ඇන්ටිලොප්

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    තම ජීවිතය බේරාගැනීමට මිනිසුන්ගේ රැකවරණය සොයා පැමිණි ඇන්ටිලොප් සත්ත්වයකු සිංහයන් දෙදෙනකුගේ ගොදුරක් බවට පත්වන දුර්ලභ ඡායාරූප කිහිපයක් බ්‍රිතාන්‍ය ජාතික කැරොලින් ඩන්ෆෝර්ඩ් (23) නමැති තරුණිය අන්තර්ජාලයට එක්කැර ඇත.

    lion3.jpg


    ea1a5f9bdcefc9d101924fc9b969b528_L.jpg


    lion4.jpg


    lion5.jpg


    lion6.jpg


    lion8.jpg


    2A7EF00F00000578-3159262-image-m-42_1436795094373.jpg


    lion2.jpg


    ඇය තම විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු සඳහා දකුණු අප්‍රිකාවේ කෘගර් නමැති ජාතික වනෝද්‍යානයට ගොස් සිටිය දී පසුගිය සිකුරාදා මේ සිදුවීම ඡායාරූපයට නැගුවාය.

    වන සතුන් බැලීමට උදෑසන වනාන්තරයට ඇතුළු වූ වාහන රැසක් අතරට වනාන්තරයේ පසෙක තිබූ පඳුරු අතරින් ඇන්ටිලොප් සතකු වේගයෙන් දිව ආවාය. මාර්ගයේ ගමන් කරමින් තිබූ ඌ සැඟවුණේ වාහනයකට අඟල් කිහිපයක් දක්වා සමීප වෙමින් පාරේ ලගිමිනි. එය බොහෝ දෙනකුට පුදුමයක් විය. මොහොතකින් එතැනට ආ සිංහයන් දෙදෙනකු ඇන්ටිලොප් සතා සොයමින් ඌ වටකරන්නට විය. බියෙන් ගැහෙමින් සිටි ඇන්ටිලොප් යළි පලා යන්නට තැත් කරද්දී උගේ ඇඟට පැන බිම පතිත කරද්දී අනෙක් සිංහයා ඇන්ටිලොප්ගේ ගෙල සපා කන්නේ සදා කාලිකවම නිහඬ කරමිනි.

    සත්ත්ව ලෝකයේ එකිනෙකා මරා ගනිමින් දිවි පවත්වාගන්නා ආකාරය සංචාරකයන් සජීවී ලෙස අත්විඳි බව කැරොලින් පවසන්නීය.
     
    • Like
    Reactions: Extra One

    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    අපරාදේ වාහනෙන් කවර් කරන්න තිබ්බෙ.. මම හිටියා නම් සිංහයෝ දෙන්නව යට කරන් යනවා ආයෙ මාසයක් හමාරක් හිරේ ඉන්න උනත් :(
     

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    ස්වභාවධර්මයෙ නීතිය කියල කිව්වට කොහොමද බං අහිංසක සතෙක්ව මරනව බලං ඉන්නෙ...:(:(.
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    අපරාදේ වාහනෙන් කවර් කරන්න තිබ්බෙ.. මම හිටියා නම් සිංහයෝ දෙන්නව යට කරන් යනවා ආයෙ මාසයක් හමාරක් හිරේ ඉන්න උනත් :(

    :lol::lol::lol:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    රැකවරනයක් ලබා ගන්ඩ අවශ්‍ය තැනට යන්ඩ මේ සතා නුවනක්කාර උනාට අඩුම ගානෙ හෝන් ටිකවත් එකපාර ගහල සිංහයින්ව එලවන්ඩ තරං මොලයක් මේ හැත්තට තිබිල නෑ.
    අනික මේ වගේ සෆාරි යන ගොඩක් අය මේ වගේ දෙයක් පොටෝ ගහන්ඩ හරි වීඩියෝ කරන්ඩ හරි තියෙන අවස්ථාව ගැන හිතල ආත්මාර්තකාමී වෙනව.
     
    • Like
    Reactions: other guy

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අපරාදේ වාහනෙන් කවර් කරන්න තිබ්බෙ.. මම හිටියා නම් සිංහයෝ දෙන්නව යට කරන් යනවා ආයෙ මාසයක් හමාරක් හිරේ ඉන්න උනත් :(

    eka sathek beraganna thawa dekak marala hari yanawada? :lol: ohoma thamayi ban kalawal wala, uba nodakkata dawasata kiyak maran kanawada, sinhayath hamathe innada :no:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කිසිම කෙනෙක් කිසිම උත්සාහයක් ගන්නෙ නැ මේ සතාව බේරගන්න.. අපරාදේ කව්රැ හරි එඩිතර උනානම් ඌ අදටත් ජීවත් වෙනවා..
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    රැකවරනයක් ලබා ගන්ඩ අවශ්‍ය තැනට යන්ඩ මේ සතා නුවනක්කාර උනාට අඩුම ගානෙ හෝන් ටිකවත් එකපාර ගහල සිංහයින්ව එලවන්ඩ තරං මොලයක් මේ හැත්තට තිබිල නෑ.
    අනික මේ වගේ සෆාරි යන ගොඩක් අය මේ වගේ දෙයක් පොටෝ ගහන්ඩ හරි වීඩියෝ කරන්ඩ හරි තියෙන අවස්ථාව ගැන හිතල ආත්මාර්තකාමී වෙනව.

    :(:(:(:(
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මේ සතා වදවී යන විශේෂයක් නෙමෙයි. ඒක නිසා සිංහයෝ එලවන්න හේතුවක් නෑ.
    සිංහයො TNL එකේ බණ අහල කඩේකින් කාල ඉන්න සත්තු නෙමෙයි නේ.
    ඕලෙවල් වලටවත් විද්‍යාව කරලා තියෙනවනම් දන්නවා අපි දාමයක් වෙනස් කරොත් එකෙන් ජේයිව(කොම්බු 2 එන්නේ නැත) විවිදත්වයට හානි වෙනවා කියල. ඒ මිනිස්සු එක දන්නා නිසා තමයි මුකුත් නොකර ඉදල තියෙන්න.