මචංලා, මට මේ ලඟදි ෆේස්බුක් එකෙන් රික්වෙස්ට් එකක් ආව ඇග්නස් කියල අක්ක කෙනෙක්ගෙන්. ඒ රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරල විනාඩි දෙකක් යන්න වුණේ නෑ මට එයාගෙන්ම මැසේජ් එකක් ආව තෑන්ක්ස් කරලත්. ඒකෙ කියල තිබුණ බොහොම වැදගත්, ඒ වගේම පෞද්ගලික දෙයක් ගැන කතා කරන්න ඕනි. ඒක මෙහෙම කියන්න අමාරුයි. ඊමේල් ඇඩ්රස් එක එවන්න කියල කිව්ව මට. ඒ කියද්දිම මට දැනුන මේක බොරුවක් කියන එක. ඒත් මොකද්ද කියල දැනගන්න තිබ්බ වුවමණාව නිසාම මම මගේ ඊමේල් එකෙන් මැසේජ් එකක් දැම්ම.
ඊට පස්සෙ මෙයා මට හෙන විස්තරයක් කියල එව්ව. එයා කසාද බැඳල, ළමයෙක් ලැබුණලු. ළමය නැති වුණාලු. මනුස්සය මෙයාගෙන් දික්කසාද වෙලා වෙන කසාදයක් කරගෙනලු ඉන්නෙ. එයා එංගලන්තෙ ඉඳල දැන් ඩුබායිලු පදිංචිය. සල්ලි තියෙනවලු ඇති වෙන්න. දැන් ඒ සල්ලි අපේ රටේ ආයෝජනයකට යොදවන්න කැමතිලු. හෙන සුරංගනා කතා ලෝකයයි ඉතින්. මගේ අදහස මොකක්ද කියල එයාට රිප්ලයි කරන්නලු.
මාත් ඉතින් රිප්ලයි කරා. මම කිව්ව මෙහේ ඉන්වෙස්ට් කරන්න පුළුවන්. සල්ලි තමයි ඕනි. එහෙම කියල යැව්වම මට අද උදේ එවල තියෙනව එයා ලඟ තියෙනවලු ඩොලර් මිලියන 14ක්. ඒක මගේ එකවුන්ට් එකකට දාන්නම්ලු. ඒකෙන් ලංකාවෙ බිස්නස් එකක් පටන්ගමුලු. හම්මේ ඉතින් නේහ්. ඩොලර් මිලියන 14ක් කියන්නෙ ලේසි ගානක්ද කියපන්කො.
දැන් මගෙන් පෞද්ගලික විස්තර අහනව. ඒ වගේම හැඳුනුම්පත් පිටපත් ඉල්ලනව. අමු බොරුවක් කියල ලොවෙත් ශුවර් මේකනම්.
ඒ වගේම මට 100%ක් විශ්වාසයි මේක මට විතරක් වෙච්ච දෙයක් නෙවෙයි කියල.
උඹල කාට හරි මේ අත්දැකීමට මුහුණ දෙන්න වුණානම්, එළකිරියෙ අනිත් එවුන්ටත් දැනගන්න කියපන් උඹලගෙ අත්දැකීමත්.
කියවල අනිත් එවුන්ටත් දැනගන්න බම්ප් එකක්වත් දාගෙන පලයල්ල...