කාන්තාවන් ට අසාධාරණකම් වෙන විදියට සෙට් කරලා තියෙන නීතිවලට මූලික හේතුව නම් අනිවාර්යෙන් ම පුරුෂාධිපත්‍යය කියලයි මට හිතෙන්නේ.
සමාජ අසාධාරණයන් ට භාජනය වෙන අය වෙනුවෙන් ඒ ගැන කතා කිරීම ප්රගතිශීලී දෙයක්. හැබැයි පහුගිය දවස්වල මට තේරුණා ඕක හැම තිස්සෙම වෙන දෙයක් නොවේය කියලා. අපි පිරිමි වශයෙන් ගෑනුන් ගේ අයිතිවාසිකම් ගැන කතා කළාට අද නැතිවී යන පිරිමින් ගේ අයිතිවාසිකම් ගැණ කවුද කතා කරන්නේ?
දැන් ඔය කොට ගවුම් තහනම් කරන්න යනවාය, ගවුම් වල දිග තීරණය කරන්න ලොක්කට බාර දීලාය කියල පහුගිය දවස්වල ලොකු හා හෝවක් ගියා මතකද?
ආණ්ඩුවෙන් දාන්න යනවාය කියූ ඒ අවනීතිය ගැන බැනලා පවා ලියවුණා. තමන්ට ඕනෑ කොට ගවුමක් ඇඳීමේ කාන්තා පක්ෂයේ අයිතිය ගැන පිරිමි පක්ෂයේ පුදුම සපෝට් එකක් තිබුනේ.
පුදුමේ කියන්නේ ඒ එක්කම දානවාය කියපු තවත් සංස්කෘතික පොලිස් නීතියක් ගැන වැඩි කතා බහක් ඇති වුනේ නෑ. මේක හැබැයි අපේ පිරිමින් ට බලපාන නීතියක්.
යට ඇඳුම් නැතුව සරොම් ඇඳීම තහනම්!
මේක නං මහා අපරාදයක්. ඝාන්ඨාර මාක් සරමක් ඇඳගෙන නිදහසේ පාරක බැහැලා යන්න ලංකාවේ පිරිමින් ට තිබුණු පරම නිදහස නේද මේ නැතිවෙන්න යන්නේ?
ඕනෑම නීතියක් ක්‍රියාවට නංවලා ඒකෙන් බලාපොරොත්තු වුණු ප්‍රතිපලය ලබාගන්න නම් නීතිය රකිනවාදැයි බලන්න පිරිසක් ඕනෑ. ඒ ගොල්ලෝ නීතිය කඩන අය අල්ලන්නත් ඕනෑ.
දැන් ඔය හයි ස්පීඩ් යනවා අල්ලන්න, අරක්කු බීල කාර් එලවනවා අල්ලන්න පොලීසිය ඉන්නේ. අන්න ඒ වගේ.
ඉතිං මේ සරොම් සහ යට ඇඳුම් නීතියේ තියෙන හොඳම ප්‍රතිපලය මෙන්න මේකයි.
මේ නීතිය කඩන අය අල්ලන සංස්කෘතික හමුදාව තනිකරම "කාන්තා බලකායක්" කරන්න පුළුවන් නේ.
ඒ ගොල්ලන්ට තියෙන්නේ සරොම් ඇඳන් යන අය නවත්තලා සරොම් කාරයෝ නීති ගරුක පුරවැසියෝ ද කියලා බලන්න විතරයි. ඒක සිම්පල් වැඩක් නේ.
නීතිය කඩපු අයට එතනම "දඩ කොළ" දෙනවා. රිපීට් ඔෆෙන්ඩර්ස් ලා ව අධිකරණය හමුවට ගෙන එනවා.
හොඳයි නේද වැඩේ!
මගේ මේ යෝජනාවේ මුලික අරමුණ, ලංකාවේ කාන්තා පක්ෂයට රැකියා අවස්ථාවන් තව තවත් වැඩි කිරීමයි.
ඒ එක්කම, මේ කාන්තා සංස්කෘතික බලකායට කාන්තාවන් ගේ ගවුම් කොච්චර කොටද කියලා මැනලා බලන්න දාන අර බලකායේ අයට දෙන පඩියම හරි හරියට දෙන්න ඕනෑ.![]()
මම නම් කියන්නේ ඕන එකෙක්ට ඕන විදියට හෙළුව පේන්නේ නැති වෙන්න ඇද ගන්න යන්න පුලුවන් වෙන විදියක් විතරක් තියෙනවා නම් ඒ හොදටම ඇති. ගෑණුන් කොටට ඇද ගෙන යන වගේම පිරිමින් සරම් ඇදගෙන යටට ඇදගෙන යන්නේ නැති එක කාගේවත් ප්‍රශ්ණයක් නෙවෙයි ඒක තමන්ගේ ප්‍රශ්ණයක්.




ආදරය කරන්නේ කෙල්ලෙක්ගෙ හිතේ තියෙන අදහස් හිතන විදිහ සිතුම් පැතුම් අනුවයි. ඇදුමෙන කෙල්ලෙක් වල්ද නැද්ද කියලා හොයන්න බැහැ. මගේ ජීවිතේදී මම ඕනේ තරම් කෙල්ලෝ දැකලා තියෙනවා, ජීවිතේට කලිසමවක්වත් අදාල පාරේ බැහැල ගියේ නැහැ හැබැයි ඒ කෙල්ලෝ 19,20,21 න් පැනල ගිය කොල්ලොත් එක්ක. ජීවිතේම විනාශ කර ගත්ත.
උබල ඔය කියන විදිහට අදින පළදින ඒත් හොදට කසාද බැදලා වල් වැඩ නොකර ජීවත් වෙන කෙල්ලොත් මම දැකලා තියෙනවා.
උන් වලද නැද්ද කියලා දැනගන්න කෙල්ලන්ගේ හිත්වලට එබිලම බලන්න වෙනවා. 

