ඇත්තටම මිනිස්සු දුප්පත් වෙලා ඉන්නෙ ඇයි? කුරියර් අත්දැකීම් 01

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113
    මම දන්න අයියා කෙනෙක් ඉන්නව ගිය අවුරුද්හ්ඩෙ මුල උට සල්ලි වගයක් ඕන වෙලා රුපියල් 60 000 ගන්න ගෑනිගෙ මාලේ උකස් කරලා. මම යනගමන් මගෙ එක්කමයි ගිහින් ඒකට පොලිය දාල ආවේ. මේ ඊයෙ පෙරේදත් ඌ ඒකට සල්ලි දන්න යනව. මූ 60 000ක් ගන්න ඕන එකට 90 000ගානක් අරගෙන. සල්ලි දාලත් නෑ පොලිය විතරක් අවුරුද්දකට වැඩිය දැන් දාල. ඒ මාලේ සින්න වෙන්න යනවලු. රත්තරන් ගනන් ගිය සීන් එකෙන් ඕක මට කීවේ. බේරල දෙන්නත් තිබ්බා මට ඇති වැඩක් නැති නිසා පාඩමක් ඉගෙනගන්නත් එක්ක නිකා හිටියා. ආ තව සීන් එකක් ඕක් මම වයිෆ්ගේ අම්මට කීවම එයා කීවා උන්ගෙ දුවක් තඩි JBL එකක් ගෙනාව කියල 40 000ක්ද කොහෙද දීලා මෙ ලඟදි. සිරා සිද්දි මේවා. මගේ වයිෆ් ඒ කෙල්ල දන්නව හොඳට වයිෆ් කියල තියේ ඒකිට හම්බ කරන සල්ලි වලින් ලැප් එකක් ගන්න මොනව හරි ඉගෙනගන්න දෙයකට යොදවන්න. ඒ මොකුත් නැත්තන් වැඩට යන්න ස්කූටරයක්වත් ගන්න ගෙවන්න කියල. ඒකි හෙන මෝඩයි ඒ මොකුත් ගානකට ගන්නෙ නෑ. අවුරුදු 24ක විතර පොඩි කෙල්ලක්.
    40,000 ta thadi JBL ekak ganna thiyenne koheda kiyala matath ahala kiyapanko
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    මිනිස්සු දුප්පත් වෙන්නේ මුදල් කළමනාකරණය කරන්න දන්නේ නැති කම

    ලංකාව රටක් විදියට දුප්පත් වෙලා තියෙන්නෙත් ඔය හේතුව නිසා

    ප්‍රාග්ධනය ආයෝජනය වලට වියදම් කරන්නේ නැතුව පරිභෝජනයට වියදම් කිරීම
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,896
    113
    Fantasy
    ඒක දන්නවා ඔය හවුසින් ලෝන් එක 1.5%ද කොහෙද දෙන්නෙ. සමහර එවුන් ගෙදර රෙනොවේට් කරන්න කියලා ඔය ලෝන් එක අරගෙන FD දාගන්නවා, එහෙම නැත්තං අම්මගෙන් තාතත්ගෙන් ලැබෙන ඉඩම සල්ලි දීල ගත්තා කියලා ඒ සල්ලි අරන් FD දාගන්නවා
    ඒ උනාට මුලු පඩියම ලෝන් එකට
    මම හොඳටම දන්න එකියක් ඉන්නවා, පඩිය 1.30ක් වගේ. ඔය ලෝන් සේරම දාල තියෙන්නෙ අතට ගන්නෙ 30ක් වගේ. ඒක ඒකිගෙ මාසෙ වියදමට වියදම් වෙනවා. බැඳපු එකාට සල්ලි තියනවා ඒක නිසා ඒකිට ඒක අදාල නැහැ
    හැබැයි හස්බන්ඩ් වයිෆ් දෙන්නම බැංකුවෙ ඉන්න එවුනුත් ඉන්නවානේ
    Ithin fd interest eka monthly deposit wenna hadaagattanm thawath easyne bn.
     
    • Like
    Reactions: Yin And Yang

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,247
    20,884
    113
    හස්තිශෛලපුර
    අයි ෆෝන් එකක්, ටීවී එකක් කියන්නෙ මොනවද කියන්නකො.. අත්‍යවශ්‍ය දේවල්ද...
    අනික අයි ෆෝන් විතරක් නෙමෙයි, ඔය හැට හැත්තැදහේ ෆෝන් පවා ගෙවාගෙන යන්න ගන්නවනෙ.. එහෙම පොඩි මුදල් වල භාණ්ඩ ගෙවන්න ගන්නව කියන්නෙ මොන පිස්සුවක්ද, ණය වෙන්න බය නැති ජීවිත..
    එහෙම පොඩි මුදල් වල භාණ්ඩ ගෙවන්න ගන්නව කියන්නෙ මොන පිස්සුවක්ද, ණය වෙන්න බය නැති ජීවිත..

    pissuwak newe bro.. onama business karayek karanne oya theory ekama tamai.. CSE eke campany wala balance sheet aran balapan company wala kochchara liabilities tiyenawa kiyala..

    awula tiyenne, priorities aduna ganne nati eka..

    anika naya ganna baya wenna ona, naya gewanne kohomada kiyala idea ekak nati minissu...
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    ඕකට මම මෙහෙම දෙයක් කියන්නං

    ගොඩක් බැංකු වල එහෙම වැඩ කරන අයට (පොසිශන් එක අදාල නැහැ ඒ වගේම ප්‍රයිවෙට් සහ ගවර්මන්ට් දෙකටම තියනවා) හවුසින් ලෝන් තියනවා ගොඩක් වෙලාවට ලක්ශ 75-100 අතර දෙනවා ඒ වගේම තව ගෙදර මොඩිෆයි කරන්න කියලත් තව ලක්ශ 40-50ක් ලෝන් ගන්න පුලුවන්. මේ ලෝන් ජොබ් එකෙන් රිටයර් වෙලා පෙන්ශන් එකෙන් පවා කැපෙන තරමට දිග කාලෙකට දෙන්නෙ. සාමාන්‍යෙන් බැංකුවක වැඩ කරන කෙනෙක් 1.50ක විතර සැලරියක් ගන්නවා නං ඔය ලෝන් ටික කැපිලා අතට එන්නෙ 30-40ක් විතර. ගෙදර තනි කෙනා ජොබ් කරනවා නං මාසෙ කවර් කරගන්න අමාරුයි. දෙන්නම බැංකුවෙ නං අනික් කෙනත් අර වගේ ලෝන් එකක් දාල වාහයක් ගන්නවා
    එතකොට දෙන්නගෙම මාසෙ අතට ඉතිරි වෙන්නෙ රුපියල් 80000ක් විතර. දැන් හිතපන්කෝ ලමයි දෙන්නෙක් විතරත් ඉන්නකොට උන්ගෙ වියදම් වාහනේ තෙල් සහ සර්විස් වියදම් ගෙදර මේන්ටේන් සහ බිල් වල වියදම් ගත්තම උන්ට අතේ ඉතිරි වෙන ගානක් නැති තරං. ඒක නිසා උන් කරන්නෙ හවස් වෙනකල් OT කරනවා සෙනසුරාදා වැඩ කරනවා OT වලට
    උන්ට වාහනේ තියනවා ගෙදර තියනවා නමුත් මැරෙනකන්ම ලෝන් එකක් තියනවා ඒ උනාට අතට ඉතිරි වෙන්නෙ බොහොම පොඩි ගානක්. උන්ට මහලොකු සැටිස්ෆැක්ශන් එකක් නැහැ
    සැකයි වගේ හිතනවා නං බැංකුවක වැඩ කරන කෙනෙක්ගෙන් අහලම බලපන්. පට්ට ස්ට්‍රෙස් එකක ඉන්නෙ. හිතේ නිදහසක් නැහැ, ෆ්‍රි ටයිම් එකක් නැහැ. හදා ගනිපු ගෙදර රෑට නිදා ගන්න එක විතරයි කරන්නෙ

    එතකොට එහෙම එවුන් එක්ක, ගේ කපරාරු නොකර බයික් එකක් ගනිපු එකා ලෝන් එහෙම නැතිව (ගොඩක් වෙලාවට ඌට ලෝන් ගන්න බැහැ ආදායමක් නැති නිසා) හිතේ නිදහසෙන් සහ සැටිස්ෆැක්ශන් එකක ඉන්නවා වෙන්න පුලුවන්.
    ඕකේම වෙන විදියකට ගේම ගහපු එවුන් ඉන්නවා අර රොබට් කියෝසාකිගේ පොතේ තියෙනවා වගේ. බැංකුවේ වැඩකරන අයට පොළී අනුපාතය සාමාන්‍ය කෙනෙක්ට වඩා අඩු නිසා ගෑනියි මිනිහයි දෙන්නම ලෝන් දාලා ඉඩම්, වාහන අරන් විකුණුවා. කැපිටල් එකක් හදාගත්තට පස්සේ තමයි උන්ටම කියලා ගෙවල් දොරවල් වාහන ගත්තේ. අද ණයත් නැහැ බයත් නැහැ.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,896
    113
    Fantasy
    1000072913.jpg
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මේ නම් මෝඩ කතාවක්. කතාව ඇතුලෙම තියෙනව ඒක. ඒ කාලෙ පිස්සෙක් වගේ ගේම් ගැහුව නම් අද ඔය කියන තැනට යන්නත් බෑ. හැබැයි ඒ ආසාව ඉටුවෙයි. ඒත් එතනින් එහා තියෙන ආසාව වත් අඩුම ගානෙ මිනිහෙකුට ඕනෙ අවශ්‍යතාවයවත් කරගන්න බැරි වෙන කාලකානියෙක් වෙන්නෙ..
    -------------------------------------------------------
    දත් තියෙන කාලෙ මස් කන්න. හැබැයි තමන්ගෙ ලිමිට් එක දැනගෙන. තමන්ට ලිමිට් එකට එහා මස් කන්න ඕනෙ නම් ලිමිට් එක තව පුශ් කරගන්න. හැමවෙලේම තමගෙ ලිමිට් එක ඇතුලෙ එන්ජෝයි කරගන්න. ඒක මදි නම් මෝඩ වෙලා "දැන් කරගන්නෙ නැතුව කවද කරන්නද" වගේ මෝඩ තීරණ නොගෙන ලිමිට් එක තව පුශ් කරල ඒ ලිමිට් එක ඇතුලෙ එන්ජෝයි කරන්න. තමන්ට ආසාවල් කරගන්න බැරි වෙන හැම අවස්තාවකම තමන්ගෙ ඉන්කම් එක පුශ් කරගෙන ඒ ආසාව ඉටු කරගන්න බලන්න. හැබැයි බයි ද ටයිම් ඒ ආසාව කල්පැනල තියෙන්න පුලුවන්. ඒත් ඊට වැඩිය සුපිරි ආතල් දේවල් තව තියෙනව කියල එතකොට තේරෙයි.
    ඔයා ඔය කියන දේ අදල වෙන්නේ මිත්‍රයා ආසියානු කලාපෙට, විශේෂයෙන්ම අන්ත දුප්පත් අපේ වගේ රටවලට. සෝ ඒක නිසා අපේ එවුන් පුක පලාගෙන අසාවල් මිරිකගෙන ජිවත් වෙන්න ඔය වගේම අපේ මෝඩ වැඩිහිටියෝ ඉගැන්නුවා. හම්බු කරන්නේ 10 නම් 3ක් ඉතිරු කරන්න, 3ක් විදයම් කරන්න අරක මේක. මේක මහ මරි මෝඩ කන්සෙප්ට් එකක්. සකසුරුවම කියන රෙද්දේ වචනෙකුත් තියෙනවා

    අපේ රටවල එවුන් සකසුරුවම, සතෙන් සතේ ඉතිරි කරන්න උගන්නනවා මිසක් සීමාවෙන් එහා ගිහින් උතුරන්න සල්ලි හොයන්න කොහෙවත් කියලා දෙන්නේ නෑ. තමන්ගේ ලිමිට් එක ගැන දැන ගන්න කියනවා මිසක් අන්ලිමිටඩ් වෙන්න කියලා දෙන්නේ නෑ.එකයි කරුමේ. අවු 13 න් 14න් ෂොපින් සෙන්ටර් එකක වැඩ පටන් ගන්න කොල්ලා 17 වෙද්දි කෙල්ලෙක්ටත් උකලා 18 - 19 වෙද්දි අඩුව ලෝකේ රටවල් 5 - 10 ක ඇවිදලා තියෙනවා. කාලා බීලා, නටලා , උකලා 20 ගණන් අග 30 ගණන් වෙද්දි උ පට්ට මැචුවඩ් චරිතයක් වෙනවා. 10%ක් අයින් කරන්න වස්ති වෙන එවුන්ට. ඉතිරි 90%ම තමන්ගේ ගමන ලෙසටම යනවා. ලංකාවේ ඔකේ අනික් පැත්ත. රෙද්දේ සංස්කෘතියෙන්,ආර්ථිකෙන්, පවුලෙන්, සමාජෙන් හිර කරලා, සදාකල් අතේ ගස්සලා, සතෙන් සතේ ඉතිරි කරෝලා පට්ට ස්ට්‍රෙස්, ඇරියස් උපරිම,අසහනේ අල්ට්‍රා ප්‍රෝ ඩයල් එකක් හදනවා 30 වෙද්දි. 90% එහෙමයි.10%ක් වගේ නෝමල්.

    උඹේ දරුවන්ටවත් මේ රෙද්දේ ලිමිට් කියලා දෙන්න එපා බන්. උගන්නපන් උන්ට අහස අන්ලිමිටඩ් කියලා. හෙවිල්ලේ සීමාවක් නෑ. සැප සීමාවක් නෑ. ෆන් සීමාවක් නෑ. ඔය සකසුරුවමද, සතෙන් සතේද කියන රෙද්දේ , නෑ අමුම අමු කාලකන්න වචන වලට කොටුවෙන්න එපා.
     
    • Like
    Reactions: KalanIND

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,731
    8,475
    113
    ඉන්න ගෙදරක් යන්න වාහනයක් තියේ නම් ඔය දෙක සම්පුරන කරද්දි වයස අනිවා 35-40 වෙන්න ඔන. ඊට පස්සෙත් හම්බකර කර පව් ගෙවන එකනම් මෝඩ වැඩක්. ඊට පස්සේ කාල බීල ඉන්න ඔන. අපේ උන් 40 පැන්නහමත් බැන්කු වලට බැන බැන ලොර්න් ඉල්ලනවා ඊට පස්සේ මැරෙනකම් ඒව ගෙවනවා. ආස දේවල් කාල බිල ඉන්න ඔන බන්. ඉන්වෙස්ට් කරනවා උනත් තරුන කාලෙන් පස්සේ මොනවටද බන් සල්ලි. බේත් වලටද?
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,340
    7,011
    113
    ඕකේම වෙන විදියකට ගේම ගහපු එවුන් ඉන්නවා අර රොබට් කියෝසාකිගේ පොතේ තියෙනවා වගේ. බැංකුවේ වැඩකරන අයට පොළී අනුපාතය සාමාන්‍ය කෙනෙක්ට වඩා අඩු නිසා ගෑනියි මිනිහයි දෙන්නම ලෝන් දාලා ඉඩම්, වාහන අරන් විකුණුවා. කැපිටල් එකක් හදාගත්තට පස්සේ තමයි උන්ටම කියලා ගෙවල් දොරවල් වාහන ගත්තේ. අද ණයත් නැහැ බයත් නැහැ.
    එහෙම බැහැ
    බැංකුවෙ වැඩ කරත් ඒ ලෝන් දාල ගන්න ඉඩම් බැංකුවට මෝගේජ් කරලා තියෙන්නෙ ගෙවල ඉවරවෙනකල් ඒව විකුනන්න බැහැ. මොනම හේතුවකට හරි විකුනනවා නං බැංකුවත් එක්ක කරන්න ඕන එතකොට ලෝන් එක සෙට්ල් කරලා ගානක් ඉතිරි උනොත් ඒක තමයි ගන්න පුලුවන්, වාහනත් එහෙමයි
    වෙන රටවල එහෙම වෙන්න ඇති ලංකාවෙ එහෙම බැහැ.
    මෙහෙ කරපු දේ තමයි අම්මගෙ හරි තාත්තගෙ හරි ඉඩමක් ලියවගෙන සල්ලි වලට ගත්තා කියලා ලෝන් එකේ සල්ලි ගන්න පුලුවන්. හැබැයි අහු උනොත් ජොබ් එකත් ඉවරයි

    හැබැයි පොඩි පොඩි ලෝන් තියනවා අරගෙන පොඩි ගානක් හදාගන්න පුලුවන් ඒවයෙ පොලිය අර හවුසින් ලෝන් එක තරං අඩු නැහැ සාමාන්‍ය රේට් එකට වඩා 2%ක් වගේ තමයි අඩු. හැබැයි ගේ හදන්න කියලා ලෝන් එක ගත්තොතින් step by step දෙන්නෙ. බැංකුවෙ වැඩ කරා කියලා නැහැ ස්ටේජ් එකක් කම්ප්ලීට් කරාම අනෙක් එක දෙන්නෙ.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,924
    113
    පෘථිවිය
    මම කුරියර් සවිස් එකක දිව්ව කාලයක් ඉතිං මම හිතුව අත්දැකීම් ඔයාල එක්ක බෙදාගන්න.

    මම ගෙනිච්ච හුගක් පාර්සල් ක්‍රීම් බෝතල් වගේ ඒව තමා 8000ට වැඩී හැම එකම ඉතිං කෙල්ලො එහෙම තමා ගොඩක්ම ගන්නෙ වයසක අය අඩුයි හුගක්ම ගෙවල් වලට ගියාම එක්කො ගේ කපරාරු කරල නෑ නැත්තං ජනෙල් එහෙම නෑ ඒ උනාට අර බොරු කරල දෙන ක්‍රීම් එක ගන්නව සමහර ගෙවල් වල පාටි බොක්ස් පවා තියෙනව. මම එකක් ඩිලිවර් කරා ලෑලි ගෙදරකට
    මම තව ගියා ගෙදරකට ඒ ගෙදරත් ලෑලි ගෙයක් ඒ උනාට හොනට් එකක් තිබ්බ රෙද්දකින් වහල මම මේ කුහක කමට කියනව නෙමේ මිනිස්සු ඇත්තටම දුප්පත් වෙලා තියෙන්නෙ අනවශ්‍ය දේවල් වලට වියදම් කරල මහන්සි වෙලා හම්බ කරන දේ අනවශ්‍ය බඩු වලට වියදම් කරල ජීවිත කාලෙම මහන්සි වෙලා හම්බ කර කර ඉන්නව.

    ඊට පස්සෙ සල්ලි හද්දිසියක් උනාම අර බඩු විකුණල දානව ආයිමත් ගන්නව.

    අපේ නෑදෑයො හිටිය සීට්ටු දාල බේසං වගේ වැඩක් නැති දේවල් ගන්නව අරං ඇදන් යටයි මේස යටයි ගොඩ ගහල තියං ඉන්නව ගෙවල් අම්බලම් වගේ වතුර වැටෙනව වහලවල් වලින් ඒව හදාහන්නෙ නෑ අනවශ්‍ය.වියදම්.කර කර ඉන්නව
    ඉන්න කාලේ, කාල බිලා ඉන්න ඕන
    පැල්පතේ ඇති සාමේ නැත මහා මන්දිරේ , කියල කියනවනේ
    අනික ලොකු ගෙවල් තියාගෙන ණය ගෙවා ගෙවා මැරෙනකල් ඉන්නවට වඩා පොඩි පල්කොටෙක ඉඳල සැප බඩු අරන් සැපේ ඉන්න එකත් හොඳයි
    ලොකු අපාර්ට්මන්ට් තියෙන අය අවුරුදු 25ක් ණය, කාර් එක ලිසින් අවුරුදු 10ක්, ක්‍රෙඩිට් කාඩ් එක ෆුල්
    මොනාටද

    උඹ කියන එක හරි, ඒ වුනාට පැල්කොටේ ඉන්න එක සැපක් නේ
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඉන්න කාලේ, කාල බිලා ඉන්න ඕන
    පැල්පතේ ඇති සාමේ නැත මහා මන්දිරේ , කියල කියනවනේ
    අනික ලොකු ගෙවල් තියාගෙන ණය ගෙවා ගෙවා මැරෙනකල් ඉන්නවට වඩා පොඩි පල්කොටෙක ඉඳල සැප බඩු අරන් සැපේ ඉන්න එකත් හොඳයි
    ලොකු අපාර්ට්මන්ට් තියෙන අය අවුරුදු 25ක් ණය, කාර් එක ලිසින් අවුරුදු 10ක්, ක්‍රෙඩිට් කාඩ් එක ෆුල්
    මොනාටද

    උඹ කියන එක හරි, ඒ වුනාට පැල්කොටේ ඉන්න එක සැපක් නේ
    සිරා බන්
    මට මේ දේ තේරුම් ගන්න 35 පනින්න උනා
    මම නම් වයස අඩු එවුන්ව දැන් ටාගට් වලට ස්ට්‍රෙස් කරන් නෑ බන්
    මොන ආතල් ගත්තත්, ඉලෝන් මස්ක් ගේ ලෙවල් එකට ගියත් බන් අපිට ඇගෙන් දෙන මැසේජ් නවත්තන්න සිස්ටම් එකක් තාම හදලා නෑනේ
    වයසත් එක්ක පරිනාමය වෙන්නම වෙනවා
    මම මේ පෘතුවියේ කොහෙ හිටියත් ඒ නියතයට මුණ දෙන්නම වෙනවා
    මම වගේ 20 -30 කාලේ සාම්ප්‍රදායික ශ්‍රි ලංකන් කරුම සංස්කෘතියට යට කරලා විනාස කර ගත්තා
    බලාන ගියාම 15 -28 වගේ තමයි ලෝකේ මිනිස්සු වැඩියම ෆන් ගන්න කාලේ. ලකේ පංකායේ අපි වැඩියම ස්ට්‍රෙස් වෙන කාලේ
     
    • Like
    Reactions: Yin And Yang

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    එහෙම බැහැ
    බැංකුවෙ වැඩ කරත් ඒ ලෝන් දාල ගන්න ඉඩම් බැංකුවට මෝගේජ් කරලා තියෙන්නෙ ගෙවල ඉවරවෙනකල් ඒව විකුනන්න බැහැ. මොනම හේතුවකට හරි විකුනනවා නං බැංකුවත් එක්ක කරන්න ඕන එතකොට ලෝන් එක සෙට්ල් කරලා ගානක් ඉතිරි උනොත් ඒක තමයි ගන්න පුලුවන්, වාහනත් එහෙමයි
    වෙන රටවල එහෙම වෙන්න ඇති ලංකාවෙ එහෙම බැහැ.
    මෙහෙ කරපු දේ තමයි අම්මගෙ හරි තාත්තගෙ හරි ඉඩමක් ලියවගෙන සල්ලි වලට ගත්තා කියලා ලෝන් එකේ සල්ලි ගන්න පුලුවන්. හැබැයි අහු උනොත් ජොබ් එකත් ඉවරයි

    හැබැයි පොඩි පොඩි ලෝන් තියනවා අරගෙන පොඩි ගානක් හදාගන්න පුලුවන් ඒවයෙ පොලිය අර හවුසින් ලෝන් එක තරං අඩු නැහැ සාමාන්‍ය රේට් එකට වඩා 2%ක් වගේ තමයි අඩු. හැබැයි ගේ හදන්න කියලා ලෝන් එක ගත්තොතින් step by step දෙන්නෙ. බැංකුවෙ වැඩ කරා කියලා නැහැ ස්ටේජ් එකක් කම්ප්ලීට් කරාම අනෙක් එක දෙන්නෙ.
    ළඟදි කරපු සීන් එකක් නෙවෙයි. ඒත් මොකක් හරි ලූප් හෝල් එකක් හරහා ගේම ගහන්න ඇති.