නමුත් ඔහු පෙන්වන්නේ DS-4080 – Oath of Renunciation of the Nationality of the United States යන අයදුම් පත්රය.
නමුත් පුරවැසිකම අත්හැරීමේ සහතිකය DS-4083 – Certificate of Loss of Nationality of the United States යන්නයි.
මේ ක්රියාවලිය සඳහා DS-4079, DS-4080, DS-4081, DS-4082 සහ DS-4083 යන අයදුම් පත් පිරවිය යුතු අතර මේ සඳහා ඔහු විසින් පෙන්වාදෙන DS-4080 අයදුම් පතේ අග මෙසේ සඳහන් වෙනවා.
Note : A renunciation of United States nationality/citizenship is effective only upon approval by the U.S. Department of State but, when approved, the loss of nationality/citizenship occurs as of the date the above Oath/Affirmation was taken.
(සටහන: එක්සත් ජනපද ජාතිකත්වය / පුරවැසිභාවය අත්හැරීම බලපැවැත්වෙන්නේ එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය මත පමණි, නමුත් අනුමත වූ විට, ජාතිකත්වය / පුරවැසිභාවය අහිමි වීම සිදුවන්නේ ඉහත දිවුරුම / සහතිකය ලබාගත් දිනයටය.) ~ පරිවර්තනය Google Translate භාවිතයෙනි.
ගෝඨා කියවන පරිදි “අප්රියෙල් 17වනදා ඉඳලා තවදුරටත් ඔබ ඇමරිකානු පුරවැසියෙකු නොවෙයි” යන්න වැරදි කියවීමක්. එහි පැහැදිලිව සඳහන් කරනවා Only Upon Approval (අනුමැතිය මත පමණි) කියලා.