"ආලෝකෝ උදපාදී" නැරඹූවෙමි.

zen

Member
Apr 21, 2007
55
10
0
Sri Lanka
"ආලෝකෝ උදපාදී" නැරඹූවෙමි.

මුලින්ම කිව යුතු එක දෙයකි; එනම් කිසිදු ලජ්ජාවක් නැතිව ලංකාවේ "පීරියඩ් ෆිල්ම්" එකක් යැයි කියා එය ඕනෑම අයෙක්ට බැලීමට රෙකමන්ඩ් කළ හැකි ෆිල්ම් එකක් බව ය. චිත්‍රපටිය නරඹා අවසන බෝ හා හසිත සමග මධුවිතක් සමග කතා බහක නිරත වූ විට ද ඒත්තු ගියේ, මට හැඟුණු පරිද්දෙන් ම තාක්ෂණික භාවිතය අතින් ඉහළම තැනෙක ඇති, දුටු විගස, ලංකාවේ චිත්‍රපටියක් බව වැටහුණු වහාම, එකෙණිහි, "අම්මට උඩු" යැයි කියවෙන දර්ශන ද රූප රාමු ද සංගීතය ද එකට කැටි කොට ගෙන ඇති, දූපතේ ඇත්තන් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක් බව ය. වහා ගොස් ලජ්ජාවක් නොමැතිව ලංකාවේ චිත්‍රපටියක් නරඹා අනෙක් අයට ද එය නරඹන්නටැයි අරාධනා කිරීම වරදක් නැති ය.

ඒ කිව්වේ මේක තමයි බුදු අම්මෝ පට්ටටම පට්ට සෙනිකවම මයිල් ඉස්මයිල් වෙන මේ වගේ එකක් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ අනෙ අම්මෙහ් මේක තමා ඒක එකම එකම එකම එක චිත්‍රපටිය බව නොව, මෑතකදී සෑදුණු හුටස්පටස් රජ කතා නාට්ටි නාඩගම් සෙල්ලම් ගෙවල් වලට වඩා සෑහෙන උඩකින් ලස්සනට අයිඩියෝලොජි එකත් දවටාගෙනම ආතල් එකට නිර්මාණය කර ඇති ඉටිකිරිස් ලෙස වැඩමන්ට් පෙන්නන මෙවුවා එකක් කියලා බව සිහි තබා ගැනීම යෙහෙකි.

මේ නිර්මාණය අති සාර්ථක වීම මත හෝ, මීට ලැබෙන ප්‍රතිචාර මත හෝ තම තමන්ගේ සාර්ථකත්වය ගැන මිම්මක් ලබා නොගෙන තත්ත්වයෙන් උසස් නිර්මාණ ගෙන ඒමට නිර්මාණකරුවන් මහන්සිවනු ඇතැයි උදක් ම බලාපොරොත්තුවෙමින් ද (ඒ කිව්වේ මේක නිසා ඇඳ ගන්නේ නැති වෙයි කියලා හිතනවා කියන එක) මෙය හා ප්‍රතිචාර දකින අනෙක් නිර්මාණකරුවන්ට මෙම අඩි පාරේ යමින් තමන් ළඟ ඇති කතා බතා ඔක්කොම ඔතා දමා රජ කතාවක් කරනවා යැයි නොසිතේවා යයි පතමින් ද (ඒ කිව්වේ ආයේ නම් ඕනාවට වඩා රජ කතා ගහන්න එපා වෙන වෙන ඕන හුයන්නක් ගහගන්න කියන එක) මින් නවතිමි.

ලොකු කතා, දේශපාලනය කැටි වූ විචාරයක් ලිවීමට මට වුවමනා නැති ය. දේශපාලනය මීට අදාළ නොවන හෙයින් නොව, ඔය තද තද විචාර ලිවීම මට තරම් නොවන හෙයිනි.

රැල්ලට හසු නොවන්න. එහෙත් වහා ගොස් මෙම නිර්මාණය නරඹන්න.
එපමණ ය.

~ පමුදිත

ප. ලි.
ඔව් ඒ ෆිල්ම් එක හදපු උන් යාළුවෝ තමයි. ඒක කමෙන්ට් වල ගහන්න මහන්සි ගන්න එපා!
 
manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ඔකේ රජාගේ චරිතයට උද්දික කිසිසේත්ම ගැලපෙන්නේ නැ..මොකද මෑන් තව හැදෙන්න ඕනේ..චරිතයට පන්ච් එකක් නැ...අපරාදේ මේච්චර වියදම් කරලා හොද පොරක් ගන්න බැරිඋනානේ..රොෂාන් රවින්ද්‍ර ගැනනම් කථාකරල වැඩක් නැ සුපිරිම නළුවෙක් එකේ දෙකක් නැ ..දර්ශන් දර්මරාජ් පොරත් සුපිරි ...උද්දික තමා අප්සට් අපරාදේ හොද ෆිල්ම් එකක් වෙන්න තිබ්බ එකක් ..උදිකය වෙනුවට ජැකා හිටියනම් ඉතින් හින්දි ෆිල්ම් කැලේ,,
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට දිනයේදී මෙය නැරඹීමට තීරනය කලෙමි.
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    ඔකේ රජාගේ චරිතයට උද්දික කිසිසේත්ම ගැලපෙන්නේ නැ..මොකද මෑන් තව හැදෙන්න ඕනේ..චරිතයට පන්ච් එකක් නැ...අපරාදේ මේච්චර වියදම් කරලා හොද පොරක් ගන්න බැරිඋනානේ..රොෂාන් රවින්ද්‍ර ගැනනම් කථාකරල වැඩක් නැ සුපිරිම නළුවෙක් එකේ දෙකක් නැ ..දර්ශන් දර්මරාජ් පොරත් සුපිරි ...උද්දික තමා අප්සට් අපරාදේ හොද ෆිල්ම් එකක් වෙන්න තිබ්බ එකක් ..උදිකය වෙනුවට ජැකා හිටියනම් ඉතින් හින්දි ෆිල්ම් කැලේ,,

    :yes::yes::yes:
    Sira.matath oya tikama hithuna.jaka itiyanam kiyala wadak ne.
     
    Thanatosx

    Member
    Dec 9, 2016
    332
    19
    0
    uddika gana kiyala tiyena ekanam hari mchn, uge paurshaya madi.....

    jaka thama galapenne...
    :yes::yes:

    ඔකේ රජාගේ චරිතයට උද්දික කිසිසේත්ම ගැලපෙන්නේ නැ..මොකද මෑන් තව හැදෙන්න ඕනේ..චරිතයට පන්ච් එකක් නැ...අපරාදේ මේච්චර වියදම් කරලා හොද පොරක් ගන්න බැරිඋනානේ..රොෂාන් රවින්ද්‍ර ගැනනම් කථාකරල වැඩක් නැ සුපිරිම නළුවෙක් එකේ දෙකක් නැ ..දර්ශන් දර්මරාජ් පොරත් සුපිරි ...උද්දික තමා අප්සට් අපරාදේ හොද ෆිල්ම් එකක් වෙන්න තිබ්බ එකක් ..උදිකය වෙනුවට ජැකා හිටියනම් ඉතින් හින්දි ෆිල්ම් කැලේ,,
    oya siddiya weddi walagamba rajuruwo tharunai ne ban. 35 ka wage charitheta 60 ta wada porak gaththama awul. young jacka wa danna thibba nam uparimai
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    රජ කතා නම් බලලම එපා වෙලා බන්. ඔක්කෝම එකම වගේ. ඕකෙත් තාක්ශනයයි අනන්මනන් එකම වෙන්න ඇති ඒත් රජ කතාවක් නේ. :( මුන්ට වෙන ideas එන්නෙම නැද්ද මන්දා. Frangipani ඒ අතින් බැලුවම සුපිරි.
     
    Thanatosx

    Member
    Dec 9, 2016
    332
    19
    0
    රජ කතා නම් බලලම එපා වෙලා බන්. ඔක්කෝම එකම වගේ. ඕකෙත් තාක්ශනයයි අනන්මනන් එකම වෙන්න ඇති ඒත් රජ කතාවක් නේ. :( මුන්ට වෙන ideas එන්නෙම නැද්ද මන්දා. Frangipani ඒ අතින් බැලුවම සුපිරි.
    boring
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඔකේ රජාගේ චරිතයට උද්දික කිසිසේත්ම ගැලපෙන්නේ නැ..මොකද මෑන් තව හැදෙන්න ඕනේ..චරිතයට පන්ච් එකක් නැ...අපරාදේ මේච්චර වියදම් කරලා හොද පොරක් ගන්න බැරිඋනානේ..රොෂාන් රවින්ද්‍ර ගැනනම් කථාකරල වැඩක් නැ සුපිරිම නළුවෙක් එකේ දෙකක් නැ ..දර්ශන් දර්මරාජ් පොරත් සුපිරි ...උද්දික තමා අප්සට් අපරාදේ හොද ෆිල්ම් එකක් වෙන්න තිබ්බ එකක් ..උදිකය වෙනුවට ජැකා හිටියනම් ඉතින් හින්දි ෆිල්ම් කැලේ,,

    Java Mona hiwalekda ban.hodama eka thama thoragena tiyenne
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඔකේ රජාගේ චරිතයට උද්දික කිසිසේත්ම ගැලපෙන්නේ නැ..මොකද මෑන් තව හැදෙන්න ඕනේ..චරිතයට පන්ච් එකක් නැ...අපරාදේ මේච්චර වියදම් කරලා හොද පොරක් ගන්න බැරිඋනානේ..රොෂාන් රවින්ද්‍ර ගැනනම් කථාකරල වැඩක් නැ සුපිරිම නළුවෙක් එකේ දෙකක් නැ ..දර්ශන් දර්මරාජ් පොරත් සුපිරි ...උද්දික තමා අප්සට් අපරාදේ හොද ෆිල්ම් එකක් වෙන්න තිබ්බ එකක් ..උදිකය වෙනුවට ජැකා හිටියනම් ඉතින් හින්දි ෆිල්ම් කැලේ,,

    උද්දික වෙනුවට බිමල් ජයකොඩි / පාලිත සිල්වා වගේ නලූවෙක් ආවා නම් පට්ට උද්දික කරපු මහරජ ගැමුණු චරිතයටත් ලොකු සාධාරණයක් ඉටු කරන්න බැරිවුනා කියලා තමයි මම පුද්ගලිකව හිතන්නේ :(:( උද්දික දක්ෂ නලූවෙක් මෙවැනි චරිත කරන්න තාම ඔහුගේ අත්දැකිම් මදි, තරුන රංගන ශිල්පින් අතරින් මම ගොඩක් කැමති නලූවෙක් තමයි රොෂාන් රවින්ද්‍ර පට්ටම ඩයල් එකක්