ඇඟ_හිරිවැටෙන_නිර්මාණකරණය

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
ඇඟ_හිරිවැටෙන_නිර්මාණකරණය

නිර්මාණකරණය වෙනුවෙන් තමාට වද දෙන කලාකරුවෙක්

ඕනෑම දෙයක සැඟවුණු සුන්දරත්වය විනිවිද දැකිය හැකි, සංවේදී හදවතකින් යුත් නිර්මාණශීලී පුද්ගලයන්ට අප කලාකරුවෝ යැයි කියන්නෙමු. නිර්මාණශීලීත්වයට සීමා මායිම් නොමැති බව අදහන මෙබඳු කලාකරුවන් නවතාවයකින් යුතුව තම නිර්මාණ එළිදැක්වීමට ගන්නා සීමාව ඉක්මවූ උත්සහයන් ඇතැම්විට පුදුම කරවන සුළුය.
නිර්මාණයක් වෙනුවෙන් තම සිරුරට වේදනා පමුණුවීමට වුවද ඒ ඇතැම් කලාකරුවන් මැලි වන්නේ නැත. ස්පාඤ්ඤයේ ගැලීෂියා නුවර වෙසෙන “ඩේවිඩ් කැටා”ද එවැන්නෙකි.
නිර්මාණකරණයේ යෙදෙන විට වේදනාව හඳුනන්නේ නැති කලාකරුවෙකු ලෙස ප්‍රකට ඩේවිඩ් සිය නවතම ව්‍යාපෘතිය වන “වින්ග්ඩ් රූට්ස්” සඳහා සිය අත්ල ජංගම ගෙවත්තක් බවට පත් කරගෙන සිටින්නේ එහි පිටසම ඉවත් කිරීමෙනි. ඉතා වේදනාකාරී අත්දැකීමක් වන මෙහිදී සිය අත්‍ලේ මතුපිට සම අර්ධ ලෙස ඉවත් කොට, සාදා ගන්නා විවරය, පස්වලින් පුරවා ඒ තුළ පැළ වර්ග රෝපණය කිරීම මෙහිදී සිදුවේ. එලෙස සිය අත්‍ලේ සිට වූ පැළ ඡායාරූප ගත කිරීමෙන් පසු ඒවා ඉවත් කරයි. ඩේවිඩ්ගේ එබඳු එක් ඡායාරූපයක් සඳහා ඔහු පැළයක මුල කොටස අත්ල යටින් පෙනෙන සේ සම්බන්ධ කර තිබුණේ පැළය ඔහුගේ අත්ල විනිවිද ගොස් වර්ධනය වූ ආකාරයන් මවා පාමිනි.

N8B51i.jpg


2dY4jH.jpg


V4vsIc.jpg


iKXTHm.jpg


කෙසේ වුවද ඩේවිඩ් වේදනාත්මක නිර්මාණකරණයේ යෙදුණු පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර ඔහු සිය “Over exposed Emotions” නැමැති ව්‍යාපෘතිය සඳහා සිය අත්ල කැන්වසයක් බවට පත් කරගෙන තිබුණේ තම හද බැඳි ආදරණීයන්ගේ මුහුණු අත්ල මතුපිට මැසීමෙනි. මේ සඳහා ඉඳිකටුවකින් සිය අත්‍ලේ මතුපිට සම අනේකවාරයක් සිදුරු කිරීමට ඔහුට සිදුවූ අතර දැඩි වේදනාවක් විඳිමින් සිදු කරන එබඳු එක් නිර්මාණයක් සඳහා පැය හතරක පමණ කාලයක් ගතව තිබිණි. තම දෙමාපියන්, පෙම්වතිය, ගුරුවරුන් හා යහළුවන් එලෙස ඔහු අත්ල මත මසා තිබුණේ ඔවුන්ගෙන් තම දිවියට ලැබුණු අත්වැල වෙනුවෙන් කෙරෙන ස්තූතිය පළ කිරීමක් ලෙසයි. වේදනාව ඊට බාධකයක් නූවූ බව ඔහු කියා තිබිණි.

IvGRnA.jpg


D5rx1X.jpg


VQcIAb.jpg


iZKubV.jpg


kfYrqS.jpg




විස්තරේ "ලක්බිමෙන් ":)
 

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    අනිවාර්යයෙන් පිස්සෙක්!:P
    මේක කලාව නෙවෙයි මචන්! ඔය ඌ කරල තියෙන දේ ඔය විදිහටම කරන්න පුලුවන් ඔය විදිහට රිදව ගන්නෙ නෙතිව!
    සෑඩිස්ටික් පොරක් කලාව ඌගේ එක්ස්ක්‍යුස් එක විදිහට උපයෝගි කරගෙන මගේ හිතේ!:confused:
    TFS!
    1.gif
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මූට මක් වෙලාද තමන්ටම ඔහොම දුක් දීගන්නේ....
    ප්‍රසිද්දිය සඳහා පමණයි මද :eek: