උඹ මේක දාපු එක හොඳයි .මොකද අපේ සමහරක් බයියෝ හිතන් ඉන්නවා ඇමරිකාව කිව්ව හැටියේ අර හොලිවුඩ් ෆිල්ම් වල තියෙන හයි ස්කුල් ෆන් එක ඇමරිකාවේ හැමෝටම හම්බවෙනවාය කියලා .ඒත් යතාර්ථය තමා උඹ කියලා තියෙන්නේ .මම දන්න දෙතුන් දෙනෙකුත් ඉන්නවා ඔයිට දෙවෙනි නැහැ තත්වේ .ඒත් උනුත් කට්ට කාගෙන ඉන්නවා ජීවිතේ පොදි බැඳගත්ත බලාපොරොත්තු නිසා උන් පාඩුවේ ඉන්නවා .මම නම් ඉන්නේ කටාර් වල ,මම වැඩ කම්පැණියෙ නම් ඔච්චර කට්ටක් නැහැ .අනික හොරුන්ගෙන් මැරයින්ගේන් කරදර කියලා දේවල් මෙහෙ නැහැ .මොකද මෙහෙ ගහගැනීම නීතියෙන් තහනම් .කාටවත් හිරිහැර කරන්න බැහැ .කරදර කරන්න බැහැ .ඇල්කොහොල් පාව්චි කරනවානම් යම් සැලරි මට්ටමක් තියෙනවා ඒ මට්ටමෙන් උඩ අයට ලයිසන් ගන්න පුලුවන් .හැබැයි මුස්ලිම් නම් කොහෙත්ම බැහැ .කාන්තාවන්ට මෙහෙ තැන .ඒ කිව්වේ ආරක්ෂාව අතින් .රට වටේම තනියෙන් ගිහින් එන්න පුළුවන් බයක් හැකක් නැතුව .හැබැයි කාන්තාවන්ට විහිළු කරලා ජැක් ගහලා වගේ දේවල් කරන්න බැහැ .එව්වට නඩු නැහැ .එහෙමයි කියලා ඒ නීතියෙන් ගැනුන්ට අයුතු ප්‍රයෝජන ගන්න බැහැ .හොයලා බලලා තමා දඬුවම් දෙන්නේ .මෙහෙ තියෙන ලොකුම් ගැටළුව තමා රස්නේ .තව ටික දවසකින් සෙල්සියස් 52 නගිනවා .ඊට පස්සේ සීතල කාලේ .ඒ කාලෙත් ඊට දෙවෙනි නැහැ .හිම වැටෙන්නේ නැති ටික විතරයි .මම ඉන්න කම්පැණියෙන් නම් වැඩ අඩුයි සෑහෙන්න .මම ඉන්නේ අයි ටි ඩිපාර්ට්මෙන්ට් එකේ .ඒත් එච්චරටම වැඩක් කියලා දෙයක් මෙතන සෙට් වෙන්නේ නැහැ හැමදාම .