ඇමෙරිකාවේ ඓතිහාසික ජයග්‍රහණය
ඇමෙරිකාවේ ඓතිහාසික ජයග්‍රහණය
Posted on 29 June 2012.
Rating: 0.0/7 (0 votes cast)
ඇමෙරිකානු රජය විසින් ඉදිරිපත් කරණු ලැබූ සෞඛ්‍ය ආරක්ෂණ පනත සම්බන්ධයෙන් විවිධ මත පසුගිය කාලය පුරාම අසන්නට ලැබුනි. ප්රජාතන්ත්රවිරෝධී මේ පනත මගින් ඇමෙරිකානු ජනතාවට දේවල්තෝරා ගැනීමට ඇති අයිතිය මේ ඔස්සේ උල්ලංඝණය වන බවත් මේ මගින් මෙතෙක් රෝගීයා සහ වෛද්‍යවරයා අතර තිබූ සම්බන්ධයට අනවශ්‍ය ආකාරයෙන් රජය මැදිහත් වී සිටින බවත් මේ ඔස්සේ අයබදු වැඩි වන බවටත් වශයෙන් වූ විවිධ කරුණු කාරණා අතර අවසානයේ මෙම සෞඛ්‍ය ආරක්ෂණ පනත ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ 5/4 වශයෙන් වූ බෙදුණු තීන්දුවක් මගින් ජයග්‍රහණය කරණු ලැබ තිබේ.
මේ පනත සම්මතවීම ඓතිහාසික ජයග්රහනයක් වශයෙන් හදුන්වන්නට පුලුවන. මෙතෙක් ඇමෙරිකාවේ පුරවැසියන්ගේ සෞඛ්‍ය ආරක්ෂණය වෙනුවෙන් විශාල මුදලක් අයකරමින් නිශ්චිත අවස්ථාවන් හිදී හැර වෙනත් අවස්ථාවන් වලදී ප්රතිලාභ ගෙවීම පැහැර හැරීමට අවස්ථාවක් හිමිව තිබූ රක්ෂණ සමාගම් වලට තව දුරටත් එසේ හිතුමතයේ කටයුතු කරන්නට අවකාශයක් නොලැබෙනු ඇත. මීට අමතරව ධනවාදී සමාජය තුල ප්‍රචලිතව ඇති තෝරා ගැනීමට ඇති අසීමිත නිදහස යනු දෘෂ්ඨිවාදයක් බව හෙළිදරව් වේ
උදාහරණයක් වශයෙන් යම් විශේෂිත රෝගී තත්ත්වයක්(පිළිකාරෝගය වැනි) අවස්ථාවන් හිදී රක්ෂණ සමාගම් ප්රතිලාභ ගෙවීමෙන් බැහැර වෙමින් කටයුතු කළ ප්‍රතිපත්තිය මින් ඉදිරියට ක්‍රියාත්මක කරන්නට අවස්ථාවක් නොලැබෙනු ඇත. මේ පනත මගින් විශේෂයෙන් වැඩි වාසියක් අත්වන්නේ එරට වෙසෙන කලු ජාතිකයන්ට, ලතින් ඇමෙරිකානුවන්ට සහ ආසියාතිකයන්ට වීම අතිශයින්ම වැදගත්ය. මේ අනුව ඉදිරියේ දී සෞඛ්‍ය ආරක්ෂණය උදෙසා ඇමෙරිකාවේ සියල්ලන්ටම හිමිකම හිමිවීමට නියමිත අතර ඒ අනුව රක්ෂන සමාගම් වලට තවදුරටත් ජනතාවගේ මුදල් ගෙන ජනතාවටම පාටි දමන්නට තිබූ හැකියාව අහිමිවනු ඇත.
තවද වයස අවුරුදු විසි හය දක්වාම දරුවන්ට දෙමාපියන්ගේ රක්ෂණාවරණය ඔස්සේ හිමිකම් ලැබීමටත් ප්රතිලාභ භූක්ති විදින්නටත් අවස්ථාව උදාවනු ඇත. එමෙන්ම මේ පනත මගින් එරට වැඩිහිටියන්ට ඖෂධ මිලදී ගැනීමේ දී විශේෂ වට්ටම් ක්‍රමයක් ද හදුන්වා දී ඇත.ඇමෙරිකාව වැනි ධනවාදය හොදින්ම ක්‍රියාත්මක වන රටක පවා මේ අනුව සෞඛ්‍ය සේවය වෙළෙදපොළ තර්කණය මත තීරණය නොවිය යුතු ජනතාවගේ අයිතිවාසිකමක් බවට පිළිගෙන තිබේ. අපට මෙය මානව සංහතියේ විජයග්රහණයක් වශයෙන් හදුන්වන්නට පුලුවන.
මේ සම්බන්ධයෙන් කතා කරන විට ලංකාවේ සෞඛ්‍ය සේවය සම්බන්ධයෙන් කතා කිරීම ද වැදගත්ය. මේ සටහන කියවන ඇතැමුන් මේ ආකාරයෙන් පවසන්නට පුලුවන.‛‛ ඕක ඇමෙරිකාවේ දැන් සම්මත කළාට අපේ රටේ දැන් අවුරුදු කීයක් නම් නිදහස් සෞඛ්‍ය සේවයක් ක්රීයාත්මක වෙනවද? අපි මිනිස්සු කී දාහකට නොමිලේ ප්‍රතිකාර කරලා තියෙනවද? ඒ නිසා මේ අධිරාජ්‍යවාදී රටවල් වලට කලින් අපි නිදහස් සෞඛ්‍ය සේවාවක් ආරම්භ කළ රටක් වශයෙන් අපිට ආඩම්බර වෙන්න පුලුවන්’’ එසේ නම් අපි දැන් බලමු ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය ක්‍රියාත්මක වන්නේ කුමන ආකාරයෙන් ද කියා.
ලංකාවේ එක්තරා පිස්සෙකු පවසන්නේ දුම්පානය සහ මත්පැන් පානය කර රෝහල් ගත කරනවුන්ට නොමිලේ ප්‍රතිකාර කිරීම කළ නොහැකි බවත් ඔවුන්ගෙන් මුදල් අයකළ යුතු බවත්ය. මේ පිස්සන් නොදන්නේ මේ දුම්පානය සහ මත්පැන් පානය කරන ජනතාව තරම් විශාල බදු මුදලක් රජයට ගෙවන වෙනත් පිරිසක් නොමැති බවයි. මේ උදවිය එක් අතකින් රජයට අධික බදු මුදලක් ගෙවමින් මේ දේවල් කරන අතරම මේ බදු ගෙවන ජනතාවම රෝගී වූ විට ඔවුන්ගෙන් මුදල් අයකළ යුතු යැයි පවසන උන්ට අපට කියන්නට සිදු වන්නේ ඇමතිවරු නොව පිස්සන් කියාය.
සෞඛ්‍ය සහ අධ්‍යපනය වැනි ජනතාවගේ ජන ජීවිතය හා තදින් බැදුනු සුභසාධනවාදී දෑ වෙනුවෙන් හුවමාරු වටිනාකම් ආදේශ කරන්නට හදන මෙවැනි අයට අපට පිස්සන් යැයි හැර වෙනත් කියන්නට නමක් තිබෙනවාද? එවැනි ආකාරයෙන් සියල්ලන්ටම සමානව සලකන සමාජයක් නිර්මානය කිරීම ධනවාදී රාජ්‍යයක් තුල කළ නොහැකි දෙයක් වන අතර එසේ නම් ඒ උදෙසා පංති විරහිත කොමියුනිස්ට් සමාජයක් බිහිවිය යුතුය. අනික් අතට යම් පුද්ගලයෙකු රෝගී වන්නේ දුම්පානය හෝ මත්පැන් පානය නිසා යැයි තීරණය කරන මේ පිස්සන්ට යල්පැන ගිය වාහන දුම නිසා රෝගී වන අයගෙන් මුදල් අය කිරීමේ දී ඒ මුදල් අය කරගන්නේ බස් සමාගම් වලින්ද? නැතිනම් සෞඛ්‍යයට අහිතකර ආහාර අනුභවය නිසා රෝගී වන උදවියට ප්‍රතිකාර කරන්නට මුදල් අය කරන්නේ අදාල ආහාර නිෂ්පාදන සමාගම් වලින් ද? මේ ආකාරයට බලන්නේ නම් මේ රටේ සියලුම පුද්ගලයන් රෝගී වන්නේ කුමන හෝ බාහිර හේතුවක් නිසාය ඒ අනුව සියලුම රෝගීන්ගෙන් මුදල් අය කිරීම කළ යුතුය. මෙවැනි විකාරකාර පිස්සන් බලධාරීන් වන රටක නිදහස් සෞඛ්‍ය සේවයට දෙවියන්ගේම පිහිටයි.
මේ රටේ සියලුම සෞඛ්‍ය ඇමතිවරු යනු ජනතාව වෙනුවෙන් පෙනී සිටින උදවිය නොවන අතර ඔවුන් පෙනී සිටින්නේ ඖෂධ නිෂ්පාදන සමාගම් වෙනුවෙනි. මෙරටට ආනයනය කරණු ලබන ඖෂධ වර්ගයන් හී ගුණාත්මකභාවය ගැන කිසිඳු සැලකිල්ලක් නොදක්වන මේ උදවිය තමන්ට ලැබෙන ලොකුම කොමිස් මුදල මත ඕනෑම මළ ජරාවක් ඖෂධ වශයෙන් ආනයනය කරන්නේ ඔවුනට මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවයෙන් යැපෙන පීඩිත සහ කම්කරු පංතියේ මිනිසුන් බුරුතු පිටින් මිය ගියද තම කොමිස් මුදල අඩු කර ගන්නට අකමැති බැවිනි.
පසුගිය කාලයේ බාල ඖෂධ වර්ග මෙරටට ගෙන්වීමත්, එන්නත් තුල වීදුරුකටු අඩංගු වීමත් කල් ඉකුත් වූ එන්නත් රෝහල් වලට ලැබීමත් බොහෝ අය සිතන්නේ අහම්බෙන් වූ සිදු වීම් වශයෙනි. නමුත් ඇත්ත වශයෙන්ම මේවා කොමිස්කාක්කන්ගේ සෘජු සම්බන්ධයයෙන් වූ දෑ මිස අහම්බෙන් වූ දේ නොවේ. මෙවැනි පිස්සන් මේ අතරම රෝගීන්ට දඬ ගසන්නටත් කතා කරයි. මේ රටේ ජනාධ්පතිගේ සිට සෞඛ්‍ය ඇමති දක්වා සියල්ලන්ම ඖෂධ සමාගම් හී පදයට නටන රූකඩය.
මේ රටේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සිට සියලුම වෛද්‍යවරුන් රටට පුරසාරම් දොඩමින් සිටින අතරම ටයි පැලදී මෙඩිකල් රෙප්ලා රෝහල් වල බාහිර රෝගී අංශයට පැමිණි විට මේ අය හැසිරෙන්නේ පොන්නයන් වගේය. මොවුන් උදේ පටන් රෑ වනතුරුම තුන්ඩු කුරුටූ ගෑම හැර වෙනත් කරන දෙයක් නැත. රෝගීන්ට නිර්දේශ කළ යුතු ඖෂය වර්ග වෛද්‍යවරුන්ට නිර්දේශ කරන්නේ මේ මෙඩිකල් රෙප්ලාය. වෛද්‍යවරුන්ට ඖෂධ ගැන කියවන්නට වෙලාවක් නැති අතර ඔවුන් කරන්නේ මෙඩිකල් රෙප් කියන ආකාරයට තමන්ට වැඩිම කොමිස් මුදල ලැබෙන ඖෂධ වර්ග රෝගීන්ට නිර්දේශ කිරීමය.
ජාතික රූපවාහිනයේ නුග සෙවනට පැමිණ ජනතාවගේ සෞඛ්‍ය ගැන කතා කරන බොහෝ විශේෂඥ වෛද්‍යවරුන් ‛වයත්’ සමාගමේ මෙඩිකල් රෙප් ඉදිරියේ පොන්නයන් ආකාරයෙන් ඇබරෙන්නේ ඇයි? ලංකාවේ වෛද්‍යවරුන්ට වැඩිම තෑගී දෙන්නේ මේ සමාගමයි. මේ තෑගි අතර සුඛෝපභෝගී වාහන ප්‍රමුඛය. ලංකාවේ මේ වන විටත් නිදහස් සෞඛ්‍ය සේවය ක්‍රියාත්මක වන්නේ මේ ආකාරයටයි.
නමුත් අප තවමත් අධිරාජ්‍යවාදී ඇමෙරිකාවට එරෙහිව ලිප්ටන් වට රවුමේ උද්ඝෝෂණය කරන නමුදු මේ හොර තක්කඩීන්ට එරෙහිව එකදු වචනයක්වත් නොකියනවා පමණක් නොව වෛද්‍යවරු මිහිපිට දෙවිවරුන් යැයි පවසමින් සිටයි. ඒ අතර කොමිස් ගිලින ඇමතිවරුන් යළි යළිත් ඡන්දයෙන් තමන්ගේ නියෝජිතයන් ලෙස තෝරා පත්කර ගනී. එක්කෝ මේ රටේ පාලකයන්ට පිස්සුය. නැතිනම් පාලිතයන්ට පිස්සුය. නැතිනම් මේ දෙගොල්ලටම පිස්සුය. මේ රටේ බොහෝ වෛද්‍යවරුන් රෝගීන්ට විටමින් නිර්දේශ කරන්නේ තමන්ට වැඩි කොමිස් මුදලක් ලැබෙන නිසාය. අදවන විට වෛද්‍යවරුන් සිය වෛද්‍ය වෘත්තිය පසෙකලා රූපලාවන්‍ය ශිල්පීන් බවට පත්ව සිටියි.
පසුගිය කාලයේ ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 37ක් ලබා ගැනීමට සමත් විය. ඒ අවධියේ ඔවුන් ඇමති තනතුරු පවා දැරූ අතර ඔවුන් විසින් මේ රටේ උන්නතිය උදෙසා කළ කිසිවක් ඇත්ද? මේ ලැබුන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නේ නම් අඩුම තරමේ ඔවුනට තවමත් යටත් විජිත මානසිකත්වයක් සහිත මේ රටේ රෝහල්, පාසල්, අධිකරණ සහ බන්ධනාගාර මනුෂ්‍ය වාසස්ථානයට සුදුසු ස්ථාන බවට පත් කරන්නට නව නීති සම්පාදනය කරන්නට හැකියා තිබුනි. නමුත් ඔවුන් විසින් එ කිසිවක් ෙනාකළේය.
ඉහත සියලු ආයතන තවමත් ක්‍රියාත්මක වන්නේ අධිරාජ්‍යවාදී වැඩ වසම් ගති ලක්ෂණ සහිත ආයතන වශයෙනි. මේවා වෙනස් නොකරන්නට කටයුතු නොකළ ටිල්වින් සිල්වා හිලරිට ජී.එල් දුන්නේ මොක්කද යැයි රටට හෙළි කරන්න යැයි කියයි. ඇමෙරිකානු අධිරාජ්‍යවාදයට එරෙහිව ජනතාව සංවිධානය කරන්නට උත්සහා කරයි. යටත් විජිත ස්වාමියාගේ ආයතන පද්ධතිය ප්‍රතිව්‍යුහගත නොකර අධිරාජ්‍යවාදයට එරෙහි වී වැඩක් නැති බව නොදන්නා මේ පිස්සන් මේ රටේ දෙමළ මිනිසුන් හතලිස් දහසක් පමණ මරා දමන්නට උපකාර කලෝය. මේ පිස්සන් කෙතරම් ජාතිවාදී උමතු රෝගීන් ද යත් උතුරු නැගෙනහිර දෙපළාත වෙන්කරන්ට උපකාර කලේ මොවුන්මය. යළි ජාතිවාදය ඔස්සේ කෙසේ හෝ බලය ලබා ගන්නට මාන බලන මේ අය මාක්ස්වාදය,ජාතිවාදය සමග මුසකර කතලා සකස් කර නිර්මාණය කරනු ලබන දෙමුහුන් පිස්සු සත්වයෙකු සිය දේශපාලන න්‍යාය වශයෙන් භාවිතා කරමින් බලය ලබා ගන්නට උත්සහා කරයි.
මේ සියලු උදවිය කියන්නේ ලංකාව පරිපූර්ණ වශයෙන් සුභසාධනවාදී රාජ්‍යයක් වන බවයි. නමුත් ඇත්ත වශයෙන්ම අධ්‍යපනය, සෞඛ්‍ය වැනි මූලිකම දෑ පවා වෙළෙදපොල තර්කනයට යටත් කර තිබෙන අප වැනි රටකට මේ මොහොතේ ඇමෙරිකාව විසින් සම්මත කළ සෞඛ්‍ය ආරක්ෂණ පනත ආදර්ශයට ගත හැකිය. ඇමෙරිකා ගැන සෑම විටම අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රන ගැන කතා කරන ලංකා සී නිවිස් වෙබි අඩවියට අප අභියෝග කරන්නේ මේ පනතේ ඇති අධිරාජෘවාදී කුමණ්ත්‍රනය පුලුවන් නම් හෙළි කරන ලෙසයි.
මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු අවශ්‍ය අයට අන්තර්ජාලයේ aca act අදාල තොරතුරු ගවේෂණය කිරීමෙන් ලබා ගන්නට පුලුවන.
http://3mana.com
http://3mana.com/wp/wp-content/uploads/2012/06/61234496_healthcare1.jpg
ඇමෙරිකාවේ ඓතිහාසික ජයග්‍රහණය
Posted on 29 June 2012.
ඇමෙරිකානු රජය විසින් ඉදිරිපත් කරණු ලැබූ සෞඛ්‍ය ආරක්ෂණ පනත සම්බන්ධයෙන් විවිධ මත පසුගිය කාලය පුරාම අසන්නට ලැබුනි. ප්රජාතන්ත්රවිරෝධී මේ පනත මගින් ඇමෙරිකානු ජනතාවට දේවල්තෝරා ගැනීමට ඇති අයිතිය මේ ඔස්සේ උල්ලංඝණය වන බවත් මේ මගින් මෙතෙක් රෝගීයා සහ වෛද්‍යවරයා අතර තිබූ සම්බන්ධයට අනවශ්‍ය ආකාරයෙන් රජය මැදිහත් වී සිටින බවත් මේ ඔස්සේ අයබදු වැඩි වන බවටත් වශයෙන් වූ විවිධ කරුණු කාරණා අතර අවසානයේ මෙම සෞඛ්‍ය ආරක්ෂණ පනත ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ 5/4 වශයෙන් වූ බෙදුණු තීන්දුවක් මගින් ජයග්‍රහණය කරණු ලැබ තිබේ. මේ පනත සම්මතවීම ඓතිහාසික ජයග්රහනයක් වශයෙන් හදුන්වන්නට පුලුවන. මෙතෙක් ඇමෙරිකාවේ පුරවැසියන්ගේ සෞඛ්‍ය ආරක්ෂණය වෙනුවෙන් විශාල මුදලක් අයකරමින් නිශ්චිත අවස්ථාවන් හිදී හැර වෙනත් අවස්ථාවන් වලදී ප්රතිලාභ ගෙවීම පැහැර හැරීමට අවස්ථාවක් හිමිව තිබූ රක්ෂණ සමාගම් වලට තව දුරටත් එසේ හිතුමතයේ කටයුතු කරන්නට අවකාශයක් නොලැබෙනු ඇත. මීට අමතරව ධනවාදී සමාජය තුල ප්‍රචලිතව ඇති තෝරා ගැනීමට ඇති අසීමිත නිදහස යනු දෘෂ්ඨිවාදයක් බව හෙළිදරව් වේ