මේ නම් මෝඩ කතාවක්. කතාව ඇතුලෙම තියෙනව ඒක. ඒ කාලෙ පිස්සෙක් වගේ ගේම් ගැහුව නම් අද ඔය කියන තැනට යන්නත් බෑ. හැබැයි ඒ ආසාව ඉටුවෙයි. ඒත් එතනින් එහා තියෙන ආසාව වත් අඩුම ගානෙ මිනිහෙකුට ඕනෙ අවශ්‍යතාවයවත් කරගන්න බැරි වෙන කාලකානියෙක් වෙන්නෙ..
-------------------------------------------------------
දත් තියෙන කාලෙ මස් කන්න. හැබැයි තමන්ගෙ ලිමිට් එක දැනගෙන. තමන්ට ලිමිට් එකට එහා මස් කන්න ඕනෙ නම් ලිමිට් එක තව පුශ් කරගන්න. හැමවෙලේම තමගෙ ලිමිට් එක ඇතුලෙ එන්ජෝයි කරගන්න. ඒක මදි නම් මෝඩ වෙලා "දැන් කරගන්නෙ නැතුව කවද කරන්නද" වගේ මෝඩ තීරණ නොගෙන ලිමිට් එක තව පුශ් කරල ඒ ලිමිට් එක ඇතුලෙ එන්ජෝයි කරන්න. තමන්ට ආසාවල් කරගන්න බැරි වෙන හැම අවස්තාවකම තමන්ගෙ ඉන්කම් එක පුශ් කරගෙන ඒ ආසාව ඉටු කරගන්න බලන්න. හැබැයි බයි ද ටයිම් ඒ ආසාව කල්පැනල තියෙන්න පුලුවන්. ඒත් ඊට වැඩිය සුපිරි ආතල් දේවල් තව තියෙනව කියල එතකොට තේරෙයි.
ඔයා ඔය කියන දේ අදල වෙන්නේ මිත්‍රයා ආසියානු කලාපෙට, විශේෂයෙන්ම අන්ත දුප්පත් අපේ වගේ රටවලට. සෝ ඒක නිසා අපේ එවුන් පුක පලාගෙන අසාවල් මිරිකගෙන ජිවත් වෙන්න ඔය වගේම අපේ මෝඩ වැඩිහිටියෝ ඉගැන්නුවා. හම්බු කරන්නේ 10 නම් 3ක් ඉතිරු කරන්න, 3ක් විදයම් කරන්න අරක මේක. මේක මහ මරි මෝඩ කන්සෙප්ට් එකක්. සකසුරුවම කියන රෙද්දේ වචනෙකුත් තියෙනවා
අපේ රටවල එවුන් සකසුරුවම, සතෙන් සතේ ඉතිරි කරන්න උගන්නනවා මිසක් සීමාවෙන් එහා ගිහින් උතුරන්න සල්ලි හොයන්න කොහෙවත් කියලා දෙන්නේ නෑ. තමන්ගේ ලිමිට් එක ගැන දැන ගන්න කියනවා මිසක් අන්ලිමිටඩ් වෙන්න කියලා දෙන්නේ නෑ.එකයි කරුමේ. අවු 13 න් 14න් ෂොපින් සෙන්ටර් එකක වැඩ පටන් ගන්න කොල්ලා 17 වෙද්දි කෙල්ලෙක්ටත් උකලා 18 - 19 වෙද්දි අඩුව ලෝකේ රටවල් 5 - 10 ක ඇවිදලා තියෙනවා. කාලා බීලා, නටලා , උකලා 20 ගණන් අග 30 ගණන් වෙද්දි උ පට්ට මැචුවඩ් චරිතයක් වෙනවා. 10%ක් අයින් කරන්න වස්ති වෙන එවුන්ට. ඉතිරි 90%ම තමන්ගේ ගමන ලෙසටම යනවා. ලංකාවේ ඔකේ අනික් පැත්ත. රෙද්දේ සංස්කෘතියෙන්,ආර්ථිකෙන්, පවුලෙන්, සමාජෙන් හිර කරලා, සදාකල් අතේ ගස්සලා, සතෙන් සතේ ඉතිරි කරෝලා පට්ට ස්ට්‍රෙස්, ඇරියස් උපරිම,අසහනේ අල්ට්‍රා ප්‍රෝ ඩයල් එකක් හදනවා 30 වෙද්දි. 90% එහෙමයි.10%ක් වගේ නෝමල්.
උඹේ දරුවන්ටවත් මේ රෙද්දේ ලිමිට් කියලා දෙන්න එපා බන්. උගන්නපන් උන්ට අහස අන්ලිමිටඩ් කියලා. හෙවිල්ලේ සීමාවක් නෑ. සැප සීමාවක් නෑ. ෆන් සීමාවක් නෑ. ඔය සකසුරුවමද, සතෙන් සතේද කියන රෙද්දේ , නෑ අමුම අමු කාලකන්න වචන වලට කොටුවෙන්න එපා.