මෙහෙ නං එකෙක් ඇවිත් ඔය ඔක්කොම එකතුකරගෙන ගිහින් පොලේ විකුනනවා මල්ලක් සීය ගානේ![]()


ලොකු bhai;23657452 said:මචන් ඔය හැම එකටම වඩා අපේ උන්ට දීල කාල පුරුද්දක් තිබ්බ. හැබය් ඒ ඉස්සර. දැන් හැම එකාම නිකන් පුදනකන් බලන්නේ ඉන්නේ. මේක දාපු උබ මොනවද දීල තියෙන්නේ තව එකෙක්ට..
Facts : ලස්සන වැඩක්. සල්ලි තියෙන family එකක්. අහක දාන්න තිබුණු apple. ඒත් වැඩේ හොඳයි.
Add ons : එරට මිනිසුන් ගේ සුන්දර හිත (එහෙම බයිලාවක් නෑ බන්),
වැටෙන ගෙඩියක් අහුලගෙන කන්න දෙන්නෙ නැති අපේ රටේ මිනිස්සු (කවුරුත් එහෙම නෑනේ මචන්. අනික මිනිස්සුන්ට සල්ලි නැති නිසානේ විකුනන්නේ)

වැටෙන ගෙඩියක් අහුලගෙන කන්න දෙන්නෙ නැති අපේ රටේ මිනිස්සු.මේ නෝර්වේ රටේ මිනිස්සු.
අපි ඔක්කොම එකට රස විදිමු.එරට මිනිසුන් ගේ සුන්දර හිත
![]()


උඹලා ගහක ගෙඩියක් නොදුන්නට , උඹ හිතාගෙන ඉන්නේ රටේම උන් එහෙමයි කියලද? ඔන්න ඕක තමයි උඹලගේ වැරැද්ද. උඹල වගේ හිතන පතන උන් තමයි රටේම ඉන්නේ කියල හිතාගෙන ඉන්නේ.![]()
ඉස්සර අපේ ගෙදරට එන හැම මිනිහට ම අපේ ආච්චි කජු ගෝනිය ගානේ දුන්නා මතකයි.
අපේ තාත්තා ගෙ office එකේ වැඩ කරන්න ආව එකෙකුට දුන්නම ඌ අහනවා මේ මොනවා කරාටද අම්මේ? කියලා. එතකොට කියනවා අා මේ නැහැ අපේ වතු වල කජු ටික සුද්ද කරා, පුතා ගෙදර ගිහිං කන්න ගෙදර අයටත් දීලා කියලා.
ඔව් බං මාර හිත හොඳ මිනිස්සු හිටියේ ඉස්සර.. ආච්චි මතක් උනා උබේ පෝස්ට් එක දැකල.
අැයි මතක නැද්ද කොස් ගෙඩියක් කඩලා,අඹ කඩලා මිනිස්සු හිරේ ගියා???
ලේ දන් දන්නෙ, ඇඟේ ලේ ටික සුද්ද කරගන්න වෙන්ටෑ
කෙස් දන් දෙන්නෙ, කොන්ඩෙ කපා ගන්න සල්ලි නැති හින්දා වෙන්ටෑ
වකුගඩු දන් දෙන්නෙ, ඇඟේ බර අඩු කරගන්න වෙන්ටෑ
ඇස් දන් දෙන්නෙ, පිච්චිලා ඉතිරි වෙන අළු ටික අඩු කර ගන්න වෙන්ටෑ
යාචකයින්ට සල්ලි දෙන්නෙ සල්ලි වැඩි වෙච්ච නිසා වෙන්ටෑ
මහළු නිවාස වලට දන් දෙන්නෙ ගෙදර කෑම වැඩි වෙච්ච නිසා වෙන්ටෑ

ape gewal lagath hitiya නකියෙක් ලොවි වැටිලා කුනුවෙල යනව ගහෙන් කඩනෙ දෙන්නෙ නැහැ

වැටෙන ගෙඩියක් අහුලගෙන කන්න දෙන්නෙ නැති අපේ රටේ මිනිස්සු.මේ නෝර්වේ රටේ මිනිස්සු.
අපි ඔක්කොම එකට රස විදිමු.එරට මිනිසුන් ගේ සුන්දර හිත
![]()

හැමෝම එක වගේ නෙවේ බන්. පික් පොකට් ගහපු හොරුන්ව අල්ලගෙන පොලීසියට භාර දීපු වගේම, හොරකම් කරපු හේතුව අහලා සල්ලි දීපු මිනිස්සුත් ඉන්නවා.
අපි දන්නෙ නෑ ඔතන ඇපල් මළු එල්ලුවෙ උන්ට වැඩි නිසාද, ඕවා කුණු වෙච්ච නිසාද, ඇතුලෙ පණුවො නිසාද, එහෙම නැත්නම් නිකන් දෙන්න ඕන නිසාද කියලා. ඕක ඔහොම එල්ලුවෙ ගෑනියෙක්ද මිනිහෙක්ද කියලවත් අඩුම තරමෙ දන්නෙ නැතුව අපි කොහොමද බන් ජජ් කරන්නෙ.
සිංහළුන්ගෙත් එක එක ටයිප් ඉන්නවා. අවස්ථානූකූලව කතා කරමු. වෙරළු ගෙඩිය හත් දෙනෙක් බෙදාගෙනත් කාලා තියෙනවනෙ බන්. ඔය වගේ දේවල් කරන මිනිස්සු ගැන පුදුම වෙන්න දෙයක් නෑ.