ඇතුගල් පුරවරය

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඇතුගල් පුරවරය සහ කුරුණෑගල වැව ගැන ඔබ නොදත් අත්භූත කරුණු

    kurunagala-athagala.jpg

    කුරුණෑගල හෙවත් සත්කෝරලයේ සංදිස්ථානයක් වන ඇතුගල මෙන්ම කුරුණෑගල වැව ගැනද ජනප්‍රවාදයේ බොහෝ කතා මතුවී ඇත. එහි සත්‍ය අසත්‍යතාවයන් කෙසේ වුවත් එහි රසවත්කම් ගැන අදද කුරුණෑගල පැරැන්නෝ කතා කරති.
    වත්හිමි කුමාරයාගේ මරණය

    falling.jpg
    කුරුණෑගල රජකළ III වන පරාක්‍රමබාහු සහ බුවනෙකබාහු රජවරුන්මෙන්ම මහා වංශයෙන් ඔබ්බටගිය සඳහන් නොවූ රජකෙනෙක් ගැන කතාවෙනවා. ඒ තමයි වත්හිමි රජතුමා. එතුමා රජකම් කලේ කුරුණෑගල. මුස්ලිම් බිසවකගෙන් දාව උපන් වත්හිමි කුමාරයා පිය රජුගේ මරණින් පස්සේ රජ වෙනවා. අන්න ඒ රජතුමාව තමයි දඹදෙණියේදි රජවෙන රාජසිංහ රජතුමාගේ සැලැස්මෙන් ඇතු ගලෙන් පහලට වැටිලා මැරෙන්නේ. ඉතින් අදටත් ඒ වත්හිමි කුමාරයා වැටුන තැන දේවාලයක් තියනවා. සමහරක් වත්හිමි රජතුමාව දෙවියෙක් ලෙස සලකනවා. තවත් සමහරෙක් ඔහු යක්ෂයෙක් ලෙස සලකනවා. මුස්ලිම්වරුන්ට පාලනය නොදෙන්න තමයි ඒ රජතුමාව මරලා සිංහල රජකෙනෙක් නැවතත් රජ වෙලා තියෙන්නේ.
    වැව අසල පාෂාණ බවට පත්වූ සතුන්

    Kirunagala-2.jpg

    ඔතන රසවත්ම කතාව සහ අත්භූත කතාව හැදෙන්නේ කුරුණෑගල වැව සම්බන්ධව. ඇතුගල පාමුල තිබෙන මෙම වැව ලඟට මහා නියඟයක් පැවතී කාලයක සත්තු දිය බොන්න ආවා කියලා කුරුණෑගල ඉතිහාස පොත්වල සඳහන් වෙනවා. එහෙම ආපු සත්තු වැඩියෙන් දිය බිව්වා කියලා දේව සාපයකට ලක්වෙලා එතනම ගල් වුනා කියලා සඳහන් වෙනවා. එහෙම ආපු සත්තු ගල් වෙලා ඒ ගල් අද මහා පර්වත බවට පත්වෙලා තියනවා. ජන ප්‍රවාදයේ කියන අන්දමට ඇතා ගල, ඉබ්බා ගල, කුරුමිණියා ගල, ආඳා ගල, එළු ගල, වඳුරා ගල හැදිලා තියෙන්නේ ඒ සත්තුන්ගෙන් කියලා තමා කියන්නේ.
    රත්නවල්ලිගේ සාපය

    indian_painting.jpg
    අනිත් එක තමයි මේ නියඟයෙන් පස්සේ තවත් දෙයක් සිද්ද වුනා. මුළු සත් කෝරලයටම ඒ කියන්නේ කුරුණෑගල දිසාවටම හිටපු කෝරලේ මහත්තයෙක් හිටියා. මේ කෝරලේ මහත්තයට ඒ කාලයේ හිටපු පහත් කුලේක යයි සම්මත ගැහැණියක් එක්ක සම්බන්ධයක් තිබුනා. ඒ ගැහැණියගේ නම රත්නවල්ලි. ඉතින් මේ කෝරලේ මහත්තයට පුත්තු හිටියේ නෑ. දුවක් විතරයි හිටියේ. පුතෙක් හදන්න ඕන නිසා අර රත්නවල්ලි එක්ක පුතෙක් හදන්න තීරණය කරා. කොහොමහරි මේ රත්නවල්ලි කියන ගැහැණිය ගැබ්බර වුනාට පස්සේ මේ කතාන්දරය කෝරලේ මහත්තයාගේ නෝනට ඒ කියන්නේ වලව්වේ මැණිකේට ආරංචි වුනා. ඒ මැණිකේ මිනිස්සු ලව්වා අර රත්නවල්ලි කියන ගැහැනියව මැරෙව්වා. කෝරලේ මහත්තයා මේ රත්නවල්ලිට දීලා තිබුනා රත්තරන් තලියක්. ඉතින් මේ වල්ලි කියන ගැහැණිය කෝරලේ මහත්තයාගේ පරම්පරාවෙන් සහ ඒ පරම්පරාවට සම්බන්ධ සියළුම අයගෙන් පලිගන්න රන්තලිය කුරුණෑගල වැව මැද්දේ දිස්වෙන්නට තැබුවා. ඒ තලිය ගන්න යන සෑම කෙනෙක්ම වැවට බිලිවුණා.
    Kirunagala-1.jpg

    අදටත් කුරුණෑගල වැව අසල තිබෙන පරණ රන්තලිය වලව්ව ලෙස සැලකෙන රන්තලිය තානායම ඉදිරිපිට සෑම අවුරුද්දකම නාන්න එන අයගෙන් කෙනෙක් මේ වැවට බිලි වුනා. පැරැන්නෝ කිව්වේ වල්ලි අරගෙන යනවා කියලා. තවත් මිනිසුන් විස්වාස කරනවා ඒ රන් තලිය නිධානයක් වෙලා වැව මැද්දේ තියනවා ඒක කාලයකට උඩට ඇවිත් පාවෙනවා කියලා. කෙසේ වෙතත් වල්ලිගේ සාපය අදටත් ඒ කෝරලේ මහත්තයගේ පරම්පරාවට පල දෙනවා කියලා පැරැන්නෝ කියනවා.
    මේ කරුණු කාරනාවල සත්‍ය අසත්‍යතාවය කෙසේ වුවත් පැරන්නන්ගෙන් මේ කතා අදටත් රස විඳීමට හැකිවී තිබෙනවා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    මතකනේ ඕක හිඳුවා ජයවික්‍රම පෙරේරා? උට ඔය නිධානෙ හම්බුනාද? :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය වත්හිමි කුමාරයා ඇතාගලෙන් තල්ලු කරල ඝාතනය කලාට පස්සේ ඔහු දේවත්වයට නැංවුණු බව තමා මම දන්නේ. ඔහු හැදින්වෙන්නේ ගලේ බණ්ඩාර දෙවියන් නමින්. ඔහු අංගම් සටන් ප්‍රවීණයෙක් බව කියැවෙනවා.
    ඔබට මතක නම් දඩුබස්නාමනය ටෙලි චිත්‍රපටයේ තේමා ගීතය, ඒ ගලේ බණ්ඩාර දෙවියන්ට කියන කෝල්මුර කවියක්.

    රකිනා දිවි සිත වග වැළහින්නේ
    රැගෙනා කිරි පොව මින් ඔහු යන්නේ
    ලකුනා පෙර පින් ඇති බව දන්නේ
    රැකුණා දිවි මෙම ලෙස කුමරුන් නේ

    සදා මෙපුර කරනෙමි මෙ කැලේ යා
    කියා වැදුණි මහ සෙනග කැලේයා
    තදා සෙනග ගල් කරපු තැනේයා
    මෙදා පසිදු විය දෙවියො කැළේයා