රෙප් කැපෙනවා, එළකිරියේ කොන් වෙනවා, ලේබල් වදිනවා වගේ කතා නිසා ගොඩක් අය මේක කතා නොකලට හිතේ තියන දෙයක්. මම මේක කලිනුත් කතා කළා. මාතෘකාව වගේම, මේකත් අම්මට බැනුම් අහන වැඩක්. කමක් නැ කවුරුහරි මේක කතා කරන්න ඕනා.
සිද්දිය තමා ලංකාවේ ආගම්. ලංකාව වාණිජව දුප්පත් වෙන්න අංක එකට බලපාපු කාරණේ මම දකින හැටියට බුද්දාගම. බුද්දාගම කිව්වහම කොටස් දෙකක් ලෝකේ අපිට දකින්න පුළුවන්. ඒ මහායාන දර්මය සහා ථෙරවාද දර්මය.
මහායාන දර්මය
අර මාර්ක් සකර්බර්ග්ගේ වයිෆ් අදහන දර්මය එයා වදින බුදුපිලිමේ. ඒක තම චිනේ ජපානේ ෆලෝ කරන එක.. ලෞකික සැප ප්‍රතික්ෂේප නොකරන දර්මය. මේක සාර්ථකයි යම්තාක් දුරකට ලෝකේ. මිනිස්සුන්ගේ සිතුවිලි, චින්තන උද්දීපනය කරන්න මේ දර්මය අනුබල දෙනවා. මොකද ලෞකික සැප සහා අද්යාත්මික ගුණවගාව බැලන්ස් වෙන නිසා. එකයි ලෝකේ සාර්ථක බිස්නස් පොරවල්, මේකට ඇදිලා යන්නේ.
ථෙරවාද දර්මය
හුදෙක්ම දර්මාශෝකගේ කොන්ත්‍රාත් එකකට මිහිදු හාමුදුරුවෝ ලංකාවේ ප්‍රචලිත කරන්න තියාගත්ත එක. බුදුන් වහන්සේ තුන් වරක් වැඩලත් ලංකාවේ ඔරිජිනල් බුද්ද දර්මය ග්‍රහණය නොවුනට, තිස්සව හාවා කරලා මිහිදු හාමුදුරුවෝ ලංකාවේ එක රැයින් බුදිස්ට්ලා මවපු දර්මේ. ලංකාවේ මිනිස්සුන්ගේ චින්තනය, ගොඩනැගීම, ආකල්ප සේරම නොදැකපු නිවනකට තල්ලු කරලා, ලංකාව ටෙම්පරි පොට් එකක්,මේකට වැඩ කරන්න එපා, නිවනට වැඩ කරපියව් කියල උගන්නන්න ගත්තට පස්සේ මිනිස්සු ආයේ රටට වැඩක් කරන්නේ නැ.. බලපන් එදා මෙදා තුර සිංහලුන්ට වෙච්ච දේ. ඒ ඉංජිනේරු ශිල්ප දැන් කෝ? ඒවා දියුණු උනාද, පරම්පරාවෙන් ආපු කමට මිහිදු හාමුදුරුවන්ගෙන් පස්සේ ටික කාලයක් තිබ්බා. ඒ කාලේ තමා හදන වැව්, දාගැබ් ටික හැදුනේ. දැන් බලපන් කොලබ බිල්ඩින් ප්‍රොජෙක්ට් කරන්නේ ටාටා හවුසින් එකෙන්. මිහිදුගේ දර්මේ රිජෙක්ට් කරපු උන් ගොඩ ගිය එක එතැනින්ම පේනවනේ.
අද සිංහල කඩේක ගිහින් බඩුවක් ගන්න අහපන්. එක නැ, ඉවර වෙලා, කොළබත් බඩු නැ , ආණ්ඩුව බදු ගහලා, මාකට් ලොස්ට්.. එක විකාරයි. තිලකවර්දන වගේ ඒවා උනත් නැගලා ආවේ අන්තිමට මිනිස්සුන්ට තේරුණා නිසා මුස්ලිම් උන් කෙලවනවා කියලා. නැතිනම් තාමත් මෙලොවට ඕන නැ, අල්පේච්ච ජිවිත තමා හොද වගේ ටෝක් දිදී එලොවට පින් රැස්කරන ලොන්ත යක්කු ටිකක් මේකේ හිටියේ, ඉන්නේ. අර ඊයේ ත්රෙඅඩ් එකක් දාලා අහපුවහම ආයේ ඉපදෙන්න ආසා මොන රටේද කියලා බලහන් උත්තර. මිහිදුගේ දර්මේ සාර්ථක නම් එහෙම කියයිද?
ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ අට්ඨක නිපාතයේ දුතිය පණ්ණාසකයේ ගොතමී වග්ගයේ ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙන් [ http://thripitaka.org/view/bjts/sp16/256 ] කොටසක්:
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කෝලිය ජනපදයෙහි කක්කරපත්ත නම් වූ කෝලියයන්ගේ නියම්ගම්හි වෙසෙන සේක. එකල්හි දීඝජාණු නම් කෝලිය පුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හින. එකත් පසෙක හුන් දීඝජාණු කොලියපුත්‍ර තෙමේ භගවත්නට තෙල සැල කළේ ය.
වහන්ස, ගෘහස්ථ කාමභෝගී වන අපි පුත්‍රදාරයන් විසින් සම්බාධ ඇති සයනයෙහි වසන්නෙමු. කසීසළු හා සඳුන් වළඳ කරම්හ, මල්ගඳවිලෙවුන් දරම්හ, රන් හා රිදී හා ඉවසම්හ; වහන්ස, ඒ අපට යම් දහම් කෙනෙක් අපගේ ඉහාත්මයෙහි හිත පිණිස ඉහාත්මයෙහි සුව පිණිස, පරලොව්හි සැප පිණිස වන්නාහු නම් එලෙසින් දහම් දෙසන සේක් වා.
ව්‍යාඝ්‍රපද්‍යය, මේ සතර දහම් කෙනෙක් කුලපුත්හුගේ ඉහාත්ම භාවයෙහි හිත පිණිස, ඉහාත්මභාවයෙහි සුව පිණිස පවත්නාහ. කවර සතර දෙනෙක යත්: උත්‍ථාන සම්පත් ය, ආරක්ෂා සම්පත් ය, කල්‍යාණමිත්‍රතාව ය, සමජීවිකතා ය යනුයි.
1. ව්‍යාඝ්‍රපද්‍යය, උත්‍ථානසම්පත් කවර යත්; ව්‍යාඝ්‍රපද්‍යය, මෙ ලොව්හි කුලපුත් තෙමේ කෘෂිකර්මයෙන් වේවායි වණික්කර්මයෙන් වේවයි, ගෝරක්ෂායෙන් වේවයි, දුනුවාකමින් වේවයි, රාජපුරුෂ භාවයෙන් වේවයි, අන්‍යතර ශිල්පයෙකින් වේවයි, යම්බඳු වූ ම කර්‍මාන්තයෙකින් ජීවිකා කෙරෙයි නම්, එහි අනලස් වූයේ තත්‍රොපාය වීමංසායෙන් සමන්වාගත වූයේ කරන්නට සමත් වූයේ සංවිධානයට සමත් වූයේ දක්ෂ වෙයි. ව්‍යාඝ්‍රපද්‍යය, මේ උත්‍ථානසම්පත් යයි කියනු ලැබේ.
2. ව්‍යාඝ්‍රපද්‍යය, ආරක්ෂාසම්පත් කවර යත්: ව්‍යාඝ්‍රපද්‍යය, මෙ ලොව්හි කුලපුත් හට උත්‍ථානවීර්‍ය්‍යයයෙන් ලබන ලද බාහුබලයෙන් රැස් කරන ලද ඩහදිය හෙළා උපදවන ලද දැහැමි වූ දැහැමින් ලද භොගයෝ වෙත්. ඔහු ආරක්ෂායෙන් ගෝපනයෙන් ‘මාගේ භෝගයන් රජවරු කිමැ හැර නො ගනිත් ද, සොරු පැහැර නො ගනිත් ද, ගින්න නො දවා ද, දිය හෝ ගසාගෙන නො යේ ද, අප්‍රිය බන්ධූහු නො ගනිත් දැයි ආරක්ෂායෙන් ගොපනයෙන් පිළියෙළ කර තබයි. ‘ව්‍යාඝ්‍රපද්‍යය, මේ ආරක්ෂාසම්පත් යයි කියනු ලැබේ.
3. ව්‍යාඝ්‍රපද්‍යය, කල්‍යාණමිත්‍රතාව කවරයත්: ව්‍යාඝ්‍රපද්‍යය, මෙ ලොව්හි කුලපුත් තෙමේ යම් ගමෙක වේවයි නියම් ගමෙක වේවයි වෙසේ නම් එහි ගෘහපති වේවයි ගෘහපති පුත්‍ර වේවයි ළදරු වූ වෘද්ධ ස්වාභාව ඇත්තාහු වෙත්වයි, වෘද්ධ ස්වභාව ඇති වෘද්ධයෝ වෙත්වයි යම් ඒ ශ්‍රද්ධාසම්පන්න වූවාහු ශීලසම්පන්න වූවාහු ත්‍යාගසම්පන්න වූවාහු ප්‍රඥාසම්පන්න වූවාහු වෙත් නම් ඔවුන් හා සමඟ සිටුනේ ය, සල්ලාප කරන්නේ ය, සාකච්ඡාවට පැමිණෙන්නේ ය, යම් බඳු වූ ශ්‍රද්ධාසම්පන්නයන් ගේ ශ්‍රද්ධාසම්පත් අනුව හික්මෙයි. යම්බඳු ශීලසම්පන්නයන් ගේ ශීලසම්පත් වේ නම් ඒ අනුව හික්මෙයි. යම්බඳු ත්‍යාගසම්පන්නයන් ගේ ත්‍යාගසම්පත් වේ නම් ඒ අනුව හික්මෙයි: යම්බඳු ප්‍රඥාසම්පන්නයන් ගේ ප්‍රඥාසම්පත් වේ නම් ඒ අනුව හික්මෙයි. ව්‍යාඝ්‍රපද්‍යය, මේ කල්‍යාණමිත්‍රතා යි කියනු ලැබේ.
4. ව්‍යාඝ්‍රපද්‍යය, සමජීවිකතා කවර යත්: ව්‍යාඝ්‍රපද්‍යය, මෙ ලොව්හි කුලපුත්‍ර තෙමේ භෝගයන් ගේ අයදු දැන, භෝගයන් ගේ වැයදු දැන ඉමහත් ද නො වූ ඉතා පහත් ද නො වූ සම දිවිපැවැත්ම කෙරෙයි. මෙ ලෙසින් මාගේ අය ව්‍යය ගෙවා සිටුනේ ය, මාගේ ව්‍යය අය ගෙවා නො සිටුනේ යයි කියා යි.
ව්‍යාඝ්‍රපද්‍යය, යම් සේ තුලාව දරන්නෙක් වේවයි, තුලා දරන්නකුගේ අතවැසියෙක් වේව යි තුලාව ඔසවා ගෙන මෙ පමණෙකින් අවනත මෙපමණකින් උන්නත වේයයි දන්නේ ද, ව්‍යාඝ්‍රපද්‍යය, එ පරිද්දෙන් ම කුලපුත් තෙමේ භොගයන් ගේ අයත් දැන භොගයන්ගේ වැයත් දැන ඉමහත් ද නො වූ ඉතා හීන ද නො වූ සම වූ ජීවිකා කෙරෙයි. මෙ සෙයින් මාගේ අය ව්‍යය ගෙවා සිටුනේ ය, මාගේ ව්‍යයය අය ගෙවා නො සිටුනේ ය කියා යි.
ව්‍යාඝ්‍රපද්‍යය, ඉදින් මේ කුලපුත් තෙමේ අල්පවූ අය ඇතියේ ම උදාරව ජීවිකා කෙරේ නම්, ඔහට ‘මෙ කුලපුත් දිඹුල් කෑමක් සෙයින් භෝගයන් වළඳන්නේ ය’යි කියන්නාහු වෙත්. ව්‍යාඝ්‍රපද්‍යය, ඉදින් මේ කුලපුත් මහත් වූ අය ඇතියේ ම අල්පව ජීවිකා කරන්නේ නම් ඔහට ‘මෙ කුල පුත් අනාථ මරණයෙන් මැරෙන්නකු සෙයින් මැරෙන්නේ ය’යි කියන්නෝ වෙති.
ව්‍යාඝ්‍රපද්‍යය, යම්හෙයකින් කුලපුත්‍ර භෝගයන්ගේ අය ද සලකා භෝගයන්ගේ වැය ද සලකා ඉතා මහත් නොව ඉතා හීන නොව සම ව ජීවිකාව කෙරේ ද, මෙ සෙයින් මාගේ අය විය ම මැඩ ගෙන සිටුනේ ය. මාගේ වැය ආදායම මැඩගෙන නො ද සිටුනේ ය යි. ව්‍යග්ඝපජ්ජය, මේ සමජීවිකතා යී කියනු ලැබේ.
ව්‍යග්ඝපජ්ජය, මෙසේ උපන් භෝගයනට අපාය මුඛයෝ සතර දෙනෙක් වෙත්:
...
ව්‍යග්ඝපජ්ජ සූත්‍රය: http://thripitaka.org/view/bjts/sp16/256
Skylark
Last edited:





මම පැහැදිලිව කියල තියෙනවා බුද්ධාගමේ ලෝකෝත්තර කොටසකුත් ලෞකික ගිහියා ඉලක්ක කරගත්ත කොටසකුත් තියෙනවා කියල... බුදු දහමේ මූලික හරය කියන්නේ ලෝකෝත්තර කොටස... ඔය මම කියන කොටස කාලීන වෙනස්කම් ඇතිවන ගෙනයන්න පුලුවන් (මූලික හරයට හානි නොවන විදියට* උදාහරණයක් විදියට බුදු හාමුදුරුවෝ රාහුල කුමාරයා ගිහින් පැවිදි කරනවා... හැබැයි පස්සේ දෙමාපිය කැමැත්ත නැතිව දරුවන් මහන කරන්න එපා කියනවා... ඒක පවත්නා ක‍්‍රමයට අනුගත වීමක් මිසක බුද්ධාගමේ මූලික හරයට පයින් ගහන කරුණක් නෙවෙයි.. භික්ෂූණී ශාසානය පිහිටුවීම වුණත් ඒ වගේ... මේ කාලේ ඕන නම් කරන්න පුලූවන් භික්ෂූන්ට දේශපාලනය කරන්න බෑ කියල... ඒක සාධනීය වෙනස්කමක් නෙවෙයිද...? මගේ කොටසක් අරගෙන තර්ක කරන්න එපා මචං... මොකද එතනකොට අර්ථ විකෘති වීමක් වෙනවා...
අවාසනාවට ගොඩක් බෞද්ධ උනුත් හිතාගෙන ඉන්නෙ මෙහෙම තමා. මාත් හිතාගෙන හිටියෙ එහෙමනෙ 
