ලංකාවෙ ඉන්නවා, හොයාගන්න ලේසිම විදිය තමයි startup confernce එහෙම ගැන හොයලා ඒවට යන එක. ඒ ගොඩක් කන්ෆරන්ස් නොමිලේ නම් නැහැ, මහ ලොකු ගානක් වෙන්නෙත් නැහැ. සමහර ඒව වර්ක්ශොප් ටයිප් එකට තියෙන්නෙ, සමහර වෙලාවට හොටෙල් එකක් දවස් දෙකතුනක් නතර වෙලා තිබුනු ඒවත් තියනවා, ඒව නම් ඕගනයිස් කරන එවුන් සල්ලි ටිකක් ගරාගන්නත් එක්ක කරපුවා, ඒ උනාට ඒවයෙන් ඉගනගනිපුවා වටිනවා
ICTA එකෙන් හැම අවුරුද්දෙම Distrupt Asia කියලා කන්ෆරන්ස් එකක් තියනවා, ඒකට ගොඩක් ඉන්වෙස්ටර්ස්ලා එනවා, ස්ටාටප් කරන එවුනුත් එනවා, ගොඩක් පිටරට වලින් ස්ටාටප් ගොඩ දාපු ඩයල් එහෙම ඇවිත් උන් කරපු විදිය එහෙම කතා කරනවා, ඒව පට්ට වටිනවා
තව Angle hack කියලා එක්ක තියනවා, ඩයලොග් එකෙන් ස්පොන්සර් කරන්නෙ ඒක හැකතන් එකක් නමුත් ඒකට ඉන්වෙස්ටර්ස්ලා එනවා.
මම ඉස්සර නම් හොය හොය ගියා ඕවට, අයිඩියා එකක් නැතත් ඕවට ගියාම කන්ටැක්ට් එහෙම හැදෙනවා, දැන් නම් යන්නෙ නැහැ වෙලාවක් නැති නිසා
ඉන්වෙස්ටර් කෙනෙක් හොයන්න පට්ට සිරා බිස්නස් ප්ලෑන් එකක් තියෙන්න ඕන (පටන් ගනිපු දවසෙ ඉදන් අවුරුදු තුන හතරකට ප්ලෑන් එකක් හදලා කොයි තරම් රෙවෙනියු එකක් එයිද revenue forecasts etc , දැනට තියන ඒව එක්ක කම්පීට් කරන්නෙ කොහමද වගේ සෑහෙන දේවල් හිතලා හදන්න ඕන), විනාඩි 5ක 10කින් පිච් කරලා ඉන්වෙස්ටර්ට කන්වින්ස් කරන්න පුලුවන් වෙන්නත් ඕන. මොකද කවුරුවත් නිකන් කාටවත් බිස්නස් පටන් ගන්න කියලා සල්ලි දෙන්නෙ නැහැ
සාමාන්යෙන් ඉන්වෙස්ටර් කෙනෙක් ලක්ශයක් දෙකක් ඉන්වෙස්ට් කරන්නෙ නැහැ බන් ස්ටාටප් එකකට, මොකද ඒකෙනන් ඌට දැනෙන රිටන් එකක් නැහැනේ, අනික ගොඩක් ඉන්වෙස්ටර්ස්ලා බලන්නෙ ලොකු ගානක් වියදම් කරලා හරි ප්‍රොඩක්ට් එක ලොකුවට පෙන්නලා ඒකට මාකට් වැලියු එකක් ආපු ගමන් ලොකු ගානකට විකුනලා එක සැරේ ලාබයක් හොයන වගේ ප්ලෑන් වලට
මම හිතන්නෙ ඔය වගේ දේකට SME loan එකක් දාල කරගත්තා නම් හරි.