ඇමෙරිකාවෙන් සිරියාවට යන අවි
සිරියාවේ පවතින්නේ සැබවින්ම සිවිල් යුද්ධයක්ද යන්න මනාව විමසා බැලිය යුත්තකි.මන්ද යුද්ධය වෙනුවෙන් වැය කරන්නේ විදේශ අවිය,සටන් වදින්නේ විදේශීය සටන්කරුවන්ය.එක්සත් ජනපදය,ඊශ්‍රායලය වැනි රටවලට අවශ්‍යව තිබෙන්නේ පසමිතුරු සිරියානු නායකයා බලයෙන් ඉවත් කිරීමයි.සෞදි අරාබිය,කටාර් ආදී සුන්නි මුස්ලිම් රටවල උවමනාව වන්නේ සිරියාවේ සුන්නි මුස්ලිම් පාලනයක් ඇතිකිරීමයි.සිරියානු කැරලිකරුවන් නමින් හඳුන්වන සිරියානු අරාබි හමුදාවේ හිටපු නිලධාරීන් සහ සෙබලුන් එක්ව නිදහස් සිරියානු හමුදාව නිර්මාණය කරගන්නා ලදි.මෙම කැරලිකාර සටන්කරුවන්ට සිය ජනපති බෂාර් අල් අෂාඩ් හට එරෙහිව සටන් වදින්නට සහායට ඉදිරිපත්වූයේ එක්සත් ජනපදය,තුර්කිය සහ අරාබියේ අනෙකුත් සුන්නි මුස්ලිම් රටවල්ය.තමන් අෂාඩ් විරෝධී සටන්කරුවන්ට අවි සහ අනෙකුත් සහාය ලබාදෙන බව ඇමෙරිකා එක්සත් ජනපදය මේවන විටත් ප්‍රසිද්ධියේ පිළිගන්නා කරුණකි.
සිරියානු කැරලිකරුවන්ට යුදෝපකරණ සැපයෙන්නේ තුර්කිය ඔස්සේය.තුර්කිය මෙම කැරලිකරුවන් සමග පමණක් නොව ISIS වැනි ත්රස්තවාදීන් සමගත් සමීපව කටයුතු කරන බව රහසක් නොවේ.තුර්කිය නොවන්නට ISIS ත්රස්තවාදීන්ගේ පරාජය ඉක්මන්වන්නට බොහෝ ඉඩ තිබේ.මෙම ලිපිය ඔස්සේ කතා කරන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය සිරියානු කැරලිකරුවන් වෙත යවන ලද යුදෝපකරණ ගැනයි.
මෙහි දැක්වෙන්නේ 2015 දෙසැම්බර් මාසයේදී එක්සත් ජනපදය විසින් සිරියාවට යවන ලද යුදෝපකරණවල ප්‍රමාණයන්ය.
යවන ලද උණ්ඩවල සම්පුර්ණ බර:කි.ග්රෑ.134,188(රාත්තල් 295,833)
යවන ලද උණ්ඩවල සම්පුර්ණ බර: කි.ග්රෑ.67,404(රාත්තල් 148,600)
යවන ලද උණ්ඩවල සම්පුර්ණ බර:කි.ග්රෑ.369,681(රාත්තල් 815,007)
යවන ලද අවිවල බර:කි.ග්රෑ.21,693(රාත්තල් 47,824)
යවන ලද අවිවල සම්පුර්ණ බර:කි.ග්රෑ.2,720(රාත්තල් 5,996)
මේවා 9M111M වර්ගයේ මිසයිල දියත් කිරීමට භාවිතා කරයි.
මෙම මැෂින් තුවක්කුව සෝවියට් දේශය නිර්මාණය කල එකකි.ඉදිරිපෙළ පාබල හමුදාවට මෙන්ම රථයක සවිකර භාවිතා කිරීමේ හැකියාව තිබේ.
යවන ලද අවිවල බර: කි.ග්රෑ.4,120(රාත්තල් 9,083)
තවත් සෝවියට් නිෂ්පාදනයක් වන මෙය උරහිසේ තබා දියත් කල හැකි අවිකරුගේ දෘෂ්ඨිය මත පදනම්ව ඉලක්කය ලබා ගතයුතු නැවත භාවිතා කල හැකි අවියකි.මේවා සඳහා උණ්ඩ ලෙස PG-7VM රාත්තල් 151,237ක්ද PG-7VT රාත්තල් 275,615ක්ද සිරියාවට යවා තිබේ.මෙම අවිය යුද ටැංකිවලට ප්‍රහාර එල්ල කිරීමට බහුලවම භාවිතා කෙරේ.
යවන ලද අවිවල බර:කි.ග්රෑ.12,250(රාත්තල් 27,006)
යවන ලද අවිවල බර:කි.ග්රෑ.6,540(රාත්තල් 14,418)
යවන ලද අවිවල බර:කි.ග්රෑ.3,585(රාත්තල් 7,903)
අල්ලාහ් හු අක්බර්
Source:Janes.com
-HarshaLulzSec-

7.62x39 mm උණ්ඩ
යවන ලද උණ්ඩවල සම්පුර්ණ බර:කි.ග්රෑ.134,188(රාත්තල් 295,833)
එක්සත් ජනපදය පසුගිය දෙසැම්බර් මාසය තුල සිරියාවට යවා තිබෙන 7.62x39 mm උණ්ඩ රාත්තල් 300,000කට ආසන්නය.මෙම උණ්ඩ පැරණි මාදිලිවල AK-47රයිෆල් සඳහා යොදා ගැනේ.
7.62x54 mm උණ්ඩ
යවන ලද උණ්ඩවල සම්පුර්ණ බර: කි.ග්රෑ.67,404(රාත්තල් 148,600)
රුසියානු අධිරාජ්‍යය සමයේ නිපදවන ලද පැරණි මාදිලියේ උණ්ඩ වර්ගයකි.මේවා විවිධ වර්ගයේ ගිනි අවි සඳහා යොදාගත හැකිය.සිරියානු කැරලිකරුවන් සතු PK මැෂින් තුවක්කු සඳහා මෙම උණ්ඩ භාවිතා කල හැකිය.
14.5×114mm උණ්ඩ
යවන ලද උණ්ඩවල සම්පුර්ණ බර:කි.ග්රෑ.369,681(රාත්තල් 815,007)
සෝවියට් නිෂ්පාදනයක් වන මෙම උණ්ඩ ප්රාථමිකව භාවිතා කරන්නේ බරින් වැඩි මැෂින් තුවක්කු වෙනුවෙන්ය.ගුවන් යානා නාශක අවි සඳහාද මේවා යොදාගැනේ.
9K111 Fagot යුද ටැංකි නාශක මිසයිල
යවන ලද අවිවල බර:කි.ග්රෑ.21,693(රාත්තල් 47,824)
මෙය සෝවියට් දේශය 1970 දශකයේ සිට භාවිතා කල අවියකි.wire-guided වර්ගයේ යුද ටැංකි නාශක මිසයිලයක් වන මෙයට සැතපුම් 1.6ක දුරක් ගමන් කල හැකිය.යුද ටැංකියක හෝ වෙනත් සන්නාහ සන්නද්ධ රථයක සන්නාහයක් විනාශ කිරීමේ හැකියාව එය සතුය.
Faktoria මිසයිල දියත්කරණය
යවන ලද අවිවල සම්පුර්ණ බර:කි.ග්රෑ.2,720(රාත්තල් 5,996)
මේවා 9M111M වර්ගයේ මිසයිල දියත් කිරීමට භාවිතා කරයි.
PK මැෂින් තුවක්කුව
යවන ලද අවිවල බර:කි.ග්රෑ.6,340(රාත්තල් 13,977)
මෙම මැෂින් තුවක්කුව සෝවියට් දේශය නිර්මාණය කල එකකි.ඉදිරිපෙළ පාබල හමුදාවට මෙන්ම රථයක සවිකර භාවිතා කිරීමේ හැකියාව තිබේ.
RPG-7 අවිය
යවන ලද අවිවල බර: කි.ග්රෑ.4,120(රාත්තල් 9,083)
තවත් සෝවියට් නිෂ්පාදනයක් වන මෙය උරහිසේ තබා දියත් කල හැකි අවිකරුගේ දෘෂ්ඨිය මත පදනම්ව ඉලක්කය ලබා ගතයුතු නැවත භාවිතා කල හැකි අවියකි.මේවා සඳහා උණ්ඩ ලෙස PG-7VM රාත්තල් 151,237ක්ද PG-7VT රාත්තල් 275,615ක්ද සිරියාවට යවා තිබේ.මෙම අවිය යුද ටැංකිවලට ප්‍රහාර එල්ල කිරීමට බහුලවම භාවිතා කෙරේ.
AK-47 රයිෆල් සහ DShK මැෂින් තුවක්කු
යවන ලද අවිවල බර:කි.ග්රෑ.12,250(රාත්තල් 27,006)
එක්සත් ජනපදය සිරියාවට යවන ලද අවි ලැයිස්තුවේ මෙම දෙවර්ගය එකක් ලෙස සලකා ලැයිස්තු ගත කර තිබේ.AK-47 යනු ලොව ජනප්‍රියතම රයිෆලයයි.සහ යන අවි දෙකම සෝවියට් නිෂ්පාදන වේ.
AK-47 රයිෆල් සහ PK මැෂින් තුවක්කු
යවන ලද අවිවල බර:කි.ග්රෑ.6,540(රාත්තල් 14,418)
එක්සත් ජනපදය අමතර AK-47,PK අවි තොග සිරියාවට යවා තිබේ.
DShK මැෂින් තුවක්කු සහ RPG-7 අවි
යවන ලද අවිවල බර:කි.ග්රෑ.3,585(රාත්තල් 7,903)
සිරියානු කැරලිකරුවන්ට එක්සත් ජනපදය යැවූ DShK,RPG-7 අවි වලට අමතරව තවත් ටොන් 3.5ක පමණ අවි යවා තිබෙන බව මෙම ලැයිස්තුවෙන් අනාවරණය කෙරේ.
අල්ලාහ් හු අක්බර්
Source:Janes.com
-HarshaLulzSec-
TFS REP+ 