ඇන්ජලෝ

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    2019 තෙක් නායකයා ඇන්ජලෝ

    2019 වර්ෂයේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වාම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයෙන් ඇන්ජලෝ මැතිව්ස් ඉවත් කිරීමට අදහස් නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.

    සත්කාරක දකුණු අප්‍රිකාව සමගින් පැවැත්වූ ටෙස්ට් තරගාවලිය පිළිබඳ දැනුවත් කීරීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ අදහස් දැක්වීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුමතිපාල මහතා,

    "අපි හැමෝගේම ඉලක්කය 2019 වර්ෂයේ ලෝක කුසලානය දක්වාම මැතිව්ස් නායකත්වයේ තබාගැනීමයි. මෙතැන ප්‍රශ්නය තියෙන්නෙ මෙතැන ඉන්න කට්ටියගෙන් නායකත්වයට සුදුසුම කෙනා ඇන්ජලෝ. නමුත් මෙතැන ප්‍රශ්නය තියෙන්නෙ ඇන්ජලෝට ඒක කියලා එයාගෙ රාජකාරිය හා භූමිකාව කියා දිය යුතුයි" යැයි පවසා සිටියේය.


    - See more at: http://www.ada.lk/article/206545/2019-තෙක්-නායකයා-ඇන්ජලෝ#sthash.e1uFQJvu.dpuf