"ආලෝකෝ උදපාදී" නැරඹූවෙමි.
මුලින්ම කිව යුතු එක දෙයකි; එනම් කිසිදු ලජ්ජාවක් නැතිව ලංකාවේ "පීරියඩ් ෆිල්ම්" එකක් යැයි කියා එය ඕනෑම අයෙක්ට බැලීමට රෙකමන්ඩ් කළ හැකි ෆිල්ම් එකක් බව ය. චිත්රපටිය නරඹා අවසන බෝ හා හසිත සමග මධුවිතක් සමග කතා බහක නිරත වූ විට ද ඒත්තු ගියේ, මට හැඟුණු පරිද්දෙන් ම තාක්ෂණික භාවිතය අතින් ඉහළම තැනෙක ඇති, දුටු විගස, ලංකාවේ චිත්රපටියක් බව වැටහුණු වහාම, එකෙණිහි, "අම්මට උඩු" යැයි කියවෙන දර්ශන ද රූප රාමු ද සංගීතය ද එකට කැටි කොට ගෙන ඇති, දූපතේ ඇත්තන් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්රපටයක් බව ය. වහා ගොස් ලජ්ජාවක් නොමැතිව ලංකාවේ චිත්රපටියක් නරඹා අනෙක් අයට ද එය නරඹන්නටැයි අරාධනා කිරීම වරදක් නැති ය.
ඒ කිව්වේ මේක තමයි බුදු අම්මෝ පට්ටටම පට්ට සෙනිකවම මයිල් ඉස්මයිල් වෙන මේ වගේ එකක් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ අනෙ අම්මෙහ් මේක තමා ඒක එකම එකම එකම එක චිත්රපටිය බව නොව, මෑතකදී සෑදුණු හුටස්පටස් රජ කතා නාට්ටි නාඩගම් සෙල්ලම් ගෙවල් වලට වඩා සෑහෙන උඩකින් ලස්සනට අයිඩියෝලොජි එකත් දවටාගෙනම ආතල් එකට නිර්මාණය කර ඇති ඉටිකිරිස් ලෙස වැඩමන්ට් පෙන්නන මෙවුවා එකක් කියලා බව සිහි තබා ගැනීම යෙහෙකි.
මේ නිර්මාණය අති සාර්ථක වීම මත හෝ, මීට ලැබෙන ප්රතිචාර මත හෝ තම තමන්ගේ සාර්ථකත්වය ගැන මිම්මක් ලබා නොගෙන තත්ත්වයෙන් උසස් නිර්මාණ ගෙන ඒමට නිර්මාණකරුවන් මහන්සිවනු ඇතැයි උදක් ම බලාපොරොත්තුවෙමින් ද (ඒ කිව්වේ මේක නිසා ඇඳ ගන්නේ නැති වෙයි කියලා හිතනවා කියන එක) මෙය හා ප්රතිචාර දකින අනෙක් නිර්මාණකරුවන්ට මෙම අඩි පාරේ යමින් තමන් ළඟ ඇති කතා බතා ඔක්කොම ඔතා දමා රජ කතාවක් කරනවා යැයි නොසිතේවා යයි පතමින් ද (ඒ කිව්වේ ආයේ නම් ඕනාවට වඩා රජ කතා ගහන්න එපා වෙන වෙන ඕන හුයන්නක් ගහගන්න කියන එක) මින් නවතිමි.
ලොකු කතා, දේශපාලනය කැටි වූ විචාරයක් ලිවීමට මට වුවමනා නැති ය. දේශපාලනය මීට අදාළ නොවන හෙයින් නොව, ඔය තද තද විචාර ලිවීම මට තරම් නොවන හෙයිනි.
රැල්ලට හසු නොවන්න. එහෙත් වහා ගොස් මෙම නිර්මාණය නරඹන්න.
එපමණ ය.
~ පමුදිත
ප. ලි.
ඔව් ඒ ෆිල්ම් එක හදපු උන් යාළුවෝ තමයි. ඒක කමෙන්ට් වල ගහන්න මහන්සි ගන්න එපා!

මුන්ට වෙන ideas එන්නෙම නැද්ද මන්දා. Frangipani ඒ අතින් බැලුවම සුපිරි.