ආයෙ ඉපදෙන්නෙ "මම" නෙමෙයි නම්, ආයෙ ඉපදුනාම මට මොකද? [Buddhism]

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    uba dan igena ganne ai? ilaga jiwite gena hitalada? nattam me jiwite gena hitalada?
    මම හිතුව ඔය ප්‍රශ්නෙ අහයි කියල 😉 . මම ඉගෙන ගන්නේ ඇයි කියල බලමු:

    මම හිතනව මේ මේ මොහොතෙ අපිට හිත් ඇතිවෙන්නෙ විපාක ශක්තිය විසින් අභ්‍යන්තර සහ බාහිර ආයතන ස්පර්ශ කරවීමෙන් බව ඔබට තේරෙනව ඇති කියල. ඒ කියන්නේ ඇස සහ රූපයක් ස්පර්ශ වීමෙන් සිතක් උපදිනව. මේ විදියට ඉතා සුළු මොහොතකදී සිත් විශාල ප්‍රමානයක් උපදිනව අපි ඒවායින් එකක් ගනිමු ලේසියට.
    දැන් මේ හිත උදාවුනේ යමක් දකින්න, එහෙනම් දකින කෙනෙක් ඉන්න ඕනි සහ දකින දෙයක් තියෙන්න ඕනි. මේ දකින කෙනා තමයි මම කියල ඇතිවන හැගීම, සහ දකින දෙය කිසියම් බාහිර දෙයක්. මම කවුද යන්නත්, බාහිර දෙය කුමක්ද යන්නත් හදුනා ගැනීම නාම ගෝත්‍ර හා සම්බන්ධ වුනු වෙනම ක්‍රියාවලියක්. ඉතින් මේ ඇතිවුන මම, හිත වැය වීමත් සමග නැතිවෙලා යනවා. ඉතින් මෙය ඉතාම වේගයෙන් සිදුවන විට විශාල සිත් ප්‍රමානයක් ගොඩනැගිල මම කියල කෙනෙක් ඔලාරිකව, නොකඩවා විද්‍යමාන වෙනව, නමුත් මේක හැගීමක් විතරයි. මේක සමහර අය මේකට සිත් වැලක් නැත්නම් සිත් පරම්පරාවක් කියල කියනව.

    මේ විදිහට ඔබේ මනට ඉගනීම පිලිබඳ අරමුණක් ස්පර්ශ වීමෙන් මම සහ ඉගනීම කියන දෙක විද්‍යමාන වෙනව, මෙතනින් නැවතුනොත් ඔබ ඉගෙන ගන්න මහන්සි වෙන්නේ නැ. නමුත් පෘතක්ජනයන් මෙතැන් නවතින්නේ නැ, ඒ අයට ඉගනීම දැනගැනීමත් සමග අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන තව හිත් ඇතිවෙනවා, එවිට ඇතිවෙන මම'ට හැගෙනවා ඉගෙනීම සාරවත් දෙයක් කියලා, ඉතින් ඔහොම තමයි මම ඇතුළු සියලු දෙනා ඉගෙන ගන්න පෙලබුනේ 🙂
     
    Last edited:
    • Like
    Reactions: aneasarayana

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මම කියල කෙනෙක් නැහැ කියන්නෙ ඇයි? :eek:
    එකදිගට පවතින මම කියල සත්වයෙක්, පුද්ගලයෙක් නැහැ කියල කියන්නේ, මොහොතක් පාසා ඇතිවන මම ඇතද? මම නැතද? යන ප්‍රශ්න දෙකම දහමට අනුව වැරදියි. මේ නිසා මම ඇත යන අන්තය ගැනත් මම නැත යන අන්තය ගැනත් දැනට වැඩිය හිතන්න එපා.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    එකදිගට පවතින මම කියල සත්වයෙක්, පුද්ගලයෙක් නැහැ කියල කියන්නේ, මොහොතක් පාසා ඇතිවන මම ඇතද? මම නැතද? යන ප්‍රශ්න දෙකම දහමට අනුව වැරදියි. මේ නිසා මම ඇත යන අන්තය ගැනත් මම නැත යන අන්තය ගැනත් දැනට වැඩිය හිතන්න එපා.
    ඔබ හරි යාළුවා. මමෙක් කියා කෙනෙක් ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ. හරියට qubit එක වගේ. මොකද මම කියලා කෙනෙක් ගත්තොත් මමත්වය ඇති වෙනවා. නැහැමයි කියන්න බෑ මොකද කවදා හරි නිවන් දකින්නේ එදා ඉන්න මමනේ. අල්ලපු ගෙදර එකා නෙවෙයිනේ.
     
    • Like
    Reactions: MalSeven

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,341
    2,205

    ඇත නැත අන්ත දෙකම ප්‍රතික්ෂෙප කල දර්මයෙ, කොහෙද තියෙන්නෙ මමෙක් කියා කෙනෙක් ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ, / නැහැමයි කියන්න බෑ කියල?

    එකදිගට පවතින මම කියල සත්වයෙක්, පුද්ගලයෙක් නැහැ කියල කියන්නේ, මොහොතක් පාසා ඇතිවන මම ඇතද? මම නැතද? යන ප්‍රශ්න දෙකම දහමට අනුව වැරදියි. මේ නිසා මම ඇත යන අන්තය ගැනත් මම නැත යන අන්තය ගැනත් දැනට වැඩිය හිතන්න එපා.

    මෙතන ගටලු දෙකක් තියෙනවනෙ. "එකදිගට පවතින මම කියල සත්වයෙක්, පුද්ගලයෙක් නැහැ කියල කියන්නේ" කියපු ගමන්ම එක දිගට නොපවතින මමක් ගැනනෙ කියවෙන්නෙ.

    අනික ඔබ තුමාම "මම ඇතද? මම නැතද? යන ප්‍රශ්න දෙකම දහමට අනුව වැරදියි" කියල, පවතින මමක් නැ කියල ඊට උඩින් කියල තියෙනව. ඒ මොහොතෙ මම නැ කියන එක වරදි නම් පවතින මමක් නෑ කියන එක හරි වෙන්නෙ කොහොමද මහත්ත්යො?

    මම කියල කෙනෙක් නැහැ කියන්නෙ ඇයි? :eek:

    මම කියල කෙනෙක් නැහැ කියල නෙවේ කියන්නෙ. මම කියල ගන්න දෙයක් නෑ කියල. ඒ දෙකේ ලොකු වෙනසක් තියෙනව. ඔබතුමට සැබැ උවමනවක් තියෙනව නම් මේ ගැන දැනගන්න කියන්න. මම වෙලව තිබුන වෙලවට විස්තර කරල පොස්ට් රිප්ල්ය් එකක් දාන්නම්.
    ------ Post added on Jun 6, 2022 at 11:09 AM
     
    • Like
    Reactions: Miami-Vice

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    ඇත නැත අන්ත දෙකම ප්‍රතික්ෂෙප කල දර්මයෙ, කොහෙද තියෙන්නෙ මමෙක් කියා කෙනෙක් ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ, / නැහැමයි කියන්න බෑ කියල?

    මෙතන ගටලු දෙකක් තියෙනවනෙ. "එකදිගට පවතින මම කියල සත්වයෙක්, පුද්ගලයෙක් නැහැ කියල කියන්නේ" කියපු ගමන්ම එක දිගට නොපවතින මමක් ගැනනෙ කියවෙන්නෙ.

    අනික ඔබ තුමාම "මම ඇතද? මම නැතද? යන ප්‍රශ්න දෙකම දහමට අනුව වැරදියි" කියල, පවතින මමක් නැ කියල ඊට උඩින් කියල තියෙනව. ඒ මොහොතෙ මම නැ කියන එක වරදි නම් පවතින මමක් නෑ කියන එක හරි වෙන්නෙ කොහොමද මහත්ත්යො?

    මම කියල කෙනෙක් නැහැ කියල නෙවේ කියන්නෙ. මම කියල ගන්න දෙයක් නෑ කියල. ඒ දෙකේ ලොකු වෙනසක් තියෙනව. ඔබතුමට සැබැ උවමනවක් තියෙනව නම් මේ ගැන දැනගන්න කියන්න. මම වෙලව තිබුන වෙලවට විස්තර කරල පොස්ට් රිප්ල්ය් එකක් දාන්නම්.
    ------ Post added on Jun 6, 2022 at 11:09 AM

    ස්තුතියි, වැඩිදුර විස්තර දැනගන්න කැමතියි
     
    • Like
    Reactions: ek_rosh

    අනේ මන්ද, ඔබතුමා හරි ඇති. මම කියල ගන්න දෙයක් නෑ කියනකොට ඔබතුමා අර කිව්ව වගෙ මම කියල ගන්න දෙයක් තියනව කියල ගම්‍ය වෙන්නෙ නැද්ද? මම කියල ගන්න හරි නොගන්න හරි කෙනා කව්ද? එහෙම කෙනෙක් නැතනම් අයෙත් මේ යන්නෙ මම නැත කියන තැනටම නෙමෙයිද? කරුණාවෙන් පැහදිලි කර දෙන්න.
     
    මෙතන මම කියල කෙනෙක් නෑ කියන්නෙ, මම කියල ගන්න කෙනෙක් (දෙයක්) ඉන්නව/තියෙනව, එහෙම කෙනෙක් නෑ කියල හරි මම කියල ගන්න කෙනෙක් (දෙයක්) ඉන්නව/තියෙනව එහෙම කෙනෙක් ඉන්නව කියල හරි නෙ. ඔය දෙකම දුෂ්ටි දෙකකටනෙ වැටෙන්නෙ.

    මම කියල ගන්නම දෙයක් නති නම්, තියෙන දෙයක ඉන්නව හරි නෑ හරි කියන දෙකටම වටෙන්නෙ නෑ නෙ.

    මෙක වචනයෙම ඇත නැත කියල ගන්නෙ නැතුව අදහස තෙරෙනවද කියල බලන්න.
     
    ඔබතුමාගේ පිළිතුරට පිං, මට තියෙන ප්‍රශ්නය තමයි මේ "මම කියලා ගැනීමට දෙයක් නැ" කියනකොට "ගැනීමට " කියන්නේ ක්‍රියාවක්නෙ ඉතින් ඒක කරන කෙනෙක් ඉන්නව කියල ගම්‍ය වෙන එක. කෙලින්ම මම ඇත සහ නැත කියන දෙකම අදාළ හෝ තාත්වික නෑ කිව්වනම් හරි කියල මට හිතෙන්නෙ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,341
    2,205
    113
    ඔබතුමාගේ පිළිතුරට පිං, මට තියෙන ප්‍රශ්නය තමයි මේ "මම කියලා ගැනීමට දෙයක් නැ" කියනකොට "ගැනීමට " කියන්නේ ක්‍රියාවක්නෙ ඉතින් ඒක කරන කෙනෙක් ඉන්නව කියල ගම්‍ය වෙන එක. කෙලින්ම මම ඇත සහ නැත කියන දෙකම අදාළ හෝ තාත්වික නෑ කිව්වනම් හරි කියල මට හිතෙන්නෙ.

    කියපු දේ ඔබතුමට පැහැදිලි වෙලා නෑ වගේ. ගන්න බැරි දෙයක් තියෙන විදිහට ගන්නෙ විජ්ජනයනෙ, කෙනෙක් නෙවේ. මම ඒකට උදාහරනයක් දාන්නම්.

    කෙලින්ම මම ඇත හෝ නැත කියන්නෙ බෑනෙ හෙතුවක් නැතිව. ඒ හෙතුව තමයි මම පැහැදිලි කරන්න උත්සාහ කලේ. ඔබ තුමා හිතන්නෙ මොකක්ද හෙතුව ඇයි මම ඇත සහ නැත කියන දෙකම වරදි වෙන්න?
     
    Darkrange

    Active member
  • Dec 7, 2020
    188
    115
    43
    ඔය වගේ පට්ට බොරු පස්සෙ යන නිසා තමයි රට හිඟමනට වැටුනෙ
    :yes: :yes::yes:

    මම දන්න තරමින් බුදු දහමෙ මම ඇත හෝ නැත කියා කොහෙවත් කියා නැත. ඒ දෙකම උච්චෙද හෝ සාස්වත දුෂ්ටි වලට තම්යි වැටෙන්නෙ.

    අනික දන්නෙ නැති ගිය අත්මයක් ගැනය් මතු ආත්මයක් ගැන හිතන්නෙ අයි? ඔයාට මේ අත්මයෙ කිසිම දුකක් නැද්ද?

    අන්න ඒක නැති කරන විදිහ තමයි ධර්මයෙ කියල දෙන්නෙ.

    අනික ඔයා කවුද කියල හරියටම දැන ගත්ත දවසට ගිය අත්මයක් ගැනය් මතු ආත්මයක් ගැන ප්‍රශ්නයක් ඔයාට ඇති වෙන්නෙත් නෑ

    පට්ට පල් බොරු බුද්දහගම කියල හිතල ඒවා පස්සෙන් යන එක තමයි අවුල
    ------ Post added on Jun 2, 2022 at 10:28 AM
    Meka tamai thiththa atta :yes:
    ------ Post added on Jun 7, 2022 at 6:46 AM
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    කියපු දේ ඔබතුමට පැහැදිලි වෙලා නෑ වගේ. ගන්න බැරි දෙයක් තියෙන විදිහට ගන්නෙ විජ්ජනයනෙ, කෙනෙක් නෙවේ. මම ඒකට උදාහරනයක් දාන්නම්.
    හොඳමයි, බොහොම පිං

    කෙලින්ම මම ඇත හෝ නැත කියන්නෙ බෑනෙ හෙතුවක් නැතිව. ඒ හෙතුව තමයි මම පැහැදිලි කරන්න උත්සාහ කලේ. ඔබ තුමා හිතන්නෙ මොකක්ද හෙතුව ඇයි මම ඇත සහ නැත කියන දෙකම වරදි වෙන්න?
    මට තරමක් පැහැදිලියි ඔබතුම කියන දේ.
    ඉතාම සරලව කිව්වොත්, මම නැත කියන්න බැරි සම්මුතියක් වශයෙන් මම තියෙන නිසා, මම ඇත කියන්න බැරි පරමාර්ථ වශයෙන් මම නැති නිසා. මම දන්නව මෙතනින් එහාටත් මේක කියන්න පුළුවන් නමුත් වචන වලින් කියන්න ටිකක් අමාරුයි.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,341
    2,205
    113
    ස්තුතියි, වැඩිදුර විස්තර දැනගන්න කැමතියි

    pahala dala tiyena udaharanaya terenawada balanna

    හොඳමයි, බොහොම පිං

    මට තරමක් පැහැදිලියි ඔබතුම කියන දේ.
    ඉතාම සරලව කිව්වොත්, මම නැත කියන්න බැරි සම්මුතියක් වශයෙන් මම තියෙන නිසා, මම ඇත කියන්න බැරි පරමාර්ථ වශයෙන් මම නැති නිසා. මම දන්නව මෙතනින් එහාටත් මේක කියන්න පුළුවන් නමුත් වචන වලින් කියන්න ටිකක් අමාරුයි.

    නැහැ, ඒක නෙවේ මම කියන්නෙ. සම්මුතින් තියෙන්නෙ උපදනස්කන්දය අතුලෙනෙ. මේ කතා කරන්නෙ පරමාර්තව. මේක කියන්න අමාරු ගන්න තියෙන උදහරනයත් උපාදන ස්කන්දය් තියෙන එකක් නිසා. එහෙම නැත්තම් ලෞකික නිසා.

    මෙහෙම උදාහරනයක් ගන්න:

    හිතන්න මේ ලොකයෙ කවදවත් නොතිබෙන සතෙක් (මේක කරන්න පුලුවන් දෙයක් නෙවේ, බ්ට් උදාහරනයකට ), අපි ඌට නමක් දෙමු ඇල්බ කියල. මෙහෙම සතෙක් මේ ලොකෙ හීනෙන් වත් ගන්න බෑ හරිනෙ.

    දැන් හිතන්න කෙනෙක් අහනව කාමරයක් පෙන්නල, මේක ඇතුලෙ ඇල්බ ඉන්නවද කියල?

    දැන් මම ඔව් කිව්වොත් එකෙන් ගම්ය වෙනව ලොකයෙ ඇල්බ කියල සතෙකුත් ඉන්නව, ඒ සතා මේ කාමරෙත් ඉන්නව. මේක පැහදිලිවම වරදි කියල කාටත් තෙරෙනවනෙ.

    දැන් මම නෑ කිව්වොත් ඒකෙන් ගම්ය වෙනව ඇල්බ කියල සතෙක් මේ ලොකයෙ ඉන්නව, නමුත් ඒ සතා මේ කමරයේ නෑ කියල. මේකත් වරදිනෙ.

    මේකෙන් තෙරෙන්න ඔනි ඔය අහන ප්‍රශ්නෙට ඔව් කිව්වත් වරදි, නෑ කිව්වත් වරදි මොකත ඒ පිලිතුරු දෙකටම ඇල්බ කියල කෙනෙක් ලෝකයෙ ඉන්න්ව කියල ගන්න පුලුවන් කියන මූලික රාමුවෙ ඉන්දල තම්යි උත්තර දෙන්නෙ.. කමරෙ අල්බ හිටිය දැන් නෑ.. දිගටම පවතින අල්බකෙනෙක් නෑ ඔය මොනව කිව්වත්, ලෝකයෙ අල්බ කෙනෙක් ඉන්නව කියනෙ බේස් එකෙ ඉන්දන් තමය් උත්තරය දෙන්න වෙන්නෙ. මුලික ප්‍රශ්නය අහන්නෙත් ඔය බේස් එකේම ඉන්දන්. එකයි ප්‍රශ්නයත් වරදි.

    මම ඉන්න නෑ කතාවත් ඔකම තමයි. මම කියල කියනකොටම ගන්න බැරි මමක් අරගෙන් ඉවරයි. ඊට පස්සෙ ඒක අත කිව්වත් නැත කිව්වත් වරදි.

    කෙනෙකුට කියන්න පුලුවන් උඩින් බලල අල්බ කියල ගත්ත ගමන්ම ඇත කියන අන්තය නේද කියල. එහෙමෙ නෙතුව උදහරනයක් ගන්න බෑ අර ඉස්සෙල්ල කිව්ව වගෙ. ඒක නිසා මෙකේ උඩින් තියෙන වචන වල අර්තයම විතරක් ගන්නෙ නතුව ගැම්බුරින් කල්පන කරල බලන්නෙ..මම කියන්න උත්සහ කරන දේ තෙරෙනවද කියල.
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    ඕකම ඒකාලෙත් එකෙක් ඇවිල්ල බුදුහාමුදුරුවොන්ගෙන් අහල තිබ්බ. ඒකට හොද උත්තරේකුත් දීල තිබ්බ.
     
    Understood, බොහොම පිං, මේ කියන්නෙ කොහොම ගත්තත් අපිට මම කියල entity එකක් reference කරන්න බෑ කියල (ඔබතුමා කියන විදියට මම කියලා ගන්න දෙයක් නෑ)
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,341
    2,205
    113
    Understood, බොහොම පිං, මේ කියන්නෙ කොහොම ගත්තත් අපිට මම කියල entity එකක් reference කරන්න බෑ කියල (ඔබතුමා කියන විදියට මම කියලා ගන්න දෙයක් නෑ)

    අන්න හරි. බුදු හාමුදුරුවො මේ කියන්නෙ අනිච්ච, දුක්ක, අනත්ත (මේ කියන්නෙ ආත්මයක් නෑ කියන එක නෙවේ, no self, ehema nattam empty by itself, shunya) ස්වභවයක් ඇති සන්කාර (රූප, චිත්ත, චයිතසික) ගොඩක ක්‍රියාකාරිත්වයක මමක් කියල ගන්න පුලුවන් කිසිම දෙයක් නෑ කියල.
     
    Last edited:
    • Like
    Reactions: MalSeven