ඇතුවත් බැරි නැතුවත් බැරි ජෙප්පෝ

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    ඇතුවත් බැරි නැතුවත් බැරි ජෙප්පෝ

    12267292315_c828e8de89_z.jpg


    ඇතුවත් බැරි නැතුවත් බැරි ජෙප්පෝ සහ බාලගිරි - Why JVP & Mr. Baalagiri




    copyright: Mathalan blogspot

    තරුණයෝ කියන්නේ කුමණ වයස් කාන්ඩයටද යන්න සාපේස්ස පුරස්නයක්ය. ගතින් තරුණ කම මැනීමටද නොහැකිය. කෙසේ වුවත් එජාපයේ තරුණ නියෝජනය යැයි කියා ගන්න හතර දෙනෙක් සිරසේ වැඩ සටහනකට සහභාගි වී සිටිනවා දුටු විට, මාතලන්ට හිතුනේ තරුණයෝ කියන්නේ මුන්ට නම්, තරුණ පරපුරම මහා සාපයක් ලද්ද වුන් බවය. ඔවුන්ගේ කතා තුල, අදහස් තුල, කිසිම තාරුණ්‍යයක්, විප්ලවීය බවක්, පපුවට වැදීමේ කතාවක්, මාතලන් නම් දුටුවේ නැත. එම නිසා මුළු වැඩ සටහනම නැරඹුවේත් නැත. පස්සෙ එයාලාගේ තරුණ කම් ඉස්මතු වූවද කියා කීමට නොහැකි හෙයින්, මේ කතාව අසාධාරණයක්ද විය හැකිය.

    කෙසේ හෝ මාතලන්ට සිතුනේ, අනේ මේ වෙනුවට ජෙප්පෝ හතර දෙනෙක් ආවා නම්, ආන්ඩුවේ උන්ගේ හතර හන්දි කැඩෙන්නම, හතරවරම් දීමක් දෙනවා නේද යකෝ කියලාය. ජෙප්පෝ වටින්නේ ඔන්න ඔය කාරණයේදීය. ඒ කියන්නේ බොක්කට කතා කොරනා කාරනටය. එහෙම දැනෙන්න කතා කරන්න පුළුවන් ක්‍රම කීපයක්ම තියෙනවාය. එකක් නම් බෙරිහන් දීමය. ඔය අපේ මහින්ද මහත්තයාත්, අපවිත්‍ර නෝනාත්, රජ ගෙදර රිලවාත් කරන්නේ ඒකය. මොකෝ යකෝ මූ කෑ ගහන්නේ කියා බුද්ධිමත් ජනතාව ඒ කියනා ඒවා අහනවාය.

    තව එකක් නම් පට්ට කුණු හබ්බ කියනා එකය. මේ රට කොයි තරම් රටක්ද කියනවා නම්, වැඩියෙන් කුණුහබ්බ කියන්නේ අජ්ජාපන උලා කන ඇමතිලාය. එකෙක් නැට්ට නැති බල්ලෝ සංසර්ගයේ යෙදෙන හැටි කියනවාය. තව එකෙක් තම නායිකාව අමු හෙළුවෙන් පාරේ යවන හැටි කියනවාය. තව එකෙක් ඌ ගහන බඩු ගැන කියන්වාය. තව එකෙක් තාමත් හොඳට යනවා කියා කියනවාය. ඒ එක ක්‍රමයකි. එයටත් මේ රටේ බුද්ධිමත් ජනතාව බොහෝම මනාපය. එහෙම කතා කියන උන් ඉහලම මනාපයෙන් විල මැද පිස්සන් කොටුවට යන්නේත් ඒ නිසාමය.

    එහෙත් ජෙප්පෝ මේ දෙකම කරන්නේ නැත. අනික උන් බොරු කියන්නේ නැත. උන් කතා කරන්නේ මේ රටේ හිතන්නට පතන්නට පුළුවන් පිරිසටය. ජෙප්පෝ, උන්ගේ කාඩර් වරුන්ට ඇර, අපට වටින්නේ, ඒ හේතුව නිසාමය. කාඩර් වරු කියන්නේ, ජෙප්පෝ කියන එවා කිසිම විවේචනයකින් තොරව, පරම සත්‍ය ලෙස ගිලගෙන, එය දහමක් මෙන් අදහමින්, වමාරන පිරිසිය. එහෙත් ජෙප්පන්ට කැමති අනෙක් පිරිස කාඩර්වරුන් නොවේ. ඔවුන් හදවතින්ම මේ රටේ යහ පාලනයක් බලාපොරොත්තු වෙන, රටට අසීමිතව ආදරය කරන, දේශප්‍රේමි, දේශමාමක අවංක වූ බුද්ධිමත් ජනතාවයි. ඔවුන් ජෙප්පන්ට ඡන්දය දෙන්නේ නැති වුවද, ජෙප්පන් මේ දේශපාළණ ප්‍රවාහයේ සිටිය යුතුම පිරිසක් බව පිලිගන්නා උන්ය.

    අද හැම එකාම ජෙප්පෝ මරාගෙන කෑමට හේතුව වී ඇත්තේ එයයි. ජෙප්පන්ගේ දේශපාළණය නපුංසක දේශපාළණය යැයි කියන්නේ, ආන්ඩුවේ උන්ට ආතල් දෙන පසුගාමී නපුංසකයන් මිස වෙන කිසිවකුත් නොවේ. ඇත්තටම ජෙප්පෝ සිරිසේනට සහාය දිය යුතුද? ඇයි ජෙප්පෝ නැතුව එයාලට මේ වැඩේ තනියෙන් කර ගන්න බැරිද? ජෙප්පන්ගේ ක්‍රියාදාමය යුතුකම් පැහැර හැරීමක්ද? එය යුගයේ අවශ්‍යතාවය ඉටු නොකිරීමක්ද? මාතලන් නම් කියන්නේ ජෙප්පන්ගේ මතය 100% නිවැරදි බවයි. ඔවුන් සිඳු විය යුතු දේ ඉතා පැහැදිලිව කියා ඇත.

    එසේ නම්, මෛත්‍රීපාලට සහාය දක්වනා උන් ජෙප්පන් කරන්නේ අසාධාරණ දෙයක් යැයි කියන්නේ ඇයි? ජෙප්පන්ට මහා ළොකු ඡන්ද ප්‍රමාණයකුත් ඇත්තේ නැතිය. ආන්ඩුවේ රිලවා හා කඩාගෙන ගිය පසුගාමී කණ්ඩායමට ගිලිහුන 150,000 ප්‍රමාණය ගත්තද, අද ඔවුන්ට ඇත්තේ නැවුම් ඡන්ද ප්‍රමාණය සමඟම 400,000 ක ප්‍රමාණයක්ය. මේ ඡන්ද ප්‍රමාණය ස්ථිර වූ ඡන්ද ප්‍රමාණයකි. එහෙත් නැවුම් ඡන්ද සෑහෙන ප්‍රමාණයක් චන්දය හිමි නාමලේඛනයට අළුතෙන් එක්ව ඇති අතර, ෆේස්බුක් තරණ තරුණියන්ගේ ජනප්‍රියම පක්ෂය වී ඇත්තේ ජෙප්පන්ය. මේ පිරිස තම ඡන්දය ප්‍රකාෂ කරන්නේ කාටදැයි යන දෙගිඩියාවකින් පෙලේ. මොවුන් යුද්ධයේ දරුවන්ය. ඔවුන් අවුරුදු ගනනක් යුද්ධ්යෙන් බැට කෑ අතර, යුද්ධය දිණූ වීරයෙක්ද දෑසින් දුටු පිරිසය. ඔවුන්ට සැටලයිට් යුග, එජාප යුග ගැන, දැණුමක් නැත. මෙය වාසියට මෙන්ම අවාසියටද බලපෑ හැකිය.

    මෛත්‍රීපාලණය වෙනුවෙන් පෙල ගැසෙනා උන් කළ යුත්තේ මොවුන් තම පිලට ආකර්ෂණය කර ගැනීමයි. එය පහසුවෙන් කර ගත හැකි ජෙප්පන් අද ඔවුන්ගේ වේදීකාවේ නැත. අනෙක් පිරිස අප වන් පාවෙන් ඡන්ද දායකයන්ය, ඔවුන්ගේ බොක්කට කතා කිරීමට අද ජෙප්පෝ වේදිකාවේ නැතිය. ජෙප්පන්ගේ අඩු පාඩුව මෙන්න මේකය. එනම් ජෙප්පන් පොද්දාගේ ඉස්ටේජ් එකේ නැති වීමය. ඒ කියා දණ ගසා වැන්දත් ජෙප්පෝ ඒ වේදීකාවට තියා, මහින්ද මහත්තයාගේ වේදිකාවටත් ගොඩ වෙන්නේ නැතිය.

    මොකෝ ලාල් කාන්ත උන්නැහේ කිව්වා වාගේ, එයාලා දෙසරයක්ම නාලා තියෙන නිසාය. සිරිසේන ලොක්කාත් ඔය විධායකේ අත අරින්නේ නෑ කියා මාතලන් මෙන්ම, ජෙප්පෝත් "ඉතා පැහැදිලිව" දන්නවාය. එයාර්පෝට් වහනා කතාවලින් ඒවා බොහෝම හොඳට පේනවාය. සිරිසේන කියන්නේ, මහින්දටත් අන්ත කිසිම වැඩ පිලිවෙලක් නැති පුද්ගලයෙක්ය. හෙට මාතලන් ගිවුසුමක් අරගෙන ගියත්, ඒකත් අත්සන් කොරලා පිලිගන්නා කෙනෙක්ය. ඇමතිවරු 25 දැන් 30 වෙලා තියෙන්නේ ඒ නිසාය. බලේට ආවොත්, ඔක්කෝටම දුන්නත් පුදුම වෙන්නත් ඕනා නැතිය.

    එයාලාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ජනතාවට ඇති වැඩක් නැතිය. දැන් කරන්න තියෙන්නේ ජෙප්පෝ නැති නිසා, ජෙප්පන්ගේ සිස්ටම්, ඉන්න උන් ලවා කර ගන්න එකය. ඒ සඳහා එජාපයේ ඉන්නා උන් ඉදිරියට ගන්නා එකය, එහම නැතුව ආන්ඩුවෙ හොරුන් එනකන් බකං නිලාගෙන සිටීම නොවේය. චන්දයට තව මාසයක් වත් නැතිය. දූෂණ විමර්ශණ කොමිසමේ මේ ආන්ඩුවේ ඇමතිවරුන්ගේ කේස් 35 ක් තියෙනවාය. දවස ගානේ එකක් ඇද්දත්, ඒක අළුත් නිව්ස් එකක් වෙනවාමය.

    මෙයාලා ගහපු ගැහිලි ගැන අපිට ඉන්ෆෝමේසොන් එනවා කිව්වාට, මේසොන් බාස්ලා වැඩ නවත්තන්නේ නැතිය. හරියට නම ගම එක්ක කිව්වෝත් මේසන් බාස්ලා විතරක් නොව අනෙක් උන්ද මට්ටම් ලෑලී අතට ගන්නවාමය. අද වෙනකන් එකෙක්ගේ නමක් ගමක් කියන්නේ නැතිය. එහෙම නොකියන නිසා අපිට හිතෙන්නේ ඒවා ඔක්කෝම වැල් බයිලා කියලාය. අපි හෙට අනිදා මේවා කියනවා කිව්වාට අර බාලගිරි දෝසේ වගේ හෙට එන්නේ කවදාද කියා බාලගිරිලා බලාගෙන ඉන්නවාය.

    තියෙන තුරුම්පු ඔක්කෝම ඇදලා, කැට ටික මේ පැත්තට ගන්නම ඕනය. තුරුම්පු අන්තීමේදී අදින්න බලාගෙන ඉඳලා වෙන්නේ, හාවා රේස් එකෙන් දිණනා එක විතරය. එදාට ඉතින් මෛත්‍රීපාළණේ උදා කරන්න පුක ඉරාගෙන දඟලපු උන්ට වෙන්නේ, හිතේ අමාරුවට වෙලේ ඉන්න ඉබ්බෙක් වත් අල්ලගෙන මරාගෙන කන ගමන්, හැමදාම කෙලින ගල් බෝතලයෙන් ටිකක් උගුරුට හලාගෙන,කැන්සොර් පීන්තූර නැති ගෝලිප් පෙට්ටියෙන් දුමක් දමාගෙන, සැනසෙන්න නැලවෙන්න සුදෝ කියා, හිතේ දුකට කයියක් කියාගෙන අවුරුදු අටක් හූල්ල හූල්ලා ඉන්න එකය. (සම හරක් විට එය කිසි දිනෙක පැමිණිමටත් නොකැකි විය හැකි වීමටත් පුළුවන්ය.)

    - මාතලන් -
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ලංකාවෙ ඉදන් කට්ට කන අපිටත් වැඩිය කැක්කුමක් නෙ රට ඉන්න එවුන්ට තියෙන්නෙ. මෙහෙ ඇවිල්ලා මාසයක් ජීවත් වෙයල්ලා යහපාලනේ තේරෙයි එතකොට. උබලට යහපාලනේ තිබ්බත් එකයි නැතත් එකයි
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ලංකාවෙ ඉදන් කට්ට කන අපිටත් වැඩිය කැක්කුමක් නෙ රට ඉන්න එවුන්ට තියෙන්නෙ. මෙහෙ ඇවිල්ලා මාසයක් ජීවත් වෙයල්ලා යහපාලනේ තේරෙයි එතකොට. උබලට යහපාලනේ තිබ්බත් එකයි නැතත් එකයි
    :(:( api rata idalaa thopitath kanna ekak thamyi salli hoyanne thope badawalawath athi ape salli:rofl::lol:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලංකාවෙ ඉදන් කට්ට කන අපිටත් වැඩිය කැක්කුමක් නෙ රට ඉන්න එවුන්ට තියෙන්නෙ. මෙහෙ ඇවිල්ලා මාසයක් ජීවත් වෙයල්ලා යහපාලනේ තේරෙයි එතකොට. උබලට යහපාලනේ තිබ්බත් එකයි නැතත් එකයි

    උඔට ජීවත් වෙන්න බැරි උ‍‍‍ෙඔ ආදායමට වඩා වියදම වැඩි නිසා.. ඒකට ආන්ඩුව මක් කරන්නද? උ‍ෙඕ වියදම් අඩු කරගනින් ඉස්සල්ලා...!
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඔට ජීවත් වෙන්න බැරි උ‍‍‍ෙඔ ආදායමට වඩා වියදම වැඩි නිසා.. ඒකට ආන්ඩුව මක් කරන්නද? උ‍ෙඕ වියදම් අඩු කරගනින් ඉස්සල්ලා...!

    :lol::lol: හා
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඔට ජීවත් වෙන්න බැරි උ‍‍‍ෙඔ ආදායමට වඩා වියදම වැඩි නිසා.. ඒකට ආන්ඩුව මක් කරන්නද? උ‍ෙඕ වියදම් අඩු කරගනින් ඉස්සල්ලා...!

    ඒක ඉස්සෙල්ල උඹේ මහ එකාට කියපන් ... හොරා කාපු සල්ලි ඔක්කොම ආයෙ රජයට පවර ගන්නවලු :rofl:

     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    :(:( api rata idalaa thopitath kanna ekak thamyi salli hoyanne thope badawalawath athi ape salli:rofl::lol:
    උඹ අපිට කන්නමනෙ ඔහෙට වෙලා දහදුක් විදිනවා ඇත්තෙ :lol: සුද්දට කත් ඇද්දා කියලා රට දියුණු වෙන්නෙ නෑ. රටේ නිශ්පාදනය තාක්ශණය දියුණු කරන්නෙ නැතුව. අපි එදා ඉදන් සුද්දගෙ හම්බයගෙ කත් ඇද්දා කෝ වගතුවක් උනාද ?
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    උඔට ජීවත් වෙන්න බැරි උ‍‍‍ෙඔ ආදායමට වඩා වියදම වැඩි නිසා.. ඒකට ආන්ඩුව මක් කරන්නද? උ‍ෙඕ වියදම් අඩු කරගනින් ඉස්සල්ලා...!
    4 denekge pawulata awama wiyadama 57 000. oya gana mama hari nam 60% katawath hambawenne na. anduwe dushanaya nawaththala mulika ahara badu adu kala nam honda nadda ?
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    "කාඩර් වරු කියන්නේ, ජෙප්පෝ කියන එවා කිසිම විවේචනයකින් තොරව, පරම සත්‍ය ලෙස ගිලගෙන, එය දහමක් මෙන් අදහමින්, වමාරන පිරිසිය. එහෙත් ජෙප්පන්ට කැමති අනෙක් පිරිස කාඩර්වරුන් නොවේ. ඔවුන් හදවතින්ම මේ රටේ යහ පාලනයක් බලාපොරොත්තු වෙන, රටට අසීමිතව ආදරය කරන, දේශප්‍රේමි, දේශමාමක අවංක වූ බුද්ධිමත් ජනතාවයි."
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    4 denekge pawulata awama wiyadama 57 000. oya gana mama hari nam 60% katawath hambawenne na. anduwe dushanaya nawaththala mulika ahara badu adu kala nam honda nadda ?

    එහෙම වෙනව නන් හොදා.. අපිත් කැමති... ඒත් ඉතින් බඩ ගැනම හිතල තීරණ ගන්න බැහැනේ.. රට ගැනත් හිතන්න ඔිනි.