ප්‍රායෝගික ලෝකේ ඔය එකක් වත් නැහැ!
අද ලෝකේ හැම රටක්ම සමාජවාදෙයි, ධනවාදෙයි දෙකේම සංකලනයක්!
ප්‍රශ්නේ තියෙන්නේ සමාජවාදෙයි, ධනවාදෙයි මොන අනුපාත වලින් ද රටක තියෙන්නේ කියන එක!
මගේ මතය මිනිස්සුන්ගේ ගොඩක් ක්‍රියාකාරකම් වලට රජය අතගහන්න ඕනි කියන එක!
කොටින්ම වී මිලදී ගැනීම වගේ ඒවා රජයේ ඒකාධිකාරයක් විදිහට තිබුනොත්
ඔය ලොකු මෝල්ලු ටිකට කෙළවලාම දාන්න පුළුවනි!
ඒ අතින් ගත්තොත් මම සමාජවාදියෙක්!
ඒත් මම වෘත්තීය අයිතිවාසිකම්, වෘත්තීය ක්‍රියාමාර්ග වගේ දේවල් ගැන
ලොකු විශ්වාසයකින් ඉන්න කෙනෙක් නෙවෙයි!
හොඳ ප්‍රාග්ධන ආයෝජනයක් කරන්න පුළුවන් මහජන බදු මුදල් වලින්
වැඩි කොටසක් රජයේ සේවකයින්ට පඩි හැටියට ගෙවනවට,
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ඔවුන්ට වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න අයිතියක් දෙනවට
මම විරුද්ධයි!
කොටින්ම සියලු වෘත්තීන්ට සමාන වැටුප් තියෙන්න ඕනියි කියල හරි,
ලොකුම එකාගේ වැටුප පොඩිම එකාගේ වැටුපට වඩා සොච්චමක් වැඩි වුනාම ඇතියි කියල හරි
මම විශ්වාස කරන්නේ නැහැ!
ඒ අතින් ගත්තොත් මම ධනවාදියෙක්!