පෝරිසාදයා;20718835 said:1.හොරණ පොකුණුවිට බුරුම පන්සලට(රේරුකනේ චන්දවිමල මහ නාහිමි වැඩ සිටි ) අනුබද්ධ සඳවිමල සෙනසුන
2.ඉංගිරිය දොඹගස්කන්ද ආරණ්‍යය
3.ඉංගිරිය නාච්චිමලේ ආරණ්‍යය
4.බදුරලිය කලුගල ආරණ්‍යය
5.අම්බලන්ගොඩ ගල්දූව ආරණ්‍යය
6.රුවන්වැල්ල සල්ගල ආරණ්‍යය
7.මීතිරිගල නිස්සරන වනය
තව ගොඩක් තියෙනව, ලංකාවෙ කොයි ආරණ්යෙට ගියත් දානේ පූජා කරන්න දින වෙන් කරගත්තු කට්ටිය ඉන්නවා. ඔබ තුමාට පූජා කරනවනම් ඉතින් සීනි ,තේ කොල, සබන්, දත් බුරුසු, දත් බෙහෙත්, හාපික්,සන්ලයිට් කුඩු, රේසර්, ඉදල්, කොසු,වැසිකිලි සෝදන කොසු පැනඩෝල්, බාම් වර්ග,පැදුරු, පාපිසි, බිස්කට් වගේ දේවල් වලින් පුලුවන් ප්‍රමාණයක් අරගෙන ගිහින් එතන ඉන්න ලොකු හාමුදුරුවො හම්බ වෙලා පූජා කරන්න පුලුවන්, තව ලයිට් බිල්, ටෙලිෆොන් බිල් ගෙවන්නත් ගානක් දෙන්න පුලුවන්,පින සමානයි, මම ලන්කාවෙ ගොඩක් ආරණ්‍ය වලට ගිහින් දන් දෙන්නෙ මේ විදියට, යාලුවොත් එක්ක.
උඹට දානයක්ම ගන්න ඕනෙ නම් ඉතින් නම්බරේ හොයාගෙනා ආරණ්යෙන් අහපන් සමහර දවස් තියෙනවා දානෙ බාරගත්ත අයට මලගෙවල් එහෙම උනාම එහෙම දවසක් ඉතින් එන්නෙ කලාතුරකින්, අවුරුද්දකට පාරක් දෙන දානෙ කොහොම හරි දෙනව මිනිස්සු,, කලින් දවසේ හවස තමා බස් වලින් ආරණ්යෙට ඇවිත් රෑ නැවතිලා උයනවා,
බලාගෙන ගියාම පෝරිසාදයෝ පිං කරනවනේ මේ අපිට වැඩිය


