ඇතුවත් බැරි නැතුවත් බැරි පාන් පිටි...........

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,354
    1,547
    113
    32
    Earth-Cj025
    ඇතුවත් බැරි නැතුවත් බැරි පාන් පිටි...........

    සුද්දා අපිට පාන් පිටි හුරු කලානේ. මොකද හිතන්නේ ආදරේට වෙන්න ඇතිද? අපි කකා හිටපු බත් වෙනුවට පාන් ගිල්ලුවා. අපිත් ඉතිං කිසිම වගක් නැතිව කන්න පටන් ගත්තා. දැන් අලුත්ම ප්‍රවන තාවය තමයි චූං පාං.......

    උදේට ගේගාවටම එන චූං පාං මාමා දරුවට හරිම ආදරෙන් බනිස් ගෙනැවිත් දෙනවා. අම්මත් ඉතිං අර දරුවට තියෙන සෙනෙහස නිසාම බනිස් ගෙඩි දෙකක්ම අරං දෙනවා. කොහෙම හරි දරුවා පිටත් වුනා විතරයි දඩිබිඩි ගාලා අම්මයි තාත්තයි වැඩට යන්න පිටත් වෙනවා. යන කමන් මොනා හරි කමු අනේ කියලා තමයි පිටත් වෙන්නේ. එ දේනනත් යන ගමන් සැන්විච් මොනා හරි තමයි ඉතිං. සමහර දවස් වලට පාන්ම විතරයි. ඒත් ඉතිං මොකද බඩ පිරෙනවනේ නේද?

    මම මේ ගෘප් එකෙත් දැක්කා පාන් පිටි වලින් හදන රසවත් කෑම. පින්තූරය දැක්කම කියන්න පුලුවන් රස. ඇස ඒතරමට පිනායන පාට.....

    සුද්දා නම් පාන් කෑවේ වයින් බිබී කියලා අහල තියෙනවාද? අපෙ කට්ටිය කිව්වලු ලේ බිබී තිරුවාන ගල් කන ජාතියක් ඇවිල්ලා කියලා. දැන් අපේ කට්ටිය ප්ලේන්ටි බිබී පාන් කනවා. ඒකත් බලන්නකො හැටි. අන්තිමට සුද්දා අපිට පාන් පිටි ටික වගා කරලා එවනවා. අපිත් ඉතිං කනවා. හරි ෂොක්.

    පාන් පිටි වලින් තමයි පරාට හදන්න පුලුවන්. මොකද හොදට ඇදෙනවා. ඇයිපාප්ප. පොඩිකාලේ මතකද පාප්ප හැදුවා. දැන් නම් පොඩි එවුං දන්නෙත් නැහැ. පාප්ප හදන්න පුලුවන් වෙලා තියෙන්නේ මේ පාන් පිටි වල ග්ලූ එකක් තියෙන නිසා. ඒක ප්‍රෝටීන් එකක්. ග්ලූ ප්‍රෝටීන් එකක්නිසාද දන්නේ නැහැ ග්ලූටන් කියල තමයි මේකට කියන්නේ. පාන් පිටි වලින් 14% ක් ග්ලූටන්. ඒ නිසා තමයි පරාට සහ පාප්ප හදන්න පුලුවන් වෙලා තියෙන්නෙ.

    මේ ග්ලූටන් ටික අපිට බලා ගන්න පුලුවන් කඩෙං පරාට හදන්න කලින් ගුලියක් අරං ඇවිල්ල කෝප්යකට දාලා හොදට හේදුවා නම්. මෙහෙම හොදලා ඉවර වෙනකොට පොඩි ගුලියක් ඉතිරි වෙනවා හරියට චුයිංගම් වගේ. ඒක තමයි ග්ලූටන් කියන්නේ.

    ඇයි ග්ලූටන් වලට මිනිස්සු මේතරම් බය. අපි ඒ ගැන දැන් ටිකක් බලමු. ග්ලූටන් කියන්නේ ගම් වගේ එකක් කිව්වනේ. ඒ වගේම ප්‍රෝටීන් එකක් කියලත් කිව්වනේ. අපි කන ප්‍රෝටීන් මුලින්ම ආමාශයේදී ඇමයිනෝ අම්ල වලට කැඩනවා. ඒත් මේ ප්‍රෝටීන් එක එහෙම කැඩන්න බැහැ. මොකද ආමාශයේ තියෙන ආම්ලික තාවය ඒකට මදි. ඉතිං මේ ප්‍රෝටීන් එක ග්‍රහණිය හරහා කුඩා බඩවැල් වලට යනවා. මේ ග්ලූන් කුඩා බඩවැල් වල තියෙන අංගුලිකා කියන ඉතා කුඩා පෝෂන අවශෝෂක වල ඇලෙනවා. අනේ ඉතිං අර ගම් වගෙ ්නිසා මේ අංගුලිකා කැඩිලා යනවා. ඒක කාලයක් තිස්සේ මේ වගේ වන විට කුඩා බඩවැල් වල තියෙන අංගුලිකා ටික ටික විනාශ වෙලා යනවා. මේක රෝගයක් ලෙසට දැක්වෙනවා. සේලියැක් ඩිසීස් කියලා තමයි කියන්නේ. ලස්සන නම නේද? සේලියැක් ඩිසීස්.......

    මේ ලෙඩේ හැදුනඅයට පාංපිටි කන්න තහනම්. මොකද ඒ අයට පාං පිටි ඇලර්ජි කියලා තමයිකියන්නේ. ඇත්තටම පාන් පිටි නිසා තමයි මේරොි්ගය හැදෙන්නේ. ඉතිං අපි කරන්නට තියෙන්නේ පාන් පිටි කෑම නතර කරන එකයි. නැතිනම් මේ වලෙන් ගොඩ එන්න බැහැ. සේලියැක් ඩිසීස් ඇති කෙනා මොනවා කෑවත් ඒකේ තියෙන පෝෂණය අවශෝෂනය කරගන්නට බැහැ. ඒකතමයි ප්‍රශ්නේ. ඉතිං මේ රොගය ඇති කෙනා ලොකු පෝෂණ ඌණතාවයකින් පෙලෙනවා.

    දැන් ඉතිං පාං පිටි වලිනුත් කෑම හදලා ඉවරයි කයලා මට බණින්න එපා. මේක තමයි ඇත්ත. තව ටිකක් තියෙනවා ඒකත් කියන්නම්

    අර සුද්දෝ පාන් කෑවේ වයින් එක්ක කියලා කිව්වා නේද? වයින් වලට පුලුවන් ලු මේ ග්ලූටන් කියන ප්‍රෝටීන් එක කඩන්න. ඒ ගැනත් සොයලා බලන්න.

    මම හිතන දෙයක් තියෙනවා ඒකත් සොයලා බලන්න. අපේ ගමේ ඉස්සර කිරි රොටී කියලා එකක් හදනවා. ඒකට දාන්නේ පොල් කිරි. සාමාන්‍යයෙන් උණු වතුර දැම්මම පාන්පිටිි පාප්ප වෙනවා. නමුත් පොල් කිරි දැම්මම ඇලවෙන්නේ නැහැ. පොල් තෙල් නිසා වෙන්න ඇති. අනික පොල් තෙල් ගාලනේ කොහොල්ලැ යවන්නෙත්. පොල් රොටියත් ඒ වගේ. ඇලවෙන්නේ නැහැ. පොල් වලිනුත් තෙල් එනවානේ. මේ කරුණු ගැනත් ටිකක් විමසිලිමත් වෙලා බලන්න. යමක් වැටහේවි. අපි මේ කරුණු කමෙන්ට්ස් වලදී කතා කරමු.


    Nayana Thenuwara
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,354
    1,547
    113
    32
    Earth-Cj025
    2018 year ekatama paan kaawe na :D

    Wheat flour products kiyala kaala thiyenne short eats witharai occasionally. :yes:
    11.gif

    REP ADD 12+

    REP ADD 12+

    REP ADD 12+

    +16 Added :)
    REP ADD 12+

    මොකද්ද ගෲප් එක ?

    සිංහළ වෙදකම Group එක
    REP ADD 12+
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,922
    10,160
    113
    මට දැන් ටික කාලෙක ඉදන් කන කිසිම දෙයක් රස නෑනෙ.තව ගොඩ දෙනෙක්ටත් එහෙමමයි.මොකක් හරි අවුලක් කියලද හිතන්නෙ?
     
    • Like
    Reactions: බෙන් 10

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    මම දැන් මාස 4ක ඉදල තුන් වේලටම (බොහෝදුරට) කන්නේ රතු නිවුඩු බත්, කොළ මැල්ලුම් හැමදාම සෙට් වෙන්ව..මොකුත්ම නොකර බර කිලෝ 3ක් වගේ අඩු වෙලා..


    +++
     
    • Like
    Reactions: බෙන් 10

    Shre

    Active member
  • Jan 1, 2016
    137
    98
    28
    පාන් පිටි භාවිතය සැහෙන්න හොද නැ. එත් එක පාරම එක අයින් කරණ එක අමාරු වෙයි(ගොඩක් වතුකරයේ දෙමල අයට) ටිකක් ගණන් වැඩි උනත් ආටා පිටි වලට වත් යන්න පුළුවන් උනා නම් හොදයි(පාන් පිටි මත යැපෙනවට වඩා) . -Good Post
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    මම දැන් මාස 4ක ඉදල තුන් වේලටම (බොහෝදුරට) කන්නේ රතු නිවුඩු බත්, කොළ මැල්ලුම් හැමදාම සෙට් වෙන්ව..මොකුත්ම නොකර බර කිලෝ 3ක් වගේ අඩු වෙලා..


    +++

    2017.10 indan dan 30+Kg lost
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    2017.10 indan dan 30+Kg lost

    මගෙ නං ග්‍රෑම් එකක්වත් අඩු වුන්නෑ :lol: හැබැයි ග්‍රෑස්ට්‍රික් නං හොඳටම හොඳ වුනා :D හැබැයි තාමත් වෙලාවට කන්නෑ පෙලක් දවස් වල වේල් දෙකයි :baffled: ඒත් කිසි අවුලක් නෑ පාන් කන කාලෙ වෙලාවට කෑවත් ගෑස් :sorry:
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,354
    1,547
    113
    32
    Earth-Cj025
    මට දැන් ටික කාලෙක ඉදන් කන කිසිම දෙයක් රස නෑනෙ.තව ගොඩ දෙනෙක්ටත් එහෙමමයි.මොකක් හරි අවුලක් කියලද හිතන්නෙ?
    ඔව් බන් මටත් එක තේරිලා තියෙන්නේ.
    දැන් ඉස්සර වගේ Quality එකට එන්නේ නැහැ බන්. ලාභ බඩු දාලා හදන්නේ.

    Roti hadanakota pol thel daana eka hodaida pitiwalata ??
    ගොඩක් දන්නේ නැහැ නේ බන්. පොඩ්ඩක්නේ බන් දන්නේ

    මම දැන් මාස 4ක ඉදල තුන් වේලටම (බොහෝදුරට) කන්නේ රතු නිවුඩු බත්, කොළ මැල්ලුම් හැමදාම සෙට් වෙන්ව..මොකුත්ම නොකර බර කිලෝ 3ක් වගේ අඩු වෙලා..


    +++

    මගෙත් දැන් ඇග වැඩියි බන්. කරලා බලන්න ඕනේ :yes:

    පාන් පිටි භාවිතය සැහෙන්න හොද නැ. එත් එක පාරම එක අයින් කරණ එක අමාරු වෙයි(ගොඩක් වතුකරයේ දෙමල අයට) ටිකක් ගණන් වැඩි උනත් ආටා පිටි වලට වත් යන්න පුළුවන් උනා නම් හොදයි(පාන් පිටි මත යැපෙනවට වඩා) . -Good Post

    :nerd:
    2017.10 indan dan 30+Kg lost

    :P
    මගෙ නං ග්‍රෑම් එකක්වත් අඩු වුන්නෑ :lol: හැබැයි ග්‍රෑස්ට්‍රික් නං හොඳටම හොඳ වුනා :D හැබැයි තාමත් වෙලාවට කන්නෑ පෙලක් දවස් වල වේල් දෙකයි :baffled: ඒත් කිසි අවුලක් නෑ පාන් කන කාලෙ වෙලාවට කෑවත් ගෑස් :sorry:
    මුරුංගා හරි කරපිංචා හරි කැද බීපන්