ඇත්ත කතා කරමු.

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
රෙප් කැපෙනවා, එළකිරියේ කොන් වෙනවා, ලේබල් වදිනවා වගේ කතා නිසා ගොඩක් අය මේක කතා නොකලට හිතේ තියන දෙයක්. මම මේක කලිනුත් කතා කළා. මාතෘකාව වගේම, මේකත් අම්මට බැනුම් අහන වැඩක්. කමක් නැ කවුරුහරි මේක කතා කරන්න ඕනා.

සිද්දිය තමා ලංකාවේ ආගම්. ලංකාව වාණිජව දුප්පත් වෙන්න අංක එකට බලපාපු කාරණේ මම දකින හැටියට බුද්දාගම. බුද්දාගම කිව්වහම කොටස් දෙකක් ලෝකේ අපිට දකින්න පුළුවන්. ඒ මහායාන දර්මය සහා ථෙරවාද දර්මය.

මහායාන දර්මය
අර මාර්ක් සකර්බර්ග්ගේ වයිෆ් අදහන දර්මය එයා වදින බුදුපිලිමේ. ඒක තම චිනේ ජපානේ ෆලෝ කරන එක.. ලෞකික සැප ප්‍රතික්ෂේප නොකරන දර්මය. මේක සාර්ථකයි යම්තාක් දුරකට ලෝකේ. මිනිස්සුන්ගේ සිතුවිලි, චින්තන උද්දීපනය කරන්න මේ දර්මය අනුබල දෙනවා. මොකද ලෞකික සැප සහා අද්යාත්මික ගුණවගාව බැලන්ස් වෙන නිසා. එකයි ලෝකේ සාර්ථක බිස්නස් පොරවල්, මේකට ඇදිලා යන්නේ.

ථෙරවාද දර්මය
හුදෙක්ම දර්මාශෝකගේ කොන්ත්‍රාත් එකකට මිහිදු හාමුදුරුවෝ ලංකාවේ ප්‍රචලිත කරන්න තියාගත්ත එක. බුදුන් වහන්සේ තුන් වරක් වැඩලත් ලංකාවේ ඔරිජිනල් බුද්ද දර්මය ග්‍රහණය නොවුනට, තිස්සව හාවා කරලා මිහිදු හාමුදුරුවෝ ලංකාවේ එක රැයින් බුදිස්ට්ලා මවපු දර්මේ. ලංකාවේ මිනිස්සුන්ගේ චින්තනය, ගොඩනැගීම, ආකල්ප සේරම නොදැකපු නිවනකට තල්ලු කරලා, ලංකාව ටෙම්පරි පොට් එකක්,මේකට වැඩ කරන්න එපා, නිවනට වැඩ කරපියව් කියල උගන්නන්න ගත්තට පස්සේ මිනිස්සු ආයේ රටට වැඩක් කරන්නේ නැ.. බලපන් එදා මෙදා තුර සිංහලුන්ට වෙච්ච දේ. ඒ ඉංජිනේරු ශිල්ප දැන් කෝ? ඒවා දියුණු උනාද, පරම්පරාවෙන් ආපු කමට මිහිදු හාමුදුරුවන්ගෙන් පස්සේ ටික කාලයක් තිබ්බා. ඒ කාලේ තමා හදන වැව්, දාගැබ් ටික හැදුනේ. දැන් බලපන් කොලබ බිල්ඩින් ප්‍රොජෙක්ට් කරන්නේ ටාටා හවුසින් එකෙන්. මිහිදුගේ දර්මේ රිජෙක්ට් කරපු උන් ගොඩ ගිය එක එතැනින්ම පේනවනේ.

අද සිංහල කඩේක ගිහින් බඩුවක් ගන්න අහපන්. එක නැ, ඉවර වෙලා, කොළබත් බඩු නැ , ආණ්ඩුව බදු ගහලා, මාකට් ලොස්ට්.. එක විකාරයි. තිලකවර්දන වගේ ඒවා උනත් නැගලා ආවේ අන්තිමට මිනිස්සුන්ට තේරුණා නිසා මුස්ලිම් උන් කෙලවනවා කියලා. නැතිනම් තාමත් මෙලොවට ඕන නැ, අල්පේච්ච ජිවිත තමා හොද වගේ ටෝක් දිදී එලොවට පින් රැස්කරන ලොන්ත යක්කු ටිකක් මේකේ හිටියේ, ඉන්නේ. අර ඊයේ ත්රෙඅඩ් එකක් දාලා අහපුවහම ආයේ ඉපදෙන්න ආසා මොන රටේද කියලා බලහන් උත්තර. මිහිදුගේ දර්මේ සාර්ථක නම් එහෙම කියයිද?

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ අට්ඨක නිපාතයේ දුතිය පණ්ණාසකයේ ගොතමී වග්ගයේ ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙන් [ http://thripitaka.org/view/bjts/sp16/256 ] කොටසක්:

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කෝලිය ජනපදයෙහි කක්කරපත්ත නම් වූ කෝලියයන්ගේ නියම්ගම්හි වෙසෙන සේක. එකල්හි දීඝජාණු නම් කෝලිය පුත්‍ර‍ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හින. එකත් පසෙක හුන් දීඝජාණු කොලියපුත්‍ර‍ තෙමේ භගවත්නට තෙල සැල කළේ ය.

වහන්ස, ගෘහස්ථ කාමභෝගී වන අපි පුත්‍ර‍දාරයන් විසින් සම්බාධ ඇති සයනයෙහි වසන්නෙමු. කසීසළු හා සඳුන් වළඳ කරම්හ, මල්ගඳවිලෙවුන් දරම්හ, රන් හා රිදී හා ඉවසම්හ; වහන්ස, ඒ අපට යම් දහම් කෙනෙක් අපගේ ඉහාත්මයෙහි හිත පිණිස ඉහාත්මයෙහි සුව පිණිස, පරලොව්හි සැප පිණිස වන්නාහු නම් එලෙසින් දහම් දෙසන සේක් වා.

ව්‍යාඝ්‍ර‍පද්‍යය, මේ සතර දහම් කෙනෙක් කුලපුත්හුගේ ඉහාත්ම භාවයෙහි හිත පිණිස, ඉහාත්මභාවයෙහි සුව පිණිස පවත්නාහ. කවර සතර දෙනෙක යත්: උත්‍ථාන සම්පත් ය, ආරක්ෂා සම්පත් ය, කල්‍යාණමිත්‍රතාව ය, සමජීවිකතා ය යනුයි.

1. ව්‍යාඝ්‍ර‍පද්‍යය, උත්‍ථානසම්පත් කවර යත්; ව්‍යාඝ්‍ර‍පද්‍යය, මෙ ලොව්හි කුලපුත් තෙමේ කෘෂිකර්මයෙන් වේවායි වණික්කර්මයෙන් වේවයි, ගෝරක්ෂායෙන් වේවයි, දුනුවාකමින් වේවයි, රාජපුරුෂ භාවයෙන් වේවයි, අන්‍යතර ශිල්පයෙකින් වේවයි, යම්බඳු වූ ම කර්‍මාන්තයෙකින් ජීවිකා කෙරෙයි නම්, එහි අනලස් වූයේ තත්‍රොපාය වීමංසායෙන් සමන්වාගත වූයේ කරන්නට සමත් වූයේ සංවිධානයට සමත් වූයේ දක්ෂ වෙයි. ව්‍යාඝ්‍ර‍පද්‍යය, මේ උත්‍ථානසම්පත් යයි කියනු ලැබේ.

2. ව්‍යාඝ්‍ර‍පද්‍යය, ආරක්ෂාසම්පත් කවර යත්: ව්‍යාඝ්‍ර‍පද්‍යය, මෙ ලොව්හි කුලපුත් හට උත්‍ථානවීර්‍ය්‍යයයෙන් ලබන ලද බාහුබලයෙන් රැස් කරන ලද ඩහදිය හෙළා උපදවන ලද දැහැමි වූ දැහැමින් ලද භොගයෝ වෙත්. ඔහු ආරක්ෂායෙන් ගෝපනයෙන් ‘මාගේ භෝගයන් රජවරු කිමැ හැර නො ගනිත් ද, සොරු පැහැර නො ගනිත් ද, ගින්න නො දවා ද, දිය හෝ ගසාගෙන නො යේ ද, අප්‍රිය බන්ධූහු නො ගනිත් දැයි ආරක්ෂායෙන් ගොපනයෙන් පිළියෙළ කර තබයි. ‘ව්‍යාඝ්‍ර‍පද්‍යය, මේ ආරක්ෂාසම්පත් යයි කියනු ලැබේ.

3. ව්‍යාඝ්‍ර‍පද්‍යය, කල්‍යාණමිත්‍ර‍තාව කවරයත්: ව්‍යාඝ්‍ර‍පද්‍යය, මෙ ලොව්හි කුලපුත් තෙමේ යම් ගමෙක වේවයි නියම් ගමෙක වේවයි වෙසේ නම් එහි ගෘහපති වේවයි ගෘහපති පුත්‍ර‍ වේවයි ළදරු වූ වෘද්ධ ස්වාභාව ඇත්තාහු වෙත්වයි, වෘද්ධ ස්වභාව ඇති වෘද්ධයෝ වෙත්වයි යම් ඒ ශ්‍ර‍ද්ධාසම්පන්න වූවාහු ශීලසම්පන්න වූවාහු ත්‍යාගසම්පන්න වූවාහු ප්‍ර‍ඥාසම්පන්න වූවාහු වෙත් නම් ඔවුන් හා සමඟ සිටුනේ ය, සල්ලාප කරන්නේ ය, සාකච්ඡාවට පැමිණෙන්නේ ය, යම් බඳු වූ ශ්‍ර‍ද්ධාසම්පන්නයන් ගේ ශ්‍ර‍ද්ධාසම්පත් අනුව හික්මෙයි. යම්බඳු ශීලසම්පන්නයන් ගේ ශීලසම්පත් වේ නම් ඒ අනුව හික්මෙයි. යම්බඳු ත්‍යාගසම්පන්නයන් ගේ ත්‍යාගසම්පත් වේ නම් ඒ අනුව හික්මෙයි: යම්බඳු ප්‍ර‍ඥාසම්පන්නයන් ගේ ප්‍ර‍ඥාසම්පත් වේ නම් ඒ අනුව හික්මෙයි. ව්‍යාඝ්‍ර‍පද්‍යය, මේ කල්‍යාණමිත්‍ර‍තා යි කියනු ලැබේ.

4. ව්‍යාඝ්‍ර‍පද්‍යය, සමජීවිකතා කවර යත්: ව්‍යාඝ්‍ර‍පද්‍යය, මෙ ලොව්හි කුලපුත්‍ර‍ තෙමේ භෝගයන් ගේ අයදු දැන, භෝගයන් ගේ වැයදු දැන ඉමහත් ද නො වූ ඉතා පහත් ද නො වූ සම දිවිපැවැත්ම කෙරෙයි. මෙ ලෙසින් මාගේ අය ව්‍යය ගෙවා සිටුනේ ය, මාගේ ව්‍යය අය ගෙවා නො සිටුනේ යයි කියා යි.

ව්‍යාඝ්‍ර‍පද්‍යය, යම් සේ තුලාව දරන්නෙක් වේවයි, තුලා දරන්නකුගේ අතවැසියෙක් වේව යි තුලාව ඔසවා ගෙන මෙ පමණෙකින් අවනත මෙපමණකින් උන්නත වේයයි දන්නේ ද, ව්‍යාඝ්‍ර‍පද්‍යය, එ පරිද්දෙන් ම කුලපුත් තෙමේ භොගයන් ගේ අයත් දැන භොගයන්ගේ වැයත් දැන ඉමහත් ද නො වූ ඉතා හීන ද නො වූ සම වූ ජීවිකා කෙරෙයි. මෙ සෙයින් මාගේ අය ව්‍යය ගෙවා සිටුනේ ය, මාගේ ව්‍යයය අය ගෙවා නො සිටුනේ ය කියා යි.

ව්‍යාඝ්‍ර‍පද්‍යය, ඉදින් මේ කුලපුත් තෙමේ අල්පවූ අය ඇතියේ ම උදාරව ජීවිකා කෙරේ නම්, ඔහට ‘මෙ කුලපුත් දිඹුල් කෑමක් සෙයින් භෝගයන් වළඳන්නේ ය’යි කියන්නාහු වෙත්. ව්‍යාඝ්‍ර‍පද්‍යය, ඉදින් මේ කුලපුත් මහත් වූ අය ඇතියේ ම අල්පව ජීවිකා කරන්නේ නම් ඔහට ‘මෙ කුල පුත් අනාථ මරණයෙන් මැරෙන්නකු සෙයින් මැරෙන්නේ ය’යි කියන්නෝ වෙති.

ව්‍යාඝ්‍ර‍පද්‍යය, යම්හෙයකින් කුලපුත්‍ර‍ භෝගයන්ගේ අය ද සලකා භෝගයන්ගේ වැය ද සලකා ඉතා මහත් නොව ඉතා හීන නොව සම ව ජීවිකාව කෙරේ ද, මෙ සෙයින් මාගේ අය විය ම මැඩ ගෙන සිටුනේ ය. මාගේ වැය ආදායම මැඩගෙන නො ද සිටුනේ ය යි. ව්‍යග්ඝපජ්ජය, මේ සමජීවිකතා යී කියනු ලැබේ.

ව්‍යග්ඝපජ්ජය, මෙසේ උපන් භෝගයනට අපාය මුඛයෝ සතර දෙනෙක් වෙත්:
...

ව්‍යග්ඝපජ්ජ සූත්‍රය: http://thripitaka.org/view/bjts/sp16/256

Skylark
 
Last edited:

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,970
    21,988
    113
    ගම මහනුවරයි
    මට දුක ආගමේ නාමෙන් අඩු කුලේ උන් අපිටම අරින්න එන එකට.. මෙතන දැන් කීයෙන් කී දෙනාද හොද කුලෙක ඉන්නේ ? ඔක්කොම ඉන්නේ අඩු කුලේ උන් ... උන් කොහොමත් සක්කිලි තමයි .. උන් තමයි අපේ ආගම කෑවේ , ඉස්සරහට කන්නෙත් ..
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මෙතන ප්‍රශ්නේ බුද්ධාගම නෙවෙයි, ගොන් සිංහලු තමන්ගේ නොහැකියාව වහගන්න බුද්දාගම වෙපන් ඒක කරගන්න එක, බුදු දහම කියන්නේ දියුණු වෙන එකෙක්ට හොඳම ආගමක්. මහායාන ථෙරවාද දෙකම එහෙම තමයි. ප්‍රශ්නේ තියෙන්නේ අපි ගොන් උත්තලා ඒක උන්ගේ කම්මැලිකම වහගන්න අවිය කරන ඉන්න එක. කම්මැලිකමට පුක උඩ දාගෙන ඉන්දියන් මෙගා නාටිටි බලලා දොයියන උන් ටෝක් දෙන්නේ අල්පෙච්චව ජිවත් වෙන්න ඕනේ නිසා එහෙම කරනවා වගේ.:rofl:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ආහ්. හාමු මහත්තය උඹ විතරයි මෙතනට අඩු වෙලා හිටියේ. :P

    මට දුක ආගමේ නාමෙන් අඩු කුලේ උන් අපිටම අරින්න එන එකට.. මෙතන දැන් කීයෙන් කී දෙනාද හොද කුලෙක ඉන්නේ ? ඔක්කොම ඉන්නේ අඩු කුලේ උන් ... උන් කොහොමත් සක්කිලි තමයි .. උන් තමයි අපේ ආගම කෑවේ , ඉස්සරහට කන්නෙත් ..
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    Dan rate inna kawruth thamange agama dharmaya hariyatama pili padinne naha , okkoma kattiya thamange wasiyata saha thamage agamata kattiya wadi karaganna pukuwan widihata agam thamanta ona ona widihata wenas karagena thiyenne.dan inna kawruwath Budun wahanse / Jesus wahanse deshana karala thiyena widihata darmaya adahanne naha .
    Dan okkoma hadanne thamange agama market karanna.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,866
    6,498
    113
    ගග අද්දර

    මචං බුද්ධාගමේ ලෝකෝත්තර සත්‍යයත් එක්ක ජාතියක් විදියට රටක් විදියට දියුනුවෙන්න අමාරුයි... මොකද ඒක බුද්ධාගමේ මූලික සිද්ධාන්ත එක්කත් එක්ක ගැටෙනවා... ඒ හින්දම තමයි බුදු හාමුදුරුවෝ ගිහියාට ලෞකිකත්වයත් එක්ක බුද්ධාගම ගලපගන්න වෙනමම දේශනාවක් කළේ.... බුදු හාමුදුරුවෝගේ ප‍්‍රධාන කියමනක් තමයි ”දෙන්නාට දෙන්න - නොදෙන්නාට නොදෙන්න” කියන එක... මේක බැලූ බැල්මට දානය කියන දේත් එක්ක ගැටෙනවා වගේ... හැබැයි ඒ ඉගැන්වීම ආර්ථිකය පදනම් කරගෙත්ත දෙයක්.... ඔය වගේ උදාහරණ ඕන තරම්.... මේ වෙන කොට මිනිහගේ ජීවිතේ ගොඩක් සංකීර්ණවෙලා... බුදුන්ගේ සමයේ තිබ්බ සරල සමාජය වෙනුවට දැන් තියෙන්නේ හාත්පසින්ම වෙනස් අවශ්‍යතාවලින් හා මිනිස් හැසිරීම්වලින් යුත්ත සමාජයක්... ඉතිං බුදු හාමුදුරුවෝ දේශනා කරල තියෙන ලෞකික ජීවිතයට අදාල වන කොටස නූතන සමාජයට ගැලපෙන විදියට සංස්කරණය වෙන්න ඕන... ඒක බුද්ධාගමේ ලෝකෝත්තර සත්‍යයට හානියක් වෙන්නේ නෑ... ඒ මග යන අය ඒ මග යයි....

    උඹගේ අන්තිම කරුණට කියන්න තියන්නේ සමාජ මතයක් ඇති කරන්න ඕන භික්ෂුවගේ කාර්යභාරය මොකක්ද විය යුත්තේ කියල.... සමාජයේ බලපෑම අනුව භික්ෂුන්ට නිවැරදි වෙන්න සිද්ද වේවි....

    උබ මුලින්ම මෙහෙම කිව්වනේ....
    ඒක මචං බුද්ධාගමේ වරද නෙවෙයි.... බුද්ධාගම හොඳ ආර්ථික තියරියක් උගන්ලා තියෙනවා... සල්ලි හම්බකරන විදිය, ඉතිරි කරන විදිය, පරිභෝජනය කරන විදිය, ඉන්වෙස්ට් කරන විදිය ගැන ගැඹුරින් කතා කරල තියෙනවා... මී කුණක් විකුණල සිටුවරයෙක් වුණු කතාවක් මහ ඉහලින් බුද්ධාගමේ කතා කරන දෙයක්... මේක පරෙස්සමට ගලපගන්න ඕන දෙයක්... අපි ජාතියක් විදියට දෙයක් අල්ල ගන්නේ වැරදි තැනින්.. අපි බුද්ධාගම උනත් අල්ලගත්තේ වැරදි තැනකින්... ඒක බුද්ධාගමේ වරදක් නෙවෙයි අපේ වරද.....

    දැන් උබ මෙහෙම කියනවනේ
    ඉතිං බුදු හාමුදුරුවෝ දේශනා කරල තියෙන ලෞකික ජීවිතයට අදාල වන කොටස නූතන සමාජයට ගැලපෙන විදියට සංස්කරණය වෙන්න ඕන..

    ඔන්න ඔහොම සංස්කරණය කරගෙන තමයි බන් දැන් ඉන්න බවුද්දයෝ ඇති වෙලා තියෙන්නේ. උන් බොනවා, දුරාචාරයේ යනවා, සුදු කෙලිනවා, නොකළයුතු වෙලදාම් කරනවා, හවසට පන්සල් යනවා.
    එතකොට වරද කොතනද?
    දේශනා කරපු ධර්මයේද නැත්නම් අපි කරගත්ත සංස්කරණ වලද?

    මගේ මතය මචන්, බුද්දාගමේ වරදක් නැහැ, දේශනාවේ වරදක් නැහැ, උබ කියනව වගේ අපි ග්‍රහණය කරගන්න විදියෙයි වරද, ඒත් උබ කියන වෙනස් කිරීම් කරන්න ඕන කියන එකට මන් එකග නැහැ. වෙනස් වෙන්න ඕන අපි, බුද්දාගම නෙමෙයි.

    ධර්මසංගායනාවක් කරන එක තමයි හරි. එත් අපි අපිට ඕන විදියට මේක ප්‍රායෝගික කරගන්න ඕන කියල වෙනස් කරන එක සාර්ථක නැහැ.

    අපි ඔය වෙනස් කරන එකෙන් බලාපොරත්තු වෙන්නේ අපි කරන වැරැද්ද නිවරදියි කියල මතයක් හදාගන්න එක.

    ප්‍රායෝගික කරගන්නව කියන්නේ, අදකාලෙත් මී කුණක් විකුනන්න ට්‍රයි නොකර වෙන දෙයක් විකුන්න ට්‍රයි කරන එක මිසක් එතන තියරිය සම්පුර්ණයෙන් වෙනස් කරන එක නෙමෙයි. :):):)

    ඔයිට වඩා ගැබුරට කියන්න තරම් මට දැනුමක් නැහැ මචන්, එත් මන් දකින විදිය එක, මගේ අදහස වෙනස් උනොත් මන් එක කියන්නම් එදාට අනිවා.
     
    • Like
    Reactions: upulpdn

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    +++
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    බුද්ධාගමය, බුද්ධ දර්ශණයයි කියන්නෙ දෙකක්. ඔය අද අපි දකින බුද්ධාගම ගැන නෙමේ බුුදු හාමුදුරැවො කතා කරන්නෙ. අපේ රටේ තියෙන්නෙ කාලයත් එකක් අපේ මිනිස්සු ආදි කාලේ ඉදන් පුරැදු වෙච්ච ගස් ගල් වන්දනාවම වර්ධනය කරගෙන ආපු දහමකට බුද්ධාගම ඈදලා තියෙන එක විතරයි. මේකෙ හරය බුදු හාමුදුරැවන්ගේ ධර්මය උනාට පිටට පේන ආමිස පූජාව තනිකර ගෝත්රික ආගමක එකක්.

    ඒ නිසා බුද්ධාගම කාලීන වශයෙන් වෙනස් වෙන්න ඕනි කියල මට හිතෙනවා. ධර්ම සංඝායනාවක් නන් අනිවාර්යෙන්ම තියෙන්න ඕනි කියල හිතෙනවා අද වෙන දේවල් එක්ක බලනකොට. මොකද අද සංඝ සමාජයට කිසිම විනයක්, පිළවලක් තියෙන බවක් පෙන්නෙ නැහැ. එක එක්කෙනා තමන්ට ඕනි විදියට ආගම වෙනස් කරගෙන තමන්ගේ සුඛ විහරණය ගැන හිතන එක තමා මට පේනනෙ තියෙන්නෙ.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    රෙප් කැපෙනවා, එළකිරියේ කොන් වෙනවා, ලේබල් වදිනවා වගේ කතා නිසා ගොඩක් අය මේක කතා නොකලට හිතේ තියන දෙයක්. මම මේක කලිනුත් කතා කළා. මාතෘකාව වගේම, මේකත් අම්මට බැනුම් අහන වැඩක්. කමක් නැ කවුරුහරි මේක කතා කරන්න ඕනා.

    සිද්දිය තමා ලංකාවේ ආගම්. ලංකාව වාණිජව දුප්පත් වෙන්න අංක එකට බලපාපු කාරණේ මම දකින හැටියට බුද්දාගම. බුද්දාගම කිව්වහම කොටස් දෙකක් ලෝකේ අපිට දකින්න පුළුවන්. ඒ මහායාන දර්මය සහා ථෙරවාද දර්මය.

    මහායාන දර්මය
    අර මාර්ක් සකර්බර්ග්ගේ වයිෆ් අදහන දර්මය එයා වදින බුදුපිලිමේ. ඒක තම චිනේ ජපානේ ෆලෝ කරන එක.. ලෞකික සැප ප්‍රතික්ෂේප නොකරන දර්මය. මේක සාර්ථකයි යම්තාක් දුරකට ලෝකේ. මිනිස්සුන්ගේ සිතුවිලි, චින්තන උද්දීපනය කරන්න මේ දර්මය අනුබල දෙනවා. මොකද ලෞකික සැප සහා අද්යාත්මික ගුණවගාව බැලන්ස් වෙන නිසා. එකයි ලෝකේ සාර්ථක බිස්නස් පොරවල්, මේකට ඇදිලා යන්නේ.

    ථෙරවාද දර්මය
    හුදෙක්ම දර්මාශෝකගේ කොන්ත්‍රාත් එකකට මිහිදු හාමුදුරුවෝ ලංකාවේ ප්‍රචලිත කරන්න තියාගත්ත එක. බුදුන් වහන්සේ තුන් වරක් වැඩලත් ලංකාවේ ඔරිජිනල් බුද්ද දර්මය ග්‍රහණය නොවුනට, තිස්සව හාවා කරලා මිහිදු හාමුදුරුවෝ ලංකාවේ එක රැයින් බුදිස්ට්ලා මවපු දර්මේ. ලංකාවේ මිනිස්සුන්ගේ චින්තනය, ගොඩනැගීම, ආකල්ප සේරම නොදැකපු නිවනකට තල්ලු කරලා, ලංකාව ටෙම්පරි පොට් එකක්,මේකට වැඩ කරන්න එපා, නිවනට වැඩ කරපියව් කියල උගන්නන්න ගත්තට පස්සේ මිනිස්සු ආයේ රටට වැඩක් කරන්නේ නැ.. බලපන් එදා මෙදා තුර සිංහලුන්ට වෙච්ච දේ. ඒ ඉංජිනේරු ශිල්ප දැන් කෝ? ඒවා දියුණු උනාද, පරම්පරාවෙන් ආපු කමට මිහිදු හාමුදුරුවන්ගෙන් පස්සේ ටික කාලයක් තිබ්බා. ඒ කාලේ තමා හදන වැව්, දාගැබ් ටික හැදුනේ. දැන් බලපන් කොලබ බිල්ඩින් ප්‍රොජෙක්ට් කරන්නේ ටාටා හවුසින් එකෙන්. මිහිදුගේ දර්මේ රිජෙක්ට් කරපු උන් ගොඩ ගිය එක එතැනින්ම පේනවනේ.

    අද සිංහල කඩේක ගිහින් බඩුවක් ගන්න අහපන්. එක නැ, ඉවර වෙලා, කොළබත් බඩු නැ , ආණ්ඩුව බදු ගහලා, මාකට් ලොස්ට්.. එක විකාරයි. තිලකවර්දන වගේ ඒවා උනත් නැගලා ආවේ අන්තිමට මිනිස්සුන්ට තේරුණා නිසා මුස්ලිම් උන් කෙලවනවා කියලා. නැතිනම් තාමත් මෙලොවට ඕන නැ, අල්පේච්ච ජිවිත තමා හොද වගේ ටෝක් දිදී එලොවට පින් රැස්කරන ලොන්ත යක්කු ටිකක් මේකේ හිටියේ, ඉන්නේ. අර ඊයේ ත්රෙඅඩ් එකක් දාලා අහපුවහම ආයේ ඉපදෙන්න ආසා මොන රටේද කියලා බලහන් උත්තර. මිහිදුගේ දර්මේ සාර්ථක නම් එහෙම කියයිද?

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ දසකනිපාතයේ දුතිය පණ්ණාසකයේ උපාලිවග්ගයේ කාමභොගී සූත්‍රයෙන් [ http://thripitaka.org/view/bjts/sp17/344 ]:

    එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේ පිඬු මහසිටුහුගේ ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක. එකළ්හි අනාථ පිණ්ඩික ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් අනාථ පිණ්ඩික ගෘහපති හට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:

    ගැහැවිය, මෙ ලොව්හි කාමභෝගි හු දස දෙනෙක් විද්‍යාමාන වෙත්. කවර දසදෙනෙකයත්:

    1. ගැහැවිය, මෙලොව්හි එක් කාම භෝගියෙක් අධර්‍මයෙන් සැහැසි කමින් භෝග පර්යේෂණා කරණේ ය. අධර්‍මයෙන් සැහැසි කමින් භෝග පර්යේෂණා කොට තමා නො සුවපත් කරන්නේ ය. නො පිනවන්නේ ය. සංවිභාග නො කරන්නේ ය, පින් නොකරන්නේ ය.

    ...

    10. ...

    1. ගැහැවිය, එහි යම් කාමභෝගියෙක් අදහමින් සැහැසිකමින් භෝග සොයනේ නම්, අදහමින් සැහැසිකමින් භෝග සොයා තමා සුවපත් නො කෙරේ නම්, නො පිනවා නම්, සංවිභාග නො කෙරේ නම්, පින් නො කෙරේ නම්, ගැහැවිය මෙ කාමභෝගී තෙම තුන් කරුණෙකින් ගැරැහිය යුත්තේ ය: ‘අදහමින්, සැහැසිකමින් භෝග පර්යේෂණ කරයි‘ යන මේ පළමු කරුණෙන් ගැරැහිය යුත්තේ ය. තමා සුවපත් නො කෙරෙයි, නො පිනවයි, යන මේ දෙවන කරුණෙන් ගැරැහිය යුත්තේ ය. සංවිභාග නො කෙරෙයි, පින් නො කෙරෙයි යන මේ තුන්වන කරුණෙන් ගැරැහිය යුත්තේ ය. ගැහැවිය, මෙ කාමභෝගී පුරුෂ මෙතුන් කරුණෙන් ගැරැහිය යුත්තේ ය.

    ...

    7. ගැහැවිය, ඔවුනතුරෙහි යම් කාමභෝගියෙක් ධර්මයෙන් අසාහසික කර්මයෙන් භෝග සොයා නම්, ධර්මයෙන් අසාහසික කර්මයෙන් භෝග සොයා තමා සුවපත් නොකෙරෙයි නම්, නො පිනවා නම්, සංවිභාග නො කෙරේ නම්, පින් නොකෙරේ නම්, ගැහැවිය, මෙ කාමභෝගී පුද්ගල එක් කරුණෙකින් පැසැස්ස යුතු වෙයි. දෙකරුණෙකින් ගැරැහිය යුතු වෙයි: ධර්මයෙන් අසාහසික කර්මයෙන් භෝග පර්යේෂණ කරනුයේය යන මේ පළමු කරුණින් පැසැස්ස යුතු වෙයි. තමා සුවපත් නො කරනුයේ ය, නො පිනවයි, යන මෙ පළමුවන කරුණින් ගැරැහිය යුතු වෙයි. සංවිභාග නො කෙරෙයි, පින් නො කෙරෙයි යන මෙ දෙවන කරුණින් ගැරැහිය යුතු වෙයි. ගැහැවිය, මෙ කාම භෝගී පුද්ගල මෙ එක් කරුණින් පැසැස්ස යුතු වෙයි. මෙ දෙකරුණින් ගැරැහිය යුතු වෙයි.

    ...

    10. ගැහැවිය, ඔවුනතුරෙහි යම් කාමභෝගියෙක් දැහැමින් නො සැහැසි කමින් භෝග සොයා නම්, දැහැමින් නො සැහැසි කමින් භෝග සොයා තමා සුවපත් කරයි නම්, පිනවයි නම්, සංවිභාග කරයි නම්, පින් කරයි නම්, ඒ භෝගයනුදු ග්‍රථිත නො වූයේ මූර්ඡිත වූයේ එහි බැස නොගත්තේ ආදීනව දක්නා සුලුවූයේ නිඃසරණ ප්‍රඥා ඇතියේ වළඳයි නම්, ගැහැවිය, මෙ කාමභෝගී තෙම සතර කරුණෙකින් පැසැසිය යුතු වෙයි: දැහැමින් නොසැහැසි කමින් භෝග සොයයි යන මෙ පළමු කරුණින් පැසැසිය යුතු වෙයි. තමා සුවපත් කෙරයි, පිනවයි යන මෙ දෙවත් කරුණින් පැසැසිය යුතු වෙයි. සංවිභාග කරයි, පින් කරයි, යන මෙ තෙවන කරුණින් පැසැසිය යුතු වෙයි. එ භෝගයනුදු ග්‍ර‍ථිත වූයේ අමූර්ඡිත වූයේ අධ්‍යාපන්න නො වූයේ ආදීනව දක්නා සුලුයේ නිඃසරණ ප්‍ර‍ඥා ඇතියේ වළඳයි යන මෙ සතර කරුණින් පැසැසිය යුතු වෙයි.

    ගැහැවිය, මෙ කාම භෝගීතෙම මෙ සතර කරුණෙන් පැසැසිය යුතු වෙයි.

    ගැහැවිය මෙ දස කාමභෝගීහු ලොව්හි විද්‍යාමාන ම වෙති. ගැහැවිය මෙ දස කාමභෝගීන් අතුරෙන් යම් කාමභෝගියෙක් ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග සොයා නම්, ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග සොයා තමා සුවපත් කරයි නම්, පිනවා නම්, සංවිභාග කරයි නම්, පින් කරයි නම් එ භෝගයනුදු ග්‍ර‍ථිතනුවූයේ අමූර්ඡිත වූයේ අධ්‍යාපන්න නො වූයේ ආදීනව දක්නා සුලුයේ නිඃසරණ ප්‍ර‍ඥා ඇතියේ වළඳා නම්, මෙතෙම මෙ දස කාමභෝගීන්ගෙන් අග්‍ර‍ද, ශ්‍රෙෂ්ඨ ද ප්‍ර‍මුඛ ද උත්තම ද ප්‍ර‍වර ද වෙයි.

    ගැහැවිය, යම් පරිදි දෙනගෙන් කිරිය, කිරෙන් දිහිය, දිහියෙන් වෙඬරුය, වෙඬරුයෙන් ගීය, ගියෙන් ගී මධුය, එහි ලා අග්‍ර‍යයි ගිණුමටයේ ද, ගැහැවිය, එපරිදි ම මෙ දස කාමභෝගීන් අතුරෙන් යම් කාමභෝගියෙක් ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග සොයා නම්, ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග සොයා තමා සුවපත් කරයි නම්, පිනවා නම්, සංවිභාග කරයි නම්, පින් කරයි නම්, එ භෝගයනුදු ග්‍ර‍ථිත නුවූයේ අමූර්ඡිත වූයේ අනධ්‍යාපන්නවූයේ ආදීනව දක්නා සුලුයේ, නිඃසරණ ප්‍ර‍ඥා ඇතියේ වළඳා නම්, මෙ දස කාමභෝගීන්ගෙන් මෙතෙම අග්‍ර‍ද, ශ්‍රෙෂ්ඨ ද ප්‍ර‍මුඛ ද උත්තම ද ප්‍ර‍වර ද වෙයි.

    කාමභොගී සූත්‍රය: http://thripitaka.org/view/bjts/sp17/344

    Skylark
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    උබ මුලින්ම මෙහෙම කිව්වනේ....

    දැන් උබ මෙහෙම කියනවනේ

    ඔන්න ඔහොම සංස්කරණය කරගෙන තමයි බන් දැන් ඉන්න බවුද්දයෝ ඇති වෙලා තියෙන්නේ. උන් බොනවා, දුරාචාරයේ යනවා, සුදු කෙලිනවා, නොකළයුතු වෙලදාම් කරනවා, හවසට පන්සල් යනවා.
    එතකොට වරද කොතනද?
    දේශනා කරපු ධර්මයේද නැත්නම් අපි කරගත්ත සංස්කරණ වලද?

    මගේ මතය මචන්, බුද්දාගමේ වරදක් නැහැ, දේශනාවේ වරදක් නැහැ, උබ කියනව වගේ අපි ග්‍රහණය කරගන්න විදියෙයි වරද, ඒත් උබ කියන වෙනස් කිරීම් කරන්න ඕන කියන එකට මන් එකග නැහැ. වෙනස් වෙන්න ඕන අපි, බුද්දාගම නෙමෙයි.

    ධර්මසංගායනාවක් කරන එක තමයි හරි. එත් අපි අපිට ඕන විදියට මේක ප්‍රායෝගික කරගන්න ඕන කියල වෙනස් කරන එක සාර්ථක නැහැ.

    අපි ඔය වෙනස් කරන එකෙන් බලාපොරත්තු වෙන්නේ අපි කරන වැරැද්ද නිවරදියි කියල මතයක් හදාගන්න එක.

    ප්‍රායෝගික කරගන්නව කියන්නේ, අදකාලෙත් මී කුණක් විකුනන්න ට්‍රයි නොකර වෙන දෙයක් විකුන්න ට්‍රයි කරන එක මිසක් එතන තියරිය සම්පුර්ණයෙන් වෙනස් කරන එක නෙමෙයි. :):):)

    ඔයිට වඩා ගැබුරට කියන්න තරම් මට දැනුමක් නැහැ මචන්, එත් මන් දකින විදිය එක, මගේ අදහස වෙනස් උනොත් මන් එක කියන්නම් එදාට අනිවා.

    True
    buddagama nisa kisima widihakata apiwa pallehata waten na
    business karana epa kiyala na kiyanne daarmikawa karanna kiyala

    mewa me tanikara buddagama nati karanna darana uthsahayan
    me wage thread podi un dakkama unge hitata mewa ka wadenawa buddagama nisa diyunu wenna ba api mewa ata arinna one kiyana eka

    menna me wage thread tamai ain karanna one
    podi kale pansal gihin loku wela buddagama waradi kiyana kuhaka pita agamkara hatta :angry::angry:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    බෞද්ධ වෙන්න ගිහිං කෙලවුන තැන් පෙන්නපංකො. රටම බෞද්ධ වුනේ 2500 ට කලිං ඉඳන්ම මේ රටේ තිබුන චින්තනේ බුදු දහමත් එක්ක පෑහුන නිසානෙ බං. ඒක තමා උඩ කියල තියෙන්නෙ. ඉතිං කෙලවෙන්න දෙයක් නෑ. සමාජය mechanistically දකින එක නතර කරපං බං ඒකයි ඔය වගේ අදහස් එන්න ලොකුම හේතුව. ඒක නතර කරනකං ඕක තේරුම් ගන්න බෑ. පුලුවන්නං systemic view එක ගැන සුදු මහත්තුරුම ලියල තියෙන පොත් හොයාගෙන කියෝපං කියෝපං. සමාජයෙන් බාහිර දෙයක් අවශෝෂණය නොකර පවත්වගෙන ආපු ක්‍රමේට සම්පූර්ණයෙන් වෙනස් ක්‍රමයක් අනුකරනය කරන්න යෑමෙන් වෙන්නෙ විනාශයක් තමා. ඕක ලංකාවට විතරක් නෙමේ හැම සමාජෙකටම පොදුයි. අපිට වෙලා තියෙන්නෙ ඒක බටහිර ක්‍රමේ අවශෝෂණය කරන්නැතුව එහෙම් පිටිං කොපි කරල ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නෙ ඒකයි.

    සුද්දන්ගෙ රටවල් ඔය තත්වෙන් ඉන්නෙ උන්ට උන්ගෙ ක්‍රම වලට අනුව රට කරන්න අමාරුවෙන් අපි වගේ හැඩගැහෙන්න දෙයක් නෑ උන්ගෙ චින්තනෙන්ම අැතිවුන ක්‍රම ඒව. ඉතිං උන්ට නිකංම වගේ ඒව කෙරෙනව. මෙහෙ ගොවිතැන් කරද්දි කරපු කෙම් ක්‍රම සුද්දො කරන්න ගියා නං මලාට උන්ට ඕක සාර්ථකව කරන්න බෑ උන්ගෙ චින්තනේට අපේ උන් කෙම් කරපු ක්‍රමේ පෑහෙන්නෑ. ඒක තමා බං වෙලා තියෙන්නෙ උන්ගෙ ක්‍රමේ අපේ චින්තනේට පෑහෙන්නෑ. පෑහෙන්නැති එකක් කොපි කරන්න ගිහිං ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නෙ.

    :confused::confused::confused:
    එතකොට උඹේ විසදුම මොකක්ද...?මිනීස්සු ශක්තිය පාදක කරගෙන සිවිලයිසේශන් ගොඩ නගනවා ප්ෘතුවියේ විතරක් නෙවෙයි,මුලු විශ්වයේම. උඹ කියන්නෙ මිනිස්සුන්ට ආපස්සට යන්න කියලද...? උඹ කියන්නෙ ප්‍රිමිටිව් විදිහට ජීවත් වෙන්න කියලද...?:rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    True
    buddagama nisa kisima widihakata apiwa pallehata waten na
    business karana epa kiyala na kiyanne daarmikawa karanna kiyala

    mewa me tanikara buddagama nati karanna darana uthsahayan
    me wage thread podi un dakkama unge hitata mewa ka wadenawa buddagama nisa diyunu wenna ba api mewa ata arinna one kiyana eka

    menna me wage thread tamai ain karanna one
    podi kale pansal gihin loku wela buddagama waradi kiyana kuhaka pita agamkara hatta :angry::angry:

    ආ ඔයා මොකද මේ..
    රෑට බීලා මිනිහා ගෙදර ආවම මිනිහා ජොලි ගන්නවා කියලා ආඩම්බර වෙන සමාජයකට ආරාධනා... ඇයි අකමැතිද?
    අපි බොන නොබොන එක නෙවෙයි ඉතින් සමාජයක් විදියට කොච්චර ශෝක් ද ගෑණිත් ආතල් කියලා හිතනවානම් මත්පානය... ඩේලි ගැසුවත් මොකෝ ජොලියනේ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    උබ මුලින්ම මෙහෙම කිව්වනේ....

    දැන් උබ මෙහෙම කියනවනේ

    ඔන්න ඔහොම සංස්කරණය කරගෙන තමයි බන් දැන් ඉන්න බවුද්දයෝ ඇති වෙලා තියෙන්නේ. උන් බොනවා, දුරාචාරයේ යනවා, සුදු කෙලිනවා, නොකළයුතු වෙලදාම් කරනවා, හවසට පන්සල් යනවා.
    එතකොට වරද කොතනද?
    දේශනා කරපු ධර්මයේද නැත්නම් අපි කරගත්ත සංස්කරණ වලද?

    මගේ මතය මචන්, බුද්දාගමේ වරදක් නැහැ, දේශනාවේ වරදක් නැහැ, උබ කියනව වගේ අපි ග්‍රහණය කරගන්න විදියෙයි වරද, ඒත් උබ කියන වෙනස් කිරීම් කරන්න ඕන කියන එකට මන් එකග නැහැ. වෙනස් වෙන්න ඕන අපි, බුද්දාගම නෙමෙයි.

    ධර්මසංගායනාවක් කරන එක තමයි හරි. එත් අපි අපිට ඕන විදියට මේක ප්‍රායෝගික කරගන්න ඕන කියල වෙනස් කරන එක සාර්ථක නැහැ.

    අපි ඔය වෙනස් කරන එකෙන් බලාපොරත්තු වෙන්නේ අපි කරන වැරැද්ද නිවරදියි කියල මතයක් හදාගන්න එක.

    ප්‍රායෝගික කරගන්නව කියන්නේ, අදකාලෙත් මී කුණක් විකුනන්න ට්‍රයි නොකර වෙන දෙයක් විකුන්න ට්‍රයි කරන එක මිසක් එතන තියරිය සම්පුර්ණයෙන් වෙනස් කරන එක නෙමෙයි. :):):)

    ඔයිට වඩා ගැබුරට කියන්න තරම් මට දැනුමක් නැහැ මචන්, එත් මන් දකින විදිය එක, මගේ අදහස වෙනස් උනොත් මන් එක කියන්නම් එදාට අනිවා.

    උඹ සිරස ටීවි වගේ පුංචි කෑල්ලක් කෝට් කරනවා... :lol: මම පැහැදිලිව කියල තියෙනවා බුද්ධාගමේ ලෝකෝත්තර කොටසකුත් ලෞකික ගිහියා ඉලක්ක කරගත්ත කොටසකුත් තියෙනවා කියල... බුදු දහමේ මූලික හරය කියන්නේ ලෝකෝත්තර කොටස... ඔය මම කියන කොටස කාලීන වෙනස්කම් ඇතිවන ගෙනයන්න පුලුවන් (මූලික හරයට හානි නොවන විදියට* උදාහරණයක් විදියට බුදු හාමුදුරුවෝ රාහුල කුමාරයා ගිහින් පැවිදි කරනවා... හැබැයි පස්සේ දෙමාපිය කැමැත්ත නැතිව දරුවන් මහන කරන්න එපා කියනවා... ඒක පවත්නා ක‍්‍රමයට අනුගත වීමක් මිසක බුද්ධාගමේ මූලික හරයට පයින් ගහන කරුණක් නෙවෙයි.. භික්ෂූණී ශාසානය පිහිටුවීම වුණත් ඒ වගේ... මේ කාලේ ඕන නම් කරන්න පුලූවන් භික්ෂූන්ට දේශපාලනය කරන්න බෑ කියල... ඒක සාධනීය වෙනස්කමක් නෙවෙයිද...? මගේ කොටසක් අරගෙන තර්ක කරන්න එපා මචං... මොකද එතනකොට අර්ථ විකෘති වීමක් වෙනවා...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මාක් ල මහායාන ථෙරවාදයට නැතුව මහායානයට ඇදෙන්නෙ ලොකුම හේතුව උන්ගෙ චින්තනේට වැඩියෙන් ගැලපෙන්නෙ මහායානය නිසා බං. ථෙරවාදයෙ ආරම්භයක් නෑ අවසානයක් නෑ උන්ට ඒව දිරවන්නෑ. ඉතිං උන්ට කොහොමත් ථෙරවාදී වෙන්න බෑ.

    එහෙම නෙමෙයි. අද ලෝකෙ වැඩිපුරම මාකට් වෙලා තියෙන්න මහායාන බුද්ධාගම මොකද බටහිර ලෝකෙ එක්ක ගනුදෙනු කරපු ආසියාවෙ මුල්ම බෞද්ධ රටවල් ටික මහායන අදහන චීනෙයි ජපානෙයි නිසා. අනික දලයි ලාමා තුමාගේ ප්රශ්නයත් මහායානය බටහිර ජනප්රිය වෙන්න බලපෑව.

    ථෙරවාදෙට වෙලා තියෙන්නෙ ‍හොද මාකටින් එකක් නැති එක බටහිර රටවල. නැත්තන් උගත් සුද්දො හුගක්ඉන්නවා ථෙරවාදය ගැන පැහැදිලා බෞද්ධ උන.

    අනික තවත් කාරණාවක් තමා මහායනය තියෙන ගුප්ත මායාකාරී බව. එ් කියන්නෙ මහායාන පන්සල් වල හැඩය. ඒවා පිහිටලා තියෙන හිමාලය. ආදි කාලීන දෙවි වරැ ගැන තියෙන සුරංගනා කතා වගේ දේවල්. මේ මායාකාරී බව නිසාත් සුද්දො මහායානය පැත්තට ඇදිල යන්න හේතුවක් උනා.

    නිකං දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ට ඕනෙ වුන පලියට එහෙම එක රාජ්‍ය කාලයෙන් රටක් බෞද්ධ කලෑකිද බං ඒ රටේ තිබ්බ චින්තනේට සංස්කෘතියට බුදු දහම ගැලපුනේ නැත්තං. එහෙනං යකෝ පෘතුගීසි ලංදේසි ඉංග්‍රීසි ලංකාව කොච්චර කල් පාලනය කලාද. ඒ කාලෙ ඒ පාලනේ කරපු ප්‍රදේශ වලවත් 90%ක්වත් උන් ප්‍රවර්ධනය කරපු ආගම වැලඳගන්න එපැයි. කෝ එහෙම වුනාද ?

    එහෙම රජා තැන දුන්න කියල දඩිබිඩියෙ රටක ආගම් මාරු කරන්න බෑ බං. වෙලා තියෙන්නෙ උඹල ආගම දකින්නෙ නිකං මතවාද සෙට් එකක් විදිහට. භාශාව දකින්නෙ නිකං භෞතික වස්තු වලට කියන නම් ටිකක් විදිහට. ඔහොම superficially දැකල තීරණය කරන්න බෑ.

    ආගමක් භාශාවක් එක්ක චින්තනේකුත් එනව. ආගමක් හරි මොන කෙහෙම්මලක් හරි රටකට ආවාම ඒක ඒ රටේ සාර්ථකව පැතිරෙනවද කියල තීරණය කරන්න වැඩියෙන්ම බලපාන්නෙ ඒක ඒ රටේ ඒ වෙනකොට තියෙන චින්තනේට කොච්චර දුරට අනුකූලද කියන එක. මිහිඳු හාමුදුරුවො මිහින්තලේට වැඩම කරල දේවානම්පියතිස්ස රජතුමාගෙන් අහපු ප්‍රශ්න දෙකම අරං බලපං. අඹ පැනෙයි ඥාති පැනෙයි. උඹල හිතන්නෙ මිහිඳු හාමුදුරුවො ලංකාවෙ රජ කරන්නෙ ගොං හරක් මුන්ට පොඩි තේරවිල්ලක් දීල බලන්න ඕනෙ ඒකවත් විසඳගන්න පුලුවන්ද කියල කියල හිතල ඔය දෙක ඇහුව කියලද ? :sorry: අවාසනාවට ගොඩක් බෞද්ධ උනුත් හිතාගෙන ඉන්නෙ මෙහෙම තමා. මාත් හිතාගෙන හිටියෙ එහෙමනෙ :(

    චින්තනෙයි, සංස්ක්රැතියයි එක එක ආගමට ගැලපෙන්න ඕනි නැහැ. රජා එක ආගමකට හැරැනද, රජාගෙන වරප්පරසාද ගන්න සෙට් එක ඊට පස්සෙ ඒ ආගමට හැරෙනවා. හැරෙන් නැති උන් සමාජෙන් කොන් වෙනවා. ඊට පස්සෙ රජා ෆුල් සපෝර්ට් එක දෙනවා ඌ වැළදගත්ත ආගම ප්රවර්ධනය කරන්න ‍‍මොකද මැරැනට පස්සෙ ඌට ස්වර්‍ගයට යන්න ඕනි නිසා. මේවා දකින සාමානය මිනිස්සුත් ඒ ආගමට හැරෙනවා නිකම්ම.

    පෘතුගීසි ලංදේසි කාරයන්‍ෙ අ‍පේ රට සම්පූර්ණයෙන් ක්රිස්තියානි කරන්න බැරි උනේ උන් මේ ර‍ටේ හරි විදියට ස්ථාවර වෙන්න බැරි වෙච්ච නිසා. උන් ඒ කාලෙම මේ රට සම්පූර්ණයෙන් අල්ලගත්තා නන් ඔන්න ලංකාවත් ක්රිස්තියානි වෙන්න ඉඩ තිබ්බා.

    ඉංග්‍රීසි කාරයන්ට නන් ලංකාවට අලුතින් ආගමක් හදුන්නලා දෙන්න තරන් උවමනාවක් තිබේබ නැහැ. උන්ට ඕනි උ‍නේ ආර්තික වාසි ගන්න විතරයි. ඒකයි අපේ රටේ බුද්ධාගම ඉතිරි උනේ. අනික පෘතුගීසි ලංදේසි ඉංග්‍රීසි ස්වදේශික මිනිස්සු නෙ‍‍මේනෙ. ඉතින් උන් හදුන්නලා දෙන ආගමක් බාරගන්න අපේ ස්වදේශික මිනිස්සුන්ට එකපාර හැගීමක් එන්නෙත් නෑ. ඔන්න අපේ රටේ හිටපු ස්වදේශික ර‍‍ජෙක් කතෝලික වෙලා ස්වාවරව රට පාලනය කලානන් රටත් නිකම්ම ක්රිස්ටියන් වෙන්න තිබ්බා...
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    බුද්ධාගමය, බුද්ධ දර්ශණයයි කියන්නෙ දෙකක්. ඔය අද අපි දකින බුද්ධාගම ගැන නෙමේ බුුදු හාමුදුරැවො කතා කරන්නෙ. අපේ රටේ තියෙන්නෙ කාලයත් එකක් අපේ මිනිස්සු ආදි කාලේ ඉදන් පුරැදු වෙච්ච ගස් ගල් වන්දනාවම වර්ධනය කරගෙන ආපු දහමකට බුද්ධාගම ඈදලා තියෙන එක විතරයි. මේකෙ හරය බුදු හාමුදුරැවන්ගේ ධර්මය උනාට පිටට පේන ආමිස පූජාව තනිකර ගෝත්රික ආගමක එකක්.

    ඒ නිසා බුද්ධාගම කාලීන වශයෙන් වෙනස් වෙන්න ඕනි කියල මට හිතෙනවා. ධර්ම සංඝායනාවක් නන් අනිවාර්යෙන්ම තියෙන්න ඕනි කියල හිතෙනවා අද වෙන දේවල් එක්ක බලනකොට. මොකද අද සංඝ සමාජයට කිසිම විනයක්, පිළවලක් තියෙන බවක් පෙන්නෙ නැහැ. එක එක්කෙනා තමන්ට ඕනි විදියට ආගම වෙනස් කරගෙන තමන්ගේ සුඛ විහරණය ගැන හිතන එක තමා මට පේනනෙ තියෙන්නෙ.

    Well said.... :yes:
     
    • Like
    Reactions: GuneBhai

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    True
    buddagama nisa kisima widihakata apiwa pallehata waten na
    business karana epa kiyala na kiyanne daarmikawa karanna kiyala

    mewa me tanikara buddagama nati karanna darana uthsahayan
    me wage thread podi un dakkama unge hitata mewa ka wadenawa buddagama nisa diyunu wenna ba api mewa ata arinna one kiyana eka

    menna me wage thread tamai ain karanna one
    podi kale pansal gihin loku wela buddagama waradi kiyana kuhaka pita agamkara hatta :angry::angry:
    ඔව්. එහෙම කරමු.. එතකොට රට හැදෙයි.. සෞදියේ හරි පොටර් තහනම් කළා වගේ.. ඔක්කොම වහගෙන බොරුවම ගෙනියමු..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    True
    buddagama nisa kisima widihakata apiwa pallehata waten na
    business karana epa kiyala na kiyanne daarmikawa karanna kiyala

    mewa me tanikara buddagama nati karanna darana uthsahayan
    me wage thread podi un dakkama unge hitata mewa ka wadenawa buddagama nisa diyunu wenna ba api mewa ata arinna one kiyana eka

    menna me wage thread tamai ain karanna one
    podi kale pansal gihin loku wela buddagama waradi kiyana kuhaka pita agamkara hatta :angry::angry:

    බුද්ධාගම වැරදි නන් ඒ ගැන කතා කරන්න බැරි මොකද? ඒක මිනිස්සුන්ට තියෙන අයිතියක්. ඔයාල නිකන් තලේබාන් නීති දාන්න හදන්නේ ඔයාලා මුස්ලිම් වගේ අන්තවාදී නිසාද?

    අද යුරෝපය මේ විදියට දියුණුවෙලා තියෙන්නෙ ඒ මිනිස්සු 1500 ගණන් වල ඉදන් තමන් අදහන ආගමේ හරය මොකක්ද කියල තර්ක කරපු නිසා. එයාලත් ඔයාල වගේ තලේබාන් විදියට හිතුවනන් අදත් ඒ මිනිස්සු අදුරැ යුගයේම තමා ඉන්නෙ.
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    බුද්ධාගම වැරදි නන් ඒ ගැන කතා කරන්න බැරි මොකද? ඒක මිනිස්සුන්ට තියෙන අයිතියක්. ඔයාල නිකන් තලේබාන් නීති දාන්න හදන්නේ ඔයාලා මුස්ලිම් වගේ අන්තවාදී නිසාද?

    අද යුරෝපය මේ විදියට දියුණුවෙලා තියෙන්නෙ ඒ මිනිස්සු 1500 ගණන් වල ඉදන් තමන් අදහන ආගමේ හරය මොකක්ද කියල තර්ක කරපු නිසා. එයාලත් ඔයාල වගේ තලේබාන් විදියට හිතුවනන් අදත් ඒ මිනිස්සු අදුරැ යුගයේම තමා ඉන්නෙ.

    මේ කතාව නම් 100% ඇත්ත්...:yes: