ඇන්ටිගේ-බෝඩිම

sanumadu

Well-known member
  • Dec 13, 2008
    707
    514
    93
    මාපියන් තම දරුවන් සරසවියට එවන්නේ දහසකුත් බලාපොරොත්තු හිතේ පොදි බැඳගෙනය. ඒ බලාපොරොත්තු කඩා බිඳ දැමීමට රාක්ෂ වෙස් ගත් බෝඩිං ඇන්ටිලා එමටය.

    ගම්බද දුවා දරුවන් මේ විෂමාකාර සමාජයට ගෙනවිත් දමනවිට මාපියන් වන ඔබට සිතන්නට නම් බොහෝ දේ ඇත. ගමින් නගරයට එන දරුවාට මේ “දුර්ජන නගරය” නුහුරුය. නුපුරුදු පරිසරයක් වනවා සේම මේ දඟකාර යෞවන සිත් වෙනස් කිරීමට ඉතා පහසුය.

    17-Page-04Rasa-6.jpg


    ශ්‍රී ලංකාව වැනි පුංචි රටක සිදුවන අපරාධ, ස්ත්‍රී දූෂණ, වංචා, හොර, මැරකම් අන් කිසිදු රටක සිදු නොවනු ඇත. පසුගිය දිනවල අපට අසන්නට ලැබුණු අහස පොළව නුහුලන අපරාධ ඊට සාක්ෂි දරයි. බුදුන් වැඩි දේශයක මෙවැනි අපරාධයන් සිදු විය හැකි දැයි ප්‍රශ්නාර්ථයකි. මවක් තම කුසින් උපන් දියණිය සල්ලාලයන්ට විකුණන සමාජයක අන් ස්ත්‍රීන්ගේ කල්කිරියාව ගැන කථා කිරීම සාර්ථක වේ යැයි අප සිතන්නේ නැත. එනමුත් කිව යුතු දේ කෙසේ හෝ පැවසිය යුතුය.

    සමහර නාගරික විශ්වවිද්‍යාලවල දෙවන, තෙවන වසරවල අධ්‍යාපනය හදාරන නේවාසිකාගාර, තාවකාලික නවාතැන් (බෝඩිං) ශිෂ්‍යාවෝ මුදල් උපයන මාර්ගයක් ලෙස රාත්‍රියේ දී සමාජ ශාලාවල සම්භාහන මධ්‍යස්ථානවල යෙදෙමින් කටයුතු කරති.

    මෙහිදී අපට සසඳා බැලිය යුතු කරුණු දෙකකි. එනම් සරසවි සිසුන්ගේ උගත් බව හා බුද්ධිමත් බවයි. මෙහිදී ඔවුන් විභාග කඩයිම් ජයග්‍රහණ කරමින් උගතුන් බවට පත් වුව ද ප්‍රායෝගික ජීවිතය හඳුනා නොගෙන ක්‍රියා කරයි නම් ඔවුහු ජීවිත පන්නරයක් ඇති බුද්ධිමත්හු නොවන්නෝය.

    හේතුව ඔවුන් ද සමාජ ප්‍රශ්න ඇති කරන ව්‍යසනයක් ලෙස දකින ගණිකා වෘත්තියට තෝතැන්නක් වූ ඇතැම් රාත්‍රී සමාජ ශාලා සහ සම්භාහන මධ්‍යස්ථානවල සිය වටිනා කාලය මුදා හැරීමයි.

    එහිදී කෙනෙකු සිය ශ්‍රමයෙන් ආර්ථික දරිද්‍රතාව නිසා අධ්‍යාපනයට අවශ්‍ය මුදල් උපයා ගැනීම සිදු කරන අතර තවත් සමහරු සිය ගෞරවය උකසට තබමින් මුදල් උපයා ගනිති.

    මෙලෙස රටේ අනාගතය භාර ගැනීමට සිටිනා උගත් පිරිසකගෙන් අතළොස්සක් එවැනි වෘත්තීන්වල යෙදීම සමාජය යන අත යැයි කිව නොහැක. මේ අඳුරු වෘත්තාන්තය පිළිබඳ සමාජය කතා වන දේවල්වල ඇත්තම කථාව සොයා ගිය අපට අසන්නට ලැබුණු කථා නම් බොහෝය. මේ කථාව කාගෙන්, කොතනින්, කොහොම ආරම්භ කරන්නෙ දැයි අපට සිතා ගත නොහැකිය.

    මේ සිදුවන ගනුදෙනුවේ ප්‍රධාන නායිකාවන් වන්නේ ඇතැම් බෝඩිං ඇන්ටිලාය.

    එය එසේ වුවත් මේ කථාව තුළ රඟපාන චරිත කිහිපයක් ඇත. මේ අත්දැකීම්වලට මුහුණ දුන් එයාලටම ඒ ගැන කියන්න ඉඩ දී අප නිහඬ වූයේ ඒ හඬට කවුරුන් හෝ කන්දිය යුතු නිසාය.

    සීතල පිනි බිඳු පොළව සිපගන්නා උදෑසන යන්ත්‍ර සූත්‍රවලටත් වඩා වේගයෙන් තම තමන්ගේ අවශ්‍යතාවන් සඳහා එහා මෙහා යන උදවියගෙන් මේ ප්‍රදේශය මදක් කාර්ය බහුලය. මේ ඉසව්වේ ඉන්න බොහෝ තරුණ තරුණියන් නාගරික විශ්වවිද්‍යාලවල උපාධි සමත් අය මෙන්ම “සුපර් සෙන්ටර්” සහ විවිධ ව්‍යාපාරික මධ්‍යස්ථානවල සේවය කරන්නෝය.

    නිදි වර්ජිත රාත්‍රී සමාජ ශාලාවල තමාගේ කර්තව්‍ය සිදු කරමින් පළමුව ලැබෙන අත්තිකාරම් මුදලත් සේවය නිම වීමෙන් පසු ලැබෙන “කොමිස්” මුදලත් රැගෙන අර්ධ සුඛෝපභෝගී රථයකින් තමන් අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාලයට හෝ නේවාසික ස්ථානයට රැගෙන විත් දමයි.

    මේ ඔවුන්ගේ දින චර්යාවයි.

    නාරාහේන්පිට ප්‍රධාන පෙලේ රාත්‍රී සමාජ ශාලාවක සේවය කරන රිදුරෙකුගේ කථාව මෙසේය.

    මම වසර 4ක් මේ ස්ථානයේ සේවය කරනවා. මෙතනට ප්‍රසිද්ධ නළු නිළියෝ එහෙමත් එනවා. අවුරුදු 20, 24 තරුණියන්ට තමයි ගොඩක් ඉල්ලුම තියෙන්නේ. කිරුළපන එක්තරා මාවතක සුපිරි ගණයේ නිවසකට මම නිතර යනවා තරුණ ගෑණු ළමයි අරන් එන්න. ඒ ගෙදර ඔක්කොම ඉන්නේ අවු 20, 25 වගේ වයස්වල ලස්සන ගෑනු ළමයි. දැක්කම හරි දුක හිතෙනවා. මටත් පුතාල දෙන්නෙක් සහ දුවක් ඉන්නවා ඒ වයසෙම. රස්සාව කරන්න ඕන නිසා මේවා බලාගෙන පාඩුවෙ ඉන්නවා ඕවට කථා කරන්න ගියොත් මට රස්සාව දාලා යන්න වෙන නිසා. මට කරන්න තියෙන්නේ හොටෙල් එකෙන් කිව්වම අර ගෙදරට ගිහින් ගෑණු ළමයි එක්කන් එන්න. අපිට ඒ ළමයි එක්ක කථා කරන්න එපා කියලා තියෙන්නේ. ඒ ළමයි ලජ්ජාවටත් එක්ක කරබාගෙන යනවා.
    පැය 1 1/2 වගේ තමයි හොටෙල් එක ඇතුළෙ ඒ ළමයි ඉන්නේ. ලොකු ගාණක් හම්බ වෙනවා. ඒ ගාණ දෙන්නෙ අර ගෙදර ඉන්න බෝඩිමේ නෝනට. ඒ ළමයින්ගේ බෝඩිං ගාස්තු ඒ සල්ලිවලින් තමයි කපාගෙන ඒ ගාණෙන් පොඩි ගාණක් අර ළමයින්ටත් දෙනවා. ඒ ළමයි ඔක්කොම එක්තරා නාගරික විශ්වවිද්‍යාලයක උපාධිය හදාරන අය. මේ ළඟදි අපේ හොටෙල් එකේ මට තව ළමයෙක් මුණ ගැහුණා. ඒ තරුණිය එක්තරා විශ්වවිද්‍යාලයක වෛද්‍ය උපාධිය හදාරන ළමයෙක්. මට හරි පුදුම හිතුණා. ආර්ථික ප්‍රශ්න නිසා තමයි ඒ ළමය මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ ළමයට පොත් පත් ගන්න ලොකු ගාණක් යනවලු. ගොඩක් දුප්පත් ළමයෙක්. එතනින් එහාට මම කථා කරන්න ගියේ නෑ.

    අපට ලැබුණු තොරතුරු අනුව ගොඩාක් තරුණියන් මෙවැනි නේවාසික ස්ථානවලට වැටිලා තියෙන්නේ විශ්වවිද්‍යාල තාප්පවල ගහලා තියෙන දැන්වීම් සහ යහළුවන් මාර්ගයෙන්. නුගේගොඩ අවට මංසන්දියක එක්තරා ත්‍රීවිල් රියදුරෙක් අපට කිව්වෙ තවත් මෙන්න මෙවැනි කථාවක්.

    මේ විශ්වවිද්‍යාලයට ගොඩක් එන්නේ දුර පළාත්වල ළමයි. එයාලට කොළඹ එච්චර හුරු පුරුදු නැහැ. චීත්ත ගවුම ඇඳලා කොණ්ඩ කරල බැඳලා ගමෙන් එන ළමයා මාස තුන හතරක් යන්න කළින් කලිසම ඇඳලා කොණ්ඩෙ ලේයර් කරලා පොෂ් වෙන්න යනවා. ඒ මේ කොළඹ පරිසරේ හැටි. ඒක නිසා ඒ ළමයින්ගේ වරදක් දකින්න බැහැ. ඊට පස්සේ සල්ලිකාර කොල්ලෙක් අල්ලන් රට වටේම රවුම් ගහලා ඊට වඩා හොඳ එකෙක් හම්බ වුණාම අර කොල්ලව අතාරිනවා. ඒක දැන් කැම්පස් සංස්කෘතිය වෙලා.

    ඒත් හැම ළමයම එහෙම නැහැ. බහුතරයක් ඒ වගේ. මේ ළඟදී මාතර පැත්තෙ ගෑණු ළමයි දෙන්නෙකුයි පිරිමි ළමයෙකුයි ආව මාත් එක්ක හයර් එකට බෝඩිමක් හොයන්න යන්න.

    මං මේ පැත්ත ගැන හොඳට දන්නවා. විශේෂයෙන් ගෑණු ළමයින්ට නවාතැන් ගන්න සුදුසු කියලා මට හිතෙන්නෙ නෑ. ඒ ළමයි අපේ පාරේ බෝඩිමක් සොයන්න යන්න මාපියන් නැතුව යාළුවො එක්ක බෝඩිං බලන්න යන්න එපා කියලා මම එයාලට තේරුම් කරලා හරවලා ඇරියා. මට ඒවා අදාළම නෑ. හයර් එකක් මගේ අරමුණ. ඒත් මට එහෙම කරන්න හිත දෙන්නෙ නෑ. කවුරු උණත් අහිංසක අම්මලා තාත්තලාගෙ දරුවොනේ. ඒ දේවල් ජීවිතේට අවදානම් කියලා මේ දරුවන්ට තේරුමක් නැහැ. එතනින් එහාට ලැබුණු තවත් තොරතුරක් මත අපේ නෙත් යොමු වුණා.

    ඉහතින් නම් සඳහන් කළ ප්‍රදේශයේ මාවත්වල අප සඳහන් කළ බෝඩිම් බහුලව දක්නට ලැබෙන අතර ඒවා සුපිරි පන්නයේ නිවාස වීම විශේෂත්වයක්. මේ නිවෙස්වල මෙවැනි සිදුවීම් වෙනවා ද යන්න පුදුම සහගතය. කිසිවෙකුත් මෙවැනි නිවෙස්වල මෙවැනි සිදුවීම් සිදු වෙනවා යැයි සැක සිතන්නේ නැත. මන් ද ඉදිරිපිටින් ඉතා වැදගත් සමාජගත මිනිසුන් යැයි සිතන නිසාය. මේ තොරතුරු මත ගවේෂණයේ යෙදුණ අපට තරුණියන් කිහිප දෙනෙකු අපේ කථාවට සම්බන්ධ කර ගැනීමට තරමක් අසීරු වුව ද අපගේ හිතවත් මිතුරකු මාර්ගයෙන් ඒ අවස්ථාව උදා කර ගත හැකි විය.

    මේ එක් තරුණියකගේ කථාවයි.

    මගේ ගම කතරගම. මම නාගරික විශ්වවිද්‍යාලයක කලා උපාධිය හදාරනවා. මම රාත්‍රී සමාජ ශාලාවෙ වැඩට ආවේ බෝඩිමේ ඇන්ටිගෙ මාර්ගයෙන්. එයත් මෙතන වැඩ කරන්නේ, එයාට ලොකු පඩියක් හම්බ වෙනවා කිව්වා. ආර්ථික ප්‍රශ්නත් තිබුණ නිසා මම මෙතනට එන්න කැමති වුණා. මැති ඇමතිවරුන්ගේ ඉඳලා පාතාලේ දක්වා විවිධ මිනිස්සු මෙතනට එනවා. අපිත් ඒ මිනිස්සු එක්ක බොන්න ඕනැ. සිගරට් බොන්නත් ඕනැ. අපට හම්බ වෙන ගනුදෙනුකරුවන්ට හොඳට බොන්න දුන්නොත් 15% කොමිස් එකක් ලැබෙනවා. සාමාන්‍යයෙන් අපි මාසෙකට 60,000ක පඩියක් ගන්නවා. මාසෙට දවස් හතරක් නිවාඩු තියෙනවා. අපට සෙනසුරාදා ඉරිදා නිවාඩු ගන්න බෑ. එදාට අපි නාවොත් රු. 2000 කපනවා. නැගිටින්න බැරි අසනීපයක් හැදුණත් වැඩට එන්න ඕනෑ. ඒ දවස් දෙකේ තමයි මෙතනට ගනුදෙනුකරුවන් ගොඩ දෙනෙක් එන්නෙ. අපි ගනුදෙනුකරුවන්ට සලකන විදිහට හම්බ වෙන පඩියට අමතරව එයාලත් අපට 2000, 3000 වගේ අතේ තියලා යනවා. තව ඪෂඡ රූම්ස් කියලා තියෙනවා. ඒවට එන්නෙ මැති ඇමතිවරු, නළු නිළියො. තමන්ට ඕන ගෑණු ළමයා තෝරා ගෙන ඪෂඡ යන්න පුළුවන්. අපේ යාළුවො එහෙම එක්ක ගියාම අපට තව අමතර ලොකු ගාණකුත් දෙනවා. කැමැත්තෙන් කරන දෙයක් නෙමේ මේක. ආර්ථික අපහසුතා නිසා තමයි කරන්නේ.

    අප දන්නා දේට වඩා නොදන්නා දේ අති විශාලය. කොතරම් නම් මෙවැනි දේවල් මේ කොළඹ අවට වෙනවා ඇති ද? ළාබාල යුවතියන්ගේ පහස ලැබීමට ගැණුම්කරුවන් දැඩි කැමැත්තක් දක්වන නිසා තරුණියන්ට හොඳ ඉල්ලුමක් ඇත. ඒ මේ රැකියාවේ ස්වභාවයයි.

    මේ සොඳුරු යොවුන්විය අන් අයගේ කම් සැප සඳහා කැප කිරීමට සිදුවේ යැයි ඔවුන් සිහිනෙන්වත් නොසිතන්නට ඇතැයි අපට සිතිනි. එනමුත් මේ ඛේදවාචකය පිටුපස ඇති කථාව අප කථා කළ යුතුමයි. වර්තමානයේ ඉතා දුර පළාත්වල සිට නාගරික විශ්වවිද්‍යාල වෙත පැමිණෙන තරුණ තරුණියන් සංඛ්‍යාව අති විශාලය. බොහෝ ගම්බද තරුණියන්ගේ මාපියන් ජීවත් වීමට පොර බදන්නේ මේ මහ පොළවත් සමගය. ඒ අහිංසක මිනිසුන්ගේ මුදල් යහමින් අත ගැවසෙන්නෙ අස්වැන්න සරු වුවොත් පමණි. සමහර නිවෙස්වල වැඩි දරුවෝ ප්‍රමාණයක් ද සිටිති. ඔවුන්ගේ අස්වැන්න සරු වුවත් නොවූවත් විශ්වවිද්‍යාල සිසුන්ගේ වියදම සීමා කළ නොහැකිය. ඔවුනට අතට ලැබෙන ශිෂ්‍යත්ව මුදල රු. 5000 වැනි මුදලින් සියලු දෑ සපුරා ගත නොහැකිය. එම තරුණ තරුණියන් තම නිවෙස් කරා යන්නේ මාස දෙක තුනකට පාරකි. මන්ද බස් රථයේ ටිකට් එකේ මුදලත් ඔවුනට මැණිකක් තරම් වටින නිසාය. තව ද මේ තරුණ තරුණියන්ට නේවාසික පහසුකම් අල්පය. කුස පුරවා ගන්නා තැන සිට විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන්ගේ ප්‍රබල ප්‍රශ්නය වන්නේ ආර්ථික අහේනියයි. කුසට හරිහමං අහරක් නැතිව ඉගෙන ගන්නා විශ්වවිද්‍යාල සිසූහු අති විශාල වෙති.

    ආර්ථික අපහසුතා සමග මෙම තරුණ තරුණියන් කෙටි කාලීන රැකියා සොයා යාම නොරහසකි. ඛේදවාචකය හිතන තරම් සුළු පටු නැත. මේ විනාශ වී යන්නේ රටේ උගත් බුද්ධිමත් තරුණ පිරිසගේ අනාගතය නොවේද?
    http://www.lankadeepa.lk/index.php/articles/459058
     

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    ඔය පත්තරකාරයෙක් නේද ලියලා තියෙන්නේ
    Views වලට ඕන ජරාවක් ලියනවා මල්ලී
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔය සබ්ජෙක්ට් එකේ ඉන්න ඩිලර් කෙනෙක් කියපු කතාවක් මේක :sorry: ඔය කතාව ගාමන්ට් කෙල්ලන්ටත් අයිතියි.. දුර පළාත් වල ඉඳන් කොළඹ එනවා .. සල්ලි තියෙන කොල්ලෝ කියලා හිතන් රැවටිලිකාරයොන්ට අහුවෙනවා.. රුම්ස් යනවා තියෙන වටින දේවල් නැති කරගන්නවා.. ඊට පස්සේ කොල්ලා මග ඇරලා අතාරිනවා.. ඊට පස්සේ ජිවත් වෙන්න සල්ලි හොයන්න සහ ඉක්මනට පෝසත් වෙන්න කියන දේ ඔළුවට එනවා කෙලින්ම බඩු පොට් හොයන් එනවලු උදේ හවා ... සමහර කෙල්ලෝ පඩියට අමතරව සල්ලි හොයන්නත් එනවලු .. ගම් වලට යද්දී කොළඹ ලොකු තැන් වල වැඩ කියලා ගෙවල් වල අයට කියනවලු :(:(:( ඒ කියලා අවසානෙට ගාමන්ට් කෙල්ලෝ විස්වාස කරන්නම එපා කියලා මුනටම කීවා :yes::yes:
     

    programmer98

    Member
    Aug 7, 2016
    232
    39
    0
    Sri Lanka
    ඔය සබ්ජෙක්ට් එකේ ඉන්න ඩිලර් කෙනෙක් කියපු කතාවක් මේක :sorry: ඔය කතාව ගාමන්ට් කෙල්ලන්ටත් අයිතියි.. දුර පළාත් වල ඉඳන් කොළඹ එනවා .. සල්ලි තියෙන කොල්ලෝ කියලා හිතන් රැවටිලිකාරයොන්ට අහුවෙනවා.. රුම්ස් යනවා තියෙන වටින දේවල් නැති කරගන්නවා.. ඊට පස්සේ කොල්ලා මග ඇරලා අතාරිනවා.. ඊට පස්සේ ජිවත් වෙන්න සල්ලි හොයන්න සහ ඉක්මනට පෝසත් වෙන්න කියන දේ ඔළුවට එනවා කෙලින්ම බඩු පොට් හොයන් එනවලු උදේ හවා ... සමහර කෙල්ලෝ පඩියට අමතරව සල්ලි හොයන්නත් එනවලු .. ගම් වලට යද්දී කොළඹ ලොකු තැන් වල වැඩ කියලා ගෙවල් වල අයට කියනවලු :(:(:( ඒ කියලා අවසානෙට ගාමන්ට් කෙල්ලෝ විස්වාස කරන්නම එපා කියලා මුනටම කීවා :yes::yes:

    100% True. I saw that many times on my own eyes in Katunayake. :(
     

    waligamaya

    Well-known member
  • මේකේ අති ශෝක්තියකුත් තියනවා. මේකේ කියන හැටියටඋසස් අද්ද්යපනය කරන බහුතරය ගනිකාවේ වගේ. අනිඅක් මේඩ්ඩියකට සල්ලි හොයන්න් ඇග විකුණන්න ඕන නැ උන්ට ටියුෂන් දීලා හොද ගානක් හොයා ගැන පුළුවන්. එක නිසා එකතාව ඇත්ත වෙන්න බැ. එහෙමන් සයිටම් එකේ කෙල්ලෙක්ද දැනේ නැ AL A, B නැති.
     
    • Like
    Reactions: deepwater