ආශාවරී...

ARS199

Junior member
  • Jan 27, 2015
    73
    18
    8
    ලස්සන තැනක..
    ආදර අඹරෝරෙදි
    ඔබ මා මඟ හැර ගියදා
    කඳුලැලි සයුරෝරෙහි
    කාලය ගිලී ගියා

    මේ සඳ කැල්මවත් මගේ දුක දැක්කා නම්
    එදා....
    විඳවන්න තිබුනා මට ඔබ සිහිකර මෙදා...

    අශාවරී.. ඔබේ නම පවා
    මියුරුයි කියා සිතුවත් එදා...
    අශාවරි ඔබ ඒ තරම්
    වියරුයි කියා සිතන්නවත් මට බෑ මෙදා...

    ලස්සන දවසක සවසක හමුවී
    ඒ විසිතුරු උයනේ
    උණුසුම විඳ විඳ සුවසේ
    හිඳ මා තුරුලේ
    හිනැහුණු තරමට ඔබගේ
    ගත මා ළඟමුත් හිත ඈතක බව නම් නෑ දැනුනේ

    අශාවරී.. ඔබේ නම පවා
    මියුරුයි කියා සිතුවත් එදා...
    අශාවරි ඔබ ඒ තරම්
    වියරුයි කියා සිතන්නවත් මට බෑ මෙදා...

    අවරට යන හිරු සඳ වගේමද
    මා දු‍ටුවේ...
    වෙරළට එන රළ ආපසු යන බව වත්
    නෑ දු‍ටුවේ...
    පහසම පමනද පැතුවේ...

    මා අත අත්හැර
    අතින් අතට යනෙනා ලඳුනේ...

    අශාවරී.. ඔබේ නම පවා
    මියුරුයි කියා සිතුවත් එදා...
    අශාවරි ඔබ ඒ තරම්
    වියරුයි කියා සිතන්නවත් මට බෑ මෙදා...