ඇග්නස් අක්කා

cmtwap

Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    මචංලා, මට මේ ලඟදි ෆේස්බුක් එකෙන් රික්වෙස්ට් එකක් ආව ඇග්නස් කියල අක්ක කෙනෙක්ගෙන්. ඒ රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරල විනාඩි දෙකක් යන්න වුණේ නෑ මට එයාගෙන්ම මැසේජ් එකක් ආව තෑන්ක්ස් කරලත්. ඒකෙ කියල තිබුණ බොහොම වැදගත්, ඒ වගේම පෞද්ගලික දෙයක් ගැන කතා කරන්න ඕනි. ඒක මෙහෙම කියන්න අමාරුයි. ඊමේල් ඇඩ්‍රස් එක එවන්න කියල කිව්ව මට. ඒ කියද්දිම මට දැනුන මේක බොරුවක් කියන එක. ඒත් මොකද්ද කියල දැනගන්න තිබ්බ වුවමණාව නිසාම මම මගේ ඊමේල් එකෙන් මැසේජ් එකක් දැම්ම.
    ඊට පස්සෙ මෙයා මට හෙන විස්තරයක් කියල එව්ව. එයා කසාද බැඳල, ළමයෙක් ලැබුණලු. ළමය නැති වුණාලු. මනුස්සය මෙයාගෙන් දික්කසාද වෙලා වෙන කසාදයක් කරගෙනලු ඉන්නෙ. එයා එංගලන්තෙ ඉඳල දැන් ඩුබායිලු පදිංචිය. සල්ලි තියෙනවලු ඇති වෙන්න. දැන් ඒ සල්ලි අපේ රටේ ආයෝජනයකට යොදවන්න කැමතිලු. හෙන සුරංගනා කතා ලෝකයයි ඉතින්. මගේ අදහස මොකක්ද කියල එයාට රිප්ලයි කරන්නලු.
    මාත් ඉතින් රිප්ලයි කරා. මම කිව්ව මෙහේ ඉන්වෙස්ට් කරන්න පුළුවන්. සල්ලි තමයි ඕනි. එහෙම කියල යැව්වම මට අද උදේ එවල තියෙනව එයා ලඟ තියෙනවලු ඩොලර් මිලියන 14ක්. ඒක මගේ එකවුන්ට් එකකට දාන්නම්ලු. ඒකෙන් ලංකාවෙ බිස්නස් එකක් පටන්ගමුලු. හම්මේ ඉතින් නේහ්. ඩොලර් මිලියන 14ක් කියන්නෙ ලේසි ගානක්ද කියපන්කො.
    දැන් මගෙන් පෞද්ගලික විස්තර අහනව. ඒ වගේම හැඳුනුම්පත් පිටපත් ඉල්ලනව. අමු බොරුවක් කියල ලොවෙත් ශුවර් මේකනම්.
    ඒ වගේම මට 100%ක් විශ්වාසයි මේක මට විතරක් වෙච්ච දෙයක් නෙවෙයි කියල.
    උඹල කාට හරි මේ අත්දැකීමට මුහුණ දෙන්න වුණානම්, එළකිරියෙ අනිත් එවුන්ටත් දැනගන්න කියපන් උඹලගෙ අත්දැකීමත්.
    කියවල අනිත් එවුන්ටත් දැනගන්න බම්ප් එකක්වත් දාගෙන පලයල්ල...
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඔහොම යමන්. . අන්තිමට ඕකි කියනවා ලෝයර් ගාස්තු ගෙවන්න විදියක් නෑ ඒක උබට එවන්න කියලා. . :lol:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අඩෝ ලංකාවේ ගෑණුත් ඕවා කරනවද? :lol: ඉස්සර මගේ ඊමේල් එකට හෝ ගාලා නයිජිරියන්, යුක්‍රේන්, රසියන්, පිළිපීන් කෙල්ලොන්ගේ මෑසෙජස් ආවා. පොඩි එකා නිසා මමත් ඉතින් රිප්ලයි කරා. හොද වෙලාවට සල්ලි තිබ්බේ නැත්තේ, නැත්නම් මට පස් කන්නයි වෙන්නේ.
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඔහොම යමන්. . අන්තිමට ඕකි කියනවා ලෝයර් ගාස්තු ගෙවන්න විදියක් නෑ ඒක උබට එවන්න කියලා. . :lol:

    :P
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    නයිජීරියන් ඇග්නස් අක්කා..
    නයිජීරියන් නෙවෙයි බං. එංගලන්ත අක්ක කෙනෙක්. දැන් ඉන්නෙ ඩුබායිලු.
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    ඔහොම යමන්. . අන්තිමට ඕකි කියනවා ලෝයර් ගාස්තු ගෙවන්න විදියක් නෑ ඒක උබට එවන්න කියලා. . :lol:
    අඩේ උඹට මේ විදියට මැසේජ් ආවද කලින්???
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    ඒකිට ගහන්න පුලුවන්ද කියල බලපන්
    මේව බොරු බං. ගහන්න කතා කරන් ගියොත් ඇට දෙකත් උකස් තියල එන්න වෙන්නෙ.
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    CID ekata kiyapan oka. Unge cyber crime unit eka mun allanawa
    එහෙම අල්ලන්න තරම් අපරාධයක් තවම කරල නැහැනෙ බං. එහෙම එකේ කොහොමද පැමිණිල්ලක් දාන්නෙ?? හොඳම දේ තමයි මේ වගේ දේවල් ගැන දැනුවත් වෙලා ඒ වගේ දේවල් මග හරින එක.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    CID ekata kiyapan oka. Unge cyber crime unit eka mun allanawa


    ඔහොම පැමිණිලි දාන්න ගියොත් ඉතින් දවසකට එක 10 කට වඩා පැමිණිලි දාන්න වෙයි. අනෙක CID එකට ඔය වගේ එකක් ට්‍රැක් කරගන්න බැහැ..
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මටත් ෆේස්බුක් එකට මැසේජ් එකක් ආවා ගංවතුර දවස් වල මම දාපු ෆොටෝ වගයක් දැකලා
    මගෙනුත් ඊමේල් එක ඉල්ලලා පස්සෙ එකවුන්ට් නම්බර් එකක් ඉල්ලුවා
    පස්සෙ මම එකවුන්ට් නම්බර් එක යවපුවම 153000ක් ඩිපොසිට් කරලා තිබ්බා ඕස්ට්‍රේලියාවෙ ඉඳලා
    පස්සෙ මම මිනිහාගෙ නම ප්‍රින්ට් කරලා වතුරයි, කෑමයි වගයක් ගිහින් බාර දුන්නා නෙත් එෆ්.එම් එකේ ආධාර ගෙනියන සෙට් එකට
    සෑහෙන්න ස්තූති කරලා එවලා තිබ්බා මට ඒකට
    :D
     

    robinprr

    Well-known member
  • Feb 1, 2015
    606
    67
    63
    අඩෝ ලංකාවේ ගෑණුත් ඕවා කරනවද? ඉස්සර මගේ ඊමේල් එකට හෝ ගාලා නයිජිරියන්, යුක්‍රේන්, රසියන්, පිළිපීන් කෙල්ලොන්ගේ මෑසෙජස් ආවා. පොඩි එකා නිසා මමත් ඉතින් රිප්ලයි කරා. හොද වෙලාවට සල්ලි තිබ්බේ නැත්තේ, නැත්නම් මට පස් කන්නයි වෙන්නේ.