කොහොමත් ඩීන් එකේ ඔෆීස් එක කාර්යබහුලවෙන්නේ සතියේ දින කීපයක් විතරයි. උදේ දහයට විතර සමීර කොහේද ඉඳගෙන මගේ මේසේ පැත්තට දුවගෙන එනවා. ඉස්සරහ හිටපු තරුෂිගේ පුටුවෙත් හැපුණා සමීර.


    “කුලප්පුවද සමීර...?“

    “තාමනං නෑ තරූ...සොරි සොරි අනේ..හදිස්සියක් මේ දිස්නකගේ“

    සමීර ඒකටත් මාව අල්ලලා දුවගෙන ආවා මගේ ලඟට.

    “මොකද බං?“

    “මම ගියා ටෙලිකොම් එකට බිල් එක ගෙවලා එන්න..එනකොට ඩයලොග් එක ඉස්සරහා උඹේ අර ලක්ෂේ ට්‍රයි එක ඉන්නවා.“

    “නෑ..ඉතිං උඹ මොකද කලේ“

    මමත් කුතුහලෙන් ඇහුවා. ඇත්තටම ජිත්මි එතන මොනවා කරනවද.

    “මම මොකුත් කරන්නේ කොහොමද බන්..ඒ උඹේ ට්‍රයි එකනේ..මම දුවගෙන ආවා උඹට කියන්න..වරෙන් යකෝ යමං එතනට“

    සමීර එහෙම කිව්වම කරන්නේ මොකක්ද කියලා මට හිතාගන්න බැරිවුනා.

    “මේ ඔෆීස් එකේ ඉන්න ගමන්?“

    “කමක් නෑ යකෝ..ඒ වගේද අවස්ථාව යමං“

    සමීර එහෙම කියලා මාවත් ඇදගෙන පහලට ආවා. ඉක්මණට අරලිය මාවත ගාවින් පාර මාරුවෙලා ටවුන් එක පැත්තට අපි දෙන්නා ආවා. ඒත් ජිත්මි ලඟට ගිහින් මොනවද කියන්නේ කියලා මට අදහසක් තිබුනේ නෑ. කමක් නෑ බලමුකෝ.

    අපි එතනට යද්දි ජිත්මි ඉන්නවා යාළුවෙක් එක්ක. මම ලඟට යද්දිම ජිත්මි බිම බලාගත්තා.ජිත්මිගේ යාළුවනම් මගේ දිහා බැලුවා. සමීර මට ඇඟිල්ලෙන් අනිනවා කතා කරන්න කියලා. මම කතාකරන්න ගට්ස් ගන්න උපරිම උත්සහයක් ගත්තා.

    “න..න..නංගි ඇයි මෙතන?“

    එහෙම කිව්වම යන්තම් ජිත්මි ඔලුව උස්සලා බැලුවා. පුදුම වෙලා වගේ බලලා හීන් හිනාවක් දැම්මා. අම්මෝ ලක්ෂේ දැන් අතට ලැබුණා වගේ සැනසීමක් දැනුනා.

    “නංගි ඇතුලේ..එනකං ඉන්නවා“

    ජිත්මි හීන් හඬින් ඩයලොග් ආකේඩ් එක ඇතුලට ඇඟිල්ල දිගු කරලා කිව්වා. මම හිතන්නේ මගේ ඉස්සරහදී මේ කටහඬ ඇහුණමද කොහෙද.

    “හා එහෙනම් කමක් නෑ..අපි ගිහින් එන්නම්“

    ජිත්මි හා කියලා ඔළුව වැනුවා. මම සමීරයත් ඇදගෙන ආයෙත් ආවා කොටුවෙගොඩ පැත්තට.

    “මොකද මූසලයෝ උඹ වචනයක් කතාකරපු ගමන් පැනලා ආවේ..අපරාදේ යකෝ“

    ඇත්තටම එතන කතා කර කර ඉන්න හිත ඉල්ලුවත් ජිත්මිගේ නිහඬතාවය එක්ක ඒක කරන්න බැරිවුනා. ඇරත් නෙත්මි එලියට ආවම මොනවා කියයිද දන්නේ නෑ.

    සමීර ඔෆීස් එකට එනකම්ම මට බැන්නා. මට නිකං ඒවා ඇහුනේ නැති ගානයි. මම හිටියේ හීන ලෝකෙක. දැන් තමයි දිස්නක සහෝදරයා නියම විදයට ගේම් එකට අඩිය තිබ්බේ.දැන් ඉතින් දතට දත නියට නිය ලෙයට ලෙය.

    * * * * * * * *

    “චූටි පුතා මහන්සියද ඔයාට?“

    වැඩ ඇරිලා ඇවිත් ඇඟ හෝදගෙන ආපු ගමන් තේකත් අතට දීලා නැන්දා ඇහුවා.

    “නෑ නැන්දේ..ඇයි?“

    “නෑ පුතේ අන්න එහා ගෙදර ඇන්ටි පුතාගෙන පොඩි උදව්වක් ඉල්ලුවා...“

    “මොකක්ද නැන්දේ?“

    මගේ හිතේ ප්‍රශ්න දාහක් වැඩ කරද්දි මම නැන්දගෙන ඇහුවා.

    “ එහේ ටී.වී එක වැඩකරන්නේ නැතිලු..අංකල් නුවර ගිහින්..අයියත් අද පිට වැඩකට ගිහින්ලු..කට්ටියම කතාවලට මැරීගෙන නිසා ටී.වී එක නැතුව අමාරු ඇති...පුතාට මහන්සි නැත්නම් ගිහින් පොඩ්ඩක් බලලා එනවද“

    ඉබ්බා දියට දානකොට ඇන්නෑවයි කිව්වා වගේ මමත් නිකං බෑ බෑ වගේ පෙන්නුවට හිත යටින් මල් වෙඩි පුපුර පුපුර රබන් පාරවලුත් ගැහුවා.

    “මහන්සිනම් තමයි...කමක් නෑ ඉතිං..මම යන්නම් නැන්දේ ටිකකින්“
    “හා හොඳයි චූටි පුතේ“

    පනින රිලවුන්ට බඳින ඉනිමං වලින් උපරිම ප්‍රයෝජන ගන්න හිතාගෙන මමත් ටිකක් හවස් වුනාම අල්ලපු ගෙදරට ගිහින් දොරට තට්ටු කලා. දොර ඇරියේ නෙත්මි.

    “අයියෝ...ඔයාද..වෙලාවට අවේ..අනේ මේ අපේ රූප පෙට්ටිය ගොලුවෙලා අනේ..පේන්තෙන් නෑ වගේ‘

    ගෙට ඇතුල්වුන ගමන් නෙත්මි පටන් ගත්තා විස්තරේ කියන්න. මගේ ඇස් දෙක හෙව්වේ කැඩුණු ටී.වී එක නෙවෙයි. නහයට දැනෙන පුරුදු සුවඳ එක්ක හිත භාවනාවකට යවන ජිත්මිගේ රූපෙ තමයි ඇස් දෙක හෙව්වේ.

    “ආ පුතා ආවද..මම නැන්දට කියලා ආවේ..අනේ පුතේ පුළුවන්නම් පොඩ්ඩක් බලනවද“

    මම ටී.වී එකට සම්බන්ධතාවේ දෙන වයර් සේරම හරිද කියලා බැලුවා. වරද තියෙන්නේ බූස්ටරේ වගේ කියලා හිතුන නිසා ඒක ගලවලා බැලුවා. ඒ වෙනකොට කියව කියව හිටපු නෙත්මි කොහේටද ගිහින්.

    බූස්ටරේ එක්ක දඟලද්දි ඇඟට හොඳටම දාඩිය දාලා තිබුණා. මම වැඩකලේ එක අතකින් මූණේ දාඩිය පිහදාන ගමන්. සේරම මට පාඩුවේ වැඩ කරන්න ඇරලා ගිහින්..මම දාඩිය පිහිදාන ගමන් වැඩ කරන්න පටන් ගත්තා.

    ඒත් එක්කම සිසිල් සුලං දහරාවක් මගේ පැත්තට ආවා. ඒ ජිත්මිලගේ ගෙදර විදුලි පංකාව ක්‍රියාත්මක වෙන්න පටන් ගත්ත නිසා..ජිත්ම් එක අතකින් තේ එකකුත් අරගෙන අනිත් අතින් විදුලි පංකාව ක්‍රියාත්මක කරලා මගේ පැත්තට එනවා දැක්කම දාඩිය සහ මහන්සිය මාව දාලා පැනලා ගියා.
     

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    මහන්සිවෙලා හිටපු වෙලාවක ඒ ලැබුණු තේ උගුර වටින්නේ මහන්සිය නිසාම නෙවෙයි ඒක ජිත්මි අතින් ලැබුණු තේකක් නිසා. ජිත්මි තේක මට දෙන වෙලාවේ ඒ ඇස්දෙක දිහා බැලුවේ අහම්බෙන්. ඒ ඇස් දෙක යොමුවෙලා තිබුනේ තේක දිහාවට.තේක ගන්නත් අමතක වුනා ඒ රත්තරන් ඇස්දෙක දිහා බලන් ඉන්න කොට. කවුරුහරි ඒ ඇස්දෙක දැක්කොත් සත්තයි උන්හිටි තැන් අමතක වෙනවා, ජිත්මිගේ ඒ ඇස්වල මොකක්දෝ බලයක් තිබුණා.

    මම තේ එක අතට ගන්න පරක්කු වුන නිසාද කොහෙද ජිත්මි ඇස්දෙක උස්සලා මගේ මූණ දිහා බැලුවා. ඒ ඇස්දෙක මගේ ඇස්දෙකට මුණ ගැහුනේ තත්පර කීපයකට. මගේ උගුර කට වේලිලා ගියා ඒ ඇස්වල බැල්මට. අන්තිමට තත්පර කීපයකට පස්සේ මම තේ එක ගත්තම ජිත්මි මම හිටපු තැනින් ගියා.


    “මේ දිස්නක අයියේ..මොකද...ගොඩදාන්න අමාරුද?“

    හොඳම සිද්ධියේ අන්තිම හරියෙදි නෙත්මි ඇවිත් මම හිටපු හීන ලෝකෙන් මම අල්ලලා පොලවේ ගැහුවා වගේ කරා. මම පියවි ලෝකෙට ආවේ ඒ වෙලාවේ තමයි.

    “හ්ම්ම්..බැරි වෙන එකක් නෑ..දැන් දාලා බලමු“

    වයර් ටික හරියට හදලා ටී.වී එක දාලා බැලුවා. එතකොට ජිත්මි සාලේ ඈත කෙලවර පුටුවක වාඩිවෙලා පොතක් කියව කියව හිටියා. ටී.වී එක යන්තම් හරි වගේ. මම සේරම ඉවර කරලා නැගිට්ටා.

    “ආ හරි වගේ නේද?..දිස්නක අයියා දස්සයා..මරු මරු..“

    නෙත්මි හරි සන්තෝසෙන් අත්පුඩියක් එහෙම ගහලා කිව්වා. මම හීන් හිනාවක් දාලා ජිත්මි දිහා බැලුවා. එයානම් කිසිම ප්‍රතිචාරයක් පෙන්නුවේ නෑ.

    “පොඩි ප්‍රශ්නයක් තිබුණේ නංගි“

    “හරි හරි...කොහොමහරි ගොඩනේ වැඩේ..ඒක නෙවෙයි කොහොමද අපේ අක්කගේ තේ එක?“

    එතකොට ඒ තේක ජිත්මි හදපු එකක්. පුදුම දවසක්නේ අද. ජිත්මි හදපු තේකක් බිව්වා කියලා දැනෙනකොට ආයෙත් ඒ තේක බොන්න තිබුණානම් කියලා හිතුනා.

    “මරු නංගි..කියලා වැඩක් නෑ..මම එහෙම තේකක් බිව්වමයි“
    “අපෝ ඔච්චර බටර් ගාන්න එපා...අරයා උඩින් යාවි“

    එහෙම කියලා ජිත්මි හිනාවෙනකොට ජිත්මි යන්තම් ඔලුව උස්සලා බලලා නෙත්මිට එරෙව්වා.

    “පුතේ ගොඩක් ස්තූතුයි අනේ..මහන්සිවෙලා ඉන්න වෙලාවේ මේ උදව්ව කලාට“

    යන්න එලියට එද්දි ඇන්ටි ඇවිත් බොහොම ලෙංගතු විදියට කිව්වා.

    “ඒකට කමක් නෑ ඇන්ටි..මම ගිහින් එන්නම්...යන්නම් නංගි...“

    කට්ටියටම යන්නම් කියලා ගෙදර ආවේ හිතේ දාහක් දේවල් පුරවගෙන. ඇත්තමයි අදනම් මරු දවසක්.

    * * * * * * * *

    ඊට පස්සේ දවසේ හිතේ තිබුණ සතුටට මමයි, සමීරයි, ධනුෂ්කයි වැඩ ඇරිලා හවස මයුර එක පැත්තේ ගියේ සුපුරුදු සුප් එකකට වගකියන්න. හවස පහට විතර මූදු හුලඟ වැදි වැදි සුප් එකක් බොනකොට හරිම සැහැල්ලුවක් හිතට දැනුනා. යාළුවෝ දෙන්නට මම වෙච්ච දේවල් සැකෙවින් කියලා අදහස් බැලුවා.

    “අස්පට උඩු...උඹ එහෙනම් තැනට වෙලාවට නියම ක්‍රමේට වැඩේට බැස්සා...මගේ සුබ පැතුම් මස්සිනා“

    ධනුෂ්ක මට අතට අත දීලා හිනාවුනා. සමීරයා කින්ඩි හිනාවක් දාගෙන මගේ දිහා බලාගෙන සුප් එකේ මස් කට්ටක් හොයනවා.

    “තැන්ක්ස් මචං..සමීර උඹත් මොනවාහරි කියපන්“

    “මම ඉතින් මොනවා කියන්නද..ඔහොම ගිහින් තව ටික දවසකින් උඹ ඒ උත්තමාවිය දාගනීවි...තනිකඩ මට යන කල මොකක්ද බං...මට වෙන්නේ කෑල්ලක් නැති මට ලෑල්ලත් සැපයි කියලා මාළු ලෑල්ලක නිදාගන්න තමයි“
    සමීරයගේ කතාවට අපි දෙන්නටම සුප් හරිවුනා.

    “මචං...මම ගොඩ ගියොත් එහෙම සිරාවට මම නෙත්මිට වචනයක් දාලා බලන්නම්..හැබැයි ඉතිං උඹ ඇස්ගහලා කාඩ් කුඩු කරගෙන තියෙන්නේ..කොහොමද කටක් ඇරලා ඒ ගැන කතා කරන්නේ“

    “ඒකත් ඇත්ත තමයි...කෝක වෙතත් උඹ ඔට්ටුව ගොඩ දාගනින්..මම මේ දවස්වල දිලූප උඹට හොයලා දෙන්න විදියක් හොයනවා..මගෙනුත් හෙල්ප් එකක් තියෙන්න එපායැ“
    “ඒකනම් එල වැඩක් මචං..දිගටම හොයලා බලපන්“

    * * * * * * *

    ඔට්ටුවට මාසයක්ම පිරුණා. ඒ හරියටම පෝය දවසේ. නිවාඩු ලැබුන හින්දා ගෙදරට වෙලා පොතක් කියවන්න ගත්තා. නවයට හරියට අරලිය ගහ මන්දිරේ බණ. නැන්දා ජනාධිපති තුමා වාඩිවෙන්නත් කලින් බණට වාඩිවෙනවා. ඒ වගේම සද්දෙට සාධුකාර දීලා බණත් අහනවා. මේ පෝයට සිල් ගන්න බැරිවුනාට නැන්දා නිතර සිල් ගන්නවා. මමත් පොත කියවන ගමන් බණ අහගෙන හිටියේ.

    “කොහෙද දරුවෝ මේ පෝය දවසේ යන්න හදන්නේ“

    “අනේ අම්මේ මම අම්මට ගිය සතියෙත් කිව්වේ..අද ක්ලාස් එකේ බණක් කියනවා...අපි සේරම යනවා “

    එහා ගෙදර ඇන්ටියි ජිත්මියි අතර සිද්ධවෙන කතාව හොඳට මට ඇහුනා. ජිත්මි පෝයට පින් කරගන්න යන්න වගේ.

    “හා කමක් නෑ..යාළුවත් ආව එකේ ගිහින් එන්නකෝ“

    “හා අම්මේ“

    ජිත්මි ටවුන් යන්න. ඒ එක්කම හදිසියේ හිතට ආවේ මාත් ගියානම් හොඳයි කියලා.ඒත් කෝ ලේස්ති වෙන්න වෙලාවක්. දඩි බිඩි ගාලා ඩෙනිමක් දාගෙන ටී ෂර්ට් එකකුත් දාගත්තා..කොණ්ඩේ අතින් හදාගෙන පර්ස් එකත් අතට අරගෙන සාලේ මැදින් ආවා.

    “චූටි පුතා මේ පෝය දවසේ කොහේ යන්නද“

    නැන්දා වැඳගෙනම මගෙන් ඇහුවා. මම හිනාවක් දාලා ඇත්තම කිව්වා.

    “මම ටවුන් එකට යනවා නැන්දේ“

    එතනින් එහාට නැන්දා කිසිදෙයක් ඇහුවේ නෑ. මම දුවගෙන පාරට යද්දි ජිත්මි යාළුවෙක් එක්ක බස් හෝල්ට් එක පැත්තට යනවා. මම පුබුදු මාවත දිගේ ඉක්මණ් ගමනින් ඒ දෙන්න පස්සෙන් ගියා.

    බස් එකට නගිද්දි ජිත්මි මාව දැක්කා. හීන් හිනාවක් මූණට ආවත් ඒක පෙන්නුවේ නෑ. බස් එකේදී ජිත්මි මට පේන දුරින් හිටියා. එයා යාළුවා එක්ක ලොකු කතාවක හිටියේ. මම ඉතින් ඒ කතාවට බාධාවක් නොවන විදියට බලාගෙන හිටියා.

    බස් එකත් හිමින් හිමින් ස්ටෑන්ඩ් එකට ආවා. ජිත්මි යාළුවත් එක්ක බැහැලා බීච් රෝඩ් එක පැත්තෙන් ක්ලාස් එකට යනවා. දැන් තමයි මතක් වුනේ දුවගෙන ආවට දැන් ඉතින් මේ බණ ඉවරවෙනකං කොහේද ඉන්නේ. යන්න තැනකුත් නෑ. ඒ මදිවට කීයට බණ ඉවරවෙනවද කියලා දන්නෙත් නෑ.

    කමක් නෑ බණක් උපරිම පැයක් දෙකක් යාවිනේ බීච් එකට වෙලා ටිකක් චාටර් කනවා. වපුරන තරමටනේ ඉතින් අස්වැන්න ලැබෙන්නේ. මම එහෙම හිතලා බීච් එකට වෙලා මුහුද දිහා බලාගෙන හිටියා. එහෙම ඉන්නකොට වෙලාව යනවා දැනෙන්නේ නෑ. හිතේ තිබුණ ගොඩක් දේවල් ඒ හුලගේ පාකරලා යවන්න පුළුවන්. මම පැයක් එකහමාරක් විතර එහෙම ඉන්න ඇති, විටින් විට හැරිලා ඇලෙක්සැන්ඩ්‍රා ක්ලාස් එක දිහා බැලුවේ බණ ඉවරවෙලා ළමයි යනකන්. පැය එකහමාරකට පස්සේ ලමයි එක්කෙනා දෙන්නා සුඳු ඇඳගෙන ක්ලාස් එකෙන් බැහැලා යන්න පිටත් වුනා. එහෙනම් ජිත්මිත් දැන් ඒවි කියලා හිතලා මම එයාට නොපෙනෙන් දුරින් ඉස්සරහට ගියා.

    නාඳුනන සෙබලාගේ පිලිමේ ගාව නවත්තලා තිබුණ ඩීමෝ බට්ටා එකකට මුවාවෙලා මම හොරා පොලිස් කරනවා වගේ වැල්ල පාර දිහා බලන් හිටියේ ජිත්මි එනකං..ටික වෙලාවටක පස්සේ ජිත්මි එනවා තව යාළුවෝ දෙන්නෙක් එක්ක.එක්කෙනෙක් පුරුදු යාළුවා, උදේ ගෙදර ඉඳන් ආවෙත් එයත් එක්ක.අනිත් කෙනා දැකලා පුරුදු නෑ. ඒ යාළුවා ටිකක්දුර ඇවිත් මාකට් පාරෙන් හැරිලා ගියා. ජිත්මි යාළුවා එක්ක හිමින් හිමින් ස්ටෑන්ඩ් එක පැත්තට ආවා. මාකට් එක ගාව රේස් බුකිය ගාවට ජිත්මිලා එද්දිම කොහේද ඉඳලා ආපු බයික් එකක් ජිත්මියි යාළුවයි ගාව බ්රේක් කරලා නතර කරා. ජිත්මි එකපාරටම ඒ පැත්ත හැරිලා බැලුවා, හෙල්මට් එක ගැලෙව්වා...ඒ හිටියේ දිලූප.. දිලූප දැක්කම ජිත්මිගේ මූණ කලබල ස්වරූපයක් පෙනුනා. ජිත්මිගේ යාළුවනම් දිලූප දැකලා උඩපැනලා කෑ ගැහුවේ නැතුව විතරයි. දිලූප බයික් එකේ ඉඳගෙනම දෙන්නා එක්කම කතා කලා.ජිත්මිත් වචනයකින් දෙකකින් උත්තර දුන්නා. ටිකකින් ජිත්මි යාළුවත් එක්ක දිලූපත් ස්ටෑන්ඩ් එක පැත්තට යන්න ගත්තා. තුන්දෙනාම කධිර කැෆේ එක ඉස්සරහ නතරවුනා. දිලූප බයික් එක නතර කරලා ගෑණු ළමයි දෙන්නා එක්ක කැෆේ එක ඇතුලට ගියා.

    වෙන්නේ මොකක්ද කරන්න පුළුවන් මොනවද කියලා මට හිතාගන්න බැරිවුනා. එතනටම වෙලා ගල්ගැහිලා වගේ වෙන දේවල් බලාගෙන හිටියා. කධිර කැෆේ එකේ වීදුරුවෙන් සිද්ධවෙන හැමදේම මට පෙනුනා. ඒ හැමදේම හදවත පසාරු කරගෙන යන දේවල් වුනත් අමාරුවෙන් බලං හිටියා. ජිත්මියි යාළුවයි දිලූපයි තුන්දෙනාම එකම ටේබල් එකක වාඩිවෙලා කූල් ඩ්‍රින්ක්ස් ගෙන්න ගත්තා. තුන්දෙනාම ලොකු කතාවකට බැහැලා හිටියා. ජිත්මිත් හොඳට හිනාවෙලා දිලූප එක්ක කතා කලා. දිලූපගේ ඇස් තිබුනේ ජිත්මි දිහාවටමයි.

    ටිකකින් ජිත්මිගේ යාළුවා ජංගම දුරකතනෙත් අරන් නැගිටලා ටිකක් එහාට ගියා. හරියට ජිත්මිටයි දිලූපටයි ටිකක් නිදහසේ තනිවෙන්න ඉඩදෙන්න වගේ..දිලූප බොහොම ලංවෙලා ජිත්මි එක්ක කතාකලා.ජිත්මිත් හොඳට දිලූප එක්ක කතාකර කර හිටියා...දෙයියනේ මම මේ දකින්නේ හීනයක්ද..මගේ හිත කියාගන්න බැරි තරම් අසරණ වුනා..ඒ දෙන්නා මැදට ගිහින් ජිත්මිව අතින් ඇදගෙන එක්කගෙන එන්න හිතුනා..ඒත් හිත කියන හැමදේම කරන්න බෑ කියලා මට තේරුනා..ඒ දෙන්නා බොහොම ලංවෙලා කතාකරන විදිය තවදුරටත් බලන් ඉන්න මගේ හිත ඉඩදුන්නේ නෑ..ඒත් ජිත්මි මෙහෙම හිටිද්දි යන්න කකුල් දෙක සූදානම් නෑ වගේ..ඒත් තවදුරටත් බලාගෙන ඉන්න බැරි නිසා මම කිසිම දෙයක් නොහිතා ස්ටෑන්ඩ් එක පැත්තට යන්න ගියා.