ආහපන්කො පෙඉඩ්ඩඛ්

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    ඔව් අපිට කොච්චර අපි වයසට යනව කියල ඇහුනත් ඒක නිකං වාක්‍යයක් විතරයි :(
    මේ වාක්‍යය සේරගෙම අපි වයසට යනව කියන එක තියෙනව.
    ඒත් මේ විදිහට කිව්වහම නිකං අපි වයසට යනව කියල කියනවට වඩා මාර විදිහට දැනෙනව.


    ඔව් බං :(
    මාර විදිහට දැනෙන්නේ..:sorry:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    මට කාසාබඳින්න උවමනාවක් නෑ බං
    එකිව තියන් හිටියේ මැසේජ් කරන්න විතරයි
    කවදාවත් හම්බෙන්න ගිහින් නෑ.. :lol:
    uba nweida eywa bande :eek:
    Dan ehma kello set wenawada bn ....මන් අන්තිමට fb එකෙන් කෙල්ලෙක් එක්ක msg කරේ 2013

    math ekka FB eken anthimata kellek fit une 2014di
    2014n passe ooka gu una:yes:
     

    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    මේක දැක්ක නිසා දෙයක් කියන්න හිතුණ.

    ඔය විදිහට හිතෙන කාරණා 2 ක් තියෙනව මූලික හේතු විදිහට.


    තනියම ඉන්න බෑ කියන්නෙ තනියම ඉන්න අකමැතියි කියන එකට.
    ඒ කියන්නෙ තනියම නැතුව තව කවුරු හරි එක්ක ඉන්න කැමතියි කියන එක.

    උඹ ඒ සිතැඟි දෙක අතරෙ ගැටෙනව ඇලෙනව. ඕක නිසා අවුල් වෙච්චි මනසක් තියෙන්නෙ. විසඳුමක් පේන්නෙ නැති නිසා. (දරුමල්ලො හදන ආසාවල් නැතත් උඹගේ හිතේ වෙනත් මොකක් හරි ආසාවක් අනිවා තියෙනව. ඒ නිසයි උඹට දැන් හිත අවුල ගිහිං තියෙන්නෙ. අපි මොන බණ කිව්වත් වැඩක් නෑ... ඒ තත්වය උඹටම තේරුම් ගන්න වෙනව හැබැයි. )

    මෙතන තියෙන්නෙ... කෙලෙස් අඩු වැඩි වීම එක්ක තියෙන ප්‍රශ්නයක්. ජීවිතේ ගෙවපු කලින් බාගෙ ඇතුලෙත් ඕක උඹට අනිවා අඩු වැඩි විදිහට තිබිල තියෙනව උඹට නොතේරුනාට... හැබැයි ඒක දැන් වගේ බරපතල විදිහට දැනිල නෑ. ඒකෙන් තේරුම් ගන්න ඕනෙ දේ තමයි... දැන් උ‍ඹගෙ හිතේ තියෙන කෙලෙස්වලින් බැට කන එක අඩුවෙලා නෙමෙයි වැඩි වෙලා තියෙන්නෙ. ඒ කියන්නෙ යම් යම් දේවල් වලට ආශාව/ඇලීම කලින්ට වඩා වැඩිවෙලා තියෙන්නෙ. ආශාව ඉෂ්ඨ කරගත්තත් හිත නිතරම වෙනස්වෙන සුලුයිනෙ. ඉතිං විසඳුමක් එන් නෑ. ඕකත් වෙනස් වෙනව.

    උඹ ඉස්සෙල්ලම හිතන්න ඕනෙ උඹට ඕනෙ...

    - මේ ජීවිතේ අනිත් මිනිස්සු වගේම හොඳට කාල බීල, හොඳ ජොබක් කරල සල්ලි හොයල, පට්ට වාහනයක් අරං.. ගෙයක් හදල සෝල් මේට් වෙන ලස්සන කෙල්ලෙක් හොයාගෙන ලස්සන ජීවිතයක් (ඒ ඇතුලෙ විඳින්න වෙන දුක් කන්දරාව විඳින්න වෙන එකත් බාරගෙන) ගත කරන්නද?

    - මේ ජීවිතේ අනිත් මිනිස්සු වගේ රැල්ලට ජීවිතේ ගෙවන් නැතුව, ලද දෙයින් සතුටු වෙලා.. ලැබෙන සාමාන්‍ය කෙල්ලෙක් ජීවිතේට ලං කරගෙන දුක සැප දෙකම සාවද්‍යව බාරගෙන... ඕනවට වඩා ආසාවල් පස්සෙ දුවන් නැතුව.. ආගම දහමට ලැදිව ජීවත් වෙන්නද?

    - සම්පූර්ණයෙන් රැල්ලෙන් මිදිල... ඒකායන අධිෂ්ඨානයෙන්... තනිව ජීවත්වෙනවා කියන සිතෙන්.. ආශාවල් වලින් සම්පූර්ණයෙන් වෙන් වෙලා.. ඇලීම් ගැටීම් දෙකෙන්ම අයින් වෙලා ‍ජීවිතේ සත්‍ය තේරුම්ගෙන ටික ටික දුක නැති කරගන්න ධර්මයත් තේරුම් ගන්න ගමනක් යන විදිහට ජීවත් වෙන්නද?

    ඔන්න ඔය කාරණාව අනුව තමයි උඹට ජීවිතේ ඉස්සරහ ගැන හිතන්න තියෙන්නෙ...

    දැනට....

    1 වෙනි එක
    නිදහස්ව විවෘතව තමන්ට දැනෙන දේ කියන්න කවුරු හරි කෙනෙක් හමුවෙන්න. ඒක හිතේ අවුල ටිකක් හරි අඩු කරගන්න ලොකු උදව්වක් වෙනව. හොඳට අඳුනන ස්වාමීන්වහන්සේ නමක් ඉන්නවා නම්.. නැත්තං හොඳම යාළුවෙක් ඉන්නව නම්... ඒත් නැත්තං එහෙම කතා කරන්න උදව් දෙන අයත් ඉන්නව ස්වේච්ඡා සේවයක් විදිහට තියෙන තැන්. එහෙම හරි ගිහිං කතා කරල බලන්න.

    පිංකම් වලට වැඩිපුර දායක වෙන්න. කාට හරි උදව් කරන්න. මොන යම් ආකාරයකින් හරි. ඒ විදිහට තනිකම තියෙන් නැහැ. මොකද පිංකම් වලට කැමති අය එක්ක වැඩිපුර ගැවසෙන්න කතාබහ කරන්න ලැබෙන නිසා. (ඒ විදිහටම සෝල් මේට් කෙනෙක් හම්බවෙන්න උනත් ඉඩ තියෙයි.)

    උඹ ජීවිතේ වැඩියෙන්ම කරන්න කැමති දේවල් (නිර්මාණාත්මක දේවල්, විනෝදාංශ) වලට වැඩි අවධානයක් යොමු කරල ඒ වෙනුවෙන් මහන්සිවෙන්න. එතකොට තනිකම දැනෙන එකක් නැහැ. ඒවාගේ අවසාන ප්‍රතිඵලය දිහා බලල සතුටු වෙන්නත් පුළුවන්.

    Travel කරන්න. සොබාදහම විඳින්න. තනියම යන්න ඕනෙ නෑ. එහෙම යන Group එකක් එක්ක සම්බන්ධ වෙලා යන්න. එහෙමත් අලුතින් අය අඳුනගන්න පුළුවන්. (ඒ අතරෙත් සෝල් මේට් කෙනෙක් ඉන්න පුලුවන්)


    2 වෙනි එක. හැබැයි තාවකාලිකයි

    හිතේ ආශාව වැඩි කාරණාව මොකටද කියල පැහැදිලිව තේරුම් අරන් ඒ ආශාව ඉෂ්ඨ වෙන තැනට වැඩ කටයුතු හදාගන්න එක. (හොඳ විදිහකට) තනිකම වැඩියි නම් කවුරු හරි සහකාරියක් හොයාගන්න එක. (උඹ සෝල් මේට් කෙනෙක් හොයන එක තව ප්‍රශ්නයක්. ඕක උඹ හිතන විදිහටම වෙයි කියල බලං හිටියොත් වෙන් නෑ. ඒක තේරුම් ගන්න වෙනව. මොකද කෙල්ලො උනත් වෙනස් වෙන හිත් තියෙන සාමාන්‍ය මිනිස්සු. නොගැලපීම් අනිවාර්යයි.)

    ප්‍රශ්නෙ තියෙන්නෙ ගැලපෙන කෙනෙක් හමු වුනත් ඕකෙ රහ විඳින්න පුලුවන් වෙන්නෙ සහකාරිය එක්ක ගත කරන කාලය, අත්දැකීම් බෙදාහදාගැනීම, අදහස් හුවමාරු කරගැනීම ඒවා සහ ඊළඟට විවාහ වෙලා ටික කාලයක් යනකම් විතරයි. ඊට පස්සෙ ප්‍රශ්න වැඩිවෙනව වගකීම් වැඩිවෙනකොට.

    විවාහයකට යන් නැතුව මගකින් නැවැත්තුව කියමු. Boot එකක් කෑව කියමු. එතනත් දුක. ඒත් ආශාව නැවතිල නෑනෙ. ආයෙම උඹ එනව පරණ තැනටම හැබැයි කලින්ට වඩා ආශාව දෙතුන් ගුණයකින් වැඩි වෙලා. විසඳිලාද? නෑ. තත්වෙ තවත් බරපතල වෙලා විතරයි. දැන් කලින්ට වඩා තනියම ඉන්න බැරුව යනව. උඹ හිතේ ආවේග පාලනය කරන්න පුරුදු වෙලා නැත්තං (කේන්තිය, ලැජ්ජාව, වෛරය, රාගය) හිතූ හිතූ හැටියට වැඩ කරයි. හැබැයි ඒත් විසඳෙයිද වැඩේ? ඒත් නෑ....


    3 එක. ටිකක් කරන්න අමාරුයි හැබැයි හිතේ අවුල ටිකක් හරි අඩු කරගන්න පුළුවන් වෙයි
    ආශාවල් ඉටු කරගන්න එක පුළුවන් තරම් සීමා කරගෙන... හැම වෙලේම හිතට වද දෙන කෙලෙස් මොනවාද තේරුම් අරන් ඒවාගෙන් හම්බෙන්නෙ දුකම විතරයි අන්තිමට කියල තේරුම් අරන් හැකි පමණ ඒවායින් ඈත්වෙන එක. ඒ වගේම ආසාවල් වැඩිකරවන දේවල් පුළුවන් තරම් ජීවිතෙන් ඈත් කරන එක. හැබැයි භෞතිකමය දේවල් විතරක් ඈත් කරල විතරක් මදි. ඒවා‍ට හිතේ තියෙන ඇලීමත් අයින් කරගන්න වෙනව නැත්තං වැඩක් නෑ.


    ---

    පෘතග්ජන මිනිස්සු විදිහට අපි හැමෝගෙම ජීවිතේ ගලාගෙන යන්න ඕනෙ හැලහැප්පීම් එක්ක. මේ කෙලෙස් යුද්ධෙ එක්ක. දැනට හිතේ තියෙන අවුල තව වැඩිවෙනව ඉස්සරහට එහෙම යද්දි. ඒකට හේතුව හිත නිතර වෙනස්වෙන සුළු නිසා. උඹ අකමැති දේවල් වෙනව වැඩියි නම් එතන උඹට තියෙන්නෙ දුකක්නෙ. ඉතිං කැමති දේවල් පස්සෙ යන්න හිතෙනව සතුටින් ඉන්න පුළුවන් වෙයි කියල හිතල... උඹ හිතට එන එන විදිහට වැඩ කරන කෙනෙක් නම්. ඒවත් තාවකාලිකයි. මොකද ඒවා නිසාත් එන්නෙ දුකම තමයි. හැබැයි කෙටි කාලීන සහනයක් තියේවි. කෙටි කාලීනව දුක අමතක වේවි. ඒත් ඉතිං කෙටි කාලීනයි නෙ. වැඩක් තියේද? අන්තිමට උඹටම හිතෙනව කොච්චර කලත් ඔච්චර තමයි කියන එක.


    මාගලක් ටයිප් කරල වුනත් කියපු දේවල් වලින් දෙයක් හිතට ගන්න එක දෙයක් හරි තියෙන්න ඇති කියල හිතනව.

    :yes::yes::yes::yes: