තව කට්ටිය message දාන්නෙ වැඩ කරගන්න හොද උන් නෑ කියල.
එතන expectation එක දෙකක් dewmal. අපිත් ඔය කතන්දරේ කියනවා මැනේජ්මන්ට් එකට ඒ දවස් වල, මමත් සෑහෙන ඉන්ටර්වීව් කරලා ඇති. වැඩ පුළුවන් උන් එහෙම ලේසියෙන් කම්පැණි එකකට යන්නේ නෑ මචං. මම උනත් රට ඉඳන් ඇවිත් ලංකාවේ first job එක කරද්දි, කම්පැණිස් දෙකකම job offers reject කලා. එතන සැලරි වලට වඩා තිබුණේ ඇතුලෙන් සහ පරණ වැඩ කරපු අයගෙන් දැන ගත්ත නිව්ස් අනුව කම්පැණි කල්චර් එක සහ ඒ අය engineers ලට සලකපු විදිය. (මේ කාලේ නම් එහෙම reject කරන්නවත් offer සෙට් වෙන්නේ නෑ කට්ටියට).
ගොඩක් කම්පැණි වල අනෙක් අවුල තමා අපි සිලෙක් කරලා දෙන කැන්ඩිඩේට්ට උඩ VP or Director ලෙවල් එකෙන් හරි HR එකෙන් උන් ඉල්ලන සැලරි එක මැච් කරන්න බැරි එක. ඔය ගොඩක් වැඩ කරන්න හොද උන් නෑ කියලා දාන්නේ ඒ වගේ අය තමා. මොක ද එයාලා දෙන සැලරි bracket එකට හොඳ අය එන්නේ නෑ ඉතිං.
අනෙක අපේ උන් සැලරි වැඩි කරාම මුළු ටීම් එකකම වැඩ උට භාර දෙනවා. අන්තිමේ දි ඌට සෙල්ෆ් ලර්න් කරන්නවත් ටයිම් එකක් නැති වෙනවා. Self Learn කියන එක ඒ කාලේ උනත් මචන් must requirement එකක්, CS degree එකක් කරපු මට උනත් Foreign (EU) intern සෙට් වෙන්නේ නෑ මන් self study කලේ නැත්තම්. ඒක කලේ නැත්තම් මට කම්පීට් කරන්න බෑ. මං scl කාලේ ඉඳන් කෝඩ් කරපු එකෙක්. අපි කොල්ලන්ට වෛරස් හදලා ගේම් දීලා තියනවා ආතල් එකට. හැබැයි ඒ ආතල් එක කෝපරේට් එකට ආවාම වෙනම ගේමක්.
ඇත්තම කතන්දරේ කෝපරේට් එක ඇතුලේ ඔය ආතල් එක නැති වෙනවා. ඇතුලේ සර්වයිවෙන්න, උඹ වැඩ්ඩෙක් උනාට මදි. පොලිටික්ස් හැන්ඩ්ල් කරන්න වෙනවා. අනෙක හැමදාම මේ ෆීල්ඩ් එකේ අප්ඩේට් වෙන්න නම් ඉන්න කම්පැණි එකේ කල්චර් එකත් බලපානවා. පැය 8 ඇතුලේ වැඩ විතරයි නම්, ඒ මදිවට 8ට වඩා 10ක් වත් ඉල්ලනවනම්.. ඉතුරු අපේ ටයිම් එකෙන් study වලට දෙනවා කියන එක වයස යනවත් එක්ක කරන්න අමාරු වැඩක් මචං, කෙල්ල ඉන්නවා, ඊට පස්සේ බිරිඳ වෙනවා, ළමයි හම්බෙනවා, අම්මලා තාත්තලගේ වැඩ සෙට් වෙනවා. මිනිස්සු ලෙඩ වෙනවා ඒවා ගැන බලන්න වෙනවා. සේරම ගත්තම අපිට වයස 16-25 තියෙන ආතල් එක නෙමෙයි ඇත්ත ලෝකේ