ඇත්ත කතා වලින් හදපු Film

K M J

Well-known member
  • Jun 17, 2015
    802
    266
    83
    Katubedda
    Lion (2016) | වසර විසි පහකට පසු තම පවුල සොයා!!!
    25thtzc.jpg



    මේක Hollywood movie එකක්. මේක Hollywood Movie එකක් උනාට මේකේ දෙබස් 60%ක් වගේම යන්නේ හින්දි/බෙන්ගාලි භාෂාවෙන්. අපි කවුරුත් දන්න භාරතීය සිනමාවෙන් Hollywood පුරවරයට ගිය වාසනාවන්තයා, Dev Patel මේ movie එකේ ඉන්නවා. ඉන්නවා විතරක් නෙමේ “Best Performance by an Actor in a Supporting Role” කියන category එකෙන් Oscar නිර්දේශ වෙලත් ඉවරයි 🙂 තව, නවාස් අයියත් පොඩි කෑල්ලකට ඉන්නවා. මේකේ ඉන්නවා පුදුම ආදරේ හිතෙන පොඩි උන් දෙන්නෙක්. මට Dev Patelගේ රංගනයට වඩා උන් දෙන්නගේ රගපෑමට හිත ගියා. ඒ තරම් නියමෙට රගපානවා පොඩි උන් දෙන්නා. සංවේදී කතා පුවතක් යන්නේ ඉන්දියාව මුල් කරගනිමින්. මම නම් පොඩ්ඩක්වත් spoil කරන්න යන්නේ නෑ. ආ තව දෙයක් තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මේක දැනට Oscar 6කට නිර්දේශ වෙලා ඉවරයි. Golden Globes, BAFTA Awards, Screen Actors Guild Awards, AACTA International Awards, AARP Movies for Grownups Awards, African-American Film Critics Association (AAFCA) වගේ ගොඩක් සිනමා උළෙලවල් වල නිර්දේශ වෙලා සම්මානත් දිනාගත්තු සිනමා කෘතියක් 🙂
    IMDb – 8.0 (15,172 user ratings)
    My vote – 9/10 ^_^

    Source Biscopelk
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    Lion (2016) | වසර විසි පහකට පසු තම පවුල සොයා!!!
    25thtzc.jpg

    meka mamat dala tiyanawa bro
    maru film ekak tamai
    antimata aththama kollawat pennawa
    paw uge aiya marila tiyennet u train eke missing una dawasemai :(:(:(
     
    Last edited:

    K M J

    Well-known member
  • Jun 17, 2015
    802
    266
    83
    Katubedda
    Pelé: Birth of a Legend (2016) | පුරාවෘත්තයක උපත…
    28qul2x.jpg


    මේක ඇවිල්ල IMDb වර්ගීකරණයට අනුව චරිතාපදාන, නාට්‍ය සහ ක්‍රීඩා ලෙස වර්ගීකරණයට ලක්ව ඇති සිනමාපටයක්. “එඩ්සන් ඇරන්ටෙස් ඩෝ නසිමැන්ටෝ” හෙවත් “පෙලේ” නමින් හදුන්වන පාපන්දු ක්‍රීඩයයා සහ ඔහුගේ පියා කේන්ද්‍ර කොටගෙන සත්‍ය කතාවක් මත පදනම්ව තමයි මේ සිනමාපටය නිර්මාණය වෙලා තියෙන්නෙ. 2016 මැයි මස 13 වන දින ඇමරිකාවේදී ප්‍රදර්ශනය ආරම්භ කල පැය 1යි මිනිත්තු 47ක් පුරා දිවෙන මෙම සිනමා පටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Jeff Zimbalist සහ Michael Zimbalist යන අධ්‍යක්ෂක වරු දෙදෙනා විසිනුයි. නවක නළු Kevin de Paula විසින් “එඩ්සන් නසිමැන්ටෝ” හෙවත් “පෙලේ” චරිතයට පණ පොවනු ලබන අතර “පෙලේ” ගේ පියාගේ චරිතයට Seu Jorge රංගනයෙන් ධායක වෙනවා. මේ වන විට 7.6/10 වැනි ඉහල IMDb අගයක් දිනාගන්නට මෙම සිනමාපටය සමත් වෙලා තියෙනවා.

    හැල හැප්පීම්, කණගාටු වීම්, අහිමි වීම් රැසක් මැදින් තම රටට දශකයක පමණ කාලයක සිට අහිමි වෙමින් පැවතුන පාපන්දු ලෝක කුසලානයක් දිනා ගැනීම දක්වා එඩ්සන් නසිමැන්ටෝ යන ධෛර්යයමත් ගමන මේ සිනමාපටය තුලින් ලස්සනට රූපයට නගා තිබෙනවා. කිසිම කම්මැලි කමක් නැතිව ඉවර වෙනකම් බලන්න පුලුවන් ලස්සන කතාවක්.

    Source: Biscopelk
     
    • Like
    Reactions: AshenTM

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    Pain & Gain (2013)

    MV5BMTU0NDE5NTU0OV5BMl5BanBnXkFtZTcwMzI1OTMzOQ@@._V1_UX182_CR0,0,182,268_AL_.jpg


    1995 වර්ෂයේ මියාමි වෙරළ ප්‍රදේශයේ “Sun” නම් ව්‍යායාම
    මධ්‍යස්ථානයේ ඩැනියෙල් ලුගෝ හා එඩ්රියන් ඩොබෙල් හා පොල් ඩොයිලි යන්නවුන් ලුගොගේ සැලැස්මකට අනුව
    තමන්ගේ ව්‍යායාම මධ්‍යස්ථානයේ සේවාලාභියෙක් වන වික්ටර් කර්ශෝව් නමැති ධනවත් මිනිසාව පැහැරගෙන
    ගොස් ඔහු සතු දේපල, මිල මුදල් පහර ගැනීමට ගන්න සැලසුමක් පිලිබදව සලරුව නිර්මාණය වී ඇත. මේ සියල්ල
    සුදානම් වුයේ බොහොම සුමටවය මුලින් සැලසුමට අනුව වික්ටර් හට කිසිදු හිරිහැරයක් සිදු කිරීමට අදහස්
    නොකර ගත් මොවුන් අවසානයේ තන්හාව කොතැනක
    ගෙන යන්නට ඇති ද? මොවුන් තම හීනය සැබෑ කරගන්නට ඇති ද? ඒ මුදලින් හීනයේ ජිවත් වෙන්නට ඇති
    ද? තමන් කල කි දේ සදහා වන්දි ගෙවන්නට ඇති ද? මේ සියල්ල මිට වසර ගණනකට පෙරාතුව සිදුවී අවසන්.
    ආමරිකාව පුරා මහත් ආණ්දොලනායක ඇති කල මේ සිදුවීම මහජන ප්‍රදර්ශනය විවර වෙන්නේ 2013 අප්‍රේල් 26
    වනදා. ඩොලර් මිලියන 26 දරා ඩොලර් මිලියන 50 ආසන්න ආදයමක් ලබන්න මේ සලරුව සමත් වෙලා තියනවා. ඒ
    වගේම “True Crime” එහෙම නැති නම් සැබෑ අපරාධ කාණ්ඩයේ මෙතෙක් ඉපයූ 5 වන වැඩිම ආදායම උපයා
    ඇත්තෙත් මේ සලරුවම තමයි.

    [FONT=&quot]පේනවනේ ඉන්න නළුවො ටික.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ආයෙ සුපිරි ෆිල්ම් එකක් තමා[/FONT][FONT=&quot][/FONT]