පටිච්ච සමුප්පාදය පොතක් කියවපන්.. ගොඩක් හාමුදුරුවරු ලියපු පොත් තියෙනවා.. තමන්ට සරලව තේරුම්ගන්න පුලුවන් විදියට ලියල තියෙන පොතක් ඉස්සල්ල කියවපන්.. කෝකෙත් තියෙන්නේ එකම දේ..
උබේ ප්‍රශ්නේට උත්තරේ නම් මේ ලෝකෙට බිහිවීමේ සිට බොහෝ සිද්දි වලට හේතුව පෙර කරන ලද පින් පවු සහ කුසල් අකිසල්.. උදාහරනයක් විදියට උබට කවදාවත් ම රස කෑමක් කන්න හම්බ වෙන් නැත්තේ පෙර කරපු අකුසලයකින් වෙන්න පුලුවන්.. එතකොට අර අකුසලයේ බලවත් කම මත ,උබ කොතරම් වීර්ය කරත් කවදාවත් උබට රස කෑමක් කන්න වෙන් නෑ.. ඒකෙම අනිත් පැත්ත උබ බලවත් කුසලයක් කරල නම් (බොහෝ විට පිනක්) උබ මහ මගට වැටුනත් උබට රස කෑම නම් වරදින්නේ නෑ.. කෑම උදාහරනයට ගත්තා පමනි.. ඉතුරු සියලු දේ සඳහාද මෙය අදාලයි.. ඒකයි බුදුහාමුදුරුවෝ කිවුවේ පින නම් මග වියදමයි කියල.... ඉතින් උබේ ඊලග ආත්මේ ගමන සැපවත්ව ගතකරනවාද දුබරව ගතකරනවාද කියන එක උබේ දැන් ක්‍රියාව විතුවිලි මත පදනම් වෙනවා.. තව එකක් උබ අහල තියෙනවා නේ මම නෙමේ නම් එතන ඉන්නේ ඇයි මම ඒ ගැන හිතන්නේ කියල, උබ වර්තමානයේ මෙතන හිටියට ස්වරූපය වෙනස් උබම තමා අනාගතේත් ඒවාට මූන දෙන්නේ.. උබ හරියට ඔය අහ්න්නේ මිනිහෙක් ජීවුතාන්තය දක්වා හිරේ ගියාම, අර එලියේ හිටපු එකා කරපු වැරදිවලට මම දුක් විදින්නේ ඇයි වගේ කතාවක්...