පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළට කොරෝනා වෛරසය පැමිණි ආකාරය සම්බන්ධයෙන් තවත් අනාවරණයක් සිදුව තිබෙනවා.
සිමෙන්ති රැගෙන දින දෙකකට වරක් මෙරටට පැමිණෙන ඉන්දීය නෞකාවල සිටි පුද්ගලයන් මෙරට කොරෝනා වසංගත තත්ත්වය පාලනය වී තිබූ පසුගිය කාලයේ කිසිදු බාධාවකින් තොරව සිය ආහාරය සඳහා මාළු මිලදී ගැනීමට ගාල්ල ධීවර වරායට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙසේ පැමිණෙන නෞකාවල ඉන්දීය කම්කරුවන් සහ නෞකාවේ කාර්ය මණ්ඩලය ඇතුළු පනහකට අධික සංඛ්‍යාවක් නිරන්තරයෙන් පැමිණ ඇති බව සඳහන්.
එම නෞකා ගාලූ වරායේ නැංගුරම්ලා තිබියදී ඔවුන්ගේ සාමාජිකයන් වරායෙන් පිටතට මෙලෙස ගමන් කළ බවයි ගාලූ වරාය ආරංචි මාර්ග සඳහන් කළේ.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ කොරෝනා රැල්ලට ප්‍රබල සාධකය වූයේ මෙම තත්ත්වය විය හැකි බවද වාර්තා වනවා.