ආරියනන්ද දොඹගහවත්ත ආයෙත් දෙක-පුයි!

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ආරියනන්ද දොඹගහවත්ත ආයෙත් දෙක-පුයි!

    1.jpg

    2.jpg



    ඉරිදා ලංකාදීප කතෘ ආරියනන්ද දොඹගහවත්ත රාජපක්ශ රජයෙන් ඇති තරම් වාසි ගත්තෙකි. කලාවට කොලේවසා රාජපක්ශලාට, විශේෂයෙන්ම මහින්ද රාජපක්ශට කඩේ යන්නට දොඹගහවත්ත ඉතා දක්ශය.

    දොඹගහවත්තගේ ස්පෙශැල්ටි එක වෙන්නේ මහින්ද රාජපක්ශ ජනපතිට අවාසි වෙන ලෙස ජනමතය වෙනස්වන විට ඔහුගේ පුවත්පහේ "කරලියේ කථාබහ" දේශපාලන ඕපාදූප කොළමේ බොරු ගොතමින් රාජපක්ශ ජනපති සුදනා කිරීමය.

    දොඹහගවත්ත මේ සඳහා භාවිතාකරන්නේ ජනපති හා හිතවතුන්/මැති ඇමතිවරුන් අතර සිදුවුනා යයි පෙන්වමින් ඔහු කොලමේ දමන දෙබස්ය.

    ජනපති අරෙහෙම කිව්වා, එතකොට මෙයා මෙහෙම කිව්ව, ඊළඟට අනිත් ඇමතියා මෙහෙම කිව්ව කියමින් දොඹගහවත්ත පට්ට පල් බොරු පත්තරේ දමන්නේ හරියට මිනිහා කැබිනට් සාකච්චාව වෙලාවේ මේසේ යට ඉඳගෙන ඔක්කෝම කථාබහ රෙකෝඩ්කලා වගේය.

    මේ දෙබස් හොඳින් කියවූ විට වැටහී යන්නේ ඒවා, පොදු ජනතාව ආණ්ඩුවේ යම් දොසක්/වරදක් ගැන කතා කිරීමේදේ යොදාගන්නා දෙබස්ම වීමයි. දොඹගහවත්ත ජනතාව කථාකරන එම දෙබස් මැති ඇමතින් කටින් පිටවුනා සේ පෙන්වා, ජනපති කිව්වාසේ ජනතාව නගන ප්‍රශ්ණවලට පිළිතුරු දෙයි.

    මේ ලිපියේ බැනරය ලෙස දමා ඇත්තේ ජනපති මර්වින් ගැන වුනු සංවාදයකදී කිව්වා යයි දොඹගහවත්ත සෙනසුරාදා පිටවන මේ ඉරිදා ලංකාදීපයේ (15/08/2010) කියන දෙයකි.(දොඹගහවත්ත වෙන එකෙකු ලව්වා ලියනවන එකකි )

    දොඹගහවත්තගේ අරමුණ පැහැදිලිය. මේ දිනවල ජනපති මැර්වින්ට දුන් දඬුවම ගැන කතාකරයි. බොහෝ දෙනෙකු පවසන්නේ ජනපති මේ දඬුවම දුන්නේ අකමැත්තෙන්, නොදී බැරි තැන කියලායි.

    සුවච කීකරු කඩේයන්නෙකු ලෙස දොඹගහවත්තට උවමනා වන්නේ ජනපතිව මේ චෝදනාවෙන් ගලවාගැනීමටයි. එනම් ජනපති මර්වින්ට දඬුවම් දුන්නේ බැරිමතැන නොව කාටත් පොදු නීතිය අනුව බවයි.

    හැබයි මෙහිදී පැහැදිලි නොවන්නේ ගස්බැඳලා වැට පැන්න මර්වින්, රජයේ ආයතනයක් වන රූපවාහිනියට පැන යකා නටලා වැට පැන්නේ නැත්ද යන්නයි.

    දොඹයාට මේවාට උත්තර නැත.

    රූපවාහිණියට පැන යකා නැටුවත් මර්වින් ගැන පියවරක් නොගත් නිසා මිනිස්සු ජනපතිට බනින්නට පටන්ගත් විටත් දොඹගහවත්ත මෙවැනිම දෙබස් මෙහෙයුමකින් ජනතා විරෝධය අඩුකරන්නට "කරලියේ කතාබහ" කොළමෙන් කෑල්ලක් වෙන්කලේය.

    එහි කියවුන අන්දමට මර්වින්ගේ හැසිරීමට ජනපති තදින් මර්වින්ට බැනවැදුනේය. බැනවැදිල්ල අසාසිටි මර්වින් ජනපතිගේ දෙපා වැඳ "ආයෙත් එහෙම කරන්නේ නෑ!' කියල පොරොන්දු වුනාලු.

    දොඹයා කියු මේ ප්‍රබන්ධ පොරොන්දුවට පසු මර්වින් මොනතරම් ජඩ වැඩ කරාද?

    මේ ලියු දේවල් දොඹයාටවත් මතක ඇත්දැයි මට සැකය.

    http://sinhala-nazi.blogspot.com/2010/08/blog-post_14.html
     

    b0rnk!ll3r

    Well-known member
  • Feb 9, 2010
    1,824
    251
    83
    Naboo
    samantha4.deviantart.com
    දොඹයා කියු මේ ප්‍රබන්ධ පොරොන්දුවට පසු මර්වින් මොනතරම් ජඩ වැඩ කරාද?

    මේ ලියු දේවල් දොඹයාටවත් මතක ඇත්දැයි මට සැකය.

    :):):)