ඇම්ඩා ge Rasa Bara Kathaa , Stories of AMDA

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    පළමු වසරේ ඉගෙනුම ලබන ඇම්ඩන් බොහො පමා වී පාසලට පැමිනෙනු දුටු ගුරැතුමිය.

    "මොකද ඇම්ඩන් මෙච්චර පරක්කු වුනේ?".

    ඇම්ඩන්: මං ඉස්කොලෙට එන අතරේ මංකොල්ල කාරයෙක් මාව අල්ල ගත්තනෙ ටීච..

    "හත්තිලව්වයි..ඉතින් ඔය ලමයා මොකද කලේ?"

    ඇම්ඩන්: මම ඉතින් කොහොමහරි පැනලා ආවා..ඒත් ටීච..ඌ මගෙ ගෙදර වැඩ පොත අරන් ගිහිල්ලනේ..




    .........................................................................................................


    ඇම්ඩා බස් එක්ක යනවා. සිට් ගානට සෙනඟ. ඔහොම ටික දුරක් යනකොට ඒ පැත්තෙ චන්ඩියෙක් නැග්ගා බස් එකට. කවෘවත් ඌව ගනන් ගන් නෑ. ඌට මල පැන්නා.

    “මට ඉඳගන්න සීට් එකක් දිපියව්. උඹල මම කවුද කියලා දන්නෑ. මම සිංහයෙක් වාගෙ කොල්ලෙක් යකෝ.”

    ඇම්ඩට එහා පැත්තේ වාඩි වෙලා හිටපු පොර බය වෙලා චන්ඩියට සීට් එක දුන්නා.මුට ඒත් මදි.

    “මේ මට ජනේලෙ ලඟ වාඩි වෙන්න ඕන. අපි සිංහයො වාගෙ කොල්ලො.අපි යන්නේ අපිට ඕන තැන. දීපන් මට අයින.” චන්ඩිය කිව්වා. ඇම්ඩත් සාමකාමීව චන්ඩි අයියට අයින දීලා පැත්තකට උනා.

    දැන් චන්ඩියා ඇම්ඩට ලොකු සීන් දානවා.
    “මල්ලි දන්නවද. අපි මේ ඒරියා එකේ එක හාල්පාරුවෙකුට බය නෑ.අපි යකෝ කැලේ හැදුනෙ නැති උනාට තනි සිංහයො යකෝ.තනි සිංහයො” චන්ඩිය ඉවරයක් නැතුව කියවනවා.

    ඔහොම යනකොට ඇම්ඩ බහින තැනත් ලං උනා. ඌ හිමීට චන්ඩි අයියගෙන් යටහත් පහත්ව මෙහෙම ඇහුවා.

    ”අයිය මම බඩුවක් අහන්නද?”

    “හා අහපිය. ඕන එකක් අහපිය.”චන්ඩි අයිය කිව්වා.

    “අයිය ඇත්තටම සිංහයෙක්ද?”ඇම්ඩ ඇහුවා

    “ඇයි යකෝ උඹ එහෙම අහන්නේ.ඔව් අපි කාටවත් බයනැති සිංහ පැටව්. ඇයි මොකද තොට…” චන්ඩි අයිය සිංහය වගේ කිව්වා.

    එතකොට ඇම්ඩ මෙහෙම ඇහුවා “එතකොට මේ… ඔයාලගේ අම්ම කැලේට ගියාද නැත්තං සිංහයා ගෙදර ආවද?”




    ...........................................................................................................


    ඇම්ඩා පොඩි කාලෙ….මේ සිද්දිය උනේ බස් එකක…
    දවසක් ඉස්කෝලෙ ඇරිලා බස් එකකට නැග්ගලු එතකොට වයස අවු 5 ක් විතර ඇති…..

    ඇම්ඩා බස් ඩ්‍රයිවර් ගාවට ඇවිල්ලා හිටගෙන යන්න පටන් ගත්තලු….,
    ඊට පස්සෙ ඇම්ඩා මෙන්න මෙහෙම කියවන්න පටන් ගත්තලු…..

    “ඩ්‍රයිවර් අංකල් දන්නවද..?”
    “අපේ අම්ම කිකිලියක් උනා නම්, තාත්තා කුකුලෙක් උනා නම් මම පොඩි කුකුල් පැටියෙක් වෙනවා…….”

    මේක අහපු ඩ්‍රයිවර් “මම ඒක දන්නවා…මට කරදර නොකර ගිහින් වාඩිවෙන්න….”
    ඇම්ඩා ඉතින් නාහෙට අහන්නේ නැති එකානේ….මූ ආයෙත් කියවන්න ගත්තා

    “අපේ අම්මා ඇතින්නක් උනා නම්, තාත්තා ඇතෙක් උනා නම් මම පොඩි ඇත් පැටියෙක් වෙනවා……..”
    දැන් ඩ්‍රයිවරයාට මල පැන්නා,,,මූ කියන දේ අහන්නෙම නැහැනේ……”මේ වදයක් වෙන්න එපා ලමයෝ….”

    “අපේ අම්මා බැල්ලියක් වෙලා, තාත්ත බල්ලෙක් උනා නම් මම පුංචි බලු කුක්කෙක් වෙනවා……”
    දැන් ඩ්‍රයිවරයට ඇති වෙලා මුගේ කතා අහලා….
    ඩ්‍රවරයට පහල උනා අදහසක් …….

    “හරි පුතා මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා හරි උත්තරේ දුන්නොත් ඔයා මෙතන ඉන්න, හැබැයි වැරදුනොත් ඔයා බස් එකෙන් බහින්න ඕන…..”

    ඇම්ඩ ඉතින් මේ චැලේන්ජ් එක බාරගත්තලු එල කොල්ලෙක් වගේ….

    “හරි පුතා කියන්න පුතාගෙ අම්ම ගණිකාවක් වෙලා…තාත්තා කුඩුකාරයෙක් උනානම් පුතා මොකෙක් වෙයිද…?”

    ඇම්ඩ එසැනින් කිව්වලු….."බස් ඩ්‍රයිවර් කෙනෙක්…."


    .............................................................................................................


    Ela nam Apitath Salakala Yanna