මම ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය (B.Sc.) හැදෑරූ අයෙක්. දෙවන ඉහළ පෙළ සාමාර්ථයක් (second upper) මට ලබා ගන්න පුළුවන් වුණා. GPA 3.44 අගයක් මට තියෙනවා. සාමාන්‍ය උපාධියක් (General degree) මට තිබෙන්නේ. Credits 108 ක් උපාධිය සඳහා හදාරා ඇත. මේ වසරේ මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ M.Sc. in Physics of Materials පාඨමාලාවට අයදුම් කරලා තියෙන්නේ. M.Sc. එක කිරීමෙන් පසු Ph.D. එක කිරීමටයි බලාපොරොත්තු වන්නේ.
ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයක තමා ආචාර්ය උපාධිය කරන්න මම කැමැත්තෙන් ඉන්නෙ. ඉතින් මට විසඳා ගැනීමට තිබෙන ප්‍රශ්න කිහිපය තමා පහත දක්වලා තියෙන්නේ. ඇමෙරිකානු විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලැබූ හෝ දැනට ලබන හෝ කෙනෙක් හෝ මේ ගැන විස්තර දන්නා කෙනෙක් ඉන්නවා නම් උදව් කරන මෙන් ඉල්ලා සිටිනවා.
1. ඇමෙරිකානු විශ්ව විද්‍යාලයක භෞතික විද්‍යාව පිළිබඳව ආචාර්‍ය උපාධිය හැදෑරීමට අනිවාර්‍යයෙන්ම අවුරුදු හතරක විශේෂ උපාධියක් තිබිය යුතුද? අවුරුදු තුනක සාමාන්‍ය උපාධිය හා M.Sc. උපාධියක් ඇති අයකුට ඇමෙරිකානු විශ්ව විද්‍යාලයක ආචාර්ය උපාධියකට අයදුම් කළ හැකිද?
credit 120
2. GRE, GRE - Physics හා TOEFL යන විභාගවල ඉහළ ලකුණු ලබා ගත් අයකුට ඇමෙරිකානු විශ්ව විද්‍යාල වල graduate teaching assistants වැනි රැකියා අවස්ථා සඳහා අයදුම් කළ හැකිද?
හැක ( අනිවාර්යයෙන්ම හම්බෙන්නේ එක තමාය)
3. Graduate teaching assistant මගින් උපයන ආදායම මගින් සම්පූර්ණ පාඨමාලා ගාස්තුවම ගෙවීමට හැකිද? නැත්නම් තවත් part time රැකියාවක් කළ යුතුද?
යන්තමට ශේප් වියහැක... බිරිද සමග අවොත් ටිකක් අමරුය ...පාර්ට් ටයිම් කිරීම තහනම්ය (f 1 සදහා) නමුත් ටුටරින්ග් වැනි පාර්ට් ටයිම් ශේප් එකේ කල හැක ...ස්ටේට් එක අනුව ජිවන වියදම වෙනස් වේ.
4. පළමු වසරේ ඇතුළත් වීමේදී පාඨමාලා ගාස්තුවෙන් යම් කොටසක් මුලින් ගෙවිය යුතුද? එසේ නම් විද්‍යා අංශයෙන් ආචාර්‍ය උපාධියක් කරන අයකු ආසන්න වශයෙන් කොපමණ මුදලක් මුලින් ගෙවිය යුතුද?
එහෙමනම් ගෙවන්නේ නැත...සල්ලි ගෙවලා කරන එවුන් ඇත...උන්ට සල්ලි ඇත...
5. විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට ලියකියවිලි ඉදිරිපත් කිරීමේදී අධ්‍යාපන සහතික හැර ඉදිරිපත් කළ යුතු අනෙක් දේවල් මොනවාද? කොපමණ මුදලක් තමා සතුව ඇති දැයි පෙන්විය යුතුද?