ජනරාල්ට මරණය ගෙන දෙන ෆ්‍රෙඩ්රිකා ජෑන්ස්ගේ පිටු 89 යේ සටහන් පොත
ජූනි 23, 2010
wimansa ප්‍රතිචාරයක් ලබාදෙන්න Go to comments
විජය රජුට ලංකාවේ කිරුල ලබාදීමට කුවේනිය කල පාවා දීමට පසු, ලංකා ඉතිහාසයේ මහා පාවාදීම වන ජනරාල් සරත් ෆොන්සේකාගේ සුදු කොඩි පාවාදීම ගැන තිබෙන එකම සාක්ෂිය වන ෆ්‍රෙඩ්රිකා ජෑන්ස් මහත්මියගේ (පිටු 89 ක් ඇති) සටහන් පොත උසාවියට බාර දී තිබේ.
තිබෙනවායි කියු හඩ පටිය ආගිය අතක් නැත.
සමහරවිට අමතකවීමකින් ෆ්‍රෙඩ්රිකා ඊට උඩින් දේශ අනුරාගී ගී පටිගත කරන්නට ඇත.
ආයුබෝවේවා මහරජානනි.. මේ යුගයේ පහලවූ හොදම දේශ අනුරාගී ගීය ය. ජනරාල්ගේ පාවා දීම ඇති හඩ පටිය උඩන් ඈ පටිගත කරගන්න ඇත්තේ ඒක ය.
කෙසේ වුවත්, මේ සටහන් පොතේ ඇති ෆ්‍රෙඩ්රිකා ජෑන්ස්ගේ සටහන් දෙස බැලීමේන් කිසිදු සැකයකින් තොරවම දුෂ්ඨ ජනරාලයා එල්ලුම් ගස් යැවෙනු ඇත. (ජනරාලයා කල පාවා දීම ගැන සිතනවිට මගේ දේශප්‍රේමී ඇගේ ඉන්නා දේශප්‍රේමී මාලු නටනවා ය)
ඔය පොත ලග තබාගෙන හිටි පහුගිය මාස තුන හතර තුල ෆ්‍රෙඩ්රිකා ජෑන්ස් ඇයගේ සුන්දර සිහින සටහන් එහි තබන්නට නැතුව ඇත.
ඔය කියන සම්මූඛ සාකච්චාවේදී ලියවුන දේට, ඉන් පසුව කිසිවක් ෆ්‍රෙඩ්රිකා ජෑන්ස් එකතු නොකල බව මටනම් ඉත්තේරුවෙන්ම විශ්වාසය.
මට දැන් තිබෙන ගැටළුව වෙන එකකි.
ඒ අපේ ලේකම් තුමා ජනරාලයා එල්ලන්නේ දේශීය කබයකින් ද එහෙම නැතිනම් ඉම්පෝටඩ් රට කඔයකින්ද කියලා ය.
i
12 ක්වූ මනාපයන්