ඇමරිකාව ඇයි ලංකාවට මේ තරම් අත පොවන්නෙ. මොනවද ඒ ගොල්ලෙ කියන තරම් මේ රටේ තියෙන දැවෙන ප්‍රශ්ණ?. ජෝන් කෙරී ආවා... බිස්වාල් ආව. ඔන්න දැන් අනිත් ලොක්කත් එන්න නේද යන්නෙ. ඇයි ඒ ගොල්ලො සිරියාව වගේ රටවල තියෙන ප්‍රශ්ණ මගෑරල අපේ රටවල දේශපාලනයට මේ තරම් අත පොවන්නෙ. මමනම් හිතන්නෙ ඇමරිකාව ලංකාවට අනවශ්‍ය බලපෑම් කරනවා වැඩියි....
අත පොවන්නේ චීනයට තියෙන බයට ඇමරිකාව ඉන්දියන් සාගරයේ චීනයේ බලය පතුරන්න දෙන්නේ නෑ එකට ඉන්දියාව කැමතිත් නෑ එකට ඇමරිකාව කරන්නේ ඉන්දියාව ඉත්තෙක් කරගෙන චින බලපෑම නැති කරන එක .ඒකට චිනය ලංකාව යොදා ගත්තා දිගුකාලින වැඩපිලිවෙලකට වරායක් හදලා කොලබ කොටසක් ගොඩ කරලා උන් හෙමිට ගේම දෙන්න හැදුවේ .චිනය එහෙම රටේ බලය උන්ට ඔනේ විදියට අතට ගන්නේ ණය දිලා ඔනේ තරම් ණය දෙනවා එවගෙන් කොටසක් රට පාලනය කරන අයටත් පෞද්ගලිකවමත් දෙනවා එහෙම සල්ලි දී දිලා දිලා ගෙවාගන්න බැරි වුනාම උන්ට ඔනේ විදියට රට පාලනය කරන්න පුලුවන් .ඇමරිකාව දන්නව මේ ගැන එක තමයි උන්ට හිතකර පාලනයක් ලංකාවේ හදන්නේ ඒකට විවිද ක්‍රම අනුගමනය කරනවා දැන් ඉන්න ආන්ඩුව ඇමරිකන් හිතවාදි මතයක ඉන්නවා කියලා උන් දන්නවා එතකොට මානව හිමිකම් ප්‍රශ්න නෑ යුරොප බදු සහන ලැබෙනවා රටේ නමටත් හොදයි .එහෙම වුනයි කියලා චීනය මොනම රටක් එක්කවත් අනවශ්‍ය ගැටුම් වලට යන්නේ නෑ උන් යන්නේ හීන් නුලෙන් ගේම දෙන ප්‍රතිපත්තියේම තමයි ඒක හින්දා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ ලංකාව දැන ගන්න ඔනේ බලය වැඩිම පැත්තට හොයියා පාර දාගෙන ශේප් වෙලා ඉන්න කවදාහරි චිනය යුරොපයි ඇමරිකාවත් යට කරගෙන් ලොකේ පොලිස් කාරයා වුන දාට අපිත් ශේප් එකේ පැත්ත මාරු කරන්න ඔනේ.




