පුප්‌ඵ සූත්රයමම දන්න තරමින් බුදු දහමෙ මම ඇත හෝ නැත කියා කොහෙවත් කියා නැත. ඒ දෙකම උච්චෙද හෝ සාස්වත දුෂ්ටි වලට තම්යි වැටෙන්නෙ.
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » ඛන්ධ වර්ගය » 1. ඛන්ධ සංයුක්තය » 5. පුප්‌ඵ වර්ගය
මහණෙනි, ලොව පණ්ඩිතයන් විසින් යමෙක් නැතැ යි සම්මත නම් මම ද එය නැතැ යි කියමි. මහණෙනි, ලොව යමෙක් පණ්ඩිතයන් විසින් ඇතැ යි සම්මත නම් මම ද එය ඇතැ යි කියමි.
අප්පමාද සූත්‍රය
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » සගාථා වර්ගය » 3. කෝසල සංයුත්‌තය » 2. අපුත්තක වර්ගය
මෙලොව යම් අභිවෘද්ධියෙකුත් වේ ද, පරලොව යම් අභිවෘද්ධියෙකුත් වේ ද, පණ්ඩිත තෙමේ නො පමා වූයේ ඒ දෙවැදෑරුම් අභිවෘද්ධිය ම ලබයි. ධෘතිසම්පන්න පුද්ගල තෙමේ අර්ථප්‍රතිලාභය හේතු කොට ගෙණ පණ්ඩිත ය යි කියනු ලැබේ.
