ගිය සතියේ මට පොඩි අත්දැකීමක් ලැබුනා.. මාලඹේ පැත්තේ දේවාලයක් තියනවා. කාන්තාවක් තමයි ඉන්නේ. එයා ප්‍රේතයෙක් ආරුඪයෙන් තමයි සාස්තර කියන්නේ.. මෙයා අපේ හාමිනේගේ සැලෝන් එකට ආවා. අපේ හාමිනේගේ අක්කා කෙනෙක් ඉන්නවා පවුලම ඉතාලියේ පදින්චිය.. එයාගේ දුවට හොඳටම අසනීප වෙලා ඉන්නේ.. හඳහනේ හැටියට ජම්ම ඒරාෂ්ඨකෙයි ලග්න ඒරාෂ්ඨකෙයි යනවා දසාවටත් සෙනසුරුගේ බලපෑමක් තියනවා.. ඉතින් දරුනුවටම අපලයි.. අර කාන්තාව ආව වෙලාවේ අපේ හාමිනේ කිව්වා අපේ අක්කගේ දුවටත් සනීප නෑ කියලා.. එකපාරටම මෙයාගෙ ඇස් දෙක අඩවන් වුනා.. ඇහුවා පවුලේ පස් දෙනයි නේද? කියලා.. අයියලා දෙන්නෙක් නේද ඉන්නේ කියලා.. දරුවට සෙනසුරුගෙනුයි කුජගෙනුයි අපලයි කිව්වා.. මේ කිසි දෙයක් ගමේ කෙනෙක්වත් දන්නේ නෑ.. කොටින්ම අක්කා රට නිසා අපේ ගෙදරවත් ඇවිත් නෑ.. මෙයා කරපු දේ මම දන්න ක්‍රමයට අනුව භූතයෙක්ගෙන් වැඩ කරගැනීමක්..

