ඇමරිකාවට ශ්‍රී ලංකාවෙන් වාසි

Robin Hood of Sherwood

Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    ඇමරිකාවට ශ්‍රී ලංකාවෙන් වාසි

    ඇමරිකාවට ශ්‍රී ලංකාව හෙවත් ඉන්දියන් සාගරයේ අමුතු ඇටය සමග කිට්ටු ඇසුරක් පැවැත්වූවා නම් සලසා ගත හැකිව තිබුනු වාසි රැසක්-

    1. කලුවර අඳුන මතුරා මැරීන් සෙබලුන් අදෘෂ්‍යමාන කොට වියට්නාමයේ කැලෑ වලට බස්සා ගරිල්ලා අරගලය ජයග්‍රහණය කරන්නට හැකිව තිබිණි…

    2. සෝවියට් සංගමය වට්ටන්නට 1991 වෙන තෙක් ඩොලර් කෝටි ගණන් වැය කොට අවුරුදු ගණනක් කුමන්ත්‍රණය නොකොට මාතර ගුරෙක් ලවා කොඩිවිනයක් කරවා, මහා කාලිට කැප කල හූනියමක් සෝවියට් දේශ සීමාවේ වළලා, එරට මීට කළින් විනාශ කර ශීතල යුද්දය ජයගත හැකිව තිබීම…

    3. සදාම් හුසේන්ට “රූප කටු ගැසීමක්” කරවා අඩපණ කර, ආක්‍රමණය නොකරම මරා දැමීම…

    4. ඉරානයේ න්‍යෂ්ඨික බලාගාරය තිබෙන තැනට “භූමි පාලුවක්” කර එම ව්‍යාපෘතිය අඩාල කර දැමීම…

    5. ඔසාමා බින් ලාඩන් සොයා කෝටි ගණන් වටිනා කැමරා සහිත මිලිටරි චන්ද්‍රිකා, ගුවන් ඡායාරූප, ඩ්‍රෝන් ආදිය යෙදවීම විශාල මුදල් නාස්තියකි… දක්ෂ ගුරුන්නාන්සෙ කෙනෙක් ලවා “කනප්පුවක් ඇවිද්දවා” කනප්පුව පිටිපස්සෙන් ඇමරිකන් හමුදාව ගියා නම් ඔසාමා සිටින තැනට පහසුවෙන් යාමට හැකිව තිබිණි…

    6. උතුරු කොරියානු නායකයාට කඩවර යක්ෂයා බන්දා තුන් වරුවෙන් ධවල මන්දිරය ඉදිරියට අවසිහියෙන් නට නටා එන්න සැලැස්වීම…

    7. ජප කරන ලද මිනී අලු සහ පුච්චා වරුවෙන් ගන්නා ලද ජප කල මිනී ඇට චීනයේ බෙයිජිං අගනුවරට ඉස, චීන නායකයන් අසමගි කොට නයි පොළොන්ගු සේ උනුන් කා කොටා ගන්නට සලස්සා අනාගත අභියෝගය වූ චීනය විනාශ කර දැමීම..

    8. හුලවාලි වශියක් කර ව්ලැඩ්මිර් පුටින්ගේ හිත දිනාගෙන එඩ්වර්ඩ් ස්නෝව්ඩන් නැවත ඇමරිකාවට පිටුවහල් කරවා ගැනීම …

    9. “වැල් පැන්නුමක්” කර සිරියානු නායක අසාද් සහ රුසියාව අතර මිතුදම කඩා දමා සිරියාව තනිකර ගැනීම…
    ඩොලර් කෝටි ගණනක් සමග පරීක්ෂණ රාශියක් සඳහා ගිය කාළයද, විශේෂ බලකායන්ගේ සහ සී.අයි.ඒ බුද්ධි අංශ ඒජන්තයන් රැසකගේද ජීවිත ඉතිරි කර ගැනීමට තිබිනි…

    source : Facebook