මම හිතුව ඔය ප්‍රශ්නෙ අහයි කියලuba dan igena ganne ai? ilaga jiwite gena hitalada? nattam me jiwite gena hitalada?
මම හිතනව මේ මේ මොහොතෙ අපිට හිත් ඇතිවෙන්නෙ විපාක ශක්තිය විසින් අභ්‍යන්තර සහ බාහිර ආයතන ස්පර්ශ කරවීමෙන් බව ඔබට තේරෙනව ඇති කියල. ඒ කියන්නේ ඇස සහ රූපයක් ස්පර්ශ වීමෙන් සිතක් උපදිනව. මේ විදියට ඉතා සුළු මොහොතකදී සිත් විශාල ප්‍රමානයක් උපදිනව අපි ඒවායින් එකක් ගනිමු ලේසියට.
දැන් මේ හිත උදාවුනේ යමක් දකින්න, එහෙනම් දකින කෙනෙක් ඉන්න ඕනි සහ දකින දෙයක් තියෙන්න ඕනි. මේ දකින කෙනා තමයි මම කියල ඇතිවන හැගීම, සහ දකින දෙය කිසියම් බාහිර දෙයක්. මම කවුද යන්නත්, බාහිර දෙය කුමක්ද යන්නත් හදුනා ගැනීම නාම ගෝත්‍ර හා සම්බන්ධ වුනු වෙනම ක්‍රියාවලියක්. ඉතින් මේ ඇතිවුන මම, හිත වැය වීමත් සමග නැතිවෙලා යනවා. ඉතින් මෙය ඉතාම වේගයෙන් සිදුවන විට විශාල සිත් ප්‍රමානයක් ගොඩනැගිල මම කියල කෙනෙක් ඔලාරිකව, නොකඩවා විද්‍යමාන වෙනව, නමුත් මේක හැගීමක් විතරයි. මේක සමහර අය මේකට සිත් වැලක් නැත්නම් සිත් පරම්පරාවක් කියල කියනව.
මේ විදිහට ඔබේ මනට ඉගනීම පිලිබඳ අරමුණක් ස්පර්ශ වීමෙන් මම සහ ඉගනීම කියන දෙක විද්‍යමාන වෙනව, මෙතනින් නැවතුනොත් ඔබ ඉගෙන ගන්න මහන්සි වෙන්නේ නැ. නමුත් පෘතක්ජනයන් මෙතැන් නවතින්නේ නැ, ඒ අයට ඉගනීම දැනගැනීමත් සමග අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන තව හිත් ඇතිවෙනවා, එවිට ඇතිවෙන මම'ට හැගෙනවා ඉගෙනීම සාරවත් දෙයක් කියලා, ඉතින් ඔහොම තමයි මම ඇතුළු සියලු දෙනා ඉගෙන ගන්න පෙලබුනේ
Last edited:
