ඔය මතයෙ මමත් හිටියා .
ඒත් ඒක වැරදි .අපිට උවමනා උනාට වැඩක් නැහැ ඌට අපිව උවමනා නැත්තම් .
පෘතුගීසි ,ලන්දේසි ,ඉංග්‍රිසින් අපෙ රට අල්ලගත්තෙ ඇයි ?
උන්ට උවනමා නිසා.
ඉන්දියාව තමා ප්‍රයිස්ඩ් පොසෙෂන් එක බ්‍රිතාන්‍ය අධිරාජ්‍යෙ .
ඒත් ලංකාව ආදර්ශමත් යටත් විජිතය සුද්දන්ගෙ.
ජේ ආර් උන්නැහෙ ඇමරිකාව එක්ක ගිහින් වෙච්චි දේ මතකෙයි ?
ඉන්දියාව කොටින්ට ට්‍රෙනින් දුන්නා.
පස්සෙ ඇමරිකාවට අපිට වඩා ඉන්දියාව වැදගත් උනා.
ඉන්දියාව කියන්නෙ දකුණු ආසියාවෙ ඇමරිකානු ඒජන්තයා .
ඒත් ඔය උඹ කියලා තියෙන රටවල් දෙක ගනින් .
ඊශ්‍රායලය හැදුවෙ මැදපෙරදිග තමන්ගෙ බලය තියාගන්න.
ඒ වගෙම දකුණුකොරියාවට සප් එක දුන්නෙ ඇයි ?
ඊට උඩින් තියෙන උතුරු කොරියාව ,සොවියට් රුසියාව සහ චීනය
කොමියුනිස්ට් පාලනයක් තිබ්බ නිසා එයට එරහි වන්නට.
ජපානෙට සප් එක දුන්නෙත් ඒ හේතුව නිසාම තමා.
තායිවානෙට සප් එක දුන්නෙත් තායිවානෙ චීනෙත් එක්ක තිබ්බ ඔරොප්පුවට.
එතකොට හොංකොං ? ඒක සුද්ද හැදුව තැනක්.
සිංගප්පූරුව ,ඩුබායි කියන්නෙ අතීතෙ ඉඳන්ම ආර්ථික උපායමාර්ගික ස්ථාන .
ඇමරිකාවට බ්‍රිතාන්‍යාන්ට තරම් අපිව උවමනා උනෙ නැහැ .
ඒත් දැන් ඇමරිකාවට අපිව උවමන වෙලා ?
ඒ ඇයි ?
චීනෙ අපිට රබර් ඇහැ දාගෙන ඉන්න නිසා.
මොකද චීනාගෙ වන් බෙල්ට්, වන් රොඅඩ් කියන ව්‍යාපෘතියෙ අපි වැදගත්ම සන්ධිස්ථානයක් .
ඇමරිකාව ඇමරිකාවෙ දකුණු ආසියාතික ඒජන්තයා වන
ඉන්දියාව හරහා අපිට පොඩි පොඩි බලපෑම් කරනවා චීනෙට ගේමට.